කිසිම ප්‍රයෝජනයක් නැති රූපලාවන්‍ය නිෂ්පාදන 9 ක්

අපි සමහර වෙළඳ දැන්වීම්වලට ඉක්මනින්ම රැවටෙනවා. ලස්සන වීමේ අපේක්ෂාවෙන් අපි ගොඩක් වෙලාවට වැඩකට නැති ක්‍රීම්, සෙරම් සහ මාස්ක් වර්ග මිලට ගන්නවා.

අපි ඔයාලට මේ කියන්න යන්නේ වෙළඳ දැන්වීම් නිසා අපි රැවටෙන ඒත් ප්‍රයෝජනයක් නැති එවැනි රූපලාවන්‍ය නිෂ්පාදන ලැයිස්තුවක් ගැනයි.

01. කෙස් අග පැලීම සඳහා වූ ප්‍රතිකාර 

අපිට මොනතරම් අවශ්‍ය වුණත් ඒ සඳහා රූපලාවන්‍ය ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ. මෙයට ප්‍රතිකාරයක් ලෙස සඳහන් වන  සෙරම් සහ බාම්වලින් ඇත්තටම බෙදී ඇති හිසකෙස් ටික වෙලාවක් අලවා දෘශ්‍ය ආචරණයක් ලබා දෙනවා. මේ සඳහා එකම විසඳුම කොණ්ඩය කප්පාදු කිරීම පමණයි.

02. අත් ආලේපන, පා ආලේපන, ශරීරයේ ගලවන දියර (හෑන්ඩ් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ලෝෂන්)

මිනිස් සිරුරේ විවිධ කොටස් වලට විවිධ ක්‍රීම් වර්ග ආලේප කල යුතුයි කියන මතය ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන අලෙවි කරගැනීමේ අරමුණෙන් නිර්මාණය කළ තවත් මිථ්‍යාවක්. ඇත්තෙන්ම මුහුණට විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වුවත්, ගොඩක් වෙලාවට සම්පූර්ණ ඇඟටම එක නිෂ්පාදනයක් පාවිච්චි කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ලෝෂන් සහ මොයිස්චරයිසින් ක්‍රීම් වර්ග සියල්ලම ක්‍රියා කරන්නේ එකම විදියට. ඒ නිසා අත් වලට සහ සිරුරට එකම නිෂ්පාදනය පාවිච්චි කළාට කමක් නැහැ.

03. ඉස්හොරි මර්ධන ෂැම්පු 

ඉස්හොරි කියන දිලීරය පැතිරීම ආරම්භ වෙන්න හේතුව සෙබස් ග්‍රන්ථි දුබලව ක්‍රියා කිරීමයි. මේ ගැටලුවට සාමාන්‍ය ෂැම්පූ එකකින් විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයින් හිස්කබල වියළි තත්වයට පත් වෙනවා. මේ ගැටලුවට වෛද්‍ය උපදෙස් මත ෂැම්පු එකක් මිලට ගත යුතුයි.

04. ෆේෂල් ටෝනර් 

වැරදි සම රැකවරණ නිෂ්පාදන භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි ෆේෂල් ටෝනර් එක අවශ්‍යයි කියල හිතන්න හේතුව. ටෝනර් එකක් පාවිච්චි කරනවාට වඩා සබන් යොදා පිරිසිදු කිරීම වඩා ඵලදායී බව සොයාගෙන තියෙනවා. සබන්වල  ඇල්කොහොල් අන්තර්ගත නොවේ. එයින් සම වියලෙන්නේ නැහැ, ඒ වගේම pH මට්ටම උදාසීනයි.

05. ලිප් බාම් 

බොහොමයක් නිෂ්පාදකයින් කියන්නේ තොල් මොයිස්චරයිස් කරගන්න තියෙන එකම ක්‍රමය ලිප් බාම් අලේප කිරීම කියලා. ඒ කොහොම වුණත් මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ” පරිපූර්ණත්වය යනු යහපතෙහි සතුරා” කියන මූලධර්මයයි. සමහර බාම් වර්ග ඇත්තටම ඔයාට උදව්වක් වේවි, ඒත් ඒවායින් වැඩි ප්‍රමාණයක අන්තර්ගත වෙන්නේ සම වියළීමට හේතුවන ඇල්කොහොල්. මේ සඳහා වියදම අවම මෙන්ම වඩා ප්‍රයෝජනවත් විකල්පයක් වශයෙන් වැස්ලින් එහෙම නැත්නම් ඔලිව් ඔයිල් හෝ පොල්තෙල් බින්දුවක් එකතු කල මී ඉටි යොදාගන්න පුළුවන්.

