කෙනෙකුගේ ආර්ථික තත්වය ගැන බොහෝ දේ පවසන කුඩා දේවල් 11 ක්

ගොඩක් අය උත්සාහ කරන්නෙ තමන් ඇත්තටම ඉන්නවට වඩා ධනවත් කියලා අනිත් අයට පෙන්වන්නයි. ආනිත් අයට වඩා වැඩියෙන් කැපිලා පේන්න කැමති අය ඒ සඳහා එක එක දේවල් කරනවා. ගොඩාක් මිල අධික බ්‍රෑන්ඩ් වල ඇඳුම්, සපත්තු, ඔරලෝසු වගේ දේවල් මිලදී ගන්නවා. සමහරු තමන්ට තියන ආභරණ ඔක්කොම එකම ඇඳුමට පළඳිනවා. ඒත් ඒක දකින අයටත් හරිම අපහසුවක්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයාට කොච්චර සල්ලි තිබුණත්, විලාසිතා කරනකොට ඔයා නොකළ යුතුම දේවල් 11ක් ගැනයි.

01. රතු පාට අඩි තියන සපත්තු

දීප්තිමත් රතු අඩි සහිත පාවහන් කියන්නෙ Christian Louboutin ගේ වෙළඳ ලකුණක්. අන්තිමේදි මේ වටිනා රතු අඩි ආරක්ෂා කර ගැනීමට නිර්මාණකරුට උසාවියට යන්නත් සිදුවුණා. මේ සපත්තු වසර 5කට පමණ පෙර ගොඩාක් ජනප්‍රිය වූ අතර සියලුම සපත්තු සමාගම් පාහේ රතු අඩි සහිත සමාන පෙනුමක් ඇති පාවහන් නිපදවන්න පටන් ගත්තා. ඉතින්, මේ දවස්වල ඕනම කෙනෙක්ට මේ වගේ සපත්තු මිලදී ගන්න පුලුවන් නිසා, රතු අඩි තියන සපත්තු තවදුරටත් ධනය පෙන්වන සලකුණක් නෙවෙයි. තව ටිකක් කල් යනකොට මේවා මිල අඩු නරක පෙනුමක් තියන සපත්තු බවට පත් වෙන්න ඉඩ තියනවා.

02. ගැළපෙන ආභරණ කට්ටල පැළඳීම

90 දශකයේ දී, තමයි කොතරම් ධනවත්ද කියලා හැමෝටම පෙන්නන්න කැමති සෑම කාන්තාවන් ගොඩදෙනෙක්, එයාලගෙ ස්වර්ණාභරණ ඔක්කොම එකවරම පළඳින්න පටන් ගත්තා. එයාලා ඇඳුමට ගැළපෙන කරාබු කට්ටලයක්, මාලයක්, මුද්දක්, සහ බ්‍රේස්ලට් එකක් පළඳිනවා. ඒ වගේම ස්වර්ණාභරණ කට්ටල මිලදී ගන්න එක හොඳ දෙයක් කියලා හිතන අය තාමත් ඉන්නවා. කොහොම වුණත්, විලාසිතා කර්මාන්තය දැන් වෙනස් වෙමින් පවතිනවා. එයාලා කියන්නෙ ඔයා වැඩි වැඩියෙන් මෝස්තර මිශ්‍ර කරන තරමට වඩා හොඳ බවයි. ඔයාට මුතු අල්ලපු සපත්තු පළඳින්න පුලුවන්. රිදී සමඟ රන්වන් සහ විවිධ යුගල වලින් කරාබු පවා පළඳින්න පුලුවන්. ඒත් වැදගත්ම දේ තමයි, එකවර ආභරණ ගොඩාක් පළඳින්න එපා.

03. තුනී ටොයිලට් පේපර්ස්

මිල අඩු තුනී ටොයිලට් පේපර්ස් මිලදී ගන්න එක නම් ඇත්තටම සල්ලි නාස්ති වෙන වැඩක්. ටොයිලට් පේපර්ස් තුනී නිසා එකවරකට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම පේපර් ටිශූ වලටත් මේ කතාව අදාලයි. මුහුණ පිහදාන්න ගන්න ටිශූ වගේ දේවලුත් කරන්නෙ සල්ලි නාස්තියක්. තුනී ටිශූ භාවිතා කරන එකෙන් ඉක්මනින්ම ටිශූ පැකට් එක ඉවර වෙන නිසා නිතරම අලුතෙන් මිලදී ගන්නත් සිදුවෙනවා.

04. විශාල දිලිසෙන ෆ්‍රේම් තුළ ෆොටෝ තැබීම

වැදගත්ම දේ වෙන්නෙ ෆොටෝ එක මිසක් ෆ්‍රේම් එක නෙවෙයි. ඒ නිසා ෆොටෝ ෆ්‍රේම් කරනකොට පුලුවන් තරම් සරල ෆ්‍රේම් එකක් තෝරගන්න. නැත්නම් ෆ්‍රේම් එකක් නැතුව ෆොටෝ එක විතරක් එල්ලන්න.

05. බොරු සුඛෝපභෝගී බ්‍රෑන්ඩ් වල ඇඳුම් සහ උපාංග

ගොඩක් අවස්ථා වලදී, බොරු සුඛෝපභෝගී බ්‍රෑන්ඩ් වල භාණ්ඩ වල ගුණාත්මක බව ගොඩාක් අඩුයි. හැම කෙනෙක්ටම Prada හෝ Gucci වගේ බ්‍රෑන්ඩ් එක්ක ඇඳුම් ගන්න සල්ලි නෑ. ඉතින් ඒකට කමක් නෑ. ඔයාට ඒ වගේ මිලෙන් වැඩි බ්‍රෑන්ඩ් එකක ඇඳුම් ගන්න මුදල් නැත්නම්, ඊට වඩා අඩු මුදලකින් ගන්න පුලුවන් සාමාන්‍ය හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න.

