කලිසම් ඇදීම නැවැත්වීමෙන් ඔබේ සිරුරට විය හැකි දේවල්

අද කාලෙ කාන්තාවන් බොහෝදෙනෙක්ගෙ කැමතිම ඇඳුම බවට පත් වෙලා තියෙන්නෙ කලිසමයි. විවිධ විලාසිතාවල කලිසම් වර්ග වෙළදපොළේ තියනවා. ඒ අතරිනුත් ගොඩදෙනෙක්ගෙ අවධානය යොමුවෙන්නෙ ඇඟට හිර ඩෙනිම් සහ ලෙගින් වගේ කලිසම් වලටයි. යුග ගණනාවක් තිස්සේ විලාසිතාවල නැතුවම බැරි කොටසක් බවට පත් වෙලා තියන කලිසම් නිසා අපේ ශරීරයට වෙන්න පුලුවන් අහිතකට බලපෑම ගැන නම් ගොඩක් අය දන්නෙ නෑ.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ ඇඟට හිර කලිසම් ඇඳීම නැවැත්වීමෙන් අපේ ශරීරයට ලබාගන්න පුලුවන් වාසි මොනවද කියලයි.

01. කකුලේ සමේ තද බව අඩු වීම වළක්වගන්න පුලුවන්.

ප්‍රවීණයන් කියන්නෙ අපි කලිසම් ඇඳීම නැවැත්වුවොත්, විශේෂයෙන්ම ගොඩක් හිර ජීන්ස් අඳින එක නැවැත්තුවොත්, සමේ සෙලියුලයිට් තත්වය වැඩි වීම වළක්වගන්න පුලුවන්. අපි අපේ කකුල් දෙක හරස් කරනකොට හෝ තද කලිසම් අඳිනකොට, සමේ තද ගතිය අඩු වෙලා සෙලියුලයිට් තත්වය ඇති වෙනවා.

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් අනතුරු අඟවන්නේ ඉතා තද ජීන්ස් ඇඳීමෙන් කලවා මත සම බුරුල් කර සෙලියුලයිට් තත්වය වැඩි කරන බවයි. එමගින් රුධිර සංසරණයට බාධා වීම නිසා ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට යාමට අවශ්‍ය ස්ථානයට පැමිණීම වළක්වනවා. එහි ප්‍රතිඵලය විදිහට සම විඩාපත් වන අතර සමේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය අඩු වෙනවා.

02. පෙනුම ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා ඔයාට උනන්දුවක් ඇතිවෙනවා.

භෞතචිකිත්සකයින් අවවාද කරන්නේ කලිසම් ඇඳීමෙන් ඔයාව තවත් කෙට්ටුවට පේන බවයි. තද කලිසම් මගින් අපේ සිරුරේ ඇති තියන “ගැටලුකාරී” තත්ව සඟවා, ව්‍යායාම කිරීමට අවශ්‍ය නෑ කියන බොරු හැඟීමට අපව පොලඹවනවා. ඔයා කලිසම් ඇඳීම නතර කළොත්, ඔයාගෙ සිරුරේ සමහර කොටස්වලට ඔයාගෙ අවධානය අවශ්‍ය බව ඔයාටම පැහැදිලි වේවි. මෙය ක්‍රියාකාරී ජීවන මාර්ගයක් තෝරා ගැනීමට ප්‍රබල පෙළඹවීමක් වෙන්න පුලුවන්.

03. ශරීරයට සහ අභ්‍යන්තර අවයවවලට වඩාත් සැහැල්ලුවක් දැනෙනවා.

තද ඇඳුම්, ජීන්ස් සහ බෙල්ට් වගේම සම්පීඩන යට ඇඳුම් ඇඳීමෙන් අපේ ශරීර අවයවවලට ලොකු පීඩනයක් ඇතිවෙනවා.

තද කලිසම් සහ බෙල්ට් මගින් ඔයාගෙ බඩ මත ඇති කරන පීඩනය මගින් බඩේ ඇසිඩ් තත්වය වැඩි වෙනවා. එතකොට බඩේ අජීර්ණ ඇති වෙනවා. ඒ නිසා, අපි කලිසම් ඇඳීම නැවැත්වූ විට, අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් මත පීඩනය අඩු වී, මේ අප්‍රසන්න හැඟීම් මඟහරවා ගන්න පුලුවන්.

04. ශරීරය කැසීම අඩු වෙනවා.

අපි විවිධ රෙදි වලට ආසාත්මික වෙන්න ඉඩ තියනවා. සමහර ඇඳුම් නිසා අපේ ශරීරයේ කැසීම් ඇතිවෙන්නෙ මේ නිසයි. දැඩි ලෙස කැසීම ඇති වීමට හේතුව තමයි, අපේ කකුල් සමඟ රෙදි තදින් ස්පර්ශ වීම. විශේෂයෙන්ම ලෙගින් සහ ඩෙනිම් වගේ තද කලිසම් අඳිනකොට, අපේ ශරීරය සමඟ එම ඇඳුම් ගොඩාක් ලඟින් සම්බන්ධ වෙනවා. එමගින් සම කැසීමට පටන් ගන්නවා. ඔයා සමහර ලෝහවලට අසාත්මික නම්, ඔයාගෙ නිල් ජීන්ස් එක මත තියන බොත්තමකින් පවා ඔයාගෙ සමට අපහසුතාවයක් ඇති වෙන්න පුලුවන්.

05. කකුල්වල කුරුලෑ ඇතිවීම වැළකෙනවා.

තද කලිසම් ඇඳීම, විශේෂයෙන් යෝග කලිසම් නිසා කකුල්වල ආතතියක් ඇති වෙනවා. එමගින් කකුල්වල කුරුලෑ හටගන්න පටන් ගන්නවා. ඔයා කලිසම් ඇඳගෙන ඉන්නකොට දහඩිය වාෂ්ප වෙන්න අපහසුයි. ඒ නිසා, ඔයා ලිහිල් ඇඳුම් අඳිනවා නම්, මේ තත්වය අඩු කරගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.