කවදාවත් වැඩියෙන් ආහාරයට ගැනීමට හොද නැති ආහාර වර්ග 8 ක්

ඉපදුන දින පටන්ම කටට රසට කන්න පුරුදු වෙච්ච අපි සමහර කෑම වලට දන්නෙම නැතුව ඇබ්බැහි වෙලා ඒ කෑම වර්ග නැතුවම බැරි තැනට අද අපි පත්වෙලා තියනව. ඒත් ඔයා කවදාවත් අහල තියනවද වැඩියෙන් කන්න හොද නැති ආහාර ගැන අහල ඇති හැබැයි යුවතිය අද අපි මේ කියන්න යන්නෙ ටිකක් අපි ආසම ඒ වගේ කෑම වර්ග ටිකක් ගැන.

01. කැරට්

එළවලුවක් වන කැරට් බීටා කැරොටින් වලින් පිරී ඇති අතර එම බීටා කැරෝටීන් විටමින් A බවට පරිවර්තනය වේ. නමුත් ශරීරය විටමින් A ගබඩා කර තබාගන්නේ නැත. එය විටමින් A බවට පරිවර්තනය කරනු ලබන්නේ ශරීරයට එය අවශ්‍ය වූ පසුවයි. ඉතින් අවාසනාවකට වගේ මේ ඉතිරිවන බීටා කැරෝටින් නිසා ඔයාගෙ සම කහ පැහැයට හැරෙන රෝගයක් වන කැරොටිනේමියාව ඇති විය හැක. නමුත් මෙයින් කිසිදු හානියක් නොමැත එය ක්‍රමයෙන් අතුරුදහන් වේ.

02. කොම්බුචා

ලෝකයේ ආහර අතරින් ජයගත් මේ චීන පානය ආහාර ජීර්ණය, බඩවැල් බැක්‍ටීරියා වැඩි කරන බව කියයි. කොහොම වුනත් යීස්ට් පැසවීමෙහි අතුරු ඵලයක් වන ෆොඩ්මැප් සංයෝගයද මෙහි අඩංගු වන අතර එය වැඩියෙන් පරිභෝජනය කිරීමෙන් ඉදිමීම සහ ආහර ජීර්ණ අපහසුතා ඇති විය හැක.

03. වතුර

ජලය වැඩියෙන් ලබා ගැනීමෙන් සෝඩියම් මට්ටම පහල යාම නිසා වකුගඩු වලට එය දරාගැනීමට නොහැකි වේ ඉන්පසුව විද්‍යුත් විච්ඡේදක අසමතුලිත තාවයක් ඇති වේ. තවත් ප්‍රතිවිපාකයක් තමයි මොලයේ ජලය රැස් වීම නිසා ඒවා ගබඩා කර ගැනීමට ඉඩ ඔලුවේ නොමැති වීම නිසා හිස්කබලෙහි පීඩනය ඉහල යයි.

04. අලිගැටපේර

අලිගැටපේර වල තන්තු හා විටමින් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. ඒ වාගේම නරක කොලොස්ටරෝල් අඩු කිරීම සහ මොනොසැටරේටඩ් මේදය වැඩියෙන් අන්තර්ගත නිසා ඔබගේ සෛල නඩත්තු කිරීමටද අලිගැටපේර හපනෙක්‍ ය. නමුත් මේදය එසේම පවතී. එක් ගෙඩියක කැලරි 240 ක් අන්තර්ගතවන අතර එම ප්‍රමාණය පුද්ගලයකුගේ සම්පූර්ණ කැලරි ප්‍රමාණයෙන් 10% – 20% පමණ වන අතර අධික ලෙස කැලරි ආහාරයට ගැනීමෙන් ධමනි අවහිර වීමේ ගැටළු ඇති වේ. අලිගෑටපේර ආහාරයට ගන්නවානම් දිනකට භාගයක් හෝ ගෙඩියකට සීමා කර ආහාරයට ගන්න.

05. රතු අල

රතු අල යනු විටමින් සහ ඛනිජලවන ප්‍රභ්වයකි. ඔයාගෙ ශරීරයේ නයිට්‍රේට් බවට පරිවර්තනය වන නයිට්‍රික් ඔක්සයිඩ් බොහොමයක් අඩංගු වන අතර එය නිසා ඔබේ රුධිර පීඩනය අඩු කර ගැනීමට හැකිය. ඉන්පසුව ඒවා නයිටොසැමයින් බවට පරිවර්තනය වන අතර ඒවා මස් වලද දැක ගන්නට ලැබේ, එයින් අදහස් කරන්නේ කෙනෙකුගේ රෝග වර්ධනය වීමේ අවදානම වැඩි කිරීමට හැකියාව ඇති බවයි. මෙම තත්වය නිසා රතු අල සහ රතු මස් වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඈත්වී සිටීම වඩාත් සුදුසුය.

06. මුහුදු පැලෑටි

මුහුදු පැලෑටි යනු විටමින් B12 න් පොහොසත් වූ නිර්මාංශ ආහාරයකි. එය සත්ත්ව ආහාර වලින් තොර නිර්මාංශ නමුත් මස් වගේම රස ආහාරයකි. මෙහි අයඩීන් සහ තන්තු බහුලව අන්තරගත නිසා බර අඩු කරගැනීමට ප්‍රයෝජනවත් ආහාරයක් ලෙසද නම් වේ. නමුත් අධික අයඩීන් නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු සහ බර වැඩි කිරීමටද හේතුවක් වේ. මෙම මුහුදු පැලෑටි වැඩුණු ස්ථානය අනුව මේවායේ අධික බැර ලෝහද අඩංගු වේ.

07. සෝයා ආහාර

විටමින් B, තන්තු, පොටෑසියම් සහ මැග්නීසියම් වලින් පොහොසත් වන සෝයා ආහාර වල ශරීරයට සෑදිය නොහැකි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9 කින්ද සමන්විත වන බැවින් එය ප්‍රෝටීනයක් ලෙස සලකයි. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුවක් නිසා ඔබ ආහාර වෙනස් කල අයෙක්නම් ඔබ ඉතා පරෙස්සම් විය යුතුයි. කාන්තාවන්ගේ තයිරොයිඩ් ඉදිමීමට බෙහෙතක් ලෙස භාවිතා කරන හෝමෝන වලට මේ සෝයා බාධා ඇති කරයි.

08. චියා බීජ

ඔමේගා 3 අඩංගු වන නිසා මෙම චියා බීජ සුපිරි ආහාරයක් ලෙස අලෙවි කෙරෙයි. මෙම චියා ඇටවල අඩංගු ඔමේගා 3 සැමන් වල ඇති ඔමේගා වලට වඩා ශරීරයට අවශෝෂණය කර ගැනීම මන්දගාමී වේ. මේවා වැඩියෙන් ගැනීමය හොද නැති හේටුව තමයි චියා බීජ ග්‍රෑම් 100 ක කැලරි 500 ක් පමණ අඩංගු වන අතර එය හැම්බරගර් එකකට සමාන වේ.

නැවතත් මෙවැනි වටිනා ආටිකල් එකක් සමග ඔබව හමුවනතුරු යුවතිය අපි එහෙනම් ඔන්න ගියා ඔබට සුබම සුබ දවසක්.

Leave a Reply

Your email address will not be published.