කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ හරිම අපූරු කාන්තාවන්ගේ සුවිශේෂී නීති 12 ක්

කේම්බ්‍රිජ් ආදිපාදවරිය කියන්නෙ සැබෑ විලාසිතාවට හොඳම උදාහරණයක්. ඇය කරන හැම දෙයක්ම වගේ විලාසිතා ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙනවා.

ඉතින් මේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය හෙවත් කේට් කුමරියගේ ලාලිත්‍යයේ රහස මොකක්ද කියලා අපි හොයලා බැලුවා. ඇය කරන විලාසිතාවල විශේෂම අංග 12 ක් ගැන විස්තර, දැන් අපි දැනගනිමු.

12. හොඳ කොණ්ඩ මෝස්තරයක් දාගන්න.

ඕනම හැඩකාර පෙනුමකට අලංකාර හෙයාර්කට් එකක්, හොඳ කොණ්ඩා මෝස්තරයක් සහ සියුම් මේකප් එකක් තියෙන්නම ඕන. ආදිපාදවරිය වැඩිපුරම කැමති ගලා යන කර්ල්ස් සහිත කොණ්ඩ මෝස්තර හෝ සාමාන්‍ය කොණ්ඩා මෝස්තරවලටයි. කිසිම දවසක ඇයගේ හිසකෙස්වල අල්පෙනෙත්තක් හෝ ක්ලිප් එකක්වත් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේ උපාංග මගින් ලස්සන පෙනුමට හානි කරනවා.

11. ලස්සන අනිවාර්යයි

කැතරින් ලස්සනයි වගේම ඇදහිය නොහැකි තරම් ස්වභාවිකයි. ඇයට විවෘත සිනහවක්, චමත්කාරජනක චලනයන්, සහ නිශ්චල ඉරියව් තියෙන්නෙ කිසිම අඩුවක් හෝ උඩඟුකමක් නැතුවමයි. ඇය බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත් ජය ගත්තේ මේ නිසයි.

10. රාජකීය විලාසිතාවට ඉඳගැනීමත් කලාවක්

කාන්තාවකට වාඩි විය හැකි ක්‍රම 2 ක් තියනවා. පළමු ක්‍රමය “ඩචස් ස්ලාන්ට්” ලෙසත්, දෙවන ක්‍රමය “කේම්බ්‍රිජ් ක්‍රොස්” ලෙසට්ග් හඳුන්වනවා.

ඩචස් ස්ලාන්ට් ඉරියව්වෙන් වාඩි වෙනකොට, කොන්ද කෙළින් තබාගෙන, නිකට ඉහළට, සහ දණහිස් සහ වළලුකර එකට කකුල් දෙපැත්තට තබා ගන්න ඕන. අත් දෙක දණහිස් මත තැබිය යුතුයි. කේම්බ්‍රිජ් ක්‍රොස් ඉරියව්වෙදි, විලුඹ දෙකම බිම තබා දණහිස් එකට තබා වළලුකර හරස් කර තැබිය යුතුයි. මේ ඉරියව්ව කකුල් මත දිගු බලපෑමක් ඇති කරනවා. ඉරියව් දෙකේදීම, කොන්ද සම්පූර්ණයෙන්ම කෙළින් තියෙන්න ඕන. පිටුපස පුටුවක ස්පර්ශ වෙන්නෙ නෑ.

09. Royal style එකේ කෑමත් එහෙමයි.

ආදිපාදවරිය හැම වේලකින්ම කුඩා කොටසක් අනුභව කිරීමෙන් පසු ඇගේ හැඳි ගෑරුප්පු පැත්තකින් තබනවා. ඇය සුප් බොන්න උත්සාහ කරනකොට, හැන්ද පිටත දිශාවට ගෙන යනවා.

08. වයින් වීදුරුවක් එහි කඳෙන් අල්ලා ගත යුතුයි.

වයින් වීදුරුව පිරවිය යුත්තේ එහි පුළුල් කොටසට විතරයි. වයින් රත් වීම වළක්වා ගැනීම සඳහා වයින් වීදුරුව අල්ලගන්න ඕන එහි කඳෙන්. ඒ වගේම ඔයා ලිප්ස්ටික් ගාලා ඉන්න කෙනෙක් නම්, වීදුරුවේ දාරයේ ලිප්ස්ටික් ගෑවීම වළක්වා ගැනීම සඳහා පමණක් වීදුරුව එක තැනකින් ඇල්ලීමට උත්සාහ කරන්න.

