කෙනෙකුගේ පෙනුමට හානි කළ හැකි පුරුදු 15ක්

කිසියම් වයසකදී කෙනෙකුගේ පෙනුම සඳහා ඔහුගේ හෝ ඇයගේ ජාන දැඩි ලෙස බලපානවා. ඒත් මෙය ඒ සඳහා බලපාන එකම සාධකය නෙවෙයි. වයස්ගත වීමේ ක්‍රියාවලිය සඳහා අපගේ ක්‍රියාකාරකම් නිශ්චිතවම බලපානවා.

කෙනෙකුගේ තාරුණ්‍ය සොරකම් කරන වෙනත් කිසිඳු හානියක් නැති පුරුදු කීපයක් මෙහි සඳහන් වෙනවා.

01. ඔයා කැමතිම කොණ්ඩ මෝස්තරය ponytail එක වීම.

හිසකෙස් එහි මුලෙන් අනවශ්‍ය පරිදි තදින් ඇදී පවතින පරිදි කොණ්ඩ මෝස්‌තර යෙදූ විට පසු කලෙක හිසකෙස් ආරම්භ වන රේඛාව එනම් හෙයාර් ලයින් එක පිටුපසට නැඹුරු වීමට සහ තට්ටය ඇති වීමට පුළුවන්. මේ නිසා කෙස් කළඹ රැක ගැනීමට  සඳහා ponytail එක වෙනුවට වෙනත් ලිහිල් කොණ්ඩ මෝස්තරයක් භාවිතා කරන්න. 

02. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කිරි පානය කිරීම.

සම්පූර්ණයෙන්ම කිරි බීම නතර කරන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ. අනවශ්‍ය පරිදි වැඩිපුර කිරි පානය කිරීමෙන් ඇති වන අහිතකර ප්‍රතිඵල පිළිබඳව දැනුවත් වී සිටීම වඩා හොඳයි. වඩාත් ක්‍රියාකාරී තෙල් ග්‍රන්ථි ක්‍රියා කරවීම සඳහා පොළඹවන ඇන්ඩ්‍රොජන්, කිරිවල අන්තර්ගත වෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අධිකව සෙබන් නිෂ්පාදනය වී සමෙහි සිදුරු වැසෙනවා වගේම සමට තෙල් සහිත හා වෙහෙසට ස්වභාවයක් ලැබෙනවා. 

03. මුහුණට විතරක් සන්ස්ක්‍රීන් ආලේප කිරීම.

ගොඩක් කාන්තාවන් වසර පුරාවටම සන්ස්ක්‍රීන් ආලේප කරන්න පුරුදු වෙලා සිටියත් ඔවුන්ට අත් දෙකේ සන්ස්ක්‍රීන් ආලේප කරන්න අමතක වෙනවා. වයස්ගත වීමට මෙන්ම මේදය අඩුවීමට දෑත් ගොඩක් සංවේදී වන නිසා නහර හොඳින් පෙනෙන්න ගන්නවා. ඊට අමතරව, පාරජම්බුල කිරණ හේතුවෙන් දෑත් මහලු වන විට ඇතිවන ලප සහ රැළිවලින් වැසී යනවා. මේ නිසා විශේෂයෙන් වාහනය පදවාගෙන යන විට මතක ඇතිව අත්වලත් සන්ස්ක්‍රීන් ආලේප කරන්න. විශේෂයෙන්ම ග්‍රීෂ්ම ඍතුවේදී  බෙල්ලේ සහ පපු ප්‍රදේශයේ ආලේපකරන්න.

04. කකුලක් පිට කකුලක් දමාගෙන සිටීම.

දෙපා වල ඉදිමුණු නහර දක්නට ලැබෙන්නේ රුධිර වාහිනී සම්පීඩනය වීමේ සහ රුධිර සංසරණ අක්‍රමතාවල සෘජු ප්‍රතිඵලයක් ලෙසයි. “දෙපා හරස් කරගෙන වාඩි වීමේ ඉරියව්ව” මඟින් ශ්‍රෝණි පෙදෙසෙහි රුධිරය සංසරණය නොවී එකතැන නිශ්චලව පැවතීම හේතුවෙන් මෙම ඉරියව්ව විශේෂයෙන්ම කාන්තාවන්ට සුදුසු නැහැ (ගර්භනී අවධියේදී නම් මෙම ඉරියව්ව ඉතාම හානිදායකයි). ඔයාව පාලනය කර ගැනීම ලෙහෙසි වෙන එකක් නැහැ, ඒත් ඔයාට පුළුවන් සැප පහසු පරිගණක පුටුවක් මිලට ගෙන එහි ආධාරකයක් මත කකුල් තබාගෙන වාඩි වෙන්න වගේම නිවසේදී කවිච්චියේ දිගා වී සිටින විට එහි ආධාරකය මත දෙපා තියාගන්න.

