කාන්තා ජීවිතය පහසු කරවන අත්‍යාවශ්‍ය මේකප් ක්‍රම 12 ක්

මේ මේකප් දැමීම කියල කියන්නේ බොහෝ කාලය ගත වෙන වගේම බොහෝ වෙහෙසකාරී දෙයක්. මේ ගැන ඉතින් ගැහැණු ළමයි නම් හොදටම දන්නවා. නමුත් මේක්ප් දැමීම ඉක්මන් කර ගත හැකි ක්‍රම බොහෝමයක් තිබෙනවා. ගැටළුව තමා මේ පිළිබද බොහෝ දෙනා වැඩිය දන්නේ නෑ. අද අපි ඔබ වෙත අරගෙන ආවේ ඔබ මේකප් කිරීමේදී දැනගෙන සිටිය යුතු වැදගත් දේවල් කිහිපයක් පිළිබදව. ගැහැනු ළමයින්ටනම් මේක බොහෝ වැදගත් ලිපියක් වෙනවා නොඅනුමානයි. කියවලම බලන්නකෝ.

12. පැන්සල් අයි ලයිනර් එකට පසු දියර අයිලයිනර් භාවිතා කරන්න.

බොහෝ දෙනාට පවතින ගැටලුවක් තමා දියර අයිලීනර් සමඟ සරල රේඛාවක් ඇඳීම. ඔබට මේ සදහා කරන්න තියෙන්නේ හරිම සුලු දෙයක් ඒ තමා ඔබේ පැන්සල් අයිලයිනර් එකෙන් පළමුවෙන් දළ සටහනක් ඇද ගැනීම. මෙය ඔබට කාර්‍යය වඩා පහසු කරාවි.

11. ඇස් පිල්ලම් වලට වැඩි පරිමාවක් ලබා දෙන්න කුඩු භාවිතා කරන්න.

ඕනෑම මස්කාරා එකක පරිමාව වැඩි කර පෙන්වීමට මීට හැකියාවක් ඇත. ඔබ කල යුත්තේ බ්‍රෂ් එකක් යොදා ගෙන ඔබේ ඇස් පිළ්ළම් මතට පවුඩ‍ර් දැමීමයි. පසුව මස්කාරා ආලේප කිරීම සිදු කරන්න. ඔබේ ඇහිබැමි වඩාත් පරිපුර්ණ ලෙස මින් පෙනේවි.

10. ඔබට අයි ලයිනර් නොමැති නම් මස්කාරා භාවිතා කරන්න.

මස්කාරා අයිලීනර් ලෙස භාවිතා කිරීමට හැකි බව ඔබ දැනන් සිටියාද ? ඔබට මේ සදහා අවශ්‍ය වන්නේ තුනී වේශ නිරූපණ බුරුසුවක් පමණ‍‍යි.

09. බළලුන්ගේ දෑස් හරි ආකා‍රයෙන් ඇද ගන්නා ආකාරය.
08. දත් මැදගත් පසු තොල්ද මදින්න.

මළ සම ඉවත් කර ඔබේ තොල් වඩාත් සුමට කර ගැනීම සදහා වියළි දත් බුරුසුවකින් ඔබේ තොල් මෘදු ලෙස අතුල්ලන්න. ඔබේ තොල් වලට රුධිර ප්‍රවාහය වැඩි වී ඉදිමීමට මෙය හේතු වෙනවා. මෘදු, පූර්ණ හා වඩා සංවේදී තොල් ලබා ගැනීමට ඔබට මෙය උපකාරී වේවි.

07. උණු වතුරෙන් ඔබේ මස්කාරා පුනර්ජීවනය කරන්න.

ඔබේ මස්කාරා එකට උණු වතුර බින්දු කිහිපයක් එක් කරන්න. පසුව එය වසා සොලවන්න.

