චාම් විදිහට වැඩ කරන රූපලාවන්‍ය හැක්ස් 7 ක්

වසර පුරා අප වැඩියෙන්ම විවෘත සහ දීප්තිමත් ඇඳුම් අඳින්නේ වසන්ත සෘතුවේදී යි. සමේ පෙනුම හොඳින් තබා ගැනීමට ඔයාට අවශ්‍ය වුවත් උෂ්ණත්වය, ඉර සහ වියලි වාතය මඟින් විවිධ සමේ ගැටළු ඇති කරවනවා. සමහර ප්‍රසිද්ධ වෙළඳ නාමවල සම සත්කාර නිෂ්පාදන ප්‍රයෝජනයක් නැති වුවත් මිලෙන් ඉතා අධිකයි. 

ඕනෑම කාලගුණ තත්වයක් යටතේදී ඔයාගේ සමේ පෙනුම විශිෂ්ට මට්ටමක පවත්වා ගැනීමට යොදාගත හැකි සරල සත්කාර ක්‍රම කීපයක් පහත සඳහන් වෙනවා.

01. බේකින් සෝඩා ස්ක්‍රබ් 

බේකින් සෝඩා, මුළුතැන්ගෙයි පමණක් නොව කණ්ණාඩිය ඉදිරියේ රූපලාවන්‍ය කටයුතු සඳහාත් හොඳ අමුද්‍රව්‍යක්. ආලේපය සකස් කරගැනීමට බේකින් සෝඩා කොටස් තුනකට ජලය කොටසක් මිශ්‍ර කරන්න. සාමාන්‍ය සබන් භාවිතා කර මුහුණ සෝදා මෙම ආලේපය මෘදුව ආලේප කරගන්න.

සම්පූර්ණ මුහුණම ආවරණය වූ පසු ජලයෙන් මුහුණ සෝදන්න. සංවේදී සමක් ඇති පුද්ගලයින්ට පවා මෙය පිරිසිදුකාරකයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. 

02. පැණි සහ ලුණු රසයන් සංයෝජනයෙන් සුන්දර වීම.

ලුණු, සීනි, මී පැණි සහ පොල් තෙල් එක්කර ඝන ආලේපයක් සකසා ගන්න. මේ ස්ක්‍රබ් එක මුහුණට මෙන්ම සිරුරටද පාවිච්චි කල හැකියි. සතියකට වතාවක් හෝ දෙවතාවක් මෙය පාවිච්චි කල විට සමේ පිටත සිවිය ඉවත් වී යාවි. මෙමඟින් සිරවී තිබෙන රෝම කූප සහ කුරුලෑ ලප ඉවත් වෙනවා.

කෙනෙකුගේ සමෙහි තෙල් ස්වභාවය අධික වන තරමට, භාවිතා කල හැකි රළු මූලද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. (ලුණු සහ සීනි)

03. විදේශික නිෂ්පාදනයක් පාවිච්චි කරන්න: මරුලා තෙල් 

මරුලා තෙල් ලබාගන්නේ දකුණු අප්‍රිකාවට අවේණික මරුලා ශාකයෙනි. මෙහි ලිපිඩ අම්ල අධික ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මෙය වියලි, විජලනය වූ සම සන්සුන් කරවීමට නිර්දේශ වී තිබෙනවා.

ඉක්මනින්ම තෙල් අවශෝෂණය වන අතර නිරෝගී, තෙල් හෝ දිලිසෙන්නේ නැති සමක් ලබා දෙනවා.  

04. විටමින් A

සමේ රෝග විශේෂඥයින් නිර්දේශය කරන්නේ විටමින් A, එනම් රෙටිනොල් අන්තර්ගත රාත්‍රී ක්‍රීම් එකක් ආලේප කිරීමටයි. ඔයා පාවිච්චි කරන ක්‍රීම් එක විටමින් වලින් සරු කිරීම ඔයාට තනිවම කරගත හැකියි. භාවිතා කරන රාත්‍රී ක්‍රීම් එකට රෝස්හිප් හෝ කැරට් තෙල් බිඳු කීපයක් එකතු කර හොඳින් මිශ්‍ර  කරන්න. මෙය ස්ට්‍රෙච් සලකුණු (සම ඇදී තිබෙන ලකුණු), කුරුලෑ ලප සහ රැලි ඇතිවීම වලක්වා ගැනීමට උදව් කරනවා.

එමෙන්ම මෙම තෙල් දෙවර්ගය විශේෂයෙන්ම කැළැල් ලප වලට පාවිච්චි කල විට ඒවාට විරුද්ධව ක්‍රියා කරනවා. තෙල් වර්ග පිළිබඳව සැලකිලිමත් වන්න, උදාහරණයක් ලෙස විශේෂයෙන්ම ගර්භනී සමයේ දිවා කාලයේදී විටමින් A අන්තර්ගත නිෂ්පාදන පාවිච්චි කරන්න එපා. එමඟින් හිරු එලිය සඳහා සමෙහි පවතින ස්වාභවික ආරක්ෂණයට හානි වීමට ඉඩ තිබෙනවා.

