කරදරකාරී ඉන්නන් වර්ග ඉවත් කිරීමට ලේසිම ක්‍රම කිහිපයක්

වසර ගණනක් තිස්සේ මිනිසුන්ට බලපෑ දෙයක් ලෙස මේ පැපිලෝමා සහ ඉන්නන් හදුන්වන්න පුළුවන්. වසර 3000ක් පමණ පැරණි මමී වලින් මේවා සොයාගෙන තිබෙනවා. විලියම් ෂේක්ස්පියර්ගේ සොනෙට් වලද මෙය සදහන් වෙලා තිබෙනවා. මිනිස් පැපිලෝමා වයිරසය (HPV) නිසා සම මත ඇතිවන වටකුරු හැඩැති ගැටිති ඉන්නන් ලෙස හදුන්වනවා. මේවා භායනක නම් නැති උනාට මේවා ඔබේ සිරුරට අවලස්සනක් එක් කරනවා වගේම පිළිකුළ්.මේවා බෝවීමත් සිදු වෙනවා. අද අපි ඔබට අරගෙන ආවේ මේ පැපිලෝමා සහ ඉන්නන්ට එරෙහිව භාවිතා කල හැකි දේවල් ටිකක්. ඔබත් මේවා නිසා බොහෝ කරදරෙන්ද හිටියේ එසේනම් මෙන්න ඔබට බොහෝ වැදගත් වෙන ලිපියක්. 

පළමුව ඔබේ වෛද්‍යවරයා හමුවන්න!

ඔබේ අප මේ කියන්න යන මොන දේ කරන්නත් කලින් කල යුතු දෙයක් තිබෙනවා. ඒ තමා ඔබ ප්‍රථමයෙන්ම ඔබේ වෛද්‍යවරයා හමුවීම. සමහර විට ඔබේ ඉන්නන් කියා සිතාගෙන සිටින දෑ ඉන්නන් නොවෙන්නත් පුළුවන්. එය වඩා භයානක දෙයක් වුවත් විය හැකී. මේ නිසා ඔබේ වෛද්‍යවරයා හමුවී ඒ ඉන්නන්මද කියා තහවුරු කර ගැනීම වඩා හොදයි. එසේම ඔබට දියවැඩියාව වැනි රෝග තිබෙනවා නම් ඔබට මේ පිළියම් ආරක්ෂිතද යන්නද ඔබේ වෛද්‍යවරයා හමුවී දැනගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. 

01. Tea tree oil

ඔබට අවශ්‍ය දේ:

ටී ට්‍රී ඔයිල් බින්දු කිහිපයක්

වතුර තේ හැදි 2 ක්.

සාදන ආකාරය

essential oil ජලයට එක් කර එය ඉන්නන් මත ගල්වන්න

පසුව එය වියළීමට ඉඩ දෙන්න. 

දිනකට 5-6 වතාවක් නැවත නැවත මෙය සිදු කරන්න. 

 මෙය ක්‍රියාත්මක වන්නේ ඇයි 

බොහෝ බැක්ටීරියා විනාශ කරන ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස ටී ට්‍රී ඔයිල් හදුන්වන්න පුළුවන්. ඉන්නන් වලට ප්‍රතිකාර කිරීම සදහා මෙය ඵලදායී ක්‍රමයක්. 

02. ප්‍රොපොලිස්

ඔබට අවශ්‍ය දේ:

50% ප්‍රොපොලිස් ටින්කර් බිංදු 2 ක්

කපු බෝලයක්

වෙළුම් පටියක්

සාදන ආකාරය

බලපෑමට ලක් වූ ප්රදේශයට ප්රොපොලිස් යොදන්න

ඉන්නන් කපු බෝලයකින්  ආවරණය කර ගන්න. 

වෙළුම් පටියක් භාවිතා කර එය නිවැරදිව තබා ගන්න. 

මෙය දිනකට දෙවරක් නැවත නැවත කරන්න. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

ප්‍රතිජීවක හා ප්‍රතිවෛරස් ගුණ මෙම ප්‍රොපොලිස් වල තිබෙනවා. මේ නිසා මේවා ආසාදන වලින් ආරක්ෂා කර ගැනීමට පුළුවන්. එමෙන්ම එය තයිමස් ග්‍රන්ථිය සක්‍රීය කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන බවද සොයාගෙන තිබෙනවා. 

