කාන්තා සහ පිරිමි සුවද විලවුන් නිවැරදිව ගල්වන ආකාරය

සමහර අය සුවඳ විලවුන් ගොඩාක් ආලේප කරලා ඒවගෙ සුවඳ දවසෙම ඇති කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි, ගොඩක් වෙලාවට ඒ සුවඳ විලවුන්වල සුවඳ වේගයෙන් අතුරුදහන් වෙලා යනවා. තවත් සමහරු විලවුන් බිංදු කිහිපයක් පමණක් යොදලත් කැපී පෙනෙන, ප්‍රසන්න සුවඳක් එක්ක දවසම ගත කරනවා. මේ අවස්ථා දෙකේදීම, වැදගත් වෙන්නෙ පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගය විතරක් නෙවෙයි. ඔයා විලවුන් යොදන ආකාරයත් ගොඩක් වැදගත් වෙනවා.

සුවඳ විලවුන් ගැල්වීමට හොඳම ක්‍රමය සහ කාන්තා පිරිමි දෙපිරිසම සුවඳ විලවුන් තෝරගැනීමේදී සැලකිලිමත් වෙන්න ඔඉන කරුණු මොනවද කියලයි, අද අපි කතා කරන්න හිතුවේ.

සමහර සුවඳ දිගු කල් පවතින නමුත් තවත් සමහර ඒවා ඉක්මනින් වාෂ්ප වන්නේ ඇයි?

ගොඩක් වෙලාවට මේකට හේතුවෙන්නෙ, සුවඳ විලවුන් ද්‍රව වර්ගය සහ සුවඳ විලවුන් සංයුතිය, ජලය සහ මධ්‍යසාරවල අනුපාතය නිසයි.

Parfum (Extrait, PARF) මේ පර්ෆියුම් වර්ග ගොඩක් මිලෙන් අධිකයි. ඒකට හේතුවෙන්න ඒවායේ 40% ක් දක්වා සුවඳ ද්‍රව්‍ය අඩංගු වීමයි. ගොඩක් වෙලාවට මේ සුවඳ විලවුන් දමන්නෙ කුඩා බෝතල්වලටයි. ඒවා ස්ප්‍රේ කරන්න බෑ. ඔයාට කරන්න තියෙන්නෙ බෝතලයෙන් බිංදු දෙක තුනක් ඔයාගෙ සමේ ගා ගැනීමයි. ඒවායේ සුවඳ දිගු කාලයක් පවතිනවා.

Eau de parfum, හෝ EDP ද්‍රව්‍ය සහිත සුවඳ විලවුන්වල සුවඳ ද්‍රව්‍ය 15% – 20% ක් දක්වා අඩංගු වෙනවා. Eau de parfum වලත් තීව්‍ර සුවඳක් සහ හොඳ කල්පැවැත්මක් තිබෙනවා.. ගොඩක් වෙලාවට මේවා අඩංගු වෙන්නෙ ස්ප්‍රේ කරන්න පුලුවන් බෝතල්වලයි.

Eau de toilette, හෝ EDT, කියන විලවුන් වල සුවඳ ද්‍රව්‍ය 10% කට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. දැරිය හැකි මිලකින් වෙළඳපොළට එන මේ විලවුන්වල හොඳ සුවඳකුත් තියනවා. මේ වර්ගයේ විලවුන්වල සුවඳ පැය 4 ක් වගේ කාලයක් සම මත රැඳිලා තිබෙනවා.

Eau de Cologne, හෝ EDC නම් විලවුන්වල සුවඳ ද්‍රව්‍ය 3% සිට 8% දක්වා අඩංගු වෙනවා. ඒවායේ සුවඳ eau de toilette හි සුවඳට වඩා දුර්වල වෙන්නේ ඒ නිසයි. ඒ වගේම, eau de Cologne වල කල්පැවැත්ම අඩුයි.

Splash හි සුවඳ ද්‍රව්‍ය 1% සිට 3% දක්වා අඩංගු වෙනවා. එහි සුවඳ කල් පවතින්නෙ නෑ. එය සමට යෙදූ පසු පැය 1ක් ඇතුළත සුවඳ නැතිවෙලා යනවා. මේ වගේ විලවුන් ශේව් කිරීමෙන් පසු භාවිතා කරනවා.

