ඔබව පුදුමයට පත් කරන රූපලාවණ්‍ය ක්‍රම කිහිපයක්

‌කාන්තාවන් සැම විටම හීන මවන්නේ සුන්දර රූපයක් හිමිකර ගන්න. ඇත්තෙන්ම ඔවුන් මේ සදහා නොකරන දෙයක් නෑ කිව්වොත් එය පුදුම වෙන්න දෙයක් නෙමේ. ඔවුන් ඒ තරම්ම ඔවුන්ගේ පෙනුම පිළිබදව සැලකිලිමත් වෙනවා. මේ නිසාම අපි හිතුවා අද ඔබට අරගෙන එන්න ඕන කියල සුන්දර වීමේ රහස් කිහිපයක්. ඔබ සිහින මවපු දෝෂ රහිත ලස්සන රූපය හිමි කර ගන්න මෙය ඔබට බොහෝ රුකුලක් වේවි කියා අප සිතනවා.

Manicure

‌කාන්තාවන් නියපොතු පින්තාරු කරන්න බොහෝ කැමතී. ඒත් මේවා වියළීමට බොහෝ කාලයක් ගත වීම නිසා ඔවුන් බොහෝ දෙනා අපහසුතාවයට පත් වෙනවා. මෙන්න ඔබට මේ සදහා අපි කදිම විසදුමක් ගෙනාවා. ඔබට කරන්න තියෙන්නේ හරිම සුලු දෙයක් ඒ තමා නියපොතු අයිස් වතුර භාජනයක විනාඩියක් පමණ ගිල්වා ගෙන සිටීම.

ඔබ නියඅලේපන ඔබේ නියපොතු වලට ගැල්වීමට පෙර ඔලිව් ඔයිල් ඔබේ නියපොතු මත ආලේප කිරීම සිදු කරන්න. මේ නිසා ඔබට හැකි වේවි ඔබ නිය ආලේපන භාවිතා කලාට පසුව ඔබේ නිය වටා ගැල්විලා ඇති අතිරික්ත නිය ආලේපන පහසුවෙන් ඉවත් කිරීමට. ඒ විතරක් නෙමේ මේක හොද මොයිස්රයිස‍ර් එකක් ලෙසත් ඔබට භාවිතා කරන්න හැකියාව තිබෙනවා.

ඔබට ඔබේ නිය ආලේපන ගැල්වූ නිය වලට අළුත් පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය වුවත් ඒ සදහා වේලාවක් නොමැතිවද ඉන්නේ. මෙන්න එහෙනම් ඔබට අපෙන් කදිම අදහසක් ඔබ කල යුත්තේ ඔබේ පරණ නිය ආලේපන උඩින්ම නේල් පොල්ෂ් යොදා දිලිසෙන පෙනුමක් ලබා ගැනීම සදහා එය වියළීමට පෙර එයට ග්ලිට‍ර් යේදීමයි. මින් ඔබේ නියපොතු වලට දිලිසෙන පෙනුමක් ලබා ගැනීමට ඔබට හැකි වේවි.

ඔබ ඔබේ නියපොතු වලට ස්ටිකර් භාවිතා කරනවා නම් එම ස්ටිකර් වල දාර ඔබේ නියපොතු වල දාර දිගේ විහිදෙන ලෙස එය යොදන්න අමතක කරන්න එපා.

ඔබේ නියපොතු වලින් දිලිසෙන නිය ආලේපන ඉවත් කිරීමට ඔබට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ හරිම සුළු දෙයක් ඒ තමා කොට්න් පුලුන් ගෙන එය නිය ආලේපන ඉවත් කරනයක ( remover ) ගල්වා තබන්න පසුව එය ගෙන නියපොතු වල ගල්වා ෆොයිල් පෙපර් වලින් ආවරණය කරන්න. විනාඩි කිහිපයක් සිටින්න. ඔබේ නිය ආලේපන ඉකමනින්ම ඔබේ නියපොතු වලින් ඉවත් වේවි.