05. තේ ශාකයේ තෙල් 

තේ තෙල්වලට, සමේ බැක්ටීරියා වලට විරුද්ධව සටන් කල හැකි බව බොහොමයක් අධ්‍යන පෙන්නුම් කරනවා. මෙමඟින් සම උද්දීපනය කර, කුරුලෑ ලප අවම කර, ඉදිමුම් සන්සුන් කරවනවා. මෙම තෙල් විශේෂය අන්තර්ගත ප්‍රති-කුරුලෑ ලප ජෙල් එකක් භාවිතා කිරීමෙන් සමෙහි රතු බව ඉවත් වී බොහොම නිරෝගී සමක් ලැබේවි.

06. ස්නානය කරන්න.

දිනපතා භාවිතා කරන වියලි ස්නාන මිශ්‍රණය වෙනුවට මෙය පාවිච්චි කර බලන්න. මෙයින් ඔයාගේ සම වඩා මෘදු වේවි. ඕට්මීල්, කිරි පිටි, දුඹුරු සීනි, chamomile වගේ කැමති ඔසු පැළෑටි වර්ගයකින් කෝප්ප 1/4 බැගින් මිශ්‍ර කරන්න. දැන් ආහාර සකසනය පාවිච්චි කර මිශ්‍රණය අඹරා ගන්න.

ඔයා කැමති අත්‍යවශ්‍ය තෙල් වර්ගයක් එක්කර, මී පැණි මේස හැඳි 2ක්, ශරීර තෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කරන්න. බාත් බෑග් එකක් ගෙන මිශ්‍රණය පුරවන්න. නොගැඹුරු උණුසුම් ජලයේ විනාඩි කීපයක් පෙඟෙන්නට හැර, සැපපහසු උෂ්ණත්වයක වතුර එකතු කර විනෝද වෙන්න. 

07. සීනි පරිභෝජනය කප්පාදු කරන්න.

අධික සීනි පරිභාජනය මඟින් රැලි, සිහින් රේඛා සහ අවපැහැ වූ සම තවත් අවුස්සන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. සකස් කල සීනි පාවිච්චි කිරීම කපා හරින්න.( කැන්ඩි වර්ග, සුදු පාන්) ඒ වෙනුවට පලතුරු බෙරි ආදේශ කරගන්න. එමඟින් සීනි සඳහා දක්වන දැඩි ආශාව සපුරන අතර ප්‍රති ඔක්සිකාරක සහිත සෞඛ්‍ය සම්පන්න සමක් ලැබෙනවා.

අනිවාර්යයෙන්ම කලයුතු සම සත්කාර 

නිරෝගී සහ ලස්සන සමක් ලබාගැනීම සඳහා සමේ රෝග විශේෂඥන් නිර්දේශ කරන දිනපතා සත්කාර 

දිනපතාම සම සෝදන්න. දවසකට දෙවතාවක් පිරිසුදු ජලයෙන් සෝදන්න. 

තම වයසට ගැලපෙන, සමේ වර්ගය අනුව පිරිසිදු කරවන නිෂ්පාදන තෝරාගන්න. නින්දට පෙර අනිවාර්යයෙන්ම මේකප් ඉවත් කරන්න.

සම මොයිස්චරයිස් කරන්න. එමඟින් දිදුලන සමක් ලැබෙනවා. මතක තබාගන්න, තෙල් සහිත සමක් වුවත් මද තෙතමනයක් අවශ්‍යයි. ඇඟ සේදීමෙන් පසු කෙලින්ම මෙම නිෂ්පාදනය ආලේප කරගන්න.

හැමදාම සංස්ක්‍රීන් ආලේප කරන්න. වලාකුළු සහිත පාරජම්බුල කිරණ වලට නිරාවණය නොවන දිනයක වුවත් භාවිතා කරන්න. 

රාත්‍රියේදී විටමින් A ,C, E, සහ K අන්තර්ගත අයි ක්‍රීම් එකක් ආලේප කරන්න. එමඟින් ඇස් වටා පවතින රැලි සහ අවපැහැ ගැන්වීම් වලක්වා ගන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් ඇඳේ නිදා නොගන්නා පැත්තේ නිදා ගැනීමට උත්සහ කරන්න. මෙමඟින් රාත්‍රී කාලයේදී නිදා සිටින පැත්ත වෙනස් කිරීමට නැඹුරු වන නිසා රූපලාවණ්‍ය ශිල්පීන් පවසන පරිදි සමේ රැලිවල වර්ධනය අවම කරගැනීමට උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published.