කවදාවත් වැරදිලාවත් මේ ආහාර 7 නම් අවන් එකට නම් දාන්න එපා

1940 ගණන්වලදි අහම්බෙන් නිපදවන ලද, මයික්‍රෝවේව් උඳුන, අද වෙනකොට හැම ගෙදරකම කුස්සියේ තියන ප්‍රධාන උපකරණවලින් එකක්. මයික්‍රෝවේව් උඳුන මගුන් ආහාර පිසීම සහ නැවත රත් කිරීම පහසු කරනවා. ඒත් මයික්‍රෝවේව් උදුනේ පිසීමෙන් වැළකී සිටිය යුතු විශේෂිත ආහාර වර්ග කිහිපයක් තියෙන බවත් ඔයා දැනගෙන ඉන්න ඕන.

ආරක්ෂාකාරීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔයාට උදව් වෙන ලිපියක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ. මයික්‍රෝවේව් උඳුනේ පිසීමට සුදුසු නැති ආහාර කිහිපයක් ගැන දැන් අපි විස්තර දැනගනිමු.

01. බිත්තර

මයික්‍රෝවේව් උඳුනේ බිත්තරයක් තම්බන්න උත්සාහ කරනකොට, ජල අණුවලින් වාෂ්ප සාදමින් පීඩනය එකතු වෙනවා. බිත්තරවල තුනී පටලයක් සහ කවචයක් තියන නිසා, ඒවාට ලොකු පීඩනයක් රඳවා ගන්න බෑ. එතකොට මයික්‍රෝවේව් උදුන තුළ බිත්තරයක් තැබුවොත් බිත්තරය ඉක්මනින් පිපිරී යනවා.

02. කැරට්

කැරට් මයික්‍රෝවේව් උදුනක තම්බා රත් කරන්න පුලුවන් වුණත්, පොත්ත පිටින් තියන අමු කැරට් අලයක් මයික්‍රෝවේව් උඳුන තුළට දැමීම අනතුරුදායක වෙන්න පුලුවන්. කැරට් නිසියාකාරව සෝදා නොමැති නම් සහ අපිරිසිදු අපද්‍රව්‍ය තිබෙනවා නම්, පසෙහි තියන ඛනිජ ලවණ මගින් මයික්‍රෝවේව් උදුනේ ගිනි පුපුරක් ඇති වෙන්න පුලුවන්. මෙය නිතරම සිදු කළොත්, මයික්‍රෝවේව් උදුනටත් හානි වෙන්න ඉඩ තියනවා.

03. සැකසූ මස්

සැකසූ මස් කියන්නෙ පෝෂ්‍යදායී ආහාරයක් නෙවෙයි. ඒවායේ අධික ලුණු, ආදේශක, රසායනික ද්‍රව්‍ය සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඩෙලි මස් සහ ටින් කළ ආහාරවලට මයික්‍රෝවේව් විකිරණ එකතු වුණාම, ඔයාගෙ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමටත්, හෘද ගැටලු ඇති වීමටත් හේතු වෙන්න පුලුවන්. ඒ නිසා හැම් සහ සොසේජස් රත් කිරීමට ආරක්ෂිතම ක්‍රමය ග්‍රිල් එක මත හෝ ලිප මත රත් කිරීමයි.

04. ජලය

මයික්‍රෝවේව් උදුනේ වතුර රත් කරන එක හරිම ලේසි ක්‍රමයක් කියලා ඔයා හිතනවා ඇති. ඒත් අධ්‍යයනයන් මගින් පෙන්වන්නේ බොහෝ පිළිස්සුම් අවස්ථා පැමිණෙන්නේ මයික්‍රෝවේව් උදුනේ රත් කරන ලද ජලයෙන්, විශේෂයෙන් ළමයින් විසින් ඒවා හසුරුවන විටදී බවයි. මයික්‍රෝවේව් උඳුනක රත් වීමට හේතුවෙන ක්ෂුද්‍ර තරංග මගින් වතුර ඕනෑවටත් වඩා රත් කර, ජල අණු අස්ථාවර කරන නිසා සමහර විට පිපිරීම් පවා ඇති වෙන්න ඉඩ තියනවා.

05. මිරිස්

විශේෂයෙන්ම ගොඩක් සැර මිරිස් වර්ගවල කැප්සායිසින් බහුලව අඩංගු වෙනවා. ඒවා තරමක් ගිනිගන්නාසුළු සංයෝගයක්. කැප්සායිසින් මයික්‍රෝවේව් උඳුනේ ක්ෂුද්‍ර තරංග වලට නිරාවරණය වුණාම, මයික්‍රෝවේව් උදුනෙන් මුදා හරින ගින්න සහ දුම සමේ කෝපයක් සහ දැවෙන සංවේදන ඇති කරන්න ඉඩ තියනවා.

06. කුකුල් මස්

කුකුල් මස් කියන්නෙ සැල්මොනෙල්ලා බැක්ටීරියාව ව්‍යාප්ත කරන්න ප්‍රසිද්ධම ආහාරයක්. විශේෂයෙන්ම කුකුල්මස් හරියට පිසිනු නොලැබූ විට! මයික්‍රෝවේව් උඳුනට දමා අමු කුකුල් මස් කැබැල්ලක් පිසූ විට, එය ඒකාකාරව සහ හොඳින් පිසීමේ ඉඩ ගොඩක් අඩුයි. බැක්ටීරියා ඔක්කොම විනාශ වෙන්නෙත් නෑ. ඒ නිසා මස් වර්ග පෑන් එකක, ග්‍රිල් එකක, සෘජු තාපයට නිරාවරණය කර හොඳින් පිස ගැනීම වඩාත් සුදුසුයි.

07. තක්කාලි සහ තක්කාලි සෝස්

තම්බපු බිත්තර වගේම, තක්කාලිත් මයික්‍රෝවේව් උඳුනේ වැඩි කාලයක් තිබුණොත්, පුපුරන්න පුලුවන්. නැවුම් තක්කාලි සහ පැස්ටා සෝස් වල තියන ද්‍රව අන්තර්ගතය නිසා, පීඩනය වැඩි වී බුබුලු සහ දියර පිටවීමට හේතු වන අතර, මයික්‍රෝවේව් එක රතු පාට ඉස්ම වලින් වැසී යනවා.

Leave a Reply

Your email address will not be published.