ගැහැණු ළමයින්ට ජීවිතය පහසු කරවන රූපලාවන්‍ය ක්‍රම 16ක්

බොහෝ කාන්තාවන් ඔවුන්ගේ පෙනුම වැඩි කර ගැනීමට විවිධ රූපලාවන්‍ය ක්‍රම භාවිතා කරනවා. ඔවුන් එළියට යද්දි මේකප් එකක් දාන්නෙත් මේ නිසාම තමා. ඒත් ඉතින් මේ මේකප් එක දාන්න ලොකු කාලයක් වගේම ලොකු මහන්සියකුත් දරන්න වෙනවා. බොහෝ කල් ගත වෙන් නැතුව මේකප් එක ලේසියෙන්ම දාගන්න තිබ්බනම් කියල ඔයාටත් හිතිල ඇති. මෙන්න මෙහෙම හිතන ඔබට අපි අපුරු ක්‍රම කිහිපයක් රැගෙන ආවා. මෙය ඔබටත් බොහෝ වැදගත් වේවි කියවලම බලන්නකෝ.

01. ඔබේ ඇහිබැමට ජෙල් වෙනුවට වෙනත් විකල්පයක්.

අපි බොහෝ දෙනා අපේ ඇහිබැම සදහා ජෙල් භාවිතා කරනවා. ඒත් ඔබට පුළුවන් මේ වෙනුවට හෙයාර් ස්ප්‍රේ භාවිතා කිරීමට. ඔබ දැන් හිතනවා ඇති කොහොමද මේක භාවිතා කරන්නේ කියල. ඔබට කරන්න තියෙන්නේ ඔබේ eyebrow comb එකට හෝ පැරණි මස්කාර බ්‍රෂ් එකකට මේ හෙයාර් ස්ප්‍රේ ටිකක් ඉසීමයි. ඒ විගසම මෙය ඔබේ ඇස් පිහාටු වලට භාවිතා කිරීමටත් අමතක කරන්න එපා.

02. නියපොතු සුදු කිරීම.

ඔබේ නියපොතු කහ පැහැයක් ගන්නවා ටික කාලයක් යන විට. මෙය සිදු වෙන්නේ ඔබ විවිධ අඳුරු පොලිෂ් වර්ණ භාවිතා කරන්නේ නම්. කපු පුළුන් පෑඩ් ලෙමන් යුෂ වල පොඟවා, නියපොතු වටා ඔතා, පසුව තීරු වලින් ආවරණය කිරීම සිදු කිරීමෙන් ඒවාට නැවත පිරිසිදු හා සුදු පෙනුමක් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. මිනිත්තු 10-15 ක් මෙසේ සිටින්න පසුව මෙය ඉවත් කරන්න.

03. කල් ඉකුත් වෙන දවස පිළිබද මතක තබා ගන්න.

බොහෝමයක් ආයතන ඔවුන්ගේ නිෂ්පාදන විව්ෘත කිරීමෙන් පසුව කොපමණ කාලයක් පවත්වා ගත හැකිද යන්න පිළිබදව ඔවුන්ගේ නිෂ්පාදන ඇසුරුමේ සදහන් කරයි. බොහෝ පුදගලයින් මේ පිළිබද සැලකිල්ලක් නොදක්වයි. නමුත් ඔබ මේ පිළිබද සැලකිලිමත් වීම කල යුතූමය. ඔබ පළමු වරට නිෂ්පාදනය විව්ෘත කර පසුව එම බෝතලයේ කල් ඉකුත් වන දිනය ලියා ගැනීම සිදු කරන්න. එවිට ඔබට එම දිනය පිළිබදව මතකේ තබා ගත හැකිය.

04. කැඩුණු නියපොතු සඳහා හදිසි උපකාර.

