කලාට පසුව හැමෝම පසුතැවෙන විලාසිතා වැඩ 10 ක්

විලාසිතා කියන්නෙ අද වෙනකොට කාන්තා පිරිමි භේදයක් නැතුව අනුගමනය කරන දෙයක්. ඇත්තටම අපි විලාසිතා කියලා හඳුන්වන්නෙ ඇඳුම් විතරක්ම නෙවෙයි. වර්තමානයේදි රූපලාවණ්‍ය සම්බන්ධ ගොඩක් දේවල් විලාසිතාවක් විදිහට මිනිස්සු අනුගමනය කරනවා. සමහර ඒවා සමහර කාලවලට ට්‍රෙන්ඩ් එකක් බවටත් පත් වෙනවා.

ශරීරයේ විවිධ ස්ථාන ට්‍රෙන්ඩ් එකට අනුව වෙනස් කරන්න පුලුවන් ක්‍රම 10 ක් ගැන තමයි අද අපි කතා කරන්නෙ. ඉතින් ඒ දේවල් අනුගමනය කරපු අය ඒ ගැන දක්වන අදහස් මොනවද කියලත් අපි ඔයාට කියන්න ලෑස්තියි.

01. ඇහිපිහාටු දිගු කිරීම

ඇහිපිහාටු දිගු කිරීම කියන්නෙ හානිකර නොවන ක්‍රියාවලියක්. ඒත් වැඩි කාලයක් ඒවා තබාගැනීමෙන් වැළකී සිටීම වඩා හොඳයි. විශේෂ අවස්ථාවක් සඳහා ඇහිපිල්ලම් දිගු කරගෙන ඉන්පසුව ඒවා ඉවත් කරන්න.

අක්ෂි වෛද්‍යවරුන්ට අනුව, ඇස් පිහාටු දිගු කිරීම මගින් ස්වාභාවික ඇහිපිහාටු වල වර්ධනයේ වේගය අඩුවෙන්න පුලුවන්. තවත් අනතුරක් තමයි, වියළි අක්ෂි සින්ඩ්‍රෝමය ඇතිවීම. ඒ වගේම, මේ ක්‍රියාවලියට කලින් ඔයා ඇහිපිහාටු අලවන ගම් එකට අසාත්මික නොවන බවටත් වග බලා ගන්න.

  • “මුලින්ම, මම ඇහිපිහාටු දිගු කිරීම කරගත්තම ඒකට මම ගොඩාක් කැමති වුණා. ඒත් මාස 6කට පසුව, ඒවා ඉතා පහසුවෙන් ගැලවී ගොස් අවලස්සන පෙනුමක් ලැබෙන්න පටන් ගන්නවා කියලා මට හිතුණු නිසා මම ඒවා ඉවත් කරන්න තීරණය කලා. ඒවා ඉවත් කළ විට පසු ප්‍රතිඵලය එතරම් සුන්දර නෑ. මගේ ඇහිබැමි විවිධ ස්ථානවල දුර්වල වූ නිසා ඒවායින් සමහරක් කතුරකින් කපා දමලා වගේ පේන්න පටන් ගත්තා.”
02. ඇහි බැම

කාලගුණය එක්ක ජනප්‍රියවම වෙනස්වෙන ඇහිබැමේ හැඩය නියම කරන ට්‍රෙන්ඩ් තියනවා. මීට අවුරුදු 30කට විතර කලින් සිහින් ඇහි බැම විලාසිතාවක් බවට අත් වුණා. පසුව, ඒ වෙනුවට මහත ඇහිබැම ට්‍රෙන්ඩ් එකක් බවට පත් වුණා. මේ විදිහට කාලෙන් කාලෙට ඇහිබැම සම්බන්ධ විලාසිතාවයත් වෙනස් වෙනවා.

දැන්, ඇහිබැම microblading කිරීම සහ ටැටූ කිරීම ගොඩක් ජනප්‍රිය යි. ඒක කරන්නත් පහසුයි. ඒක එක් වරක් කරගත්තම, ආයෙත් මාස කිහිපයකට වරක් ඒක වැඩිදියුණු කරගන්න ඕන. හැබැයි මේකට පළපුරුද්දක් තියන රූපලාවණ්‍ය ශිල්පියෙක් ලඟට යන්න ඕන. පළපුරුද්දක් නැති කෙනෙක්ගෙන් ඇහිබැම හදලා ඒවා අසමමිතික විදිහට හැදුණොත්, ඒක සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න ගොඩක් කල් ගතවෙනවා.

