ජපන් ජාතිකයින් සවස් වරුවේ ස්නානය කර ලබාගන්නා ප්‍රයෝජන

නින්දට යන්න කලින් උණු වතුරෙන් හෝ ඇල් වතුරෙන් නෑමෙන් සුව නින්දක් ලබාගන්න පුලුවන් බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියනවා. අනිත් හැමෝටම කලින් ජපන් ජාතිකයින් මේ කරුණ ගැන දැනුවත් වෙලා හිටපු බව පෙනී යනවා. ඒ වගේම රාත්‍රියේ නෑමට තවත් හේතු ඔවුන් හොයාගෙන තියනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ ජපන් ජාතිකයන් හවස් වරුවේ නාන්න හේතු වෙන කරුණු 5ක්.

01. ජපන් ජාතිකයින්ට ස්නානය කිරීමේ චාරිත්‍ර තිබෙනවා.

ස්නානය කිරීමේදී ජපන් ජාතිකයින් පියවර කිහිපයකින් සමන්විත විශේෂ චාරිත්‍රයක් අනුගමනය කරනවා. මුලින්ම, එයාලා දූවිලි හා දහඩිය සේදීම සඳහා ස්නානය කරනවා. ඉන්පසුව තමයි හරියටම නාන්න පටන් ගන්නෙ. එයාලා ස්නානය කිරීමේදී ශරීරය පොඟවා ගැනීමට ග්‍රීන් ටී සහ වෙනත් විවිධ ඖෂධ පැළෑටි එකතු කරපු වතුර පාවිච්චි කරනවා. එමගින් ශරීරය ලිහිල් කිරීම, සම පිරිසිදු කිරීම හා මනස සන්සුන් කිරීම ප්‍රයෝජන ගොඩාක් ලැබෙනවා. ජපන් ජාතිකයින් ජලයේ උෂ්ණත්වය තෝරගන්නෙත් හරිම පරිස්සමෙන්. එයාලා ස්නානය කිරීම සඳහා ශරීරයට සැප පහසු උෂ්ණත්වයක තියන වතුර යොදාගන්නවා. ස්නානයට ගන්න වතුරේ උෂ්ණත්වය -40°C ට අඩුයි. මොකද, අධික උෂ්ණත්වයෙන් යුත් වතුර මගින් සමේ තෙතමනය නැති කරලා සමේ සිදුරු විවෘත කරනවා.

02. එයාලා පාරම්පරික පවුලේ පුරුදු අනුගමනය කරනවා.

19 වන සියවසේදී ජපන් නිවෙස් වල උණු වතුර හෝ ගෘහස්ත ජලනල පහසුකම් තිබුණෙ නෑ. ඒ නිසා ගොඩක් අයට උණු වතුරෙන් ස්නානය කිරීම සඳහා මුලින්ම වතුර රත් කර ගැනීමට සිදු වුණා. මේක ගොඩක් කාලය ගතවන ක්‍රියාවලියක්. ඒ නිසා එයාලා හවසට නාන්න පුරුදු වුණා.

03. එයාලා ගොඩක් වෙලාවට පොදු ස්නානය කරන තැන් හෝ උණු දිය උල්පත් වෙත පැමිණෙනවා.

පොදු දිය නාන ස්ථාන සහ උණු දිය උල්පත් කියන්නෙ ජපානයේ ගොඩක් ජනප්‍රිය තැනක්. විවිධ වයස් මට්ටම් වල අය එහි පැමිණෙන්නේ නෑමව විතරක් නෙවෙයි. විවේක ගැනීමට සහ ප්‍රියමනාප දෙයක් කිරීමට කාලය ගත කිරීමටත් ඔවුන් මේ තැන්වලට එනවා. ඒක එක්තරා ආකාරයක විනෝදාස්වාදයක් කියලා කියන්න පුලුවන්. රාත්‍රියේදී සාමාන්‍යයෙන් මිනිසුන් අඩු නිසා තමන්ට තමන්ගේ සිතුවිලි සමඟ තනි වෙන්න පුලුවන්. මෙමගින් මනසට හොඳ විවේකයක් ලැබෙනවා.

04. උදේ වරුවේ එයාලට වැඩිපුර වෙලාවක් නෑමට ගත කරන්න බෑ.

ජපන්නු කියන්නෙ නියම වැඩකාරයෝ පිරිසක් කියලා අපි කවුරුත් දන්නවා. ජපානයේ මිලියන 4.5 ක පූර්ණ කාලීන සේවකයින් අතරින් මිලියන 2.5 ක්ම තවත් රැකියාවක් කරනවා. එයාලා සාමාන්‍යයෙන් හැම සතියකම අතිරේක පැය 6-14 අතර කාලයක් දෙවන රැකියාවට වෙන් කරනවා. ඊට අමතරව, ජපානයේ වෙලාවට වැඩ කිරීමත් හරිම වැදගත්. ඒ නිසා ජපන් ජාතිකයන්ට උදේට නිදහසේ ඉන්න විනාඩියක්වත් නෑ.

05. එයාලට දේශගුණය බලපානවා.

ජපානයේ ගිම්හානය ඉතා උණුසුම් හා තෙතමනය සහිතයි. ගොඩක් පුරවැසියන් තමන්ගෙ කාර් භාවිතා කරන්නෙ නැති වුණත්, ඒ වෙනුවට පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරනවා. එතකොට එයාලට කාලගුණයේ බලපෑම උපරිම ලෙස දැනෙනවා. දවස අන්තිමට හොඳට නෑවෙ නැත්නම් ඉතින් දවසෙම මහන්සිය අඩු කරගන්න ලැබෙන්නෙ නෑ.

ශීත කාලෙදි ජපන් නිවාස ගොඩාක් සීතලයි. මොකද ඒවායින් බොහොමයකට මධ්‍යම වාතය හා තාපය නැහැ. නින්දට යන්න කලින් එයාලා නාන කාමරයට යන්නේ ස්නානය කිරීමට විතරක් නෙවෙයි, තමන්වම උණුසුම් කර ගැනීමටයි.

One Comment on “ජපන් ජාතිකයින් සවස් වරුවේ ස්නානය කර ලබාගන්නා ප්‍රයෝජන”

Leave a Reply

Your email address will not be published.