සාමාන්‍ය තේ බෑගයක් ඔබට උපකාරී කර ගත හැකී නියපොතු කැඩුණු අවස්ථාවලදී. ඔබ කල යුත්තේ බෑගයෙන් තේ දළු ඉවත් කර ඔබේ නියපොත්තට මෙය දැමීම‍යි. ඔබේ නියපොතු කැඩී ඇති ස්ථානයේ මෙය තබා ඔබේ නියපොතු දිග ඉක්මවා යන අතිරික්තයක් කපා දමා ඉන්පසු ඔප දැමීමේ පාදමකින් ආවරණය කිරීම සිදු කරන්න.

05. වියළි මස්කාරා සඳහා අක්ෂි බිංදු.

අක්ෂි බිංදු හෝ ස්පර්ශ කාච තරල (eye drops or contact lens fluid ) භාවිතා කර වියළි මස්කාරා නැවත පණ ගැන්වීම සිදු කරන්න. මස්කාරා නළයට බින්දු කිහිපයක් එකතු කර එය වසා කිහිප වතාවක් සොලවන්න. දැන් ඔබට එය අලුත් එකක් වගේම භාවිතා කිරීමට හැකියාවක් ඇත.

06. hair straighteners සහ curlers පිරිසිදු කර ගැනීම සදහා.

බේකින් සෝඩා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමඟ මිශ්‍ර කර සොෆ්ට් ටිෂූස් භාවිතා කර hair straighteners සහ curlers වල මතුපිට පිසදැමීම සිදු කරන්න. පසුව වියලි ටිෂූ එකක් ගෙන නැවත පිරිසිදු කිරීම සිදු කරන්න.

07. ඔබේ ලිප්ස්ටික් වලට මැට් නිමාවක් ලබා දීමට බ්ලෂර් භාවිතා කරන්න.

මෙහිදී ඔබ නිවැරදි ෂේඩ් එක භාවිතා කල යුතුය. මෙහි පෙන්වා ඇති පරිදි බ්ලෂර් භාවිතා කීරීම තුළින් ඔබේ තොල්වලට සුඛෝපභෝගී මැට් පෙනුමක් ලබා ගැනීමට හැකිය.

08. Perfect manicure.

ඔබේ නියපොතු වටා සමට තොල් බාම් හෝ වැස්ලින් ආලේප කිරීම සිදු කරන්න නියපොතු ආලේපන භාවිතා කිරීමට පෙර. පෙන්වා ඇති පරිදි එය පසුව බුරුසුවකින් පහසුවෙන්ම ඉවත් කර ගත හැකිය.

09. ඔබ ගමන් කරන විට ඔබේ මේකප් එක ආරක්ෂා කර ගන්න.

powder, blusher, eye shadow වගේ දේවල් අපි ගමන් කරන විට ඉරිතලා යනවා. මේ නිසා ඔබ ගමන් කරන විට මේවා උඩින් කපු පුළුන් පෑඩ් තැබීම සිදු කල හැකී. මෙය ඔබේ මේකප් ද්‍ර්වයය සෙලවීමෙන් සිදු වෙන හානි අවම කරනවා.

10. ඔබේ මේකප් බුරුසු සෝදා ගැනීම සදහා පිගානක් සාදා ගන්න.

ඔබට බොහෝ කාලයක් ගත වෙන දෙයක් වෙන්න පුළුවන් මේකප් බුරුසු සේදීම කියල කියන්නේ. ඔබේ විවිධ වේශ නිරූපණ බුරුසු වේගයෙන් හා කාර්යක්ෂමව සේදීම සඳහා ඒ සදහාම විශේෂිත වූ පිගන් සදා ගැනීම ඔබට කරන්න පුළුවන්. ඔබ කල යුත්තේ ප්ලාස්ටික් හෝ කඩදාසි තහඩුවක් ගෙන උණුසුම් මැලියම් භාවිතයෙන් එහි මතුපිට අහඹු හැඩයන් සදා ගැනීමයි. වතුර සහ ෂැම්පූ ටිකක් මිශ්‍ර කර, ඔබේ බුරුසු පිගානේ ඇතිල්ලීම සිදු කරන්න. නමුත් ඔබ මෙය සිදු කල යුත්තේ මැලියම් වියළී ගිය පසුවයි. අවසානයේදී පිරිසිදුජලයෙන් බුරුසුව සෝදන්න.