වැදගත්: සුවඳ විලවුන් දියර තෝරාගැනීමේදී තනි පුද්ගල ලක්ෂණ සැලකිල්ලට ගැනීම අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට, ඉරුවාරදය තියන පුද්ගලයින්ට දැඩි සුවඳ විලවුන්වල සුවඳ දරාගන්න අමාරුයි. ඒ නිසා එයාලා සුවඳ ද්‍රව්‍ය අඩුවෙන් අඩංගු නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

පිරිමින්ට සුවඳ විලවුන් ගැල්වීමට වඩා හොඳ ශරීර කොටස් මොනවාද?

රුධිර වාහිනී සමට ආසන්නව ඇති සහ ස්පන්දනය පහසුවෙන් දැනිය හැකි ශරීරයේ ප්‍රදේශවලට සුවඳ විලවුන් යොදන්න. සුවඳ විලවුන් එහි සුවඳ වඩා හොඳින් හෙළි කරන අතර ස්වාභාවික ශරීර ගන්ධය සමඟ මිශ්‍ර වන ස්ථාන මේවායි. පිරිමින් සඳහා, බෙල්ලේ, කන් පිටුපස ප්‍රදේශයේ, උරහිස් මත, යටි හකු මත, පපුව මත, නළලෙහි සහ අත්වල අභ්‍යන්තර පැත්තේ, සහ මැණික් කටුව මත සුවඳ විලවුන් ගැල්වීම වඩාත් සුදුසුයි. මේ තැන් ඔක්කොටම එකවර සුවඳ විලවුන් යොදන්න එපා. ඔයාට වඩාත් ගැලපෙන තැනක් තෝරා ගන්න. උදාහරණයක් විදිහට, බෙල්ලට සහ මැණික් කටුවලට විලවුන් ‍යොදන්න. සමෙන් අඟල් 4-6ක් දුරින් සුවඳ විලවුන් ඉසීමට පටන් ගන්න.

දෙපාරක් හෝ තුන්පාරක් ස්ප්‍රේ කිරීම ප්‍රමාණවත්. වැඩිපුර ආලේප කරනවාට වඩා අඩුවෙන් සුවඳ විලවුන් යෙදීම වඩා හොඳයි. සුවඳක් දැනෙන්නේ නෑ කියලා ඔයාට හිතුණත්, ගොඩක් වෙලාවට ඔයාට දුරින් ඉන්න අයට ඔයාගෙ විලවුන් සුවඳ හොඳින් දැනෙනවා.

සුවඳ නිවැරදිව යොදන්න. වාතයට විලවුන් ස්ප්‍රේ කරලා එතනින් ඇවිදගෙන යන එක හෝ මැණික් කටුවලට සුවඳ ආලේප කරලා ඒවා එකිනෙක අතුල්ලන එකෙන් ඔයාට විලවුන්වල සුවඳ හරියටම ලබාගන්න බෑ. සමහර විට මේ ක්‍රම මගින් විලවුන්වල සුවඳ නරක විදිහට වෙනස් කරන්නත් පුලුවන්.

දිවා කාලයේදී ඔයාගෙ සුවඳ විලවුන් නැවුම් කරන්න. ශක්තිමත් සුවඳ පවා කාලයත් එක්ක වාෂ්ප වෙලා යනවා. ඒ නිසා, ඔයා කොහෙහරි යනකොට නැවත පිරවිය හැකි කුඩා සුවඳ විලවුන් බෝතලයකට නිෂ්පාදනයේ කුඩා ප්‍රමාණයක් වත් කරගෙන අරගෙන යන්න.

ඇඳුම් වලට සුවඳ විලවුන් යොදන්න එපා. රෙදි නරක් කළ හැකි තෙල් සහ මධ්‍යසාර විලවුන්වල අඩංගු වෙන්න පුලුවන්. හුමාලය සහ තාපය සමේ සිදුරු විවෘත කළ වහාම ස්නානය කිරීමෙන් පසු පිරිසිදු වියළි සමට එය යෙදීම වඩාත් සුදුසුයි. එය වඩාත් හොඳින් සම මත සුවඳ “ස්ථාවර” වීමට උදවු කරනවා.

