කාන්තාවන් අනිවාර්යයෙන් බලන පිරිමීන්ගේ දේවල්

ප්‍රින්ස්ටන් මනෝවිද්‍යාඥයන් වන Janine Willis සහ Alexander Todorov විසින් සිදු කරපු අත්හදා බැලීම් මාලාවක් මගින් පෙන්නුම් කළේ පුද්ගලයෙකුගේ මුහුණ දෙස බැලීමෙන් ඔහු ගැන කියන්න අපට අවශ්‍ය වන්නේ තත්පරයෙන් 1/10ක් පමණක් බවයි.

කාන්තාවන් සාමාන්‍යයෙන් එතැනින් නතර වෙන්නෙ නෑ. එයාලා පිරිමින්ගෙ ශරීරය, හෙයාර් කට් එක සහ වෙනත් නොපෙනෙන ලෙස පෙනෙන ගොඩක් ලක්ෂණ තක්සේරු කරනවා. ඉතින් එයාලා හරියටම දකින්නේ මොනවද කියලයි අද අපි කතා කරන්නෙ.

පිරිමි කෙනෙක්ව දැක්කම කාන්තාවන්ගෙ X-ray ඇස් මුලින්ම දකින දේවල් 9ක් ගැන දැන් අපි බලමු. පිරිමින්, පරිස්සම් වෙන්න!

01. ඇඳුම් පැළඳුම්

කාන්තාවක් මුල්ම වරට පිරිමියෙක්ව දැක්කම එයා ඇඳගෙන ඉන්න ඇඳුම ගැන විමසිලිමත් වෙනවා. පිරිමි ඇඳුම් සම්බන්ධයෙන් වඩාත් වැදගත් නීති තුනක් තියනවා.

  • පිරිසිදුකම: පරණ ස්වෙටර් එකක්, කෝපි පැල්ලමක් වැටුණු ශර්ට් එකක් සහ කවදාවත් සෝදා නැති ජීන්ස් එකක් ඇඳගෙන ඉන්න කෙනෙක් එක්ක කතාවට එන්නවත් ගැහැණු අය කැමති නෑ.
  • අදාළත්වය: වෙරළේ ටක්සෙඩෝවක් ඇඳගෙන ඉන්න මිනිසෙක්ට රඟහලේ කොට කලිසමක් ඇඳගෙන ඉන්න පිරිමි ළමයෙක් වගේ අමුතු පෙනුමක් තියනවා. ඒ වගේම මෙමගින් පෙන්නුම් කරන්නේ එම පුද්ගලයා ආචාර ධර්ම ගැන කිසිදෙයක් නොදන්නා බවයි.
  • විලාසිතාවේ හැඟීම: ගැහැණු ළමයින්ට ඇඳුම් තෝරාගැනීමේදී කුඩා වැරදි වලට පහසුවෙන් සමාව දෙන්න පුලුවන්. මිනිසෙකු ඔවුන්ට ඉඩ දෙනවා නම් එයාලා හැමවිටම උදව් කරන්න සූදානම් කොහොම වුණත්, පිරිමි ළමයෙක් සම්භාව්ය සපත්තු සහිත ක්‍රීඩා ඇඳුම් වගේ පිස්සු දෙයක් පැළඳගෙන ඉන්නවා නම් ඒ වගේ අයට කාන්තා ආකර්ෂණය හිමි වෙන්නෙ නෑ.

ඊටත් වඩා, විද්‍යාත්මක පර්යේෂණ පෙන්වන්නේ අප අඳින ඇඳුම් අපේ ක්‍රියාකාරිත්වයට, සිතීමේ ක්‍රමයට, හෝමෝන මට්ටමට සහ හෘද ස්පන්දන වේගයට බලපෑම් කළ හැකි බවයි

02. කොණ්ඩය කැපීම

දිගු හෝ කෙටි, සෘජු හෝ රැලි සහිත, ලා පාට, තද පාට, හෝ ටිකක් අළු වගේ හෙයාර් කට් වර්ග ගොඩක් තියනවා. වඩාත්ම වැදගත් දේ තමයි ඔයාගෙ හිසකෙස් පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම. පිළිවෙලට කියලා අපි අදහස් කරන්නේ කොණ්ඩෙ පීරන එකයි. ගොඩක් පිරිමින්ට මේක අමතක වෙනවා.