11. වියළී ගිය අයිලීනර් සඳහා එක් උපක්‍රමයක්

‌ඔබේ අයි ලයිනර් පෑන වියළී ඇත්නම් ඔබට මෙය සිදු කර හැකී. ඔබ කල යුත්තේ ඔබේ අයි ලයිනර් එකෙ හිස ගලවා එය අනිත් පැත්ත හැරවීමයි. පින්තූරයේ පෙන්වා දී ඇති පරිදි. එවිට මෙය අලුත් එකක් ලෙසම ඔබට හැගේවි.

12. ෂේවින් කිරීමේදී පෙන වෙනුවට ළදරු තෙල්.

ඔබ මෙය උත්සහ කර බලන්න. ඔබ සම මොයිස්චරයිසර් කිරීමට වගේම ඔබේ සමට කෝපයක් ඇති වීම වැලැක්වීමටත් මේ සරල උපක්‍රමය යොදා ගැනීමට ඔබට හැකියාවක් ඇත.

13. ඔබේ පාදවල සම සඳහා

සිනිඳු හා ළදරු සමක් තම අපේ පාද වල තිබෙන්නේ. ඔබට පහත අමුද්‍රවයය වල ඔබේ පාද පොගවාගෙන සිටය හැකිය. මෙය ඔබේ සම සුරක්ෂිත කරාවි. ඔබ කල යුත්තේ මෙම අමුද්‍රවයය වලින් මිශ්‍රනයක් සාදා ගැනීමයි.

උණුසුම් ජලය කෝප්ප 2 ක්
විනාකිරි 1 කෝප්පයක්
මුඛ සේදුම් 1 කෝප්පයක්

14. හිසකෙස් ස්ථිතික ඉවත් කරන්න.

ඔබේ හිසකෙස් ස්ථිතික වීමේ ගැටළුව එන්න එන්නම උග්‍ර වීම සිදු වෙනවා සීතල කාලගුණය ආරම්භ වන විටම. සාමාන්‍ය dryer sheets භාවිතා කිරීමෙන් ඔබේ හිසකෙස් ස්ථිතික ඉවත් කර සිනිඳු කර ගැනීමට හැකියාවක් ඇත.

15. ලිප්ස්ටික් සඳහා එක් විශිෂ්ට උපක්‍රමයක්

ඔබ ලිප්ස්ටික් භාවිතා කිරීමෙන් පසුව මොහොතකට ඔබේ ඇගිල්ල උරා බොන්න. මෙයින් ඔබේ දත් මත ඔබේ ලිප්ස්ටික් ගැවීම නවතා ගත හැකිය. ඒ වගේම අතිරික්ත ලිප්ස්ටික් ඔබේ ඇඟිල්ල මත නොව ඔබේ තොල් මත රදා පවතී. පසුව හයිලයිටර් භාවිතා කර ඔබේ තොල් තවත් ලස්සන කර ගන්න.

16. ට්‍රැවල් කිරීමේදී ඔබේ සම ආරක්ෂා කර ගැනීමට.

‌ඔබට බොබි පින් එකක් යොදා ගෙන වයිට් හෙඩ්ස් ඉවත් කර ගැනීම කල හැකී ඔබ කල යුත්තේ පින් එකේ කෙළවර ඔබේ කුරුලෑ ව මත තබා කුරුලෑ හිස ඉවත්ට එන තුරුම ඉන් කුරුලෑව තද කිරීමයි. මෙය ඉතාම ම්ෘදුව සිදු කර ගන්න. ඔබ ගමන් කරන විට ඔබේ රේසරය bulldog clip එකකින් ආවරණය කර ගැනීමට අමතක නොකරන්න. එවිට ඔබ බෑගයට අත දමන විට ඔබ තුවාල වීමෙන් වළකීවි.

Leave a Reply

Your email address will not be published.