කෑම වලට ඇති පෙරේතකම පාලනය කර ඉක්මනින් බර අඩු කර ගැනීමට ක්‍රම 11 ක්

විද්‍යාඥයින් ඔප්පු කරලා තියන විදිහට ඇබ්බැහිවීම් සඳහා වගකිව යුතු ඇතැම් හෝමෝන අපේ ශරීරයේ තියනවා. සමහර අයට තමන් කන දේවල් සහ කන ප්‍රමාණය පාලනය කරගන්න බෑ. මේ විදිහට අධික ලෙස ආහාර ගැනීමත් ඇබ්බැහි වීමක් තමයි. මෙය තරබාරුකමට විතරක් නෙවෙයි, අධික ලෙස ආහාර ගැනීම සහ මානසික අවපීඩනය වගේ ඇතැම් මානසික ආබාධවලටත් හේතු වෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ආහාර ඇබ්බැහියට එරෙහිව සටන් කිරීමට උදව් කිරීමට පෝෂණවේදීන් සහ ආහාර විශේෂඥයින්ගෙන් ලබා දෙන ගොඩක් වැදගත් උපදෙස් කිහිපයක් ගැනයි.

  • සැකසූ ආහාර සහ රසකාරක වෙනුවට පෝෂ්‍යදායී ආහාර ගන්න. ගොඩක් පර්යේෂකයන් කියන්නෙ ඉහළ සීනි, කෘතිම රසකාරක සහ මේද අඩංගු නිෂ්පාදන ශරීරයේ රසායනික ප්‍රතික්‍රියා අවුලුවමින් ඇබ්බැහි වන බවයි. ගොඩක් වෙලාවට සැකසූ ආහාරවල මේ සියල්ලම අඩංගු වෙනවා. සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන තෝරගන්න ඕනෙ ඒ නිසයි. මේ වැඩේ ලේසි කරගන්න නම්, සාප්පු යන්න කලින් ලැයිස්තුවක් හදාගන්න. එතකොට ඔයාට ඒවා විතරක් මිලදී අරගෙන අනවශ්‍ය දේවල් මිලදී නොගෙන ඉන්න පුලුවන්.
  • අහිතකර ආහාර ගැනීම පාලනය කරන්න. ඔයාට සෞඛ්‍යයට අහිතකර ආහාර ඔයාගෙ මෙනු එකෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැරිනම්, ඒවා ආහාරයට ගැනීම පුලුවන් තරම් සීමා කරන්න. උදාහරණයක් විදිහට ඔයාට චිප්ස් කන්නම ඕනෙ නම්, කුඩාම ඇසුරුම සතියකට වරක් මිලදී ගන්න. සෞඛ්‍යයට අහිතකර ආහාර නිතර නිතර ගැනීමෙන් වළකින්න.
  • නිතිපතා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. සමබර ආහාර වේලක් හරහා ඔයාගෙ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුලුවන් නම්, විශේෂිත නිෂ්පාදන සඳහා ඇතිවෙන ආසාව අඩු කරගන්න පුලුවන්. උදෑසන ආහාරය දවසේ වැදගත්ම ආහාර වේල නිසා දවස පටන් ගන්නකොට සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගත්තොත්, ඒක ඔයාට හොඳ පුරුද්දක් බවටම පත් වෙනවා.
  • ඔයාගෙ සමාජ පුරුදු වෙනස් කරගන්න. වෙනත් ඕනෑම දේකට ඇබ්බැහි වුණු පුද්ගලයින් වගේ, ආහාර වලට ඇබ්බැහි වූවන් මේතත්වයෙන් මිදෙන්න ඕන. ඔයාගෙ දින චර්යාව වෙනස් කිරීමෙන් ඔයාගෙ අප්‍රසන්න ආහාර පුරුදු වලින් මිදීමට ලොකු උදව්වක් වෙනවා. ආහාර ගැනීම ඇතුළත් නොවන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී වැඩි කාලයක් ගත කිරීමට උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට, රාත්‍රී ආහාරය සඳහා යාලුවොත් එක්ක එළියට යනවා වෙනුවට, ෆිල්ම් එකක් බලන්න යන්න.
  • ආහාර ගන්නා අතරතුර මේසයක වාඩි වී, ආහාර වෙත අවධානය යොමු කර, සෙමින් හපන්න. අපේ ආහාර රුචිය සහ කැලරි ප්‍රමාණය පාලනය කිරීමට අපේ හෝමෝන උපකාරී වෙනවා. ඔයා ආහාරයට ගෙන ඇති බවට සහ ඔයාගෙ බඩ දැනටමත් පිරී ඇති බවට සංඥා මොළයට යැවීමට මිනිත්තු 20ක් විතර ගත වෙනවා. ඒ නිසා හෙමින් කනකොට වැඩිපුර ආහාර ගැනීම සහ බර වැඩිවීමේ අවස්ථාව ගොඩක් අඩු කරගන්න පුලුවන්.