05. තෙත පිටින් හිසකෙස් පීරීම.

මෙය හිසකෙස් සත්කාර වලදී සුලභව දක්නට ලැබෙන වැරද්දක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෙස් අග පැලීමට ලක් වෙනවා. කෙස්කලඹට සිදු වන අමතර හානිය වලක්වා ගැනීමට සඳහා මුලින්ම තුවායකින් කොණ්ඩය අතුල්ලන්නේ නැතිව වියලා ගන්න. ඉන්පසුව කොණ්ඩ මෝස්‌තර දමන්න.

06. මේකප් කිරීමට කලින් ඇහිබැම සකස් කිරීම.

ඔයා ඇහිබැම සකස් කරන්නේ ට්වීසර් එකක් භාවිතා කරලා නම්, සවස් යාමයේ මුහුණ සේදීමෙන් අනතුරුව කරන්න. මේ ආකාරයට බැක්ටීරියා ඇතුළු වීමේ අවදානම අවම කරගැනීමට මෙන්ම සමට හානි වීම වලක්වා ගැනීමටත් හැකි වෙනවා. මේ නිසා කන්සීලර් එකක් භාවිතා කර සමෙහි හානිය වසන් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.

07. අධික උෂ්ණත්වයේ කොණ්ඩ මෝස්තර උපකරණ පාවිච්චි කිරීම.

කොණ්ඩය ඉහල උෂ්ණත්ව සඳහා නිරාවරණය වීම මඟින් (උදාහරණ ලෙස අධික උෂ්ණත්ව හිසකෙස් වියළන යන්ත්‍ර, කර්ල් අයන්, ෆ්ලැට් අයන්), හිසකෙස් කූපයේ කුඩා බුබුලු හටගන්නවා. මේ බුබුලු, කොණ්ඩය වියලීමට සහ ගැලවී යාමට හේතු වෙනවා. මෙම තත්වය වළක්වා ගැනීමට නම්, තාප ආරක්ෂකයන් පාවිච්චි කරන්න, හිසකෙස් වියළන යන්ත්‍රය කොණ්ඩයේ ඉඳන් සෙන්ටිමීටර 15 ක් ඈතින් තියාගන්න, ඒ වගේම මධ්‍යම උෂ්ණත්වය මට්ටමකින් භාවිතා කරන්න.

08. නිතරම ඇස් ඇතිල්ලීම.

මේ නරක පුරුද්ද නිසා ඇහි පිහාටුවලට හානි වෙනවා, පහසුවෙන් බිඳෙන වී ගැලවී යනවා. එමඟින් ඇස් යට රතු පාට වී ඔයාට  වෙහෙසකර පෙනුමක් ලබා දෙනවා. ඇස් අතගෑම “20-20-20” ක්‍රමය භාවිතා කර ප්‍රතිස්ථාපනය කරන්න. එනම් හැම මිනිත්තු 20කටම වරක් තත්පර 20ක් පිටත් බලන්න.

09. පරණ කෝණ්තර සිතෙහි තබාගෙන සිටිනවා.

2005 වර්ෂයේදී නිකුත් වූ චර්යා වෛද්‍ය විද්‍යාව පිලිබඳ ජර්නලයේ සඳහන් අධ්‍යයනයකින් හෙළි වන අන්දමට සමාව දීම හා  ශාරීරික සෞඛ්‍යය අතර සබඳතාවයක් පවතිනවා. පරණ කෝණ්තර අමතක කර දමන්න නොහැකි නම්, එහි ප්‍රතිඵලය ලෙස ඔයාගේ පෙනුමට වැඩිපුර අවුරුදු කීපයක් එක් කරගන්න පුළුවන්. නිතරම අමනාපයෙන් සිටින විට සිරුර තුල ආතති හෝමෝනය  (කෝටිසෝල්) ක්‍රමයෙන් වර්ධනයවෙනවා. එහි ප්‍රතිඵලය ලෙස සිරුරේ බර වැඩිවීම, රුධිරයේ සීනි මට්ටම සහ පීඩනය වැඩි වීමයි. මේ නිසා දියවැඩියාව වැළඳීමේ අවදානම ඉහළ යනවා.

10. නිතරම මුහුණ ස්පර්ශ කිරීම.

කම්මුලට අත තබාගෙන සිටීම, නාසය කැසීම, නිකට ප්‍රදේශය අතගෑම කියන දේවල් ඔයාටත් නොදැනීම පුරුද්දට යනවා. මෙමඟින් සිදු වන හානිය දෙගුණ වෙනවා: නිතරම සම ඇදී පැවතීම නිසා වයසට යාමට කලින්ම සම රැළි වැටෙනවා, ඊට අමතරව මෙය සිදු කරන්නේ අපිරිසිදු වූ අත්වලින් නම් ආසාදන වී කුරුලෑ හටගැනීමට ඉඩ තිබෙනවා. මේ නරක පුරුද්දෙන් ඉවත් වෙන්න තියෙන එකම ක්‍රමය තමන් විසින්ම පාලනය වීමයි.