සුවඳ වෙනස් කිරීමට උත්සාහ කරන්න. විවිධ සුවඳ විලවුන් ලබා ගන්න: එකක් වසන්තය සහ ගිම්හානය සඳහා. තව එකක් ශීත කාලය සඳහා. වැඩ සහ නිල සිදුවීම් සඳහා තවත් වර්ගයක්. එළියට යනකොට ගහගෙන යන්න තවත් එකක් විදිහට විවිධ විලවුන් වර්ග කිහිපයක් තෝරගන්න.

කාන්තාවන්ට සුවඳ විලවුන් ගැල්වීමට වඩා හොඳ ශරීර කොටස් මොනවාද?

රුධිර වාහිනී සමට ආසන්නව ඇති සහ ස්පන්දනය පහසුවෙන් දැනිය හැකි ප්‍රදේශවලට සුවඳ විලවුන් ගැල්වීම වඩා හොඳයි. මේ ප්‍රදේශවලට විලවුන් යොදනකොට, සුවඳ විලවුන්වල සුවඳ වඩා හොඳින් රඳවගන්න අතර ස්වභාවික ශරීර ගන්ධය සමඟ මිශ්‍ර වෙනවා. කාන්තාවන්ට කන් පිටුපස, යටි හකු යට බෙල්ල මත, මැණික් කටුව මත, වැලමිටේ ඇතුළු පැත්තේ, හිසකෙස් මත, සහ බඩ සහ පපුව ප්‍රදේශ මත සුවඳ විලවුන් ආලේප කළ හැකියි. තත්ත්වය අනුව විවිධ කලාප කිහිපයක් තෝරා ගැනීම වඩා හොඳයි. උදාහරණයක් විදිහට, එය ගිම්හාන කාලයේ එළියට යනකොට ඔයා තරමක් විවෘත ඇඳුමක් ඇඳගෙන යනවා නම්, එතකොට ඔයාගෙ බෙල්ල, මැණික් කටුව, පපුව වෙත සුවඳ විලවුන් යොදන්න පුලුවන්.

ඇස් අසල, කිහිලිවල, හෝ පෞද්ගලික අවයව අසල සුවඳ විලවුන් ආලේප කිරීමෙන් වලකින්න.

සුවඳ විලවුන් දියර ආලේප කිරීමට පෙර ඔයාගෙ සමට රස නොකළ ලෝෂන් හෝ පෙට්‍රෝලියම් ජෙල් ටිකක් ආලේප කලොත්, සුවඳ දිගු කාලයක් තියාගන්න පුලුවන්.

ඔයාගෙ සමට හෝ හිසකෙස්වලට කෙළින්ම සුවඳ විලවුන් යොදන්න. විලවුන් වාතයට ස්ප්‍රේ කරලා ඒක යටට වෙලා ඉන්න එපා. විලවුන් ඇඳුම්වලට ස්ප්‍රේ කරන්න එපා. ඒ වගේම සම මත ගාලා අතුල්ලන්නත් එපා.

ආර්ද්‍රතාවය, අධික උෂ්ණත්වය සහ ආලෝකය සුවඳ විලවුන් වල ගුණාත්මක භාවයට අහිතකර ලෙස බලපාන නිසා නාන කාමරයේ සුවඳ විලවුන් ගබඩා කිරීමෙන් වලකින්න. සිසිල්, වියලි හා අඳුරු ස්ථානයක සුවඳ විලවුන් ගබඩා කිරීම වඩාත් සුදුසුයි.

විලවුන්, ක්‍රීම් සහ ෂවර් ජෙල් වගේ සුවඳ විලවුන් හෝ eau de parfum සමඟ එන කට්ටල උත්සාහ කරන්න. ඒවා දිගු වේලාවක් සම මත සුවඳ තබා ගැනීමට ඔයාට උදව් කරාවි.

Leave a Reply

Your email address will not be published.