කාන්තාවන්ගේ සම සුමුදු කර ගැනීමට රහස් 7ක්

සම කියන්නේ අපේ ශරීරයේ තිබෙන විශාලම ඉන්ද්‍රිය. ඉතින් අපේ සම ලස්සනට තියාගැනීම බොහෝ වැදගත් වෙනවා. ඔබේ පෙනුමට ඔබේ සමේ සුන්දරත්වය බොහෝ බලපානවා. සම ආරක්ෂා කර ගැනීමත්, ලස්සනට සුමුදුවට පවත්වා ගැනීමටත් ඒ තරම් පහසු දෙයක් නෙමේ. අපේ සම මත අමතර තෙල් තට්ටුවක් ඇති වෙනවා ඔබ දැක ඇති. මේ නිසා ඔබේ සම ඉතාමත් නරක විදිහට පේනවා.

සමේ ඇති මේ අමතර තෙල් තට්ටුවෙන් නිදහස් වීමට ඔබ අනුගමනය කළ යුතු නිවැරදි සත්කාර ක්‍රම කිහිපයක් තමා අද අපි ඔබට අරගෙන ආවේ. සමේ ඒකතානය නොමැතිව තැන තැන උස් පහත් වීම් ආකාරයට ඇති වන තත්වය තමා මේ තෙල් තට්ටුව එහෙමත් නැත්තන් සෙලුලයිඩ් තට්ටුව ලෙස හඳුන්වන්නේ.  දොඩම් පොත්තක මතුපිට වයනයට සමානයි මෙය. මෙම තත්වය ඇති වෙන්න පුලුවන් කකුලේ කලවා වල, තට්ටම් ප්‍රදේශයේ, උදරයේ සහ ඉණ ාවට වගේම මුහුණේත්. ඔබේ සුන්දරත්වය ගැන බොහෝ සැලකිලිමත් වෙන ඔබට නම් මෙය බොහෝම වටිනා ලිපියක් වේවි.

01. නිවැරදි ආහාර රටාව

අමතර තෙල් තට්ටුව ඉවත් කරගන්න කියල බොහෝ දෙනා කෑම නොකා ඉන්නවා ඔබ දැක ඇති. නමුත් ඔබ ආහාර නොගෙන සිටීම නොවේ කල යුත්තේ ඔබ කල යුත්තේ සමබර ආහාර වේලක් ලබා ගැනීමයි.

ඔබේ ආහාර වේලෙහි අන්තර්ගත විය යුතු දේවල් කිහිපයක් අපි පහතින් ලැයිස්තුගත කරල තිබෙනවා.

  • ප්‍රෝටීන් (මස්, ඇට වර්ග, පරිප්පු, මුරුංගා කොළ)
  • ලෙසිතින් (බිත්තර, තක්කාලි, නිවිතිය, සෝයාබීන්)
  • ‌මේද අම්ල ( මාළු, ඔලිව්, අලිපේර, රටකජු ආදි ඇට වර්ග)
  • මේද දහනය කරන පළතුරු වර්ග (මිදි, දෙහි, ලෙමන්)
02. ජලය

‌ලොව පවතින හොදම පානය තමා මේ ජලය කියල කියන්නේ. ලොව තිබෙන සෞඛ්‍යාරක්ෂිතම පානයත් මෙය තමා.  දිනකට අවම වශයෙන් ලීටර් 1.5-2 අතර ප්‍රමාණ‍යක් ජලය පානය කිරීම බොහෝ වැදගත් වෙනවා. ඔබට ජලය පානය කෙරෙනවා නේ කියා සිතා කෝපී තේ පමණක් පානය කිරීම ඵලක් වෙන් නෑ ඔබ පිරිසිදු ජලය පානය කල යුතුමයි.