11. නිතරම මුහුණේ පුයර ආලේප කිරීම.

සම මත තෙල් ගතියක් දැක දැකම දවසකට සිය වතාවක් විතර පව්ඩර් ආලේප කිරීම තරම් සමට කල හැකි තවත් නරක දෙයක් නැහැ. පව්ඩර් ආලේප කිරීමෙන් අනතුරුව ඔයාගේ මුහුණේ පෙනුම නොවෙයි මෙහි ඇති ගැටළුව- එමඟින් සමේ සිදුරු වසා දැමීමයි. එසේ නම් කුමක්ද කල යුත්තේ? සියල්ලටම කලින් තෙත් කඩදාසි පාවිච්චි කරන්න. එයින් කිසිඳු ප්‍රයෝජනයක් නැතිනම් පව්ඩර් ස්වල්පයක් යොදන්න.

12. මුළු විශ්වයම තමන්ගේ අත්බෑගයේ දමාගෙන යාම.

ඔයාගේ අත්බෑගය තුල ප්‍රථමාධාර කට්ටලයක්, කුඩයක්, අමතර සපත්තු කුට්ටමක් සහ ඝනකමින් වැඩි පොතක් සහ ඔයාට ඕනි කරන සියලුම දේවල්වලින් පුරවාගෙන ඉන්නවා නම් ඔයාගේ ඉරියව්වට හානි වෙන්න පුළුවන්. මේ නිසා බරින් වැඩි අත්බෑගයක් ගෙන යන විට වෙලාව ගත වන විට එක අතකින් අනෙක් අතට මාරු කරන්න. එසේ නැත්නම් එක උරහිසක සිට අනෙක් උරහිසට මාරු කරන්න.

13. අනවශ්‍ය පරිදි වැඩිපුර පෝෂක ක්‍රීම් (nourishing cream) ආලේපය 

හොඳම ක්‍රීම් එක ආලේප කළත් අනවශ්‍ය පරිදි වැඩිපුර ආලේප කිරීමෙන් හානි ඇති වෙන්න පුළුවන්. ක්‍රීම් ඝන ස්ථරයක් ලෙස ආලේප කිරීමෙන් වළකින්න – ඒ වගේ මාස්ක් එකක් ආලේප කර තිබෙන විට සැමට ස්වසනය කල නොහැකි නිසා ඉදිමීම, ඇස් යට අඳුරු පැල්ලම් සහ ලෙඩ සහිත පැහැයක් මුහුණට ලැබෙනවා. ටිෂූ එකකින් වැඩිපුර ක්‍රීම් අයින් කරගන්න.

14. අවශ්‍ය ප්‍රමාණයට වඩා දිවීම 

අනවශ්‍ය ලෙස වැඩිපුර ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඒ පිළිබඳව උමතු ආකල්ප දැරීමෙන් සිදු වන්නේ සම වයසට යාම පමණක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. නමුත් එය සරල උදෑසන හෙමින් දිවීමක් නම් එය ශරීරයට වඩා හොඳයි.

15. නැවුම් යුෂ වලට ගොඩක් කැමතියි 

නිදහස් රැඩිකලුන්ට විරුද්ධව සටන් කරන ප්‍රතිඔක්සිකාරක නැවුම් එළවළු සහ පලතුරු වල සුලභව පවතිනවා. ඒත් මේවායේ යුෂ වල අන්තර්ගත වන ෆ්රක්ටෝස් ප්‍රමාණය බොහොම ඉහළයි- රුධිර ප්‍රවාහය ඔස්සේ මෙම සීනි අණු සිරුරේ ඇති සෛල සියල්ලම දක්වා ගමන් කර මේද හා ප්‍රෝටීන සමඟ බන්ධන ඇති කරගන්නවා. කොලජන් සමඟ සීනි බන්ධන ඇති කරගන්නා විට (සමට ප්‍රත්‍යාස්ථතාව ලබා දෙනවා), එය ග්ලයිකේෂන් ක්‍රියාවලිය පටන් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සම රැළි වැටෙනවා. මේ නිසා ඒ වෙනුවට නැවුම් ගෝවා යුෂ පානය කරන්න! මොකද සම රැළි වැටීම වළක්වන ඉහලම ප්‍රතිඔක්සිකාරක සහ සින්ක් අන්තර්ගත වෙන්නේ කොළ පැහැති එළවලු වලයි.

Leave a Reply

Your email address will not be published.