03. පිරිසිදු කාස්ට් රූ තෙල්.

ඔබට අවශ්‍ය දේ:

පිරිසිදු කාස්ට් රූ තෙල්.

මෙම තෙල් ඉන්නන් මත ගල්වන්න. 

පසුව එය වාතයෙන් වියළීමට ඉඩ දෙන්න. 

සෑම දිනකම 2-3 වතාවක් නැවත නැවත මෙය සිදු ක‍රන්න. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

මෙම කාස්ට් රූ තෙල් ඔබේ ඉන්නන් සදහටම නැති කර දැමීමට බොහෝ උපකාර කරාවි. නමුත් මෙහි ප්‍රතිඵල දැකීමට නම් සති කිහිපයක් ගත වෙනවා. මෙම කාස්ට් රූ තෙල් වල ප්‍රතිඔක්සිකාරක අන්තරගත වෙනවා මේ නිසා මිනිස් පැපිලෝමා වයිරසයට එරෙහිව සටන් කිරීමට මිට හැකී. 

04. ඇපල් සයිඩර් විනාකිරි

ඔබට අවශ්‍ය දේ:

ඇපල් සයිඩර් විනාකිරි බින්දු කිහිපයක්

කපු පෑඩ්

වෙළුම් පටියක්

සාදන ආකාරය

කපු පෑඩ් වල විනාකිරි පොගවා ඉන්නන් මත තබන්න. 

කපු පෑඩ් එක තබා ගැනීම සදහා වෙළුම් පටියක් යොදන්න. 

පසු දා උදෑසන මෙය ඉවත් කරන්න ( කපු පෑඩ් එක ) 

සෑම රාත්‍රියකම මෙය නැවත නැවත සිදු කරන්න. මෙසේ සිදු කිරීමෙන් ඔබට සතියකින් ප්‍රතිඵල දැක ගැනීමට හැකියාවක් තිබෙනවා. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

විනාකිරි ඉන්නන්ගේ පටක ඉක්මනින් ඵලදායීව ඉවත් කිරීම සිදු කරනවා. මෙය සිදු වන්නේ එහි පවතින  ආම්ලික අන්තර්ගතය නිසා. 

05. සුදුළූණු

ඔබට අවශ්‍ය දේ:

සුදුළූණු බිග් කිහිපයක්

සාදන ආකාරය

සුදුළූණු පොඩි කර එය මෙම ඉන්නන් මත තබන්න. 

දිනකට වතාවක් ඉන්නන් අතුරුදහන් වන තුරුම මෙය සිදු කරන්න. 

සුදුළූණු පෙතිද පානය කිරීමට ඔබට හැකී. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

සුදුළූණු වල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ අන්තර්ගත වෙනවා. මේ නිසා මෙම සුදුළූණු වලට වෛරස්, බැක්ටීරියා, දිලීර සහ පරපෝෂිතයින්ගෙන් ඔබව ආරක්ෂා කිරීමට හැකියාවක් තිබෙනවා. සුදුලූනු ඉතා ප්‍රයෝජනවත් ඔබට ඉන්නන් සමග සටන් කිරීමේදී. 

06. කෙසෙල් ලෙල්ල

ඔබට අවශ්‍ය දේ: 

කෙසෙල් ලෙල්ල

සාදන ආකාරය

කෙසෙල් ලෙල්ල සමග ඔබේ ඉන්නන් මිනිත්තු කිහිපයක් ඇතිල්ලීම සිදු කරන්න. නැතහොත් ඉන්නන් මත කෙසෙල් ලෙල්ලක් තබා වෙළුම් පටියකින් එ‍ය ඔතන්න. මෙය දිනකට වරක් නැවත නැවතත් සිදු කරන්න. 

ප්‍රතිඵල සදහා ඔබට සති ගණනක් ගත විය හැකී. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

පැපිලෝමා හා ඉන්නන් වලට එරෙහි හොඳ පිළියමක් තමා මේ කෙසෙල් ලෙලි කියල කියන්නේ. මීට හේතුව එහි සම සුව කරන සහ පුනර්ජීවනය කරන එන්සයිම අන්තර්ගත වීම. 