  • “මම උසස් පාසලේ ඉන්නකොට සහ මගේ විද්‍යාලයේ පළමු වසර තුළ, ගොඩක් සිහින් වන තුරු මම මගේ ඇහිබැම ගැලෙව්වා. මම ඛිතුවෙ එතකොට ලස්සනයි කියලයි. දැන්, සිහින් ඇහි බැම ට්‍රෙන්ඩ් වූ එම කාලය දිහා ආපසු හැරිලා බැලුවම, ඒවා මගේ මුහුණට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ කියලා මට තේරුණෙ නැත්තෙ ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා.”
  • “මම මයික්‍රො බ්ලේඩින් කරගන්න තීරණය කලා. මුලදී, රූපලාවණ්‍ය ශිල්පියා කිව්වෙ කළු ඇහි බැම මට ගැලපෙනවා කියලයි. (මම සුදුමැලි සමක් තියන කෙනෙක්). මම ඔහුට කිව්වෙ ඇබර්න් සහ කොකෝවා වර්ණ මිශ්‍ර කරලා මයික්‍රො බ්ලේඩින් කරන්න කියලයි. ඒත් අවාසනාවන්ත විදිහට, ඔහු වැරදි තීන්ත භාවිත කරපු නිසා කොකෝවා වර්ණය නැති වෙලා ගිහින් මට තැඹිලි පාට ඇහි බැමක් ලැබුණා. මේ පාට තාමත් එහෙමම තියනවා.”
03. විදීම

90 දශකයේ අවසානයේ සහ 2000 දශකයේ මුල් භාගයේදී සිදුරු කිරීම ගොඩක් ජනප්‍රිය වුණා. නාසය, ඇහි බැම, තොල් සහ තවත් ශරීර කොටස් සිදුරු කිරීම ඇත්තටම ආකර්ෂණීය දෙයක් බවට පත් වෙලා තිබුණා.

සිදුරු කිරීම සඳහා වැඩිපුරම ජනප්‍රිය තැන වුණේ බුරියයි. මේ ට්‍රෙන්ඩ් එක පටන් ගත්තෙ ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් විසින්. නිළියන්, නිරූපිකාවන් වගේ ප්‍රසිද්ධ අය බොහෝ දෙනෙක් මේ විදිහට බුරිය සිදුරු කරනු ලැබුවා.

  • “මගේ නහය සිදුරු කිරීම ගැන මම දුක් වෙනවා. මගේ සිදුරු කිරීම ඇඳුම් වලට හසු වෙලා, සම ඉරී ගොස් කැළලක් ඉතිරි වුණා. ඒ වගේම මගේ දිව සිදුරු කිරීමෙන් දත් වලට ලොකු හානියක් සිදු වුණා.”
04. ටැටූ

පච්ච කොටා ගැනීම සාමාන්‍ය දෙයක්. ඔයාට දක්ෂ ටැටූ ආර්ටිස්ට් කෙනෙක් හොයාගන්න පුලුවන් නම්, ලස්සනම ලස්සන ටැටූ එකක් ඔයාගෙ ඇඟට ලබාගන්න පුලුවන්. පච්ච කොටා ගැනීමෙන්, ඔයාට ශරීරයේ තියන කැළැල් සහ සමේ රූපලාවණ්‍ය දෝෂ සැඟවිය හැකියි. වැදගත්ම දේ තමයි, ඔයා කැමතිම පින්තූරයක් තෝරා ගැනීම. එතකොට ඔයාට ට්‍රෙන්ඩ් එක නැති වුණත් පච්චය ලස්සනට තියාගන්න පුලුවන්.

  • “ඒ කාලෙ මගේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ඇල්බම කවරය ලැබුණු නිසා ඒකෙන් පච්චයක් කරගන්නමට ඕන වුණා. ඒත් පච්චය හරියටම ආවෙ නෑ. මම ඒක අවුරුදු 3ක් හෝ ඊට වැඩි කාලයක් එහෙමම තියා ගත්තා. ඊට පස්සේ මම ඒක වැහෙන විදිහට ඊට උඩින් වෙනත් පච්චයක් ගහගත්තා.”
  • “මගේ චීන අකුරු පච්චය ගැන මම පසුතැවෙනවා. අන්තිමේදි මම ඒක වෙනත් ලස්සන පච්චයකින් වහගත්තා.”
05. කන් දිගු කිරීම

මෙම ට්‍රෙන්ඩ් එක සාමාන්‍ය සිදුරු කිරීම තරම් ජනප්‍රිය නොවන අතර එය වඩාත් අසාමාන්‍ය දෙයක් විදිහටත් පෙර්නවා. විශේෂ කරාබු සමඟ, සාමාන්‍ය සිදුරු ඇත්තටම ගොඩක් ලොකු වෙනවා.

