ගොඩක් අය දුක් විදින මුහුනේ ඇතිවන ගැටළු වලට විසදුම්

ආගන්තුකයෙකු මුණගැසෙන විට අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ඔහුගේ හෝ ඇයගේ පෙනුමටයි. මේ නිසා කෙනෙකුගේ පෙනුම හරිම වැදගත්. ඒත් අප අතරින් බොහොමයක් දෙනාට මුහුණේ කිසියම් අඩුපාඩු තියෙනවා. උදාහරණයක් ලෙස, ඇමෙරිකාවේ සංඛ්‍යා ලේකනවලට අනුව, ඇක්නි වලින් මිනිසුන් මිලියන 60ක් පීඩා විඳිනවා. 

බොහොමයක් දෙනා සම සහ මුහුණ ආශ්‍රිත නොයෙකුත් ගැටළුවලින් පීඩා විඳිනවා. සමහර වෙලාවට මේවාට පිළියම් ලෙස පෝෂණය සහ ජීවන රටාවේ වෙනසක් කිරීම ප්‍රමාණවත් වෙනවා. එසේ කලත් කිසිම ඵලයක් නැද්ද?   

මුහුණ ආශ්‍රිත ගැටළු සියල්ලම සඳහා නිශ්චිත අතිවිශේෂ පිලියමක් නොමැති නිසා, මේ එක් එක් ගැටලුව විසඳා ගන්නා ආකාරය මෙහි ලැයිස්තුගත කර තිබෙනවා.

01. රැලි 

සෞඛ්‍ය ගුණාංග හේතුවෙන් කෙසෙල් බොහොම ජනප්‍රිය පළතුරක්. එය භාහිරව භාවිතා කිරීමෙන් රැලි මෘදුව ඉවත් කරගත හැකියි. මේ සඳහා කෙසෙල් පූරි එකක් සකස් කරගෙන මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්න. යෝගට් හෝ දොඩම් යුෂ වුවත් මෙයට එකතු කල හැකියි.

මිශ්‍රණය මුහුණේ ආලේප කිරීමෙන් අනතුරුව විනාඩි 15-20ක් තබන්න. ඉන්පසු වතුරෙන් සෝදා හැර මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න.

02. උද්දීපන

දත් පිරිසිදු කරනවට අමතරව සමෙහි ඇතිවන උද්දීපන සඳහාද දත්බෙහෙත් සුදුසු වෙනවා. ඔයාට තියෙන්නේ කෙලින්ම සමේ මෙය ආලේප කිරීම විතරයි.

මෙය භාවිතා කිරීමට පෙර, සම ප්‍රතික්‍රියා කරන ආකාරය මුලින්ම පරීක්ෂා කිරීම වඩාත් හොඳයි. නිරෝගී සම මත දත්බෙහෙත් ස්වල්පයක් ආලේප කර ටික වෙලාවක් ඉන්න. අහිතකර ප්‍රතිඵලයක් ලැබුනේ නැතිනම් මේ ක්‍රමය භාවිතා කරන්න.

03. කුරුලෑ 

කුරුලෑ ඉවත් කරගැනීමට අර්තාපල් භාවිතා කල හැකියි. අර්තාපල් යුෂ කුරුලෑ මත ආලේප කර වියලෙන තෙක් තබන්න. ජලයෙන් මුහුණ සෝදන්න. මෙමඟින් කුරුලෑ වියලී යාවි.

04. වියලි සම 

අලිගැටපේරවලට සම සන්සුන් කරවන, ලුහුයන සහ මොයිස්චරයිසින් බලපෑමක් ඇති කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසා එය සම වියලිමෙන් මුදවා ගත හැකියි. අලිගැටපේර මදය පොඩි කර ක්‍රීම් එකක් සකස් කරගන්න. මුහුණේ ආලේප කර විනාඩි 15-20ක් තබා සෝදා හරින්න. 

05. තෙල් සහිත සම 

ඔයාගේ සම තෙල් සහිත නම්, මෙම තත්වය තක්කාලි මඟින් හොඳ කරගත හැකියි. තක්කාලි සමඟ සීනි තේ හැන්දක් මිශ්‍ර කර සමෙහි ආලේප කරන්න. විනාඩි 5ක් පමණ තියෙන්නට හැර, ඉවත් කරන්න. එමඟින් සමේ තෙල් ගතිය අඩු වෙනවා.