ඒත්, වින් ඩීසල් හෝ ඩ්වේන් “ද රොක්” ජොන්සන් වගේ සමහර පිරිමින්, එයාලගෙ හිසකෙස් සම්බන්ධයෙන් ගොඩක් රැඩිකල් වුණත්, එයාලා තාමත් පෞරුෂයක් තියන පිරිමි විදිහට පේන අතර කාන්තාවන් අතරත් ගොඩක් ජනප්‍රියයි.

03. ඇවිදීම සහ ඉරියව්ව

ජවසම්පන්න, සහ විශ්වාසනීය ඇවිදීමක් තියන පිරිමින්ට කාන්තාවන් ආකර්ෂණය වෙන්නෙ එමගින් පිරිමියා සාර්ථක බව පෙන්නුම් කරන නිසාත්, ඔහු ප්‍රධානියා බව ඔහුට හැඟෙන නිසාත්, කරදර සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි ඔහු දන්නා නිසාත් ය.

නිතරම බිම බලාගෙන ඉන්න, කොන්ද කෙලින් තියාගන්නෙ නැති, කකුල් හරියට උස්සන්නෙ නැති, යටි හිතින් බලන මනුස්සයෙක්ව පේන්නෙ ප්‍රශ්න තියෙන කෙනෙක් වගේ. මේක ඔහුගේ ජීවිතයේ හොඳම කාලය නෙවෙයි කියලයි දකින අයට හිතෙන්නෙ. ඒ නිසා ඔහුට සම්බන්ධතාවයකදී කාන්තාවක් සතුටු කරන්න අපහසුයි.

04. ශරීරය

ගොඩක් කාන්තාවන් කැමති ශරීරය ත්‍රිකෝණයක් අනික් පැත්ත හැරෙව්වා වගේ ඇඟක් තියන පිරිමින්ටයි. පුළුල් උරහිස්, පටු උකුල් සහ තද බඩ කියන ලක්ෂණ තියන ශරීරයක් මගින් කාන්තාවක් හිතන්නෙ ඇය සහ ඇගේ අනාගත දරුවන් ආරක්ෂා කළ හැකි දැඩි, ශක්තිමත් සහ සෞඛ්ය සම්පන්න මිනිසෙකු හමු වූ බවයි.

විවාහයේදී පිරිමින් මහත් වෙනවා කියලා පවසන න්‍යායෙත් ඇත්තක් තියනවා. මොකද කාන්තාවන් තම සැමියන්ව වඩා හොඳින් පෝෂණය කර ඔවුන් තරබාරු කිරීමට සහ අනෙක් කාන්තාවන්ගේ ආකර්ෂණය අඩු කිරීමට උත්සාහ කරනවා. කොහොම වුණත්, පර්යේෂණ පෙන්නුම් කරන්නේ ප්‍රීතිමත් විවාහයක් පිරිමි සහ ස්ත්‍රීන් සඳහා බර වැඩිවීමට හේතු වන බවයි.

05. සපත්තු

පිරිමින්ගේ ප්‍රතිරූපයේ වැදගත් කොටසක් තමයි සපත්තු කියන්නෙ. ඇඳුම් පැළඳුම් සහ ශරීරය වගේම, සපත්තු මගිනුත් හොඳ පෙනුමක් ලබා දෙනවා. ඉරුණු, අපිරිසිදු, දූවිලි සහිත සපත්තුවලින් පෙනී යන්නේ අයිතිකරු තමාගේ පෙනුම ගැන වැඩි අවධානයක් යොමු නොකරන බවයි. ඒ වගේ පිරිමින් ගැන කාන්තාවන් හිතන්නෙ, එයා කවදාවත් පිළිවෙලට ඉන්නෙ නැති කෙනෙක් කියලයි.

සමහර පිරිමින්ට කවදාවත් මේස් දාන්නෙ නැති පුරුද්දක් තියනවා. කලිසමට යටින් මේස් නොදාපු කකුලක් පේනකොට ඒක අමුතු දෙයක් වගේ පේනවා. සපත්තු තේරීම මගිනුත් සපත්තුවේ හිමිකරු ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන්.

