කාන්තාවන් සහ පිරිමීන් අතර ඇති විශේෂ වෙනස්කම් 11 ක්

සමාජයේ මතයක් විදිහට සලකන්නේ පිරිම අය සහ ගැහැණු අය ග්‍රහලෝක දෙකකින් පැමිණ ඇති බවයි. නමුත් එයට කිසිම සාක්ශියක් නැති අතර එය නිකන්ම සමාජ මතයක් පමණි. කාන්තාව පිරිමියාට වඩා සෑම අතින්ම වෙනස් වේ. යුවතිය අද අපි කතා කරන්නේ කාන්තාවගේ සහ පිරිමින්ගේ ඇති වෙනස්කම් ගැනයි.

01. ඇදුම් පළදින්නේ වෙනස් අයුරින්‍.

ඉතාම සුළු පිරිසකට පමනක් මෙම වෙනස ගැන තේරුම් යන්නට ඇති නමුත් කාන්තාවන් ඉහළ සිට පහළට ඇදුම් ඇදීමට පුරුදු වී සිටින අතර පළමුවෙන් කමිසයක් සහ බ්ල්ව්ස් එකක් පසුව කලිසමක් හෝ සායක්. එහෙත් පුරුශයන් එහි අනිත් අතට පළමුව මේස් සහ කලිසම්, ශර්ට් පැළදීමට පුරුදුව සිටිති.

02. කාන්තාවන් අවදානම් ගැනීමට අකැමතියි.

සෑම විටම කාන්තවන් රැකබලා ගතයුත්තන් යන ගොඩට වැටෙන අතර ඔවුන් අන් අය ගැන වැඩියෙන් කනස්සල්ලට පත්වන්නේ ඒ නිසාය. කෙසේ හෝ පිරීමීන් අවදානම් ගැනීමට ඉතාම කැමති අතර ඒවා නැවැත්විය හැක්කේ ඉතා සුළුවෙනි. ඔවුන්ගේ ජාතික වගන්තිය ස්කන්දය දිරයි ආතල් ඉතුරුවෙයි යන්නට සමාන වී ඇත්තේ එබැවිනි.

03. කාන්තාවකගේ ජීවිත කාලය තුල ලිප්ස්ටික් රාත්තල් 4.5 පමන ආහාරයට ගනී.

කාන්තාවන් තමන්ගේ ආහාර පාන සමග ලිප්ස්ටික් අනුභව කරන බව සැවොම දන්නා කරුණකි. මෙය ඉතාම ජනප්‍රිය වූයේ එය විද්‍යාත්නයින් විසින් පර්යේශන වලින්ම සොයාගැනීමෙන් පසුවයි.

04. කාන්තාවන් තම පිරිමියා වෙනුවෙන් ආහාර පිසීමට ඉතාම කැමතියි.

සෑම ගැහැණු ළමයෙකු ලගම ඇති දෙයක් තමයි ඔවුන්ට පෙම්වතෙක් සිටින විට ඔහුව පෝශණය කිරීමට ඇති ආසාව. එය ඔවුන් කැමැත්තෙන්ම සිදුකරන්නේ ගෘහණියක් වීම කොච්චර හොද දෙයක්ද යන්න පෙන්වීමට ඔවුන්ට ඇති කැමැත්ත නිසා බව සොයාගෙන ඇත.

05. සමහර අවස්ථාවන් වලදී කාන්තාවන් අසන අමුතු ප්‍රශ්ණ.

ඔව් සත්‍ය වශයෙන්ම ගැහැණු ළමයින් ඉතාම කුතුහලයෙන් සිටිනා ආතර ඔවුන්ට සමහර වෙලාවට හැම දෙයක් ගැනම දැන සිටිය යුතු වේ. කෙසේ වෙතත් ගැහැණු ළමයෙක්ට ඔබ ගැන සොයන්නට අවශ්‍ය වුවහොත් ඇය එය කෙසේම හෝ මාර්ගයකින් සොයාගන්නා අතර ඇය ඔබ ගැන සැක කිරීමටද පටන් ගනී.

06. උස සපත්තු පැලද සිටින කාන්තාවන් පඩිපෙලෙන් බැසීමට ඉතාම වෙහෙසක් ගනී.

