කලින් දැනගන්න තිබ්බනම් කියල හිතෙන අලිගැටපේර වලින් ගන්න වැඩ 16 ක්

අලිගැට පේර කියන්නෙ ලෝකයේ පෝෂ්‍යදායීම පලතුර විදියට ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙලා තියන පලතුරයි. ඒ වගේම එහි භාවිතයන් රාශියකුත් තියෙනවා. අලිගැට පේර ආහාරයට ගන්නවා වගේම පානය කරන්නත් ගන්නවා.

අද අපි මේ පලතුරු භාවිතා කරලා කරන්න පුලුවන් දේවල් 16ක් ගැන ඔයාලට කියන්නයි යන්නෙ.

01. ශේවින් ක්‍රීම්

කඩෙන් මිලදී ගන්න ශේවින් ක්‍රීම්වල ගොඩක් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒත් ඔයාට ඒක තනිවම හදාගන්න පුලුවන්! අලිගැට පේර වල විටමින් A සහ ​​E අඩංගු වන අතර ඒක සම පෝෂණය කරලා මෘදු කරනවා.

වට්ටෝරුව: ඉදුණු අලිගැට පේර ගෙඩියක් අරගෙන ඒකෙ පොතු ඉවත් කරලා ඇට ඉවත් කරගන්න. අලිපේර මදය ක්‍රීම් එකක් වෙනතුරු බ්ලෙන්ඩ් කරගන්න. ශේව් කරන්න කලින් සාමාන්‍ය ශේවින් ක්‍රීම් වගේ මේ ක්‍රීම් එක ඔයාගෙ සමේ ආලේප කරන්න. ඉතිරි කොටස ශීතකරණය තුළ ගබඩා කරන්න.

02. තොල්වල ගාන ක්‍රීම්

තොල් වල සම ගොඩක් සිහින් නිසා ඒ වටේ ඉතා පහසුවෙන් රැලි ඇති වෙන්න පුලුවන්. අලිගැට පේර වල ඔලෙයික් අම්ලය තියන නිසා එමඟින් තොල් මෘදු හා පූර්ණ වෙනවා.

වට්ටෝරුව: ඉදුණු අලිගැට පේර ගෙඩි 1/2 ක මද සහ ඔලිව් තෙල් තේ හැඳි 1ක් මිශ්‍ර කරන්න. මිශ්‍රණය තොල් ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කරලා විනාඩි 25ක් තියන්න. උණුසුම් ජලයෙන් සෝදන්න. මේක සතියකට 2 වතාවක් නැවත නැවත කරන්න.

03. මුහුණ ස්ක්‍රබ් කිරීම

මිය ගිය සෛල ඉවත් කිරීම සමේ සුන්දරත්වය හා තරුණ බව ආරක්ෂා කරන්න උපකාරී වෙනවා. ඒ අලිගැට පේර වල අඩංගු නියාසින් සහ විටමින් ඊ නිසා.

වට්ටෝරුව: ඉදුණු අලිගැට පේර ගෙඩි 1 ක මදය, ඕට්ස් කුඩු 2 තේ හැඳි 2ක් සහ මී පැණි තේ හැඳි 1 ක් මිශ්‍ර කරන්න. සමේ ආලේප කර රවුමට සම්බාහනය කරන්න. මිශ්‍රණය විනාඩි 10 ක් සම මත තබා උණුසුම් වතුරෙන් සෝදන්න. සතියකට වරක් නැවත නැවත කරන්න.

04. ස්ට්‍රෙච් මාක් ක්‍රීම්

ඔයාගෙ සමේ තියන ස්ට්‍රෙච් මාර්ක්ස් ඔයාට කරදරයක් නම්, අලිගැට පේර වලින් ඒවා ඉවත් කරන්න පුලුවන්. අලිපේරවල විටමින් සී සහ ඊ අඩංගු වන නිසා ඒකෙන් ඔයාගෙ සම මත ස්ට්‍රෙච් මාර්ක්ස් වල පෙනුම අඩු කරනවා.

වට්ටෝරුව: ඉදුණු අලිගැට පේර ගෙඩි 1 ක මදය සහ ආමන්ඩ් තෙල් තේ හැදි 2 ක් හොඳින් මිශ්‍ර කරන්න. ඇඟිලි තුඩුවලට ක්‍රීම් එක අරගෙන ස්ට්‍රෙච් මාක් තියන තැන්වල ආලේප කරලා ඒ ප්‍රදේශය සම්බාහනය කරන්න. මිනිත්තු 35 ක් ක්‍රීම් එක තබන්න. පසුව උණුසුම් වතුරෙන් සෝදන්න. සතියකට 2-3 වතාවක් නැවත නැවත කරන්න.

05. ඇස් යට ප්‍රදේශය සඳහා ප්‍රතිකාර

දුර්වල රුධිර සංසරණය සහ අක්ෂි දැවිල්ල නිසා ඇස් යට කලු වීම් ඇති වෙනවා. අලිගැටපේර සංයුතියේ තියන විටමින් A, D, C සහ B-3, මේ ගැටළු අවම කරගන්න උපකාරී වෙනවා.