එකම ප්‍රශ්නෙ තමයි, සිදුර ඉවත් කිරීමට, ඔයාට මැහුම් සහිත ශල්‍යකර්මයක් සිදු කරගන්න වෙනවා.

  • “මම 7/8″ සිට 1″ දක්වා යාමට ටේපරයක් භාවිතා කරපු නිසා මගේ කන් පෙතිවල ඉහළ කොටස බෙදීමක් ඇතිවුණා. එය සුව කරගන්නත් බොහෝ කාලයක් ගත වුණා. කන් පෙති නැවත සවි කිරීමට ප්ලාස්ටික් සැත්කමක් කරන්නත් වෙනවා.”
06. සම ටෑන් කිරීම

සිරුරේ තඹ පාට ගොඩක් ආකර්ෂණීයයි කියලා කාලයක් විශ්වාස කෙරුණා. ඉතින් ගොඩක් අය මේ නිසා ග්‍රීෂ්ම ඍතුවේ මුළු දවසම වෙරළේ ගත කරනවා. ශීත ඍතුවේ දී, වැඩි හිරු එළියක් ලැබෙන්නෙ නැති නිසා, මිනිසුන් සම් පදම් කිරීමේ රූපලාවන්‍යාගාර වෙත යන්න පටන් ගත්තා.

මේ ක්‍රමය සමට අහිතකර වූ අතර, අකලට සම රැළි වීම, වියළි සමක් ඇතිවීම වගේ කරදර වලට මුහුණ දෙන්නත් එයාලට සිදුවුණා.

  • “මම 2000 ගණන්වල පාසල් ගියපු කෙනෙක්. ඒ කාලෙ සම ටෑන් කිරීම සෞඛ්‍යයට හොඳ නෑ කියලා අපේ රසායන විද්‍යා ගුරුවරයා කිව්වට අපි ගනන් ගත්තෙ නෑ. කොහොම වුණත්, දැන් පාසල් කාලය ඉවර වෙලා අවුරුදු 12කට පස්සේ, සම ටෑන් කරපු අයගෙ සම අනිත් අයට වඩා වයසින් වැඩි බව පේනවා: සමේ රැළි, සම එල්ලා වැටීම වගෙ කරදරවලට එයාලා මුහුණ දෙනවා. සම ටෑන් කිරීම දැන් ට්‍රෙන්ඩ් එකක් නොවෙන එක නම් ගොඩක් හොඳයි.”
07. ඇක්‍රිලික් නියපොතු
© starsandspirals / Wikimedia

මේක පසුගිය සියවසේ මිනිසුන් කරන්නට පටන්ගත් ඉතා ජනප්‍රිය ක්‍රියා පටිපාටියක්. ඇක්‍රිලික් භයානක දෙයක් නෙවෙයි. ඒත් ඒක පාවිච්චි කරනකොට නියපොතුවලට විවේක ගන්න ඉඩදෙන්න ඕන. ඇක්‍රිලික් ආවරණය නියපොතු වලට සිදුවෙන හානි වලින් නියපොතු ආරක්ෂා කරනවා. ඒත් නියපොතු තුනී වීමටත් ඉඩ තියනවා.

අවාසනාවකට, ඇක්‍රිලික් නියපොතු වසර ගණනාවක් භාවිතා කිරීමෙන් අපේ ඇත්ත නියපොතු විනාශ වෙනවා. මගේ නියපොතු සිහින් සහ ඉක්මනින් කැඩෙන සුළු වුණා.

  • “මම ඇක්‍රිලික් ලබා ගැනීමට පුරුදු වෙලා හිටියත් ඒවා මගේ නියපොතු වලට භයානක වුණු නිසා, මම ඒවා අත්හැරියා. නියපොත්තෙන් කවරය ටිකක් ගැලවී යම් තෙතමනයක් ඇතුල් වුණොත්, දිලීර ආසාදනයක් පවා ඇතිවෙන්න පුලුවන්. එතකොට රූපලාවණ්‍යාගාරයට ගිහින් ඇසිටෝන් ‍යොදන්න සිදුවෙනවා. ඔයා තනියම මේක ඉවත් කරන්න ගියොත් ඔයාගෙ ස්වභාවික නියපොතුවල උඩ ස්ථරය ගැලවෙන්නත් ඉඩ තියනවා.”
08. වර්ණ කාච
© ebay

වර්ණ කාච ඇස් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. අක්ෂි වෛද්‍යවරයකු හමුවීමෙන් පසු ඔයා ඒවා මිල දී ගන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම හානිකර උපාංගයක් බවට පත් වෙනවා. ඔයා මේ දේවල් මිලදී ගන්න ඕන සහතික ලත් සමාගම්වලින් විතරයි. නැත්නම්, ඔයාගෙ ඇස්වලට ස්ථිරවම හානි වෙන්න පුලුවන්.