  • හැඟීම්බරව ආහාර ගැනීමෙන් වළකින්න. ගොඩක් අය හිතන්නෙ දුකක් දැනුණම කෑම කෑවොත් දුක නැතිකරගන්න පුලුවන් කියලයි. ඒකෙන් ඔයාගෙ ආහාර තෘෂ්ණාව වැඩි කරන අතර, ආහාර ගැනීම සහ ගැටළු විසඳීම අතර කිසිම සම්බන්ධයක් නෑ. හැඟීම්බර වුණාම ආහාරයට ගන්න හිතෙන්නෙ ටොෆි, පේස්ට්‍රි, සහ පීසා වගේ සෞඛ්‍යයට අහිතකර ආහාරයි. ඒත් ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රම සොයා ගැනීමෙන් ඔයාට මේක වළක්වගන්න පුලුවන්. භාවනා කිරීම, යෝගා, ව්‍යායාම, යාලුවෙක් එක්ක කතා කිරීම වගේ දේවල් නිතරම සිදුකරනකොට ආතතිය වගේම බර අඩු කර ගන්නත් ඔයාට පුලුවන්.
  • කැෆේන් වලින් වළකින්න. සෞඛ්‍ය සම්පන්නව සිටීම සහ එදිනෙදා ආතතිය සමඟ කටයුතු කිරීම සඳහා හොඳ නින්ද ගොඩක් වැදගත්. කැෆේන් කියන්නෙ උත්තේජකයක් නිසා එමගින් ඔයාගෙ විවේකයට බාධා කරනවා. පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නෙ, නින්ද නොමැතිකම සහ බර වැඩිවීම අතර සම්බන්ධයක් ඇති බවයි. ඒ නිසා ඔයා පරිභෝජනය කරන කැෆේන් ප්‍රමාණය අඩු කිරීම මගින් ඔයාට බර අඩු කර ගැනීමට සැලකිය යුතු ලෙස උදව්වක් ලබාගන්න පුලුවන්.
  • ගෙදරම කෑම උයාගන්න. ගෙදරදි ආහාර ගැනීම සෞඛ්‍ය සම්පන්නයි. ඔයාගෙ කෑමට ලුණු, සීනි හෝ තෙල් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනෙද කියලා හරියටම දන්නෙ ඔයා විතරයි. එතකොට ඔයාට ඔයාගෙ පෝෂණ සහ කැලරි ඉලක්ක වෙත ළඟා වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි වෙනවා.
  • ඔයාට ලැබෙන ප්‍රතිඵල වලින් ඔයාවම දිරිමත් කරවන්න. උදාහරණයක් විදිහට මාසයක් එකදිගට ව්‍යායාම කරලා ලැබුණු ප්‍රතිඵලය සමරන්න මොකක් හරි දෙයක් කරන්න. එක්කෝ යාලුවොත් එක්ක ට්‍රිප් එකක් හරි යන්න. ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මේ ආකාරයේ ප්‍රතිලාභ ක්‍රමයක් මගින් ආහාර ඇබ්බැහිවීම්වලින් මිදෙන්න පුලුවන් බවයි.
  • ඔයාගෙ ශරීරය ගැන සැලකිලිමත් වෙන්න. අධ්‍යයන යෝජනා කරන්නේ සම්බාහනය, බර අඩු කරගැනීමට ප්‍රයෝජනවත් වන බවයි. ස්වීඩන් සම්බාහනය රුධිර සංසරණයට සහ මාංශ පේශි සඳහා ගොඩක් හොඳයි. ඒ වගේම බඩ, කකුල් සහ උකුල වගේ ගැටළු තියන ප්‍රදේශවල ස්වයං-සම්බාහනය සඳහා විශේෂ ක්‍රීම් වර්ග භාවිතා කරන්නත් පුලුවන්.
  • වෘත්තීය උපකාර පතන්න. ආහාරවලට ඇබ්බැහි වීමේ ප්‍රතිඵල එක්ක කටයුතු කරන එක අමාරු නම්, ඒ ගැන වෘත්තිමය පළපුරුද්දක් තියන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. ඔයාට ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් තියනවා කියලා ඔයාට හිතෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයකු හමුවෙන්න. මේ ආබාධ සඳහා ප්‍රතිකාර විදිහට, උපකාරක කණ්ඩායම් සහ බෙහෙත් වර්ග පවා ලබාදෙනවා.

Leave a Reply

Your email address will not be published.