කාන්තාවන් අතරින් කැපී පෙනීමට හැකි කොණ්ඩා මෝස්තර 10 ක්

අපේ උස වැඩි කර ගැනීමට උපකාර වන ඇඳුම් සහ සපත්තු වගේම හෙයාර් කට් පවා තිබෙනවා. හිසකෙස් වර්ගයටත් ගැලපෙන, ඔයාගෙ උසටත් ගැලපෙන විදිහේ ලස්සන හෙයාර් කට් එකක් කරගන්න නම්, ඊට කලින් ඔයාට කරන්න පුලුවන් හෙයාර් කට් මොනවද කියලා දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා.

ඔයාට අලුත් පෙනුමක් ලබා ගැනීමට සහ ලොකු වෙනස්කමක් නොකරම ඔයාගෙ උසත් වැඩි කරලා පෙන්වන විදිහේ හෙයාර් කට් ගැන තමයි අද අපි ඔයාව දැනුවත් කරන්න හිතුවේ. ඔන්න මෙච්චර දවසක් උස අඩුකම ගැන හිත හිත හෙයාර් කට් එකක් කරගන්න බයෙන් හිටපු ගැහැණු ළමයින්ට මේ ලිපිය ගොඩක් ප්‍ර‍යෝජනවත් වෙයි.

01. බොබ්

බොබ් කට් කියන්නෙ කාලයක් තිස්සෙ අතිශයින්ම ජනප්‍රියව පැවතුණු කොණ්ඩ මෝස්තරයක්. මේ විලාසිතාවෙදි කොණ්ඩෙ කපන්නෙ උරහිස් වලට ඉහලින් තියන විදිහටයි. බෙල්ල පිටිපස්සෙන් කොටටත් ඉදිරිපසින් දිගටත් කොණ්ඩෙ කපනවා. හතරැස් මුහුණක් තියන කාන්තාවන්ට හොඳින් ගැලපෙන කට් එකක් තමයි මේ.

02. පික්සි

පැත්තට ලේයර්ස් කිහිපයක් සමග හෝ ඉස්සරහින් පොඩි ලෙස් රොවක් සමග පික්සි කට් එක කරගන්න පුලුවන්. එකගින් කොණ්ඩෙට වැඩිපුර පරිමාවක් එකතු වෙනවා. මේ විලාසිතාව තියුණු හෝ දිගටි මුහුණක් සහිත මිටි කාන්තාවන් සඳහා වඩාත් සුදුසුයි. බෙල්ල විවෘතව තැබීමෙන් එයාලට උස පෙනුමක් ලැබෙනවා.

03. මිඩි

කෙටි කොණ්ඩෙට කැමති නැති කෙනෙක් නම් මිඩි හෙයාර් කට් එකකට හෝ මැද දිගක් සහිත හෙයාර් කට් එකකට යන්න පුලුවන්. මේ විලාසිතාවෙන් යන්තම් උරහිස් ස්පර්ශ කරන අතර සිරුර වඩාත් දිගටි ලෙස පෙනෙනවා.

04. බොබ් කැරේ

කැරේ කියන්නෙ පොඩි රැළි කිහිපයක් සහ කෙස් රොදකින් සමන්විත බොබ් කට් වර්ගයක්. මේ කට් එක මගින් මිටි කෙනෙක්ට වඩා උස පෙනුමක් ලැබෙනවා. ඒ වගේම ඔයාගෙ පෙනුමට අලංකාරයකුත් එකතු කරනවා. 2020 වෙනකොට ගොඩක් ජනප්‍රිය වුණු හෙයාර් කට් එකක් තමයි මේ.

05. ලොබ්

වටකුරු මුහුණක් තියන, වැඩිය උස නැති කාන්තාවන්ට මේ මෝස්තරය හොඳින් ගැලපෙනවා. ලොබ් හෝ ලෝන්ග් බොබ් මගින් ඔයාගෙ ඔඑනුමට වෙනස්ම ලස්සනක් එකතු කරගන්න පුලුවන්. එමගින් ඔයාගෙ නිකට ඉස්මතු කරනවා.

06. ගාර්සන්

සාර්සන් කොණ්ඩා මෝස්තරය මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියනවා. මේ හෙයාර් කට් එකෙන් කන් දෙක තරමක් ආවරණය කරන අතර හිස මුදුනේ පරිමාව වැඩි කර පෙන්වනවා. ඒ වගේම බෙල්ල සම්පූර්ණයෙන්ම නිරාවරණය කරනවා. ඔයාව උසින් පෙන්වන්න මේක හොඳ හෙයාර් කට් එකක්.

07. මුලට්

1990 ගණන්වල සිට නැවත නැවත පැමිණි තවත් විලාසිතාවක් තමයි මුලට් කියන්නෙ. මේ කට් එක, ඉදිරිපසින් කෙටි සහ පිටුපසින් දිග විලාසිතාවක්. එය ඔයාට උසින් පෙනීමට උදවු කරනවා. ඔයාගෙ පෙනුම නොසැලකිලිමත්, නැවුම් එකක් බවට පරිවර්තනය කරන්නත් මේ හෙයාර් කට් එක උදව් වෙනවා.

08. එලයින් පික්සි

මේකත් පික්සි කට් එකේම වෙනස් ක්‍රමයක්. ක්‍රමයකි.උසින් අඩු කාන්තාවන්ට වඩාත් ගැලපෙන කොණ්ඩා මෝස්තරයක් තමයි මේ.

09. දිගු හා ස්ට්‍රේට් කොණ්ඩ

කෙටි කෙස් ඔයාට ගැලපෙන්නේ නෑ කියලා හිතෙනව නම් හෝ ඔයා දිගු කෙස් කලඹකට ආදරය කරනවා නම්, මේක තමයි ඔයාට ගැලපෙනම හෙයාර් කට් එක. උසින් අඩු ගැහැණු ළමයින්ට උසට පේන්නත් මේ කට් එක උදව් වෙනවා.

10. පපුවට දිග හෙයාර් කට්

ඔයාට කොණ්ඩෙ දිග අඩු නොකර හෙයාර් කට් එකක් කරගන්න ඕන නම් මේ හෙයාර් කට් එක සුදුසුයි. මෙමගින් කොණ්ඩෙට පරිමාවක් එකතු කරනවා. ඒ වගේම ඔයාට කැමති කොණ්ඩ මෝස්තර කරන්නත් පුලුවන්.

බෝනස්: උස අඩු අයගෙ උස වැඩි කරලා පෙන්වන කොණ්ඩා මෝස්තර

ඉහළින් බන් එකක් දැමීම: මුහුණට හා බෙල්ලට කෙස් වැටෙන්නෙ නැති නිසා මේ හෙයාර් ස්ටයිල් එකෙන් ඔයාගෙ බෙල්ල නිරාවරණය වෙනවා. එතකොට ඔයාව උසට පේනවා.

පෝනිටේල්: මේකත් හරිම සරල සහ ඉතා ආකර්ෂණීය කොණ්ඩා මෝස්තරයක්. පෝනිටේල් එකේ උඩට වැඩිපුර පරිමාවක් එකතු කලාම ඔයාව උසට පේනවා.

බ්‍රිජිට් බාර්ඩොට් කොණ්ඩා මෝස්තරය: සුප්‍රසිද්ධ චිත්‍රපට නිළියක් විසින් අනුගමනය කරපු විලාසිතාවක් තමයි මේ. එමගින් ඔයාව උසින් වැඩි කරලා පෙන්වනවා වගේම ඔයාට ආකර්ෂණීය පෙනුමකුත් ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published.