07. බේකින් සෝඩා 

ඔබට අවශ්‍ය දේ:

බේකින් සෝඩා තේ හැදි 3ක් 4ක්. 

වතුර භාජනයක්

සාදන ආකාරය 

බේකින් සෝඩා වතුරට එක් කරන්න. 

බලපෑමට ලක් වූ අත හෝ පාදය මෙහි පැය බාගයක් පමණ ගිල්වා ගෙන සිටින්න. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

බේකින් සෝඩා කියල කියන්නේ විවිධ ආසාදන වලට එරෙහිව සටන් කිරීමට හොඳම ද්‍රවයයක්. මීට හේතුව වන්නේ එහි ප්‍රති-ගිනි අවුලුවන සහ විෂබීජ නාශක ගුණ. මේ තුළින් ඉන්නන් වියළී එහි ව්‍යූහය විනාශ කිරීමද සිදු කරනවා. 

08. අත්තික්කා යුෂ

ඔබට අවශ්‍ය දේ:

නැවුම් අත්තික්කා යුෂ බින්දු කිහිපයක්

සාදන ආකාරය

නැවුම් අත්තික්කා යුෂ ස්වල්පයක් ඔබේ බලපෑමට ලක් වූ ප්‍රදේශයේ ආලේප කිරීම සිදු කරන්න.

මෙය සමට අවශෝෂණය කර ගැනීමට ඉඩ දෙන්න.

දිනකට 3 වතාවක් නැවත නැවතත් මෙය සිදු කරන්න. 

මෙය සති දෙකක් පුරාවට මෙසේ සිදු කරන්න. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිවෛරස් අත්තික්කා යුෂ වල අන්තර්ගත වනවා. මෙය ඉන්නන් සමග සටන් කිරීමට බොහෝ ඵලදායී ක්‍රමයක්. 

09. ඇස්පිරින්

ඔබට අවශ්‍ය දේ:

ඇස්පිරින් ටැබ්ලට් 3ක් 4ක්. 

වතුර බින්දු කිහිපයක්

වෙළුම් පටියක්

සාදන ආකාරය

ඇස්පිරින් පෙති කුඩු කර වතුර ටිකක් එකතු කර ගෙන එම මිශ්‍රනය ඉන්නන් මත තබන්න. 

මෙය වෙළුම් පටියකින් ඔතා එක් රැයක් තබන්න. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

සාලිසිලික් අම්ල මෙම ඇස්ප්‍රීන් වල අන්තර්ගත වෙනවා. විවිධ සමේ ගැටළු වලට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛයා ලෙස මෙය හදුන්වන්න පුළුවන්. 

10.  Duct tape

ඔබට අවශ්‍ය දේ:

ඩක් ටේප්

Pumice ගල්

සාදන ආකාරය ;

බලපෑමට ලක් වූ ප්‍රදේශය මත මෙය අලවන්න. 

ඉන්නන් වැටෙන තුරුම මෙය තබා ගෙන සිටින්න. 

පුමිස් භාවිතා කර ඉන්නන්හි අවසාන අවශේෂ කොටස ඉවත් කිරීම සිදු කරන්න. 

එය ක්‍රියාත්මක වන්නේ ඇයි:

මෙම ක්‍රමය කාර්යක්ෂම ක්‍රමයක් ලෙස වෛද්‍යවරු පවා පිළිගෙන තිබෙනවා. මෙහිදී සිදු වන්නේ ඉන්නන් වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සීමා වීම. මේ නිසා ඉන්නන් වියළීම සිදු වෙනවා. 

සමහර විට චිකිත්සක සංයෝජනයක් වඩාත් ඵලදායී වීමටද පුළුවන්.

ඔබ මේ ඉන්නන් ඉවත් කිරීම සදහා භාවිතා කරන ලද පිළියම් මොනවාද ? ඔබේ අත්දැකීම් අපත් සමග බෙදා ගැනීමට අමතක කරන්න එපා.  

Leave a Reply

Your email address will not be published.