06. මුහුණේ ඉරියව්

කාන්තාවන්ට ආකර්ෂණීය බව පෙනෙන පිරිමි මුහුණු වල ලක්ෂණ ගැන කතා කරන්න නම් ලොකු කාලයක් වැය වෙනවා. හැම කාන්තාවක්ම අලංකාරය වෙනස් ලෙස දකිනවා. ඒත් කිසිම ගැහැණියක් අතපසු නොකරන පොදු දෙය තමයි, මුහුණේ ඉරියව්ව කියන්නෙ.

මේ වගේ අවස්ථා වලදී කාන්තාවන් විවිධ ප්‍රකාශන හඳුනාගැනීමේ විශේෂඥයන් බවට පත්වෙනවා. උදාහරණයක් විදිහට, තද තොල් පෙන්නුම් කරන්නේ ඒ මිනිසා දැඩි බවත්, ඇස් මාරුවෙන් මාරුවට කැරකෙනවා නම්, එයින් අදහස් කරන්නේ ඔහු අවංක නොවන බවයි. ඇස් වටා කුඩා රැලි පෙන්නුම් කරන්නේ මිනිසෙකු විහිළුවක් වන අතර ඔහු ඕනෑම පැත්තක ජීවත් විය හැකි බවයි.

කාන්තාවන් කල්පනාකාරී පිරිමින්ට ආදරය කරන්නේ එයාලා වඩාත් පුරුෂ හා තීරණාත්මක බව පෙනෙන නිසයි. ඒත් ගැඹුරු සම්බන්ධතාවයක් සඳහා පර්යේෂණවලට අනුව, කාන්තාවන් වඩාත් කැමති සිනහව හා හාස්‍යය තියන පිරිමින්ටයි.

07. උපාංග

උපාංග තෝරා ගැනීමෙන් මිනිසෙකුගේ චරිතය ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන්. එයා ගොඩක් උපාංග පළඳින කෙනෙක් නම්, ඒකෙන් අදහස් වෙන්නෙ ඔහු අවධානයට ලක්වීමට සහ අනෙක් පුද්ගලයින් කෙරෙහි හැඟීමක් ඇති කිරීමට ප්‍රිය කරන බවයි.

මිනිසෙකුට අමතර උපාංග නොමැති නම්, මේ මිනිසා කම්මැලි බව එයින් අදහස් වෙන්නෙ නෑ. ඔහු වඩා මධ්‍යස්ථ වන අතර තමා කෙරෙහි වැඩි අවධානයක් ආකර්ෂණය කර ගැනීමට අකමැති බව තමයි එයින් හැඟෙන්නෙ.

08. අත්

ඉතා ඉක්මන් පෙනුමක් තිබුණත් පිරිමියෙකුගේ ශරීරයේ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන තවත් කොටසක් තමයි අත් දෙක කියන්නෙ. දිගු ඇඟිලි සහ ලස්සන නියපොතු හැඩයක් සහිත පිරිසිදු පිරිමි අත්වලට කාන්තාවන් කැමතියි.

සපාකෑ නියපොතු සහ එල්ලෙන නියපොතු පෙන්නුම් කරන්නේ මිනිසෙකු කලබල වන අතර විශ්වාසයක් නොමැති බවයි. ඒ වගේම, මිනිසෙකුට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවේද යන්න දෑතින් හඳුනාගන්න පුලුවන්. කාන්තාවන්ට කරන්න තියෙන්නෙ වෙදැඟිල්ල දිහා බලන එක විතරයි. මුද්දක් තියනවා නම්, මේ මිනිසා ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන නෑ.

09. පස්ස

සමාජ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ බොහෝ කාන්තාවන් පිරිමියෙකු මුණගැසෙන විට ඔහුගේ තට්ටම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.

තද තට්ටම් කියන්නෙ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති මිනිසෙකුගේ ලක්ෂණයක්. එයින් පෙන්නුම් කරන්නෙ ඔහුගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමද නිවැරදි බවයි. තද තට්ටම් මගින් පිරිමින්ට ඉතා හොඳ පෙනුමක් ලැබෙනවා. ඉතින් ලස්සන ගෑණු දිහා බලන්නෙ පිරිමි විතරක් නෙවෙයි. ගෑනු අයත් ඒක කරන්නේ හරිම සියුම් විදිහටයි.

Leave a Reply

Your email address will not be published.