හිසකෙස්

ඔබ ෂැම්පු කලාට පසුව ඔබේ කොණ්ඩයේ දිගට සමානවම ක්න්ඩිෂනර් ආලේප කිරීම සිදු කරන්න. පසුව එය පීරන්නේ නැතුව ස්වභාවිකවම වියළීමට ඉඩ දෙන්න. මේ තුළින් ඔබේ කොණ්ඩය ගැට ගැසීම සිදු නොවේවි.

ඔබේ හිස ඉදිරියට නැඹුරු කර මුල් වලින් ආරම්භ කර ඔබේ හිසකෙස් වියළීම සිදු කරන්න එවිට ඔබේ කොණ්ඩයට වඩා පිරිපුන් බවක් ලැබේවි.

ඔබ කොණ්ඩය ගොතන විට සරලම ක්‍රම භාවිතා කර ඔබේ හිස්කෙස් වලට සරල ලස්සන පිළිවෙළ පෙනුමක් ලබා ගන්න.

ඔබේ කොණ්ඩය නිතරම ගැට ගැසෙනවා නම් ඔබ කල යුත්තේ ඔබේ කොණ්ඩය අගින් පීරීමට පටන් ගැනීමයි. මෙසේ ක්‍රමයෙන් මුල් දක්වා ගමන් කරන්න මේ තුළින් ඔබේ හිසකෙස් වලට වන හානිය අවම කර ගැනීමට ඔබට හැකියාවක් ලැබේවි.

මෘදු තුවායක් හෝ පැරණි ටී ෂර්ට් එකක් රැගෙන ඔබේ කොණ්ඩය වියළීම සිදු කරන්න. ඒ වගේම ඔබ මතක තබා ගන්න ඔබ තුවායෙන් ඔබේ හිසකෙස් වියළන විට තදින් ඇතිල්ලීම සිදු කරන්න එපා. එවිට ඔබ හිස්කෙස් වලට හානි සිදු වීමට හැකියාවක් ඇත.

ඔබේ හිස්කෙස් සහ හිස්කබලේ ඇති අතිරික්ත තෙල් වලට හොදම විසදුමක් තමා වියළි ෂැම්පූ හෝ බේබි පවුඩ‍ර් කියල කියන්නේ. ඔබ කල යුත්තේ මේවා මෘදු ලෙස මුල්වලට යේදීමයි. මේ තුළින් ඔබට ඔබේ හිසකෙස් දවස පුරාම පිරිසිදුව තබා ගැනීමට හැකි වේවි.

Makeup

අයි ලයිනර් හෝ අයි පෙන්සිල් භාවිතා කරන විදිහ දන් නැද්ද. දුක් වෙන්න එපා මෙන්න ඔබට අපි ඊට විසදුමක් රැගෙන ආවා. ඔබේ ඇසිපිය දිගේ කුඩා පහරවල් 3-4 ක් සාදා ඒවා එකට මිශ්‍ර කර පසුව ඔබේ දෑස් වල කුඩා තිත් කිහිපයක් යොදා ඒවා එකට සම්බන්ධ කරන්න.

මෘදු අක්ෂි පැන්සල් හෝ තොල් පැන්සල් දියවීම අඩු කර ගැනීම සදහා මුවහත් කිරීමට පෙර, ඒවා විනාඩි කිහිපයක් ශීතකරණයේ තබන්න.

අඳුරු අයි ෂැඩෝ සැහැල්ලු ඒවා සමඟ මිශ්‍ර කර භාවිතා කිරීම සිදු කරන්න. උදාහරණ‍යක් ලෙස උදාසීන වර්ණ , දුඹුරු, තද කොළ සහ තද නිල් වර්ණ වැනි දෑ සමග මිශ්‍ර කල හැකිය. මෙය ඔබේ පෙනුම වැඩි කර පෙන්වාවි.

ඔබ කම්මුල් වල ඇපල් වලට බ්ලෂ් ආලෙප කර හිසකෙස් දෙසට මිශ්‍ර කර පසුව දාර මෘදු කිරීම සඳහා පහළට මිශ්‍ර කිරීම සිදු කරන්න.

