ජංගම දුරකථන භාවිතා කිරීමේදී අපි සෑම දෙනාම කරන වැරදි 5 ක්

තාක්ෂණයේ දියුණුවත් එක්ක, අද ලෝකයේ නැතුවම බැරි දෙයක් බවට ස්මාර්ට්ෆෝන් එක පත්වෙලා තියනවා. අපි ඒක කොයිතරම් ප්‍රයෝජනවත් වැඩවලට භාවිතා කළත් නින්දට යනකොට ෆෝන් එක ලඟ තියාගන්න එක හොඳ දෙයක් නෙවෙයි කියලා අපි කවුරුත් දන්නවා. නින්දට යන කාලයට අමතරව ෆෝන් එක පාවිච්චි කරන ඕනම වෙලාවක අපි අතින් අපේ සෞඛ්‍යයට ගොඩක් අහිතකර දේවල් සිදුවෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ තාක්ෂණය සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් භුක්ති විඳීමට ඔයා දැනගෙන සිටිය යුතුම පොදු වැරදි 5 ක් ගැනයි.

01. ෆෝන් එක ලඟ තියාගෙන නිදා ගැනීම

ජංගම දුරකථනයක් කියන්නෙ මූලික වශයෙන් විද්‍යුත් චුම්භක සම්ප්‍රේෂකයක් සහ ග්‍රාහකයක්. ඒ කියන්නෙ, ෆෝන් එක මගින් රේඩියෝ තරංග විමෝචනය කරනවා. ඒක තාම ඔප්පු වෙලා නැතත්, වැඩි කාලයක් මෙර් තරංගවලට නිරාවරණය වීමෙන් පසු ඒවා අපේ මොළයට බලපාන බව පර්යේෂණ වලින් පෙන්නුම් කර තිබෙනවා. එමගින් නින්දේදී ඔයාව හදිසියේම අවදි කිරීමටත් පුලුවන්. නින්දට කලින් ෆෝන් එක ඕෆ් කරන්න හෝ ෆෝන් එක වෙනත් කාමරයක තියන්න බැරි නම්, අඩුම තරමේ එය ෆ්ලයිට් මෝඩ් දාගෙන නිදාගන්න.

02. වැඩි වේලාවක් නිල් ආලෝකයට නිරාවරණය වීම

ෆෝන් එකේ තිරයෙන් ලැබෙන ආලෝකය මගින් අපේ නිද්‍රා චක්‍රය පාලනය කරන හෝර්මෝනය වන මෙලටොනින් නිපදවීම අඩු කරනවා. නිල් ආලෝකය හිසරදය සහ ඇස් සහ පෙනීමේ ගැටළුත් ඇති කරනවා. ඒ නිසා ෆෝන් එකේ ආලෝක මට්ටම් යළි සැකසීමට සහ නිල් ආලෝක ෆිල්ටර් එක ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න.

03. අඩු සිග්නල් ප්‍රමානයක් සමඟ එය භාවිතා කිරීම

ෆෝන් එලේ සිග්නල් අඩුයි කියන්නෙ, ඔයාගෙ ෆෝන් එක සම්ප්‍රේෂකයක් ලෙස වඩා ප්‍රබල සංඥාවක් නිකුත් කරන බවත්, ෆෝන් එකෙන් ලැබෙන වැඩි ශක්තියක් ඔයාගෙ සෞඛ්‍යයට වැඩි හානියක් සිදු කරන බවත්ය. සෙල් ෆෝන් විකිරණවලින් අපේ පවුල ආරක්ෂා කරගැනීමට, ලෑන්ඩ්ලයින් භාවිතා කිරීම හෝ දුරකථනය හැකිතාක් ඔයාගෙන් දුරට තබාගන කියලයි විද්‍යාඥයන් කියන්නෙ.

04. ෆෝන් එක ඔයාගෙ සමට ලඟින් තබා ගැනීම

ජංගම දුරකථන සහ පිළිකා අතර සම්බන්ධය කෙරෙහි අවධානය යොමු කරන අධ්‍යයනයන් කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් ෆෝන් එක උණුසුම් වන 900 MHz පමණ වන ඒවායේ සම්ප්‍රේෂණ සංඥාව. ඔයා ඒක ඔයාගෙ ඇඟට සමීපව තබා ගන්නා හැම අවස්ථාවකම ඔයාගෙ සම ඉතා කුඩා කොටස් වලින් තාපය පහසුවෙන් අවශෝෂණය කරගන්නවා. මිනිස් සිරුර මත විකිරණ සංඛ්‍යාත විකිරණවල වෙනත් ඔප්පු කළ බලපෑම් නොමැති වුණත් ඔයා සහ ඔයාගෙ ෆෝන් එක අතර යම් දුරක් තබා ගන්නා විට අවශෝෂණ අනුපාතය බොහෝ දුරට අඩු කරගන්න පුලුවන්.

ඒ වගේම ෆෝන් එක කනේ තියාගෙන කතා කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට හෙඩ්සෙට් එකක් හෝ ස්පීකර්ෆෝනයක් භාවිතා කිරීමට උත්සාහ කරන්න.

05. වැරදි ඉරියව්වෙන් තිරය දෙස බැලීම

ජංගම දුරකථන භාවිතය නිසා ටෙනොසිනොවිටිස් වගේ මාපටැඟිලි තුවාල ඇති වීමට හැකියාව තියනවා. බෙල්ල ඇද වීම කියන්නෙ ෆෝන් එක පාවිච්චිය නිසා ඇතිවෙන තවත් සෞඛ්‍යමය ආබාධයක්. ඔයා තිරය දිහා බලන්න ඉයාගෙ බෙල්ල ඉස්සරහට නමනකොට, ඔයාගෙ කොඳු ඇට පෙළේ ආතතිය ක්‍රමයෙන් වැඩි වෙනවා.

කාලයක් යනකොට, බෙල්ලට දැනෙන බර ඔයාගෙ හිසේ සැබෑ බරට වඩා 5 ගුණයකින් වැඩි වෙන්න පුලුවන්. මෙමගින් බෙල්ලේ වේදනාව සහ ඉරියව්වල අසාමාන්‍ය බවක් ඇති කරන්නත් හේතු වෙනවා. ඔයාගෙ බෙල්ල හැකිතාක් කෙළින් තබා ගනිමින්, ෆෝන් එක ඇස් මට්ටමින් තබා ගන්න අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published.