ජපානයේ මිනිසුන් බිම නිදාගැනීමට හේතුව සහ එය උත්සහ කිරීමට හේතු 5 ක්

බටහිර රටක හැදී වැඩුණු අය ගොඩක් වෙලාවට සැපපහසු ඇඳක ගුලිවෙලා නිදාගන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් අපි ජපන් නිදන කාමරයකට ඇතුළු වුණිත්, ඒ තුළ නිදාගන්න ඇඳක් දකින්න ලැබෙන්නෙ නෑ. ජපන් ජාතිකයක් බොහෝදුරට බිම නිදාගන්නවා. ඒක සම්ප්‍රදායක්වත්, කුඩා මහල් නිවාසවල ඉඩ ඉතිරි කිරීමේ බලාපොරොත්තුවෙන් කරන දෙයක් විතරක්වත් නෙවෙයි. බිම නිදාගැනීමෙන් සෞඛ්‍යයට ආකර්ෂණීය ප්‍රතිලාභ රැසකුත් ලැබෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ජපන් ජාතිකයන් බිම නිදාගන්න හේතුවන, බිම නිදාගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැනයි.

01. කොන්දේ වේදනාව පාලනය කිරීම

දෘඪ, පැතලි මතුපිටක් මත නිදා ගැනීම අපේ පිටට හොඳයි. එමගින් වසර ගණනාවක් තිස්සේ පැවති කොන්දේ වේදනාව අඩු කරගන්න පුලුවන්. මෘදු ඇඳක් මත නිදා ගැනීමෙන් ඇත්තටම අපට සුවපහසුවක් දැනෙනවා. ඒත් අපි නිදාගන්න මෙට්ටය කාලයත් එක්ක ගිලා බහින්න පටන් ගත්තම, කොඳු ඇට පෙළ වක්‍රවීමට සහ කොන්දේ වේදනාව ඇතිවීමට හේතුවෙනවා. වෛද්‍ය විශේෂඥයන් කියන්නෙ අපි නිදාගන්න මෙට්ටය ඉතා මෘදු නම් එය යටට ප්ලයිවුඩ් තියන්න කියලයි. බිම නිදාගැනීම මගින් කොඳු ඇට පෙළ පෙළගස්වා තබා ගන්නා අතර ශරීරය අස්වාභාවික ඉරියව්වකට ඇඹරීමත් වළක්වනවා.

02. ඉරියව් වැඩිදියුණු කිරීම

නිවැරදි ඉරියව්වෙන් නිදාගන්නකොට, කොඳු ඇට පෙළට නිසි ආධාරකයක් ලැබෙන නිසා, දිවා කාලයේදී කොන්ද කෙළින් තියාගෙන ඕන වැඩක් කරගන්න පුලුවන්. දුර්වල ඉරියව් නිවැරදි කරන්නත් බිම නිදාගැනීම උදව් වෙනවා.

03. රුධිර සංසරණය වැඩි දියුණු කිරීම

බිම නිදා ගන්නකොට, අපේ රුධිර ප්‍රවාහය වැඩි දියුණු වෙනවා. ඒකට හේතුව තමයි, බිම නිදාගැනීමේදී අපේ ශරීරයේ බර ඒකාකාරීව බෙදාහැරෙන නිසා විවිධ ශරීර කොටස් මත ඇතිවෙන පීඩනය අඩු වීම. ස්වාභාවික ඉරියව්වෙන් නිදාගැනීම මගින් දුර්වල රුධිර සංසරණය නිසා ඇති වන හිරිවැටීම වළක්වනවා.

04. නියමිත වේලාවට නැඟිටීමට උදවු වීම

උදේට නැගිටින්න කම්මැලියන්ටත් බිම නිදාගන්න එක හොඳ ක්‍රමයක්. කොට්ටවල සුවපහසුව අතහැරලා උදේට ඇඳෙන් බහින්න කම්මැලි අයට බිම නිදාගත්තම පහසුවෙන් උදේට නැගිටින්න පුලුවන් වෙනවා. බිම නිදා ගන්නකොට, නියම ගුණාත්මක නින්දක් ලැබෙනදා වගේම, දවස පුරාම බිම නිදාගෙන ඉන්න තරම් සුවපහසු නැති නිසා අවශ්‍ය වෙලාවට වඩා නිදාගැනීමෙනුත් වළකිනවා.

05. මුදල් ඉතිරි වීම

බිම නිදාගන්න පුරුදු වෙන එක ඔයාගෙ පර්ස් එකටත් ලාබයි. සාමාන්‍යයෙන් හොඳ මෙට්ටයකට ලොකු වියදමක් යනවා. නොගැලපෙන මෙට්ටයක් තෝරගැනීමෙන් ශරීරයේ වේදනා අත්විඳින්න සිදුවෙන නිසා, බිම නිදාගැනීම ගොඩක් වාසියි.

බිම නිදාගැනීමෙන් වැළකිය යුත්තේ කවුද?

මෙට්ටයක් නැතුව බිම නිදාගැනීමෙන් ගොඩක් වාසි ලැබුණත්, ඒක සමහර පුද්ගලයින්ට නොගැලපෙන ක්‍රමයක්.

  • අසාත්මිකතා තියන අය – බිම අපිරිසිදු වීම සහ දූවිලි තිබීම නිසා ඒවාට අසාත්මිකතා දක්වන අයට කැස්ස ඇතිවීම සහ නාසයෙන් හොටු දියර ගැලීම ඇති වෙන්න පුලුවන්.
  • අස්ථි රෝග තියන අය – දැනටමත් බරපතල අස්ථි ආබාධයකින් පෙළෙන අයට, බිම නිදාගැනීමෙන් සන්ධිවලට වැඩි පීඩනයක් එල්ල වෙන නිසා බිම නිදාගැනීමෙන් වළකින්න.
  • වැඩිහිටි අය – වයස සමඟ සංචලනය අඩු වන නිසා, වැඩිහිටියන්ට බිමට නිදා ගැනීම අපහසු වෙන්න පුලුවන්.
  • සීතල හැදෙන අය – රෑට නින්දේදී සීතල හැදෙන අයත් බිම නිදාගැනීමෙන් වළකින්න ඕන.

Leave a Reply

Your email address will not be published.