කොරියානු කාන්තාවන් සම වෙනස් කිරීමට අනුගමනය කරනා තප්පර 3 ක්‍රමය

කොරියානු රූපලාවන්‍ය නිෂ්පාදන ලෝකය පුරා වෙළඳසැල්වල ගොඩක් ජනප්‍රියයි. ඒකට එක හේතුවක් තමයි ඒ නිෂ්පාදනවල අලංකාර ඇසුරුම්. හැබැයි, කොරියානු කාන්තාවන්ට එයාලගෙ අලංකාර දිදුලන සම ලබා දෙන්නේ සම ආරක්ෂණ නිෂ්පාදන විතරක් නෙවෙයි. එයාලා අනුගමනය කරන රූපලාවන්‍ය පිළිවෙතත් මේකට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කොරියානු සම රැකවරණ චර්යාවන් පියවර 10කින් සමන්විත වන අතර, ඉන් එකක් තමයි “තත්පර 3ක් ඇතුළත මුහුණ සෝදාගත් වහාම මොයිස්චරයිසර් යෙදීම කියන” තත්පර 3ක මොයිස්චරයිසින් රීතිය.

ඔයත් ඔයාගෙ හොඳම සම ලබා ගන්න උත්සාහ කරනවා නම්, ඔයාගෙ මුහුණ පිරිසිදු කිරීමෙන් පසු සම රැකවරණ දින චර්යාවට කෙළින්ම ගිය විට ඔබේ සමට සිදු වන්නේ මොකක්ද කියලා හොයාගන්න එක ගොඩක් වැදගත්.

01. නිෂ්පාදිතය වඩා හොඳින් අවශෝෂණය කර ගැනීමට එය සමට උදවු කරනවා.

ඔයා මුහුණ සෝදාගත් වහාම සම ආරක්ෂණ නිෂ්පාදන මුහුණට යොදනවා නම්, ඔයාගෙ සම මේ නිෂ්පාදනවලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවා. සමේ පිටත තට්ටුව පලිහක් විදිහට ක්‍රියා කරන නිසා සහ ජීව සෛල සහ පරිසරය අතර බාධකයක් ලෙස ක්‍රියා කරන නිසා, එය හරහා යාමට උත්සාහ කරන සම ආරක්ෂණ අමුද්‍රව්‍යවලට එය ප්‍රතිරෝධය දක්වනවා. හැබැයි සම තෙත් වුණාම, එය ඔයා ආලේප කරන සීරම් හෝ මොයිස්චරයිසර් වලින් ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට පහසු කරනවා.

02. ඔයාගෙ සම පැහැපත් කරනවා.

ඔයා මුහුණ සෝදාගත් වහාම ඔයාගෙ සමෙන් ජලය ඉක්මනින් වාෂ්ප වී, සම වියළෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට, විජලනය වූ සම අඳුරු පෙනුමක් ගන්නවා. ඔයා ඉක්මනින් සමට මොයිස්චරයිසර් යොදන තරමට, ඔයාට අවශ්‍ය තෙතමනය රඳවා තබාගෙන දිදුලන සහ ප්‍රබෝධමත් සමක් ලබාගන්න අවස්ථාව ලැබෙනවා.

03. ඔයාගෙ සමට තරුණ පෙනුමක් ලබා දෙනවා.

හොඳින් සජලනය වූ සම තරබාරු සහ තරුණ පෙනුමක් ගන්නවා. ඔයාගෙ සම වියලි වුණාම, සමේ සියලු සියුම් රේඛා සහ රැලි වඩාත් හොඳින් පිටතට පේනවා. ක්‍රීම් සහ සීරම් ඔයාගෙ සම සිනිඳු කරන නිසා, වියළි සමට ඒවා යෙදීම සුදුසුයි කියලා අපි හිතුවට, ඇත්තටම එය සමට සියලු ප්‍රතිලාභ ලබා ගන්න ඉඩ දෙන්නෙ නෑ. වියළි සමට මැරුණු සමේ සෛල ගොඩ නැගීමක් ඇති නිසා, එය මොයිස්චරයිසර් හරහා යාම වළක්වනවා.

04. ඔයාගෙ සම නිරෝගීව තබනවා.

ඔයා මුහුණ සෝදාගත් වහාම මොයිස්චරයිසර් යොදනවා නම්, එය ඔයාගෙ සම සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. සම අධික ලෙස වියලි වූ විට, මතුපිටට යටින් තිබෙන ග්‍රන්ථි වියළි බව උදාසීන කිරීම සඳහා වැඩිපුර සෙබම් නිපදවීමට පටන් ගන්නවා. අන්තිමේදි මේ නිසා කුරුලෑ ඇති වෙන්න හේතුවෙනවා.

05. සම හිරු කිරණින් ආරක්ෂා කරනවා.

කොරියානු කාන්තාවන් තම සම හානිකර පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා දන්නවා. මුහුණ පිරිසිදු කළ වහාම මොයිස්චරයිසර් යෙදීම අත්‍යවශ්‍ය පියවරක්. හිරු රශ්මියට සම වියලීමට හැකි අතර, එය රැලි සහිත සහ කොරල සහිත පෙනුමක් ඇති කරනවා. ගොඩක් මුහුණු ආලේපනවල SPF අඩංගු වන නිසා, සමට හොඳ තෙතමනයකුත් ලැබෙනවා.

06. සංවේදී සම සමනය කරනවා.

සංවේදී සම පහසුවෙන් කෝපයට පත් වන අතර අමතර විශේෂ සැලකිල්ලකුත් අවශ්‍ය වෙනවා. ඔයාගෙ සම තව තවත් වියළීමට පෙර ක්‍රීම් ආලේප කිරීම, මගින් සම වියළීම සහ කැසීම ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. වෛද්‍ය විශේෂඥයන් කියන්නෙ සමෙහි කෝපය වළක්වා ගැනීමට දිනකට දෙවරකට වඩා මුහුණ සෝදන්න කියලයි.

07. සම රැකවරණ දින චර්යාව වේගවත් කරනවා.

කොරියානු කාන්තාවන් එයාලගෙ සම ආරක්ෂණ ක්‍රියාවලිය විදිහට පියවර 10ක් අනුගමනය කරනවා. ඒත් අපෙන් බොහෝ දෙනෙකුට ඒ වගේ සංකීර්ණ රූපලාවන්‍ය ක්‍රමයක් සඳහා කාලය නැති නිසා තත්පර 3ක රීතිය අපට අඩු කාලයකින් සූදානම් වීමට උපකාර වෙනවා. මෙමගින් මුහුණට වඩා හොඳ පෙනුමක් ලබාගන්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published.