කාන්තාවන් උස සපත්තු පැලද පඩිපෙල් වලින් බසින විට එය ඉතා පුදුම දෙයක් ලෙස බොහොමයක් පිරිමීන් දකින අතර නමුත් සැබවින්ම කාන්තාවන් එය කරනු ලබන්නේ ඉතාම තැතිගැස්මක් සහිතවයි.

07. කාන්තාවක් සමග අතට අත දීම පිරිමියකු සමග කරනවාට වඩා වෙනස්‍ ය.

පිරිමීන් දෙදෙනෙකු අතට අත දෙන විට ඔවුන් එය සැබවින්ම කරන අතර ඔවුන් දෑත් නියම ආකාරයට සොලවයි. එහෙත් කාන්තාවන් සමග අතට අත ලබා දීමේදි අත ඔවුන් දෑත ලබා දුන්නත් ඔවුන් එය සොලවන්නේ නැත. මෙයින් අදහස් වන්නේ කුමක්දැයි කීමට අපහසුය නමුත් සමහර විට කාන්තාවන් යමෙකුට ගරු කරන අකාරය අතට අත දීම නොවිය හැකිය.

08. මත්පැන් සහ කාන්තාවන් දෙකම එක දෙයකි.

කාන්තාවන් පිරිමින්ට වඩා ඉක්මනින් මත් වන අතර මෙය සැවොම දන්නා දෙයකි. නමුත් එයට සැබෑම හේතුව දන්නේ ඉතාම සුළු පිරිසකි. එයට හේතුව තමයි කාන්තා ශරීරය පිරිමි ශරීරයට වඩා ඉක්මනින් මත්පැන් සමග අනුබද්ද වීමයි. පිරිමින්ගේ රුදිරයේ මත්පැන් සමග සටන් කරන එන්සයිමයක් ඇති අතර එය රුදිරයට ඇතුලු වීමට පෙර මත්පැන් විනාශ කරන අතර කාන්තාවන්ට එම එන්සයිම් අඩුවෙන් ඇත.

09. කාන්තාවන් ලෝකය දකින්නේ වර්නවත් විදිහටයි.

කාන්තාවන්ගේ ජාන නිසා පිරිමින්ට වඩා වර්ණ වෙනකර හදුනාගැනීමට හැකි බව විද්‍යාත්මකව තහවුරු වී ඇති අතර ගැහැණු ලමයෙක් දම් පාට සහ වම්බටු වල ඇති දම්පාට පවා වෙනස් පාට දෙකක් ලෙස දකින්නේ මේ නිසාය.

10. කාන්තාවන්ට හොදින් සුවද දැනීම.

ගැහැණු ලමයින්ගේ ජාන නිසා ගද සුවද දැනීම ඉතාම ඉහල මට්ටමක ඇති අතර එම නිසා ඔවුන් මල් වලට ඉතාම ප්‍රිය කරයි. කොතැනක ගියත් මල් පැලයක් ගෙදර අරන් එන්න, මලක් අරන් එන්න උත්සහ කරන්නේ මේ හේතුව නිසයි.

11. ශරීරයෙන් ගොඩක්ම වෙනස් ය.

කාන්තා ශරීරය ඉතාම අද්විතීය වන අතර එය පිරිම ශරීරයට සමාන කල නොහැකිය. එය කාන්තාවගේ ජීවිත කාලය තුල බොහෝ වාරයක් වෙනස් වේ. ගැහැණු වැඩිවියට පත්වීම පිරිමියෙකුට වඩා වසර ගණනකට පෙර ආරම්භ වේ. ගැහැණු ලමයෙකු වැඩිහිටියකු බවට පත් වූ විට ඇයගේ ඉණ වටකුරු බවට පත්වන්නේ දරු ප්‍රසූතියකට ප්‍රමාණවත් ඉඩක් ලබා දීමටයි. තවත් කතා කරනවානම් ගොඩක් දේවල් ඇති නමුත් යුවතිය අපි මෙම ලිපියෙන් සමුගනිමි ඔබට සුභම සුබ දවසක්.

Leave a Reply

Your email address will not be published.