කොණ්ඩය යාම නැවැත්වීමට වටිනා ක්‍රම 6 ක්

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ කෙස් 100ක් පමණ ගැලවී යනවා. ඊට වඩා හිසකෙස් ගැලවෙනවා නම්, එයට හේතුව පෝෂක ඌණතා, ආතතිය වැනි දෙයක් විය හැකියි. අධික ලෙස හිසකෙස් ගැලවී යාමේ වේගය පාලනය හෝ නැවැත්විය හැකි ක්‍රම මෙම ලිපියෙහි දැක්වෙනවා.

අනතුරු ඇඟවීම: හදිසියේම ඇතිවන හිසකෙස් ගැලවී යාම, විශාල වශයෙන් හිසකෙස් ගැලවී යාම, හිස් කබල කැසීම සහ දැවිල්ල යනාදිය අත්විඳිනවා නම් වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න. 

01. වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගන්න.

හිසකෙස්වල රෝම කූපවල වල වැඩිපුරම අන්තර්ගත වන්නේ කෙරටීන් නමින් හැඳින්වෙන ප්‍රෝටීන් විශේෂයකි. ප්‍රෝටීන් වලින් පොහොසත් ආහාර වේල් මඟින් නිරෝගී සහ ශක්තිමත් ලැබෙන්නේ මේ හේතුව නිසයි. 

අත්ලේ විශාලත්වය සහිත(මිලිග්‍රෑම් 120ක් පමණ) ප්‍රෝටීන් කොටසක් උදෑසන සහ දහවල් ආහාරයට එකතු කරගන්න. 

වැඩිපුරම ලබාගත යුතු ආහාර: ධාන්‍ය, සෝයා බෝංචි, බෝංචි, බීජ, ඇට, බිත්තර, මාළු, පීස්, කුකුළු මස්, සහ කළුකුම් මාංශ.

02. වැඩිපුර බයෝටීන් පරිභෝජනය කරන්න.

බයෝටීන්, එනම් විටමින් H, ඔයාගේ සිරුරේ කෙරටීන් ව්‍යුහය වර්ධනය කරනවා. සාමාන්‍යයෙන්, පුද්ගලයෙකු දිනකට මයික්‍රොග්‍රෑම් 30-100ක් ලබාගත යුතුයි. 

බයෝටීන් වැඩිපුර අන්තර්ගත වන ආහාර පරිභෝජනය කරන්න: අවයව මාංශ( අක්මාව හෝ වකුගඩු), බිත්තර, ඇට (ආමන්ඩ්, රටකජු, වොල්නට්), සෝයා බෝංචි සහ අනෙකුත් රනිල කුලයේ ධාන්‍ය වර්ග, පූර්ණ ධාන්‍ය, කෙසෙල්, මල්ගෝවා සහ බිම්මල්.

තාපය මඟින් බයෝටින් වල කාර්යක්ෂමතාවය අවම කළහැකි නිසා අමු හෝ අවම වශයෙන් සකස් කරන ලද ආහාර තෝරාගන්න. 

03. නිවැරදිව කොණ්ඩ මෝස්‌තර දමන්න. 

ගොඩක් තදින් කොණ්ඩය ගොතන්න හෝ පෝනි ටේල් එකක් දාන්න එපා, එමඟින් කේශ මූල ඇදීමට හෝ ආතතියට ලක්වන්නේ නැහැ. 

බර විලාසිතා ක්‍රීම් සහ සේරම් කොණ්ඩයට අනවශ්‍ය බරක් එකතුවන නිසා ඒවා භාවිතා කිරීමෙන් වලකින්න. 

මේ නිසා විලාසිතා ක්‍රීම් ආලේප කිරීමට අවශ්‍ය නොවන බුරුල් කොණ්ඩ මෝස්‌තර තෝරාගන්න.

හිසකෙස් කර්ල් කරන සහ ස්ට්‍රේට් කරන මොස්තර ගන්වන අයන් භාවිතා කිරීමෙන් වළකින්න. එමඟින් හිසකෙස් වලට හානි වන අතර හිසකෙස් කූපවලට හානි වෙනවා. 

කොණ්ඩය කර්ල් කරගැනීමට අවශ්‍ය නම් රෝලර් හෝ DIY ක්‍රමයක් උපයෝගී කරගන්න.

හිසකෙස් ගැලවීම අවම කරගැනීමට අවශ්‍ය නම් තෙත් හිසකෙස් පීරන්න එපා. 

සම්පූර්ණයෙන්ම වියලුනු පසු කොණ්ඩය පීරන්න. හදිසි අවස්ථාවකදී පිරීමට පළල් දැති සහිත පනාවක් භාවිතා කරන්න. 

04. අත්‍යවශ්‍ය තෙල් ආලේප කරන්න.

දේවදාරු දැව අත්‍යවශ්‍ය තෙල් මඟින් හිස්කබලේ තෙල් නිෂ්පාදනය කරන ග්‍රන්ථි පාලනය කර හිසකෙස් වැටීම අවම කරනවා. ඊට අමතරව එයට දිලීර නාශක සහ බැක්ටීරියා නාශක ගුණ පවතිනවා. 

දේවදාරු දැව අත්‍යවශ්‍ය තෙල් බින්දු කීපයක් සමඟ වාහක තෙල්(ජොජෝබා හෝ මිදී ඇට තෙල්) මේස හැඳි දෙකක් බඳුනකට දමා මිශ්‍ර කරගන්න.  

ඇඟිලි තුඩු වලින් මෙම මිශ්‍රණය ආලේප කර සම්බාහනය කරන්න.  

විනාඩි 10ක් තබා සුපුරුදු පරිදි හිසකෙස් සෝදන්න.

උපක්‍රමය: දේවදාරු දැව අත්‍යවශ්‍ය තෙල් වෙනුවට, තයිම්, රෝස්මරි, ලැවෙන්ඩර්, සහ පේපර්මින්ට් අත්‍යවශ්‍ය තෙල් ආදේශ කරගත හැකියි.

05. ළූණු හෙයා මාස්ක් එක උත්සහ කර බලන්න. 

ළූණු වල ෆෝලික් අම්ලය, විටමින් B, C සහ E, පොස්පරස්, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම් සහ කෙරෝටීන් අන්තර්ගත වෙනවා. එමඟින් කොණ්ඩය නැවත වර්ධනය වීමට උපකාරී වෙනවා. 

ළූණු ගෙඩියක් ග්‍රේට් කර මිරිකා යුෂ ලබාගන්න.

කපු පැඩ් එකක් මෙහි පොඟවා හිස්කබලේ යන්තම් ආලේප කරගන්න. 

විනාඩි 20-30ක් තිබෙන්නට හැර සෝදා හරින්න. 

මේ ආකාරයට සතියකට දෙවරක් සිදු කරන්න. 

06. මානසික ආතති මට්ටම අවම කරගන්න.

හිසකෙස් වර්ධනය නැවත්වීමට සහ අසීමිත ලෙස කොණ්ඩය ගැලවී යාමට ආතතිය බලපෑ හැකියි. 

යෝගා පුහුණු වන්න. වඩාත්ම එලදායී ආසන: ෆෙසින් ඩෝග්, ඉදිරිපසට නැමීම(forward bend), කැමල් පෝස්.

භාවනා කරන්න, හුස්ම ගැනීමේ ශිල්ප ක්‍රම ප්‍රගුණ කරන්න. එමඟින් වර්තමාන තත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට උදව් වන අතර වඩා හොඳ ගතියක් දැනෙනවා.

Leave a Reply

Your email address will not be published.