06. ෂේවින් ක්‍රීම්

වෙළඳපලට ෂවර් ජෙල් එන්න කලින් ෂේවින් ක්‍රීම් ගොඩක් වැදගත් දෙයක් බවට පත්වෙලා තිබුණා. එමඟින් රෝම කූප මෘදු කර  රේසර් තලයට සම මත ලේසියෙන්ම ලිස්සා යන්න අවකාශය සකස් කර දෙනවා. ඒත් ෂේවින් ක්‍රීම්වල ෂවර් ජෙල් වලට වඩා   මොයිස්චරයිසින් සහ ග්ලිසරෝල් වගේ ද්‍රව්‍ය අන්තර්ගත වන නිසා ඔයා තෝරාගන්න ඕනි නිෂ්පාදනය පැහැදිලියි.

07. සෙලියුලයිට් ක්රීම්

එක් නිමේෂයකින් අපිව පරිපූර්ණ තත්වයට පත් කරන මායා යෂ්ටියක් තියෙනවා කියලා සමහර අය විශ්වාස කරනවා. අපි අතර තියෙන මිත්‍යා විශ්වාස වලින් බැහැර කල යුතුම එකක් විදියට සෙලියුලයිට් ක්‍රීම් වල ඵලදායීතාවය හඳුන්වන්න පුළුවන්. මේ මොහොත වන විටත්, තට්ටම් ප්‍රදේශයේ තියෙන සෙලියුලයිට් වලට විරුද්ධ ව සටන් කරන්න පුළුවන් කරුණු දෙකයි තියෙන්නේ. එනම් සෞඛ්‍ය සම්පන්න කෑම වේල සහ ක්‍රියාශීලී දිවි පෙවෙත යි. ඔයාට විවිධ වර්ගයේ සම්බාහන සහ ස්ක්‍රබ් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒවායින් රුධිර සංසරණය උත්තේජනය වෙනවා. ක්‍රීම් වලට හැකියාව තියෙන්නේ සම මදක් සිනිඳු කර කුඩා රූපලාවණ්‍ය බලපෑමක් ලබා දෙන්න විතරයි.

08. සියුටිකල් ඔයිල් 

විශේෂ තෙල් වර්ගයකින් බින්දු කීපයක් පාවිච්චි කිරීම යෝග්‍ය මැනිකියෝ එකකට හොදම ක්‍රමය කියා සිතෙන්න පුළුවන්.  එහෙම සිතුවත්, එම තෙල් අවශෝෂණය වීමෙන් අනතුරුව, එයින් ඇති වූ බලපෑම නැති වී යන නිසා කිසිම ඵලක් නැහැ. ඔයාට ඇත්තටම නියපොතු වලට සහය වෙන්නේ වුවමනා නම්, මූලික ස්වාභාවික තෙල් විශේෂයක් හෝ රූපලාවණ්‍ය වැස්ලින් පාවිච්චි කර බලන්න.

09. ටිෂූ මාස්ක් 

 ටිෂූ මාස්ක් වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියා අපිට කියන්න බැහැ. මේවා භාවිතයෙන් විශේෂ අවස්ථා වලට සහභාගී වීමට පෙර සමට ගොඩක් හොඳ පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඒත් ඇත්තටම ඔයාට මේවා අවශ්‍ය වෙන්නේ නෑ. බොහොමයක්  ටිෂූ මාස්ක් සරලවම තෙල් හෝ මොයිස්චරයිසින් අවශෝෂණය කරගන්නවා. එවැනි ප්‍රතිඵලයක් සරල ක්‍රීම් එකක් පාවිච්චි කර වුවත් ලබාගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published.