කිහිලි වලට අමතරව ඩියෝඩ්රන්ට් භාවිතා කල හැකි ශරීරයේ ස්ථාන 7ක්

අද කාලෙ ඩියෝඩ්‍රන්ට් එකක් ළඟ නැති කෙනෙක් නැති තරම්. ඒ තරමටම හැමෝම වගේ ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරනවා. ඩියෝඩ්‍රන්ට් වෙළඳපොල වාර්ෂිකව ඩොලර් බිලියන 74ක් පමණ ලාභ ලබන බව සමීක්ෂණ මගින් හෙළි කරගෙන තියනවා. ඒ වගේම ගොඩක් අය ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන්නෙ එයාලගෙ කිහිලිවල තියම දහඩිය සහ නරක දුගඳ අඩු කර ගැනීමේ ක්‍රමයක් විදිහටයි. හැබැයි ඉතින් ඩියෝඩ්‍රන්ට් වලින් කරන්න පුලුවන් එකම දේ මේක නෙවෙයි.

අපේ සිරුරේ වෙනත් ප්‍රදේශ 7කටත් අපට අවශ්‍ය නම් ඩියෝඩ්‍රන්ට යෙදීමෙන් ප්‍රයෝජන ලබාන්න පුළුවන් බව විශේෂඥයින් හොයාගෙන තියනවා.

01. කකුල්

දවසම පාවහන් පැළඳගෙන ඉන්න අය දන්නවා කකුල්වලට දාඩිය දැම්මම කොයිතරම් අපහසු ද කියලා. මේ දහඩිය විෂබීජ වගේම අතිශය නරක ගන්ධයක් බවටත් පරිවර්තනය වෙනවා. කකුල්වල හොඳ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීමට කකුල් මත ඩියෝඩ්‍රන්ට් ටිකක් ඉසින්න. එමගින් දිගු වේලාවක් දහඩියෙන් ඈත් කමින් ඔයාග්‍ර් කකුල් නැවුම්ව සහ වියලිව තබනවා.

02. පියයුරු යට

විශාල පියයුරු තියන කාන්තාවන්ට තියන ප්‍රශ්නයක් තමයි, පපු ප්‍රදේශයට යටින් දහඩිය දැමීමේ. වෛද්‍යවරු කියන්නෙ පියයුරු යට ඩියෝඩ්‍රන්ට් ආලේප කිරීමෙන් පියයුරුවලට දහඩිය දැමීමෙන් තොරව වියළිව තබා ගත හැකි බවයි. ඩියෝඩ්‍රන්ට් වල තියන රසායනික ද්‍රව්‍ය සමේ රෝග ඇති කරයි කියලා ඔයා බයෙන් ඉන්නවා නම්, ඇලුමිනියම් රහිත ප්‍රති-පෙරස්පිරන්ට් එකක් තෝරගන්න. ඒවායේ අඩංගු සක්‍රිය කළ අඟුරු මගින් අපේ ශරීරය නිපදවන තෙතමනය උරාගන්න ගොඩක් උදව් වෙනවා.

03. කලවා ඇතුළත

අපේ කකුල් ඉතා උණුසුම් උෂ්ණත්ව සහ විවිධ තත්වයන් (දියවැඩියාව හා කාංසාව) නිසා දහඩියෙන් තෙමෙනවා. මේ අධික දහඩිය නිසා කලවා ඇතුළත කැසීම, කෝපය, සහ රතුවීම් ඇති කරනවා. ඒ නිසා ජීන්ස් අඳින්න කලින් කලවා ඇතුළත ප්‍රදේශයේ ඩියෝඩ්‍රන්ට් ආලේප කරන්න. ඔයා තෝරගන්න ඩියෝඩ්‍රන්ට් වල ඇලුමිනියම් ක්ලෝරයිඩ් අඩංගු විය යුතුයි. හැබැයි, කාන්තාවන් එයාලගෙ පුද්ගලික, සංවේදී ප්‍රදේශවල ඩියෝඩ්‍රන්ට් ආලේප නොකිරීමට ගොඩාක් ප්‍රවේසම් වෙන්න.