කපු පුළුන් මත පොල්තෙල් ටිකක් ආලේප කර ඔබේ ඇසිපිය මෘදු ලෙස පිස දමන්න. පොල්තෙල් විශිෂ්ට අක්ෂි වේශ නිරූපණයක් කියා සමහර විට ඔබ නොදැන ඉන්න ඇති. නමුත් ඔබ මෙහිදී මතක තබා ගත යුතුයි. ඔබේ ඇස් යට සියුම් සම ඇතුල්ලීම සිදු කරන්න එපා.

පාරභාසක කුඩු සවල්පයක් ඔබේ තොල් වලට යෙදීම සිදු කරන්න ලිප්ස්ටික් ඔබේ තොල් වලින් ලිස්සා ‍යාම වැලැක්වීම සදහා. ඔබ මෙය කල යුත්තේ තොල් ආලේපන ඔබේ තොල් මතට යෙදීමට පෙරයි.

මස්කාරා යොදන විට, ඔබේ අක්ෂි හෝ කම්මුල් රඳවා තබා ගැනීම අවශ්‍ය වෙනවා මේ සදහා ඔබට ව්‍යාපාරික කාඩ්පතක්, ක්‍රෙඩිට් කාඩ් හෝ කුඩා කඩදාසි කැබැල්ලක් වැනි දෙයක් ඔබේ ඇස් පිහාටු වලට ඉහළින් තබාගත හැකී.

සම සහ ශරීරය සදහා සත්කාර

සෑම විටම තාප ජල ඉසින හෝ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් තබා ගැනීම ඔබ සිදු කරන්න. විශේෂයෙන්ම ගිම්හාන කාලය තුළදී.

අක්ෂි යට ප්‍රදේශයේ මුල් රැළි ඇතිවීම වැලැක්වීම සදහා පෝෂ්‍යදායී අක්ෂි ක්‍රීම් හෝ අක්ෂි ජෙල් භාවිතා කිරීමට වග බලා ගන්න.

ඉදිමීම ඉවත් කර ඔබේ සමට නැවුම් හා දීප්තිමත් පෙනුමක් ලබා ගැනීම සදහා ඔබේ දෑස් සීතල වතුරෙන් සෝදා, ඇස් යට ප්‍රදේශය අයිස් කැට වලින් පිස දමන්න.

ඉදිමීම සහ දැවිල්ල අවම කිරීමටද ඔබට අයිස් භාවිතා කරන්න හැකියාව තිබෙනවා. vasoconstrictor nasal spray භාවිතයෙන් හොදම ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

ඔබට වඩාත් මෘදු පාද ලබා ගැනීම සදහා පරණ ෆේස් ක්‍රීම් ඔබේ පාදයේ ආලේප කර පරණ මේස් එකකින් ආවරණය කර රැයක් තබන්න. උදෑසන ඔබේ පාද බොහෝ මෘදු වී තිබේවි.

බුරුසුවක් ගෙන ස්නානය කිරීමට පෙර ඔබේ සම සම්බාහනය කිරීම සිදු කරන්න. මෙය ඔබේ සංසරණය වැඩි කරන අතර ඔබේ සම ඇදහිය නොහැකි තරම් සිනිඳු කරයි. ඔබත් උත්සහා කර බලන්න.

මෘදු රෝස පැහැති තොල් සඳහා අමු මී පැණි මේස හැන්දක්, සීනි තේ හැන්දක් සහ පොල්තෙල් මේස හැන්දක් මිශ්‍ර කර එයින් ඔබේ තොල් ස්ක්‍රබ් කරන්න. මෙය දිනපතාම සිදු කර වෙනස හදුනාගන්න.

ඇහිබැමි වේගයෙන් වර්ධනය කර ගන්නා ආකාරය.

විටමින් ඊ , පොල් තෙල්, castor oil භාජනයකට දමන්න. ඔබ නින්දට යාමට පෙර ඔබේ ඇහිබැමේ මෙය ආලේප කරන්න. ඔබේ ඇහිබැම සුන්දරව වර්ධනය වේවි.

One Comment on “ඔබව පුදුමයට පත් කරන රූපලාවණ්‍ය ක්‍රම කිහිපයක්”

  1. Thank u for your sweet description
    It’s very useful to me & very simple .
    I think it may be much useful to me😌❤️

Leave a Reply

Your email address will not be published.