  • “මම අවුරුදු 15කට වැඩි කාලයක් අක්ෂි කාච පළඳිනවා. එකවරක්, මා නොදන්නා සමාගමකින් ලස්සන වර්ණ කාච කිහිපයක් ඕඩර් කලා. ඒත් මට විනාඩි කිහිපයකට පසු ඒවා ඉවත් කරන්න සිදු වුණා. මගේ ඇස් වල වැලි තියනවා වගේ මට දැනෙන්න පටන් ගත්තා. පසුව ඒවා දිගටම මට රිදවූ අතර, මට සතියක් කණ්නාඩි පළඳින්නත් සිදුවුණා.”
09. සම විදීම
© Zara J / Wikimedia

සම මත චර්ම සිදුරු කිරීම ගොඩක් ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන දෙයක්. ඔයාට මුදු, වළලු, හෝ මාල මිලදී ගන්න ඕන වෙන්නෙ නෑ. ඔයාට ඒවා ඔයාගෙ සමේම ඇඳගන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි, නිවැරදි ස්ථානය තෝරා ගැනීම. මේ සඳහා ඇඟිලි, තොල්, පිටුපස හෝ උරහිස් තෝරගන්න එපා. ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් දේවල් නිතරම පැටලීම නිසා සම තුවාල වෙන්න ඉඩ තියනවා.

  • “මම සමේ සිදුරු කිරීම කරගෙන මාස 4කට පමණ පසුවත් ඊවා සුව වුණේ නෑ. ඒවා මගේ බ්‍රා පටිය ගෑවෙන ස්ථානයට ලඟින් තිබුණෙ. ඒත් මම අඟලකට වඩා ඒවා ඈත් කරගෙන හිටියා. මේවා කිරීමත් ගොඩක් වේදනාකාරී වුණා. ඔයත් සමේ සිදුරු ලබාගන්න කැමති කෙනෙක් නම්, අවම කෝපයක් ඇති ස්ථානයක ඒවා ලබා ගැනීමට වග බලා ගන්න. “
10. ස්ථිර මේකප්

ස්ථීර මේකප් කියන්නෙ රූපලාවන්‍ය නිෂ්පාදන වලට අසාත්මිකතා දක්වන අයට හොඳම විසඳුමක්. ඒත් මෙහි ප්‍රධාන අවාසිය තමයි ඔයාට ඕන වෙලාවට ඒවා ඉවත් කරන්න බෑ. ඒකට ලේසර් නිවැරදි කිරීමක් කරන්න වෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලියට හොඳම පළපුරුද්දක් තියන කෙනෙක්ව හොයාගන්න වෙනවා.

  • “මගේ යටි ඇහිබැම මත අයි ලයිනර් එකක් ඇඳගන්න මට ඕනෙ වුණා. ඒත් ඒකෙදි සිදුවුණු වැරැද්දක් නිසා මගේ ඇහේ කඳුලක් වගේ පැල්ලමක් හටගත්තා.”
  • “ස්ථිර අයි ලයිනර් කරන්න එපා!! ඒකෙන් ඔයාගෙ Meibomian ග්‍රන්ථිවලට හානි සිදුවෙලා නිදන්ගත වියළි අක්ෂි රෝගවලට හේතු වෙනවා. ඒක ගොඩක් අවදානම් සහිතයි.”
  • “අවංකවම කියන්නෙ, ස්ථිර මේකප් එකක් කිරීමෙන් වළකින්න. කාලයක් යනකොට ඒවායේ ඔයාට වෙනස් වෙනවා. ඒ වගේම ඔයා වයසට යනකොට මේ පච්ච ද එල්ලා වැටෙනවා. අත්දැකීමෙන් කියන්නෙ.”

ඔයාට ආවේණික ශෛලියක් හොයාගන්න උත්සාහ කරන එක ඇත්තටම හොඳ දෙයක්. වඩාත්ම වැදගත් දේ තමයි, ඔයාට අවශ්‍ය දේ තේරුම් ගැනීම මිස විලාසිතා මගින් කියන කියන දේවල් අත්හදා බලන්න යන්න එපා.