ජනප්‍රිය මිනිස්සු කැපී පෙනෙන පින්තූර ගන්න භාවිතා කරන රහස් 10 ක්

අපි සමාජ මාධ්‍යවල අපේ කැමතිම සුපිරි තරු එයාලගෙ ෆොටෝ දාලා තියන විදිහ දැක්කම ඒවා කොයිතරම් ලස්සනද, එයාලා ඒ විදිහට අඩුපාඩු නැති පෙනුම ලබා ගන්නෙ ෆොටෝෂොප් භාවිතා කරලද කියලා හිතනවා. ඒත් අපිත් ෆොටෝ එකක් ගන්නකොට ඒ වගේ දේවල්වලට මුහුණ දෙනවා. හැමෝටම ෆොටෝ එඩිට් කර කර ඉන්න වෙලාවක් නෑ. එයාලගෙ රහස එඩිට් කිරීම විතරක්ම නෙවෙයි. සුරංගනාවියක් වගේ පේන්න ලස්සන ෆොටෝ එකක් ගන්න නම් අපි ෆොටෝ එකට මුහුණ දෙන්න ඕන ආකාර කිහිපයකුත් තියනවා.

ඉතින් අද අපි ලෝකයේ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් අධ්‍යයනය කරලා, ලස්සනට ෆොටෝ ගන්න එයාලා භාවිතා කරන සරල හා වඩාත් කුතුහලය දනවන උපක්‍රම මොනවද කියලා හොයලා බැලුවා.

01. ඇස් කුඩා කරන්න.

ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් ෆොටෝ වලදි තමන්ව වඩාත් සරාගී, තරුණ සහ ගැහැණු ලෙස පෙනීමට භාවිත කරන අලුත්ම උපක්‍රමය තමයි මේ. මෙහිදී ඇස් දෙක මදක් පටු කර තොල් ඕනෑවට වඩා තද කර නොගෙන සිහින් සිනහවක් පෙන්වනවා. මේ උපක්‍රමය කම්මුල් ඔසවා තැබීමට සහ මුහුණ තරුණ ලෙස පෙනීමට උපකාරී වෙනවා.

02. හිසකෙස් එක පැත්තකට දමන්න.

ඡායාරූප ගැනීමේදී කයිලි ජෙනර් නිතරම ඇයගෙ දකුණු පැත්තේ කොණ්ඩය ඉස්සරහට දාගෙන ඉන්නවා අපි දැකලා තියනවා. හිසකෙස් එක පැත්තකට දැමීමෙන් හකු වඩාත් හොඳින් ඉස්මතු කර විශ්මයජනක පෙනුමක් ලබා ගන්න පුලුවන්. මෙමගින් හිසකෙස්වල මුළු දිගම ප්‍රදර්ශනය කරන අතරම මුහුණේ හැඩය හොඳින් පෙන්නුම් කරන්නත් උපකාරී වෙනවා.

03. “smize” ක්‍රමය භාවිතා කරන්න.

මෙහිදී සිදුවන්නේ ඇස් යන්තම් ඇසිපිය හෙළමින් අවංකව සිනාසීමයි. ඒ වගේම එමගින් තොල් සෙලවීමකින් තොරව ඔයාගෙ සිනහව වඩාත් අව්‍යාජ ලෙස පෙනෙන්න උදව් වෙනවා.

04. දිව තද කරන්න.

මේකප් මගින් අපට අපේ කම්මුල් ඉස්මතු කරගන්න පුලුවන්. ඒත් මේකප් නැති වෙලාවට මේ උපක්‍රමය භාවිතා කරන්න. කට වහගෙන, දිව දත් අතර සිරකරගෙන ෆොටෝ ගැනීමෙන් ඔයාගෙ කම්මුල් ඉහළට ඔසවා ඒවා වඩාත් ඉස්මතු කිරීමට උපකාරී වෙනවා.

05. ඉහළ තැනක සිට ඡායාරූප ගන්න.

