කාන්තාවන්ට ඇහුම්කන් දීම පිරිමින්ට අපහසු විය හැකි හේතුව

සමහර විට ඔයාගෙ පෙම්වතා වුණත්, සහෝදරයෙක් වුණත්, හොඳම යාලුවෙක් වුණත් ඔයාට ඇහුම්කන් දෙන්නෙ නැති පිරිමි අය ඉන්නවා. ඇත්තටම ඒක එයාලගෙ වරදක් නෙවෙයි. පිරිමි අය මෙහෙම හැසිරෙන්න හේතු කිහිපයක්ම තියන බව අධ්‍යයනවලින් අපිට දැනගන්න පුලුවන්. පිරිමින්ගේ මොළයට ගැහැණුන්ගේ කටහඬ වෙනස් ආකාරයකින් ඇහෙන බව පරීක්ෂණවලින් හෙළි වෙලා තියනවා.

අද අපි ඔයාලට කියන්න යන්නෙ පිරිමි මොළය හා එයාලගෙ සවන්දීමේ කුසලතා ගැන අපි හොයාගත් විස්තර කිහිපයක්.

01. ගැහැණු කටහඬ පිරිමින්ගේ මොළය වඩාත් වෙහෙස කරවනවා.

පිරිමින් ගැහැණුන්ට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වන බව අධ්‍යයනයකින් ඔප්පු වුණා. පිරිමි අය කතා කරනකොට එයාලගෙ මොළයේ සමහර කොටස් වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ඇත්තටම පිරිමින්ගේ මොළයට ගැහැණු අය කියන දේ තේරුම් ගන්න නම් මොළය වෙහෙසන්න සිදු වෙනවලු. ඒ කියන්නෙ කාන්තාවන් කියන දේවල් වල තේරුම සහ කාන්තාවන්ගෙ හැඟීම් තේරුම් ගන්න එක පිරිමින්ට ගොඩක් අමාරු දෙයක්.

02. කාන්තාවන්ගේ හඬෙහි බලය අඩුයි.

කාන්තාවකගේ කටහඬෙහි සහ ස්වරාලයෙහි ප්‍රමාණය නිසා හයියෙන් කතා කරන කාන්තාවන්ව පිරිමින් එච්චර ගණන් ගන්නෙ නෑ. අධ්‍යනයක් මඟින් කියන්නෙ අඩු හඬවල් තියන අයව අපි වැඩිපුර විශ්වාස කරන බවයි. ඒ වගේම අඩු හඬක් තියන අය නායකත්ව තනතුරුවලට පත් වෙනවටත් අපි කැමති බවයි. පිරිමින් තමන්ගෙ සම වයසේ යාලුවන්ට ඇහුම්කන් දෙන තරම්වත් කාන්තාවන්ට ඇහුම්කන් නොදෙන්න මේකත් එක හේතුවක්.

03. කාන්තාවන්ගේ හඬ ගොඩක් සංකීර්ණයි.

ගැහැණු හා පිරිමි කටහඬ අතර වෙනසක් තියනවා. කාන්තාවන් කතා කරන විට එයාලා පිරිමින්ට වඩා ශබ්ද වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ වගේම සැරින් සැරේ හඬ වෙනස් කරනවා. මේ නිසා පිරිමින්ගේ මොළයට කාන්තාවන් කියන දේ ඉක්මනින් වටහා ගන්න අමාරුයි.

කාන්තාවන් වැඩිපුර කතා කරනවා කියන්නෙ මිථ්‍යාවක්.

පර්යේෂණවලට අනුව, පිරිමින්ට වඩා කාන්තාවන් කතා කරනවා කියලා මෝඩ මිථ්‍යාවක් ජනතාව අතරේ තියනවා. ඇත්තටම, කාන්තාවන් හා පිරිමින් කතා කරන්නෙ දළ වශයෙන් එකම ප්‍රමාණයකින් කියලා ඔයා දන්නවද? සමහර තත්ව යටතේ පිරිමින් කාන්තාවන්ට වඩා කතා කරන අතර තවත් සමහර පිරිමින්ට වඩා කාන්තාවන් කතා කරන බවත් මේ පර්යේෂයෙන් හෙළි වුණා.

ඔයාටත් හොඳට ඇහුම්කන් දෙන පිරිමි යාලුවෙක් හෝ සහෝදරයෙක් හෝ පෙම්වතෙක් ඉන්නවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

Leave a Reply

Your email address will not be published.