ජනප්‍රිය පුද්ගලයින් බහුලව භාවිතා කරන රහස් රූපලාවන්‍ය හැක්ස් 10 ක්

අප හැම දෙනාටම අනන්‍ය වුණු කුඩා රූපලාවණ්‍ය රහස් සහ උපක්‍රම තියනවා. අවුරුදු ගණනාවක් තිස්සෙ කරපු අත්හදා බැලීම්වලින් අපි ඉගෙන ගත්තු දේවල් රූපලාවණ්‍ය රහස් විදිහට අපි භාවිතා කරනවා. ප්‍රසිද්ධ පුද්ගලයන් වුණත් එහෙමයි. රෙඩ් කාපට් උත්සවවලදි ආකර්ෂණීයව පේන්න එයාලටත් එයාලගෙම ලයිෆ් හැක්ස් තියනවා ඒවායින් සමහරක් ප්‍රායෝගික වන අතර සමහර ඒවා ඇත්තටම අමුතුයි.

අපි කැමතිම ප්‍රසිද්ධ පුද්ගලයන් රෙඩ් කාපට් එක මතදි ලස්සනට පේන්න භාවිතා කරන රූපලාවණ්‍ය රහස් කිහිපයක් ගැනයි අද අපි ඔයාට කියන්නෙ.

01. චාලිස් තෙරොන්

2019 ගෝල්ඩන් ග්ලෝබ්ස් හිදී, Charlize Theron ඇගේ ඇදහිය නොහැකි පෙනුමෙන් හැමෝවම පුදුමයට කලා. ඒ වගේම ඇය විශ්මයජනක සමේ රහසකුත් හෙළි කලා. ඒ ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රියා පටිපාටියක් වන ලේසර් මගින් සමේ රැළි නැති කිරීමයි.

02. රිහානා

ඇගේ ඇහි බැම හැමවිටම විශිෂ්ට ලෙස පෙනීමට ඇය විසින් සාමාන්‍ය සබන් යොදා ඇහි බැම පීරනවා. ඇය මේ උපක්‍රමය ඉගෙන ගෙන තියෙන්නෙ ඇගේ මේකප් ශිල්පියාගෙන්. රිහානා කියන්නෙ වෙනත් නිෂ්පාදනවලට වඩා සබන් මගින් ඇහිබැමේ කෙස් සමට හොඳින් ඇලී තිබීමට උදව් වන බවයි.

03. Kaley Cuoco

2021 ගෝල්ඩන් ග්ලෝබ්ස්හිදී දිදිලන පෙනුමක් ලබාගන්න Kaley Cuoco සමත් වුණා. ඇය LED ​​ආලෝක චිකිත්සක මාස්ක් එකක් භාවිත කලා. නිෂ්පාදකයින්ට අනුව, එය භාවිතා කිරීමෙන් සම පැහැපත්, නැවුම් සහ තරුණ බවට පත් කරනවා.

04. ජෙනිෆර් ඇනිස්ටන්

ලිප්ස්ටික් පැය කිහිපයක් තොල් මත පැවතීම සඳහා, ජෙනිෆර් ඇනිස්ටන්ගේ මේකප් ශිල්පිනිය සරල උපක්‍රමයක් භාවිතා කරනවා. ලිප්ස්ටික් ස්ථර 1ක් භාවිතා කිරීමෙන් පසු, ඇය තොල් මත තුනී කඩදාසියක් දමා, එය මත පවුඩර් ලිප්ස්ටික් තට්ටුවක් ආලේප කරනවා.

05. සුසාන් සරන්ඩන්

සුසාන් සරන්ඩන් වයස 74 දීත් පුදුමාකාර පෙනුමකින් ඉන්න කෙනෙක්. ඇගේ තාරුණ්‍යයේ රහසත් හරිම සරලයි. ඇගේ මේකප් ශිල්පියා, Tim Quinn, කුඩා උපක්‍රමයකින් ඇගේ මුහුණ ලස්සන කරනවා. බ්‍රොන්සර් එක, නළලෙන් පටන් ගෙන, කම්මුල් සහ නිකටේ පහළ කොටස දක්වා ආලේප කිරීමෙන් ඇගේ මුහුණේ හැඩය ලස්සන කරන බව මේකප් ශිල්පියා පවසනවා.

06. ජෙනිෆර් ලෝපේස්

තොල් විශාල කර ගැනීමට, ජෙනිෆර් ලෝපේස් ශැම විටම ස්වාභාවික වර්ණ පැන්සල් භාවිතයෙන් තොල්වල ස්වාභාවික දළ සටහන මි.මී. 1-2 කින් වැඩි කරනවා.

07. එමා ස්ටෝන්

එමා ස්ටෝන් හැම විටම වැදගත් සිදුවීම් සඳහා ප්‍රවේසමෙන් සූදානම් වන කෙනෙක්. ඇගේ සම සහ තොල් මොයිස්චරයිසින් කිරීමට ඇය අමතක කරන්නෙ නෑ. ඒ සඳහා ඇය කොලජන් සහ විටමින් E පැච් භාවිතා කරනවා.

08. Zoë Kravitz

Zoë Kravitz කියන්නෙත් අසාමාන්‍ය කාන්තාවක්. ඇය දිදුලන සමක් ලබා ගැනීම සඳහා, සරල රීතියක් භාවිතා කරනවා. ඇය හැම විටම හයිලයිටර් එක උඩ ෆවුන්ඩේෂන් ආලේප කරනවා.

09. එලිසබෙත් ටේලර්

එලිසබෙත් ටේලර්ට රූපලාවන්‍ය රහස් ගොඩක් තිබුණා. ඒවායින් එකක් තමයි හැම විටම මේකප් දැමීමෙන් පසු ස්නානය කිරීම. වාෂ්පය මගින් රූපලාවන්‍ය නිෂ්පාදන “සීල්” කරලා සම තෙත්ව තබනවා. ඇයත් තුනී ෆවුන්ඩේෂන් එකක් භාවිතා කළ නමුත් ඇගේ ලප කැළැල් වැහෙන තරම් තදට ෆවුන්ඩේෂන් දැම්මෙ නෑ.

10. ලේඩි ගාගා

ලේඩි ගාගා විවිධ වර්ගයේ විග් භාවිත කරන කෙනෙක්. හැබැයි කෘත්‍රිම හිසකෙස් මගින් ඇගේ හිසකෙස් හානිවලින් ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි, එය ඇයගේ ඇස්වල පෙනුම වෙනස් කරන්නත් උපකාර කරනවා. ලේඩි ගාගා පැවසුවේ ඇය බොහෝ විට අවශ්‍ය ස්ථානවල සම ඇද ගැනීමට ටේප් භාවිතා කරන බවයි.

Leave a Reply

Your email address will not be published.