03. ශාරීරික ව්‍යායාම

ඔබේ සමේ අමතර තෙල් තට්ටුව වර්ධනය වෙනවා ඔබ වැය කරන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණ‍යක් ඔබ ලබා ගන්නවා නම්. ඔබ ව්‍යායාම වල යෙදීමෙන් මෙය වළක්වා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. කාඩියෝ ව්‍යායාම තමා මේ සදහා ඔබට සුදුසුම ව්‍යායාමය වෙන්නේ. මීට හේතුව බර සහ අමතර මේදය දිය කිරීමට මෙය ඔබට බොහෝ උපකාරී වීම. දිවීම, ඇවිදීල, ස්කිපින් පැනීම, පිහිනීම ආදිය ඔබ සිදු කරන්න.

04. සම්බාහනය

හොඳ ප්‍රථිපල ලබාගැනීමට ඔබට හැකියාව තිබෙනවා නිවසේදී සම්බාහන උපකරණ වලින් කරන සම්බාහනයත්, පිටතදී එම ක්ශේත්‍රයේ පිළිගත් වෘත්තිකයන් ලවා කරගන්නා සම්බාහනයත් යන දෙක මගින්ම.

 සැලුන් එකකදි හෝ විශේෂ ක්ලිනික් එකකදී ඔබ මේ සම්බාහනය සිදු කරවා ගන්නවා නම්  ඔවුන් අමතර මේදය ඉවත් කිරීමට සහය වන විවිධ උපකරණ මේ සදහා භාවිතා කරනවා.

ඒ වගේම ඔබ මේ සම්බාහනය සිදු කර ගැනීමේදී තෙල් භාවිතා කිරීමටත් අමතක කරන්න එපා.

05. ස්ක්‍රබ් කිරීම

සමේ අමතර මේද තට්ටුව ඉවත් කරන දෙයක් නෙමේ මේ ඇන්ටි සෙලුලයිඩ් ක්‍රීම් කියල කියන්නේ. සමේ රුධිර සංසරණය වේගවත් කරන ස්ක්‍රබ් ඔබට මේ සදහා භාවිතා කල යුතු වෙනවා.

මේද තට්ටුව දිය කර හැරීමට උපකාර වෙන දෙයක් තමා අඹරාගත් කෝපි කියල කියන්නේ. මෙය ස්ක්‍රබ් එකක් ලෙස ඔබ භාවිතා කරන්න.

සමෙ සෙලුලයිඩ් එකට මතුපිටින් ඇති අමතර ජලවාෂ්ප ඉවත් කිරීම සිදු කරනවා මුහුදු ලුණු අඩංගු ස්ක්‍රබ් එකක් මගින්.

06. තදින් වැටෙන වතු‍රෙන් දිය නෑම

ඔබේ සමේ අමතර මේද ඉවත් කිරීමට උපකාරි වෙන තවත් දෙයක් තමා ඔබේ ෂවර් එකෙන් වතුර ඔබේ සම මතට තරමක් වේගයෙන් තියුණු ලෙස වැටීම.

රුධිර ගමනාගමනයත්,පරිවෘතිය ක්‍රියාවලියේ වේගය වැඩි කිරීමටත් මෙය දායක් වෙනවා.

 සමේ එක තැන රැඳී පවතින කුණු දුහුවිලි තදින් වැටෙන ජලය මගින් ඉවත් කරනවා.

අමතර තෙල් තට්ටු ඇති වී ඇති ස්ථානයට සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් වේගවත් ජලපහර තබාගෙන  එම ස්ථානය සම්බාහනය කිරිම සිදු කරන්න ජලය වැටෙන අතරතුර.

07. සඔනා

ශරීරය තුල ජලය සහ රුධිර ගමනාගමනය වේගවත් සහ යාවත්කාලීන කිරීමට සඔනා හෙවත් හුමාලය නෑම මගින් හැකියාවක් ඇත.

ඔබේ ශ්වේද ග්‍රන්ථි විවර කර ඒ හරහා අමතර මේදය ඉවත් වීමට ඉඩ සැලසීම සඔනා මගින් සිදු වේ.

ඔබට අමතර තෙල් තට්ටුවේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකී සතියකට වරක් වත් සඔනා එකකට යාම මගින්.

ඔබට මේ සදහා උපාකාරී කරන තව දෙයක් තමා ඇන්ටි සෙලුලයිඩ් රැප් කියල කියන්නේ.

Leave a Reply

Your email address will not be published.