04. විලුඹ මත

සමහර විට අපේ කකුල්වලට සහ විශේෂයෙන්ම අපේ විලුඹට අලුත් සපත්තුවලට පුරුදු වීමට ටික කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් අලුත් සපත්තුවල ඝර්ෂණයෙන් කකුල්වල බිබිලි ඇති වන අතර එමඟින් කකුල්වල වේදනාවක් ඇති කරනවා. ඩියෝඩ්‍රන්ට් ප්‍රයෝජනවත් විය වෙන්නෙ මේ වෙලාවටයි. විලුඹ මත ඩියෝඩ්‍රන්ට් කුඩා ප්‍රමාණයක් යෙදීමෙන්, ඝර්ෂණය අවම කර ගත හැකි අතර එම නිසා වේදනාව සහ බිබිලි ඇති ඇතිවීම වළක්වගන්නත් පුලුවන්.

05. රේසරයකින් රෝම ඉවත් කිරීමෙන් පසු සිරුරේ ඕනෑම තැනක

කකුල්, බිකිනි පෙදෙස සහ කිහිලි ශේව් කිරීමෙන් පසු රතු පැහැයක් හෝ කැසීමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට ආලේප කරන්න කෝමාරිකා ටිකක් හොයාගන්න නැත්නම්, ඩියෝඩ්‍රන්ට් ටිකක් ආලේප කරන්න පුලුවන්. කැසීම අඩුවනතෙක් දින 2ක් පමණ සුවඳ නැති ඩියෝඩ්‍රන්ට් එකක් ආලේප කරන්න. ඇල්කොහොල් අඩංගු නිෂ්පාදනවලින් වැළකීමට සහ මොයිස්චරයිසින් ගුණ තිබෙන ඩියෝඩ්‍රන්ට් සොයා ගැනීමට උත්සාහ කරන්න.

06. මදුරුවන් දෂ්ට කිරීම් මත

ගොඩක් අය මදුරුවෙක් කාපු ගමන් කරන්නෙ එතන තදින් කසන එකයි. හැබැයි මේකට විසඳුමක් විදිහට ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන්න පුලුවන් බව වෛද්‍යවරු හොයාගෙන තියනවා. ඔයාගෙ රෝල්-ඔන් ඩියෝඩ්‍රන්ට් එක මදුරුවන් කාපු තැන්වල ආලේප කරන්න. ඩියෝඩ්‍රන්ට් වල ඇලුමිනියම් ක්ලෝරයිඩ් අඩංගු වන අතර එය කැසීම සහ රතු පැහැය අඩු කරන්න උදව් වෙනවා.

07. නේල් පොලිෂ් ඉවත් කිරීමට නියපොතු මත

නිය ආලේපන ඉවත් කරන්න තියන ගොඩක් නිෂ්පාදනවල ඇසිටෝන් අඩංගු වෙනවා. මේ රසායනික ද්‍රව්‍යය නිතර භාවිතය මගින් නිය සහ කැපුම් වියළෙන්න පුලුවන්. ඒ නිසා ඊළඟ වතාවේ ඔයා මෙනිකිෙයෝ ඉවත් කිරීමට ස්ප්‍රේ ඩියෝඩ්‍රන්ට් එක පාවිච්චි කරලා බලන්න. ඩියෝඩ්‍රන්ට් ටිකක් නියපොත්ත මත ඉස, නිය ආලේපන ඉවත් වෙනතුරු කපු පුළුන් බෝලයකින් අතුල්ලන්න. ඒකට ටික වෙලාවක් ගත වෙනවා. හැබැයි, ඇසිටෝන් වගේ හානිකර රසායනික ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.