07. ආදිපාදවරියගේ හිස්වැසුම් ගැන අමතක කරන්න බෑ.

කේට්ගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ ප්රධාන අංගයක් තමයි හිස්වැසුම් කියන්නෙ. තොප්පියක් පැළඳීමෙන් ඔයාට අලංකාර සහ නවීන පෙනුමක් ලබා ගන්න් පුලුවන්. ඔයා රාජකීය පවුලේ සාමාජිකයෙක් නොවුණත්, තොප්පි මගින් ඔයාගෙ එදිනෙදා විලාසිතාවට අමුතුම ආකර්ෂණයක් එකතු කරනවා.

06. ඉණෙහි ඇති බෙල්ට් එකෙන් රූපයට කාන්තා පෙනුමක් ලබාදෙනවා.

ආදිපාදවරිය හැම විටම ඇයගේ ඉණ, පටියකින් ඉස්මතු කරනවා. (ඇය ගැබ්ගෙන සිටි කාලය හැර) නැත්නම් ඇය ඇයගේ කාන්තා ශරීරය ඉස්මතු කරන ගැළපෙන ගවුම් තෝරා ගන්නවා.

05. අලංකාර කබායක් කියන්නෙ ඇඳුම් අල්මාරියේ නැතුවම බැරි දෙයක්

කේට්, ග්‍රීෂ්ම කාලය ඇතුළුව සියලුම කාලවල් සඳහා විවිධ කබා පළඳිනවා. ආදිපාදවරිය සෑම විටම සම්භාව්‍ය කබා ඇඳීමෙන් ආකර්ෂණීය පෙනුමක් ලබාගන්නවා.

04. මෝස්තරය සම්බන්ධයෙන් ගැබ් ගැනීම බරක් නොවේ.

කේට් දෙවරක් ගැබ්ගෙන ඇති අතර, “ගර්භණීභාවය” සහ “විලාසිතාව” කියන දෙක, දෙකක් නොවන බව ඇය හරිම ලස්සනට ඔප්පු කළා. ගර්භණී කාලයෙත් ඇය දිගටම විලාසිතාවේ ප්‍රතිමූර්තිය බවට පත්වුණා. කේට්ගේ පෙනුම අනාගත සියලුම මව්වරුන්ට එයාලගෙ ගර්භණී කාලය පුරාම පහසුවෙන් හැඩකාර සහ ලස්සන විය හැකි බවට පෙන්නුම් කරන හොඳම සාක්ෂියක්.

03. ජීන්ස් සරල හා කාන්තා ඇඳුමක් නෙවෙයි කියලා කිව්වෙ කවුද?

නිතිපතා ජීන්ස්, බ්ලවුස් සහ ටොප්ස් පැළඳිය යුතු ආකාරය ගැන ආදිපාදවරියගෙන් ඉගෙනගන්න පාඩම් ගොඩක් තියනවා. ඇයගේ සිහින් රූපය උද්දීපනය කිරීම සඳහා සරල ඇඳුම්වල විශ්මයජනක ලෙස කැපී පෙනෙන සංයෝජන තෝරා ගැනීමට ඇය උත්සාහ කරනවා.

02. එම්බ්‍රොයිඩර් ඇඳුම් කියන්නෙ ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තියයි.

මේක ගැන අමුතුවෙන් අදහස් දක්වන්න ඕන නෑ. ආදිපාදවරියගේ පෙනුමෙන්ම ඒක පේනවා.

01. හොඳම පර්ස් එක ක්ලච් එකක්

ආදිපාදවරිය පොදු උත්සවවලදී අත් දෙකෙන්ම ක්ලච් එකක් අල්ලගෙන ඉන්නවා. ඇය කිසි විටෙකත් එය මේසය මත, අසල්වැසි පුටුවක හෝ කිසි විටෙකත් එය ඇගේ අත යට තබා ගන්නෙ නෑ. අතට අත දෙනකොට ඇය ක්ලච් එක වම් අතට ගන්නවා. වාඩි වුණාම ඇය ඇගේ පිටුපස සහ පුටුවේ පිටුපස අතර ක්ලච් එක තියනවා. ක්ලච් එක දණහිස උඩ හෝ බිම තියන එක නම් තහනම්.

මේ වගේ පර්ස් ඇත්තෙන්ම හැඩකාර, උදාර සහ අලංකාර පෙනුමක් ලබා දෙන බව අපි දන්නවා.

Leave a Reply

Your email address will not be published.