06. සේල්වල තියන ඇඳුම්

ගොඩක් අය ඇඳුම්වලට ලොකු මුදලක් වියදම් කරන්න කැමති නෑ. සේල් දාලා තියන ඇඳුම් තෝරගන්නකොට ඒ ඇඳුම්වට සයිස් එක, ඇඳුමේ වෙනත් ඩැමේජ් වගේ දේවල් තියනවද කියලත් හොඳින් බලන්න. ඒ වගේම ඇඳුම් තෝරගන්නකොට අතේ තියන මුදලට ගැලපෙන විදිහට, ට්‍රෙන්ඩ් එකට ගැලපෙන ඇඳුම් තෝරගන්න.

07. සිනිඳු සෙල්ලම් බඩු

මේ වගේ සිනුඳු සෙල්ලම් බඩු හොඳ වෙන්නෙ ඔයාට කුඩා දරුවො ඉන්නවනම් විතරයි. එහෙම නැත්නම් ඒවගෙන් වෙන්නෙ දූවිලි එකතු කරගන්න එකයි. දරුවන් ලොකු වෙනකොට එයාලා පාවිච්චි කරපු සිනිඳු සෙල්ලම් බඩු ඉවත් කරන්න. වෙනත් පොඩි දරුවන්ට ඒවා තෑගි කරන්න. නැත්නම් ඔයාට මතකයක් විදිහට ඒවායින් කිහිපයක් ගෙදර තියාගන්න.

08. ගොඩාක් මෝස්තර සහිත ජීන්ස්

ජීන්ස් කියන්නෙ ගොඩක් අයගෙ එදිනෙදා ඇඳුම් ආයිත්තම් කට්ටලයේ තියන මූලික අංගයක්. ඒ නිසා ජීන්ස් තෝරනකොට ඕනෑවට වඩා මෝස්තර තියන ඒවා තෝරගන්න එපා. අද වෙනකොට, කිසිම ප්‍රින්ට් එකක්, ලේස් හෝ වෙනත් අලංකරණ අංගයක් නැති ඉතා සරල ජීන්ස් තෝරගන්න එක තමයි වඩාත්ම හොඳ. සරළ ජීන්ස් ඕනම වයසක සහ රැකියාවක ඉන්න පුද්ගලයින්ට ගැලපෙනවා.

09. පාට මැකුණු තුවා

ඕනම රෙදි වර්ගයක කාලයක් යනකොට පාට වෙනස් වෙනවා. තුවායත් එහෙමයි. ටපි නිතරම තුවාය පාවිච්චි කරනවා. ඒ වගේම උණු වතුරෙන් සෝදනවා. විශේෂඥයින් කියන විදිහට, දීප්තිමත් පාටවල තුවා අනතුරුදායක වන්නේ රෙදි සෝදන යන්ත්‍රයක කිහිප වතාවක්ම සෝදාගත් පසු පාට අඩු වන නිසා බවයි. ඒ නිසා දීප්තිමත් වර්ණ නැති තුවා තෝරා ගැනීම සහ ඒවා සේදිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් අනුගමනය කිරීම වඩා හොඳයි.

10. ගොඩක් වැඩ තියන ලාභ උපාංග සහ උපකරණ

උපාංග සහ උපකරණ මිලදී ගන්නකොටත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ගොඩක් සන්නාමයන් මගින් උදාහරණයක් විදිහට, ඩ්‍රයර් මැෂින් එක හෝ මයික්‍රෝවේව් උදුන වගේ දේවල් රෙදි සෝදන යන්ත්‍රයක් එක්ක එකතු කරනවා. ඒත් මේ වගේ උපකරණ ගොඩක් වෙලාවට නිෂ්පාදනය කරන්නෙ සමහර කොටස් අඩුවෙන්. ඒ නිසා ඒවා වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ.

11. සැටින් ඇඳ ඇතිරිලි

අතීතයේ, මිනිසුන් විශ්වාස කළේ සිල්ක් හෝ සැටින් වලින් හදපු ඇඳ ඇතිරිලි තියන අය ගොඩක් ධනවත් බවයි. ඒත් මේක අද වෙනකොට ඇත්තක් නෙවෙයි. ස්වභාවික සිල්ක් ඇඳ ඇතිරිලි ඉතා ලිස්සන සුළු බව සහ නිදා ගැනීමට පහසු නොවන බව මිනිසුන්ට දැන් තේරිලා තියනවා.

දැන් සැටින් වගේම හදපු කරන මිල අඩු රෙදි වර්ග තියනවා. ඒත් ඒවා අපේ ඇඟටත් අහිතකරයි. ඒ වගේම ඒවා උණුසුම් ගිම්හාන මාස සහ ශීත රාත්‍රීන් සඳහා පාවිච්චි කරන්න හොඳ නෑ. ඉතින් ඔයා ඊලඟ වතාවෙ බෙඩ් ශීට් ගන්න ශොපින් යනකොට ස්වභාවික ද්‍රව්‍යවලින් හදපු ඒවා තෝරා ගන්න වග බලා ගන්න. ලිනන් සහ කපු කියන්නෙ ඔයාට තෝරගන්න පුලුවන් හොඳම ‍රෙදි වර්ග දෙකක්.

Leave a Reply

Your email address will not be published.