ඉහතින් රූගත කිරීම මගින් ඔයාව ඡායාරූපවල පෙනෙන ආකාරය වැඩිදියුණු කරනවා. මුහුණේ අලංකාර ලක්ෂණ වෙනස් කරන ද්විත්ව නිකටක් හෝ නරක ආලෝකය වගේ දේවල් ඉහළ තැනක සිට ෆොටෝ ගන්නකොට පේන්නෙ නෑ. ඒ නිසා, ඔයා මීළඟ වතාවේ සෙල්ෆියක් ගන්නකොට හෝ අත ටිකක් උඩට ඔසවා සෙල්ෆිය ගන්න.

06. පර්ස් කරන ලද තොල් උපක්‍රමය පාවිච්චි කරන්න.

පර්ස් කරන ලද තොල් කියන්නෙ තාරා තොල් වගේ හැඩයකටයි. ක්‍රිසි ටීජන් සහ හිලරි ඩෆ් වගේ සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් තොල් පර්සිං තාක්ෂණය උපයෝගී කරගන්නවා. මේක ලබාගන්න තියන සරලම ක්‍රමය තමයි, උඩු තොල වඩාත් විකෘති ලෙස පෙනෙන පරිදි නාසයේ මාංශ පේශී පහළට ගෙන යාම. මෙමගින් තොල් විශාල වන අතර එය ඔයාට අලංකාර මුහුණේ ඉරියව්වක් ලබා දෙනවා.

07. සිනහ තාක්ෂණය ඉගෙනගන්න.

මේක සාමාන්‍ය සිනහවට වඩා ටිකක් වෙනස්. මෙහිදී, සිදුවෙන්නෙ මුඛය මඳක් විවෘත කර ඇස් දිලිසෙන සරල නිහඬ සිනහවක් පෑමයි. මහත තොල් තියන අයට තොල්වල ප්‍රමාණය අඩු කරලා පෙන්වන්නත් මේ ක්‍රමය නියමයි. මේ හිනාව මගින් ඔයාට තරුණ පෙනුමක් සහ වඩාත් විනෝදජනක ඔඑනුමක් ලබාදෙනවා.

08. වම් පැත්ත තමයි හොඳම පැත්ත.

සෙල්ෆියක් ගන්නකොට තමන්ගෙ හොඳම පැත්ත මොකක්ද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඒත් සියලුම ජනප්‍රිය පුද්ගලයින් එයාලගෙ වම් පැත්ත පමණක් පෙන්වන ආකාරය ඔයා දැකලා තියනවද? වේක් ෆොරස්ට් විශ්ව විද්‍යාලයට අනුව, අපේ වම් පැත්ත, දකුණු පැත්තට වඩා ප්‍රකාශිත, සියුම් සහ සමබරයි.

09. නිකට පහලට දැමීමේ ක්‍රමය දැනගන්න.

අපි කලින් සඳහන් කරපු “ඉහළින් ඡායාරූප ගැනීම” කියන ක්‍රමය වගේම, නිකට පහළට තබාගෙන ෆොටෝ ගන්න උපක්‍රමයත් මුහුණට වඩාත් ආකර්ෂණීය සහ ගැහැණු පෙනුමක් ලබාදෙනවා. හිස මදක් පහතට ඇල කිරීමෙන්, ද්විත්ව නිකට ඉවත් කිරීමට සහ හකු වඩාත් ඉස්මතු කර ගැනීමට උදවු වෙනවා. ඊට අමතරව, එමගින් ඔයාගෙ ඇස් විශාල කර, ඉබේම ඔයාට තරුණ හා ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනවා.

10. කැමරාවෙන් ඉවත බලාගෙන ඉන්න.

කැමරාව දෙස කෙලින්ම බැලීම වෙනුවට, කැමරාවෙන් ඉවත බැලීමෙන් ඔයාව ඡායාරූපවලදි වඩා හොඳින් පේනවා. එතකොට ඡායාරූපය අහඹු විදිහට ගත්ත එකක් කියලා අනික් අයට හිතෙනවා. මෙමගින් ඔයාගෙ පින්තූරය වඩාත් ස්වාභාවික ලෙස පෙනෙන අතර ඔයා ෆොටෝ එක ගන්නකොට බලන් ඉන්නෙ මොකක් දිහාද කියලා ඔයාගෙ ෆොටෝ එක දකින අයට කුතුහලයක් ඇති වෙනවා.

Leave a Reply

Your email address will not be published.