කැන්කල්ස් ඇති වීමට හේතුව සහ ඒවා නැති කිරීමට ක්‍රම 7 ක්

බත් කෙන්දෙන් වෙන කල හදුනාගත නොහැකි පුළුළ් හෝ ඝන වළලුකරය මෙරියම්-වෙබ්ස්ටර් විසින් කැන්කලය ලෙස හදුන්වා තිබෙනවා. බොහෝ දෙනා සිතන්නේ මෙය කිසිදු ආකර්ෂනයක් නොමැති දෙයක් ලෙසයි. මෙය ඔබ පහසුවෙන් ගැනීම සිදු කරන්න එපා. මෙය විශාල රෝග ලක්‍ෂණයක් වන්නට පුළුවන්. 

මෙම කැන්කල්ස් ඇති වීමට විවිධ හේතු තිබෙනවා. අද අපි ඔබට මේවා සමග කටයුතු කරන ආකාරය පිළිබද අරගෙන ආවා. ඔබට මෙම කැන්කල් තිබෙනවා නම් වෘත්තිකයෙකුගෙන් විමසා මීට උපදෙස් ගැනීම ඔබ කල යුතුයි. 

07. වැඩිපුර කකුල් ව්‍යායාම කරන්න.

හේතුව: තරබාරුකම.

ඔබේ ශරීරයේ මෙම ප්‍රදේශයේ අතිරික්ත මේදය එක්‍ රැස් වීම සිදු වෙනවා.ඔබේ ශරීරයේ බරෙන් අමතර පවුම් කිහිපයක්ම මෙහි පවතිනවා. මෙම කැන්කල්ස් ඇති වීමට හේතුව වෙන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක් වගේම උදාසීන ජීවන රටාවයි. වඩාත් බරපතල හේතූන් නිසා වුවත් මෙම කැන්කල් ඇතිවීමට පුළුවන්. ඔබේ මේ කකුලේ තිබෙන මේදය අවම කර ගැනීම මෙහිදී කල යුතු වැදගත්ම දෙයයි. 

කළ යුතු දේ: නව ව්‍යායාම සැලැස්මක් අනුගමනය කරන්න ඔබේ ව්‍යායාම කිරීම පුරුද්දක් ලෙසම සිදු කරන්න. ඔබේ පාද වලට වඩාත් බලපෑම් කරන ව්‍යායාම සිදු කරන්න. 

06. සෝඩියම් වළක්වා ගැනීමට උත්සාහ කරන්න

හේතුව: ජලය රඳවා තබා ගැනීම.

අපගේ මොළයේ ක්‍රියාකාරිත්වයට සහ තරල සමතුලිතතාවය සහ රුධිර පරිමාව පවත්වා ගැනීම සදහා තමා අපගේ ශරීරයට සෝඩියම් අවශ්‍ය වෙන්නේ. දිනකට මිලිග්‍රෑම් 2,300 කට වඩා මෙම සෝඩියම් ලබා ගැනීම සිදු නොකළ යුතුයි.නමුත් බොහෝ වැඩිහිටියන් සඳහා දිනකට මිලිග්‍රෑම් 1,500 ක් වැනි ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ.ඇමරිකානු හෘද සංගමය විසින්  තමා මෙය නිර්දේශ කරල තිබෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි දිනකට සෝඩියම් මිලිග්‍රෑම් 3,300 ක් පමණ පරිභෝජනය කිරීම සිදු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තමා අපගේ පද්ධතියේ සෝඩියම් වැඩිපුර ඇති නිසා අපගේ සිරුරු ජලයේ රඳවා තබා ගැනීම සිදු කරන්නේ.

කළ යුතු දේ: නිර්දේශිත සෝඩියම් මට්ටම පවත්වා ගැනීම සඳහා හොදම ක්‍රමය ලුණු වලින් වැළකී සිටීම බව බොහෝ දෙනා විශ්වාස කරනවා. නමුත් මෙයම පමණක් නෙමේ ඔබ කල යුතු වෙන්නේ. සැකසූ ආහාර වන චිප්ස්, ටින් කළ ආහාර, සිසිල් බීම ආදියෙන්ද අප වැළකී සිටිය යුතුයි. ඒ වගේම අමතක කරන්න හොද නැති දෙයක් තිබෙනවා, ඒ තමා  සෝඩියම් අඩු කිරීම පොටෑසියම් වලින් පොහොසත් ආහාර වේලක් සමඟ කළ යුතු වීම. 

05. කකුල් වලට ඇති බලපෑම.

හේතුව: ගැබ් ගැනීම.

 ඔබේ දරුවාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබේ ශරීරයට වැඩි තරල රදවා තබා ගැනීමට අවශ්‍යයි. ගර්භණී සමයේදී වළලුකර ඉදීමීම සිදු වෙන්නේ මේ නිසා.සමහර ගර්භණී මව්වරුන්ගේ පාද බොහෝ ලෙස ඉදිමීම සිදු වෙනවා, නමුත් මෙහිදී ඔබ කලබල වන්න එපා.ගර්භණී සමයේ ඇති වන අනෙකුත් අතුරු ආබාධ මෙන්ම මේවාත් ගර්භණී සමය අවසානයේදී නැති වී යනවා.

කළ යුතු දේ: මවක් වෙනවා කියන්නේ ඔබේ ජීවිතයේ සතුටුම අවස්ථාවක් නේ. ඔබ ඉතින් මේ ප්‍රීතිමත් දිනය එන තුරු බලාගෙන සිටින්න.ඒ වගේම ඔබට මේ කාලයේදී ලුණු භාවිතය මදක් අවම කරන්න පුළුවන්. 