06. ඔබේ ලිප්ස්ටික් rouge ලෙස භාවිතා කරන්න.

rouge සදහා අපූරූ ආදේශකයක් තමා මේ ලිප්ස්ටික් කියල කියන්නේ. ඔබ මින් ස්වල්පයක් ඔබේ කම්මුල් වල ඇපල් වලට යොදන්න. පසුව ඔබේ ඇගිළි තුඩු වලින් මෙය පතුරවන්න.

05. දත් කුඩු වලින් ඔබේ දත් සුදු කරන්න.

ඔබේ දත් සඳහා දත් කුඩු භාවිතා කිරීම සතියකට කිහිපවතාවක් සිදු කරන්න. මෙහි කැල්සියම් කාබනේට් අන්තර්ගත වෙන නිසා මෙය බොහෝ ඵලදායි. ඔබට හැකී මෙය බොහෝම අඩු මුදලකට ලබා ගැනීමටත්. දත් කුඩු වැරදි ලෙස භාවිතා කළහොත් ඔබේ දත් වල එනමලයට හානි විය හැකි බැවින් එය භාවිතා කිරීමට පෙර ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නත් අමතක කරන්න එපා.

04. facial spongeස් භාවිතා කර ඔබේ මූහුණ ස්ක්‍රබ් කරන්න.

විශේෂ රූපලාවණ්‍ය ස්පොන්ජ් භාවිතා කිරීමට ඔබ අමතක කරන්න එපා ඕනෑම ආකාරයක වේශ නිරූපකයකින් පසුව ඔබේ මුහුණ පිරිසිදු කිරීමේදී. පහසුවෙන් සම පැහැපත් කර සිදුරු පිරිසිදු කිරීමට කොන්ජැක් ස්පොන්ජ් හෝ ඇල්ගී ස්පොන්ජ් භාවිතා කරන්න. එය හොදම තේරීමයි.

03. ඔබේ මස්කාරා සිරස් අතට යෙදීමට උත්සාහ කරන්න.

බොහෝ දෙනා නොසලකා හරින දෙයක් තමා මේ ඉහළ සහ පහළ අක්ෂි දෙකට මස්කාරා යෙදීම. අද සිට ඔබට මෙය සිදු කිරීමට ඉතා පහසු වේවි. ඔබ කල යුත්තේ බුරුසුව සිරස් අතට තබා ගැනීමයි. මෙය ඉතා සරල විය හැකි නමුත් ඔබට බොහෝ වැදගත් වේවි.

02. ඇහිබැමි කැපීම ක්‍රියා නොකරයි

‌බොහෝ දෙනා විශ්වාස කරනවා ඔබේ ඇහිබැම කැපීම ඔබේ ඇහිබැම තුයුණු කරනවා කියා නමුත් ඇත්තෙන්ම මෙය සත්‍යක් නොවේ. මෙහිදී ඔබ කපන ලද ඇහිබැම වැවීමටත් මාස 1-2 දක්වා කාලයක් ගත වේ. මේ නිසා මෙය සිදු කරනවා නම් පරිස්සම් වන්න.

01. ස්වභාවිකවම ඇහි බැම වර්ධනය කර ගැනීම සදහා.

ඇහි බැම වැඩීමට ඔබට උපකාරී වන ද්‍රවයයක් තමා පොල්තෙල් කියල කියන්නේ. විටමින් ඊ සහ යකඩ මෙහි අන්තර්ගත වෙන නිසා මෙයින් ඇහිබැම අඳුරු වෙනවා. පොල්තෙල් එඩරු තෙල් සමග මිශ්‍ර කර භාවිතා කිරීමෙන් වඩා හොද ප්‍රතිඵල ලබා ගත හැකිය. ඔබ කල යුත්තේ මෙය ඔබේ ඇහිබැමේ ආලේප කර විනාඩි 20ක් 30ක් පමණ කාලයක් තැබීමයි. ඊට පෙර ඔබේ ඇහිබැම සම්බාහනය කිරීමට අමතක කරන්න එපා. අවසානයේ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය සති 2ක්ට 3කට වතාවක් දිනපතා සිදු කරන්න.

Leave a Reply

Your email address will not be published.