වට්ටෝරුව: අලිගැට පේර ගෙඩි 1/2 ක් සහ පිපිඤ්ඤා පෙති 4 ක් මිශ්‍ර කරන්න. පැයක් ශීතකරණය තුළ මිශ්‍රණය සිසිල් කරන්න. මිශ්‍රණය විනාඩි 25 ක් ඇස්වල ආලේප කරලා තියන්න. හැම උදෑසනකම ඔයාට මේක කරන්න පුලුවන්.

06. හිසකෙස් වලට

ඔයාගෙ හිසකෙස් වල පරිමාව වැඩි කරලා දිලිසෙන සහ මෘදු පෙනුමක් ලබාගන්න ඕන නම්, මේක උත්සාහ කරලා බලන්න. අලිගැටපේර වල අඩංගු විටමින් සහ මේද අම්ල නිසා හිස කෙස් වලට පෝෂණයක් ගේනවා.

වට්ටෝරුව: ඉදුණු අලිගැට පේර ගෙඩි 1 ක මදය, ආමන්ඩ් තෙල් තේ හැදි 2 ක් සහ ලුණු තේ හැඳි 1ක් එක්ක හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍රණය හිසකෙස් මුල්වල ආලේප කරලා මෘදු ලෙස සම්බාහනය කරන්න. මේක විනාඩි 25 ක් තබන්න. ඉන්පසු උණුසුම් වතුරෙන් සෝදන්න. ඔයාට මේක සතියකට 3 වතාවක් කරන්න පුලුවන්.

07. සබන්

ඔයාට අලිගැට පේර වලින් සබන් පවා හදා ගන්න පුලුවන්. ඒකෙන් අපේ සම පිරිසිදු කරලා තෙතමනය ආරක්ෂා කර දෙනවා.

වට්ටෝරුව: වතුර මිලි ලීටර් 45 ක් සහ ලයිට් මිලි ලීටර් 65 ක් මිශ්‍ර කරන්න. පෑන් එකක, අලිගැට පේර තෙල් මිලි ලීටර් 150 ක්, පොල් තෙල් මිලි ලීටර් 130 ක්, ඔලිව් තෙල් මිලි ලීටර් 130 ක්, ආමන්ඩ් තෙල් මිලි ලීටර් 30 ක්, වතුර මිලි ලීටර් 45 ක් සහ අලිගැට පේර ඉස්ම ග්‍රෑම් 170 ක් රත් කරන්න. කාමර උෂ්ණත්වයට සිසිල් කරන්න. ඉන්පසු මිශ්‍රණ දෙකම හොඳින් මිශ්‍ර කරන්න. එයට මින්ට් තෙල් බිංදු 4 ක් එකතු කරන්න. මිශ්‍රණය අච්චු වලට වත් කර පැය 24 සිට 48 දක්වා ශීතකරණයේ තබන්න.

08. ෆුට් ස්ක්‍රබ්

ඔයත් දිගු කාලයක් තිස්සේ ඉරිතලලා තියන විලුඹ මෘදු කරගන්න ක්‍රමයක් සොයනවා නම් ඒකට මේ අලිගැටපේර ස්ක්‍රබ් එක හදා ගන්න.

වට්ටෝරුව: ලුණු මේස හැඳි 1ක්, සීනි මේස හැඳි 1 ක්, තැඹිලි තෙල් බින්දු 2 ක් සහ අලිගැට පේර භාගයක මදය මිශ්‍ර කරන්න. ස්ක්‍රබ් එකෙන් ඔයාගෙ විලුඹ සම්බාහනය කරලා විනාඩි 10-15 අතර කාලයක් තියන්න. උණුසුම් ජලයෙන් සෝදන්න. ඔයාට මේක සතියකට 2 වතාවක් කරන්න පුලුවන්.

09. මේකප් ඉවත් කිරීමට

අලිගැටපේර තෙල් සහ අලිගැට පේර මද මිශ්‍රණය මේකප් ඉවත් කරන්න හොඳ විකල්පයක්. ඒ වගේම මේ මිශ්‍රණයේ තියන ප්‍රයෝජනවත් විටමින් සහ මේද අම්ල නිසා අපේ සම පෝෂණය කරනවා.

වට්ටෝරුව: අලිගැට පේර තෙල් තේ හැඳි 1 ක් සහ පොඩි කළ අලිගැට පේර මද තේ හැඳි 1 ක් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ඔයාගෙ මූණෙ ආලේප කරලා විනාඩි 5ක් සම සම්බාහනය කරන්න. දැන් ජලයෙන් සෝදන්න.

10. අලිගැට පේර බිත්තර

ඔයාලගෙ උදෑසන ආහාරයට නම් මේක නියමයි.

වට්ටෝරුව: අලිගැට පේර ගෙඩි 1/2ක් , බිත්තර 2ක් බීට් කරගන්න. 350°F ට විනාඩි 10 ක් උඳුන තුල බේක් කර ගන්න.