04. compression stockings පළඳින්න.

හේතුව: සනාල රෝග.

සනාල රෝග හෝ නිදන්ගත ශිරා ආබාධවලින් පෙළෙන පුද්ගලයින් තුළ මෙම ඉදිමීම වඩාත් පොදු රෝග ලක්ෂණයක් ලෙස හදුන්වන්න පුළුවන්. 

කළ යුතු දේ: ප්‍රථමයෙන් ඔබට මෙම රෝගය සැබවින්ම තිබේදැයි ඔබ සොයා ගත යුතුයි. මේ සදහා ඔබ කළ යුතු පළමු දෙය නම් වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමයි. ඔවුන් ලබා දෙන බෙහෙත් නොවරදවාම ලබා ගන්නා ගමන්, පාදයේ පහළට නොව හදවත දෙසට රුධිරය ඉහළට ගලා යාමට උපකාරී වන පරිදි  compression stockings භාවිතා කිරීම සිදු කරන්න. ඔබේ කකුල් හදවතට ඉහළින් තබා ගැනීමට බොහෝ අවස්ථාවන් වල උත්සහ කරන්න. 

03. ස්වාභාවික diuretic fluids පානය කරන්න.

හේතුව: තරල රඳවා තබා ගැනීම.

නියම තරල ප්‍රමාණයක් ඔබේ ශරීරයේ පවත්වා ගැනීම බොහෝ වැදගත් වෙනවා. මීට හේතුව 70% ක ජලයෙන් සමන්විත ඔබේ ශරීරයේ සියලුම පද්ධති හොඳින් ක්‍රියාත්මක වන බව සහතික කර ගැනීම සදහාය. නමුත් ඔබේ ශරීරයේ සමබරතාවය වෙනස් වෙන්න විවිධ හේතු තිබෙනවා. වකුගඩු හා හෘදයාබාධ, ගැබ් ගැනීම, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම, සමහර බෙහෙත් වල අතුරු ආබාධ වැනි දෑ මෙම සාධක අතර ප්‍රධාන වෙනවා.

කළ යුතු දේ:  ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවීම පළමුවෙන්ම සිදු කරන්න. එසේම මෙම ස්වාභාවික ඩයුරටික් බීම උත්සාහ කළ හැකිය.

02. ඔබේ ශරීරයේ සුන්දරත්වය වැළඳ ගන්න.

හේතුව: ජානමය නැඹුරුව.

ඔබ සමහර විට විශ්වාස කරන්නේත් නැති වෙයි. මෙවැනි දේවල් වුවත් ජානමය බලපෑම් නිසා ඇති විය හැකී. ඔබේ ආච්චි සහ ඔබේ මවට එකම ගැටලුව තිබේ නම්, ඔබටත් එම ගැටලුව තිබීමට පුළුවන්.

කළ යුතු දේ: ඔබේ මෙම තත්ත්වය ජානමය දේ වල බලපෑම් නිසා සිදුවෙන බව ඔබ ප්‍රථමයෙන්ම සහතික කර ගත යුතුයි.  ක්‍රියාශීලී ජීවන රටාවක්, සෞඛ්‍ය සම්පන්න ආහාර සැලැස්මක් සහ ධනාත්මක මානසිකත්වය ඔබේ ශරීරයේ සැබෑ සුන්දරත්වය වැලඳ ගැනීමට ඔබට සහාය වේවි. ඔබට ජානමය ලෙස උරුම වූ කැනිකල් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවන්න. 

01. ඔබේ ඖෂධ කෙරෙහි අවධානය යොමු කරන්න.

හේතුව: වකුගඩු රෝග, හෘදයාබාධ, රුධිර කැටියක් හෝ වසා පද්ධතියේ අවහිරතා ආදිය

මෙම ඖෂද ගැටලු නිසා අවම වශයෙන් එක් අයෙකුටවත් මෙම කැනකල්ස් තත්ත්වය පවතිනවා. විශේෂයෙන් වකුගඩු හා හෘද රෝග සඳහා ගන්නා පෙති මීට බලපානවා.ඔබට මෙම තත්ත්වයක් හදිස්සියේම ඇති වුවහොත් මිට හේතුව ඖෂද ගැටලුවක් වෙන්න පුළුවන්. 

කළ යුතු දේ: ඔබට නිවැරදිම ඖෂද ලැබෙනවා නම් මෙම කිසිදු අතුරු ආබාධයක් ඔබට ඇති වෙන්නේ නෑ. මේ නිසා ඔබට මෙවැනි තත්ත්වයක් තිබෙනවා නම් ඔබේ වෛද්‍යවරයා හමුවීම සිදු කරන්න.

බෝනස්

ඔබට බරපතල සෞඛ්‍ය තත්වයන් නොමැති නම් ඔබ මේ පිළිබදව බොහෝ කරදර විය යුතු නෑ. ඔබට ඔබේ අවධානය වෙනතකට යොමු කිරීම සිදු කල හැකී. 

  • ලස්සන මේකප්, ස්වර්ණාභරණ සහ වෙනත් උපාංග මගින් ඔබේ බෙල්ල සහ මුහුණ සුන්දරව තබා ගැනීමට උත්සහ කරන්න. 
  • ඔබ සායවල් අදිනවා නම් දිගු සායවල් වලට යොමු වෙන්න. 
  • ඔබ වළලුකර පටි සහිත පැතලි සපත්තු පැළදීමෙන් වළකින්න. වඩා උස අඩි උස පැළදීමද සිදු කරන්න එපා. 
  • විවිධ ඇදුම් විලාසිතා වලට ඔබේ අවධානය යොමු කරන්න.

Leave a Reply

Your email address will not be published.