06. ඝනකමින් අඩු ඇහිබැමි 

ඇහිබැමි ඝනකම් කරගැනීමට කිරි පාවිච්චි කරන්න පුළුවන්. කිරිවල කපු පෑඩ් එකක් පොඟවා ඇහිබැමි මත මෘදුව ආලේප කරන්න.මිනිත්තු 15කින් වතුරෙන් සෝදා හරින්න.

07. ඇක්නි

ඇක්නිවලට එදිරිව සටන් කිරීමට හරිත තේ යොදාගත හැකියි. සාන්ද්‍රණයෙන් වැඩි තේ පැසුණු පසු නිවෙන්නට හරින්න. කපු පෑඩ් එකක් තේ වල පොඟවා  තෙත් කර මුහුණේ ආලේප කරන්න. තේ සැමට අවශෝෂණය වූ පසු සම සෝදන්න.

ඇක්නි ලප කැළැල් තිබේ නම් ලෙමන් යුෂ පාවිච්චි කරන්න. ජලය එකතු කර ලෙමන් යුෂ සජලනය කර කැළැල් තෙත් කරන්න. විනාඩි 15ක් තබා මිශ්‍රණය ඉවත් කිරීමෙන් අනතුරුව මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න. ගැඹුරු කැළැල් තිබෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න.  

08. විශාල සිදුරු 

මුහුණේ දක්නට ලැබෙන සිදුරු අවම කරගැනීමට ඇපල් සයිඩර් විනාකිරි පාවිච්චි කරන්න පුළුවන්. එය ජලය සමඟ 1:1 අනුපාතයෙන් මිශ්‍ර කර සමේ ආලේප කරන්න. විනාඩි 5ක් තබා, ජලයෙන් මුහුණ සෝදා හරින්න. වියළි බව වළක්වා ගැනීමට මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්න.

09. ද්විත්ව නිකට

මෙම තත්වය වලක්වා ගැනීමට භාවිතා කල හැකි ව්‍යායාම බොහොමයක් තිබෙනවා. සරලම ක්‍රමවේදය චුවින්ගම් එකක් සැපීමයි. චුවින්ගම් එක කැබැල්ලක් ගෙන ටික වෙලාවක් සැපීම පමණයි කල යුත්තේ. මෙමඟින් නිකටේ මාංශ පේශි ක්‍රියාකාරී වන අතර සවිමත් වෙයි.

10. ඇස් යට අවපැහැ වීම් 

මේවා ඉවත් කරගැනීමට ආමන්ඩ් තෙල් භාවිතා කළ හැකියි. ඒවායින් බින්දු කිහිපයක් සවස් කාලයේදී ඇසිපිය මත මෘදුව ආලේප කර සම්බාහනය කරන්න. උදෑසන පිරිසිදු වන විට සෝදා හරින්න.  

11. මුහුණේ රෝම කූප 

මේ සඳහා විශේෂ මිශ්‍රණයක් සකස් කරගත හැකියි. සමජාතීය ආලේපයක් ලැබෙන තුරු බිත්තර සුදු මදයක්, බඩඉරිඟු පිෂ්ඨය (කෝන් ස්ටාච්) මේස හැඳි 1/2ක් සහ සීනි මේස හැන්දක් මිශ්‍ර කරන්න. අනවශ්‍ය රෝම පවතින තැන්වල මෙය ආලේප කර විනාඩි 5ක් පමණ තියෙන්නට හරින්න.

සම්පූර්ණයෙන්ම වියලුණු පසු, මෘදුව සහ ඉක්මනින් මිශ්‍රණය ඉරා දමන්න. මෙවිට රෝම සියල්ලම එම ආලේපයට ඇලී පවතීවි.  

12. පැහැර හරින ලද මුහුණ

 මුහුණට ලස්සන පෙනුමක් ලැබීමට නම් සම තද වී තිබිය යුතුයි. සැත්කම් ක්‍රම මැදිහත් කරගැනීමෙන් තොරව, මුහුණේ හැඩය වර්ධනය කරගැනීමට භාවිතා කළහැකි ව්‍යායාම තිබෙනවා. මාංශ පේශි ප්‍රත්‍යාස්ථ වන අතර වෙනස් විය හැකියි. මේ නිසා මුහුණට නැවුම් සහ නිරෝගී පෙනුමක් ලැබේවි.

Leave a Reply

Your email address will not be published.