11. තේ

අලිගැට පේර ගෙඩියේ ඇටයත් ඒකෙ මදය තරම්ම ප්‍රයෝජනවත්. එය ප්‍රතිඔක්සිකාරක වලින් පිරී තියනවා වගේම ශරීරය ඔක්සිකරණයට එරෙහිව සටන් කරන්නත් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරන්නත් උපකාරී වෙනවා.

වට්ටෝරුව: අලිගැට පේර ඇට එක රැයක් වතුර වීදුරුවක පොඟවා ගන්න. උදේ, වතුර ඉවත් කරලා ඇටය සෝදා ගන්න. ඒක කෑලි කපලා කේතලයකට දමන්න. ඔයාට දිනපතා මේ තේ කෝප්පයක් පානය කරන්න පුලුවන්. තවත් රස කරගන්න ඒකටම මී පැණි හෝ සීනි ටිකක් එකතු කරන්නත් පුලුවන්.

12. ලෙමන් අයිස්ක්‍රීම්

අලිගැට පේර සමට විතරක් නෙමෙයි ආහාරයක් විදියටත් ගොඩක් හොඳයි. ඒකෙන් රසවත් අතුරුපසක් සාදා ගන්න පුලුවන්. උදාහරණයක් විදියට මේ ලෙමන් අයිස් ක්‍රීම් එක හදලා බලන්න.

වට්ටෝරුව: ඉදුණු අලිගැට පේර ගෙඩි 1 ක මද, ලෙමන් යුෂ මිලි ලීටර් 65 ක්, වැනිලා තේ හැඳි 1/4 ක්, ලුණු තේ හැඳි 1/5 ක් සහ මී පැණි මිලි ලීටර් 130 ක් හොඳින් මිශ්‍ර කරන්න. දැන් මිශ්‍රණය අයිස්ක්‍රීම් අච්චු වලට දාලා ශීතකරණයේ තබන්න. පැය 5 කට පස්සෙ ගන්න.

13. ස්ට්‍රෝබෙරි-අලිගැටපේර මූස්

අලිගැටපේර වලින් හදන තවත් අතුරුපසක් තමයි මේ. මේක හදන්න ඔයාට අවශ්‍ය වන්නේ විනාඩි 5 ක් පමණයි.

වට්ටෝරුව: ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100 ක්, අලිගැට පේර ගෙඩි 1 ක මදය, මිංචි කොළ 7 ක්, දොඩම් යුෂ මිලි ලීටර් 30 ක් සහ මී පැණි තේ හැඳි 2 ක් මිශ්‍ර කරන්න.

14. ට්‍රෆල්ස්

මේක ගොඩක් රසවත්, ඔයත් චොක්ලට් වලට ආස කෙනෙක් නම් මේකට ගොඩක් කැමති වෙයි.

වට්ටෝරුව: රට ඉඳි 6ක් සහ ඉදුණු අලිගැට පේර ගෙඩි 1ක් මිශ්‍ර කරන්න. ඒකටම ඩාර්ක් චොකලට් ග්‍රෑම් 200 ක් උණු කර එකතු කරන්න. දැන් මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න. මේවයින් බෝල හදලා ඒකට තල ඇට ඉහින්න. පැය 2 ක් ශීතකරණයේ තියන්න.

15. බටර් වෙනුවට

අලිගැටපේර වල බටර් වලට වඩා කොලෙස්ටරෝල් අඩුයි. මීට අමතරව, මේ පලතුරේ මේද අම්ල, විටමින් සහ පහත සඳහන් ඛනිජ ද අඩංගුයි. මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, පොටෑසියම් සහ සෝඩියම්. ඉතින් ඔයාට බටර් කන එක නවත්වන්න ඕනෙ නම්, මේ වට්ටෝරුව උත්සාහ කරන්න.

වට්ටෝරුව: ඉදුණු අලිගැට පේර ගෙඩි 1ක මදය සූරාගෙන බ්ලෙන්ඩරයක දාලා සිනිඳු පේස්ට් එකක් හදා ගන්න. දැන් මේ පේස්ට් එක පාන් මත තවරා ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කර ගන්න.

16. අලිගැට පේර බ්‍රව්නීස්

උපන් දින සාද වලට නම් මේක නියමයි.

වට්ටෝරුව: අවන් එක 356ºF ට ප්‍රී හීට් කරන්න. ඉදුණු අලිගැට පේර ගෙඩි 2 ක්, ඉදුණු කෙසෙල් ගෙඩි 2 ක්, පොල් තෙල් කෝප්ප 1/2 ක්, බිත්තර 4 ක්, දුඹුරු සීනි කෝප්ප 1 ක්, සම්පූර්ණ තිරිඟු පිටි කෝප්ප 1 ක්, කොකෝවා කුඩු කෝප්ප 1 ක් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක විනාඩි 35-40 කාලයක් පුලුස්සා ගන්න.

Leave a Reply

Your email address will not be published.