ජීන්ස් සෝදනවිට අප සිදුකරන ආයේත් නොකළ යුතු වැරදි 20 ක්

1853 දී, ලෙවි ස්ට්‍රවුස් විසින් මුල්ම වරට ජීන්ස් ඉතිහාසයේ ආරම්භය සනිටුහන් කළ රුවල් කැන්වසයෙන් කලිසම් නිර්මාණය කරනු ලැබුවා. මේ ඇඳුම අවුරුදු 100කට වැඩි කාලයක් වැඩ කරන ඇඳුම්වල කොටසක් බවටත් පත් වුණා. ඒත් 60 දශකය වෙනකොට විලාසිතා ලෝකයේ ලොකු වෙනසක් සිදු කරන්න ජීන්ස් කලිසම් සමත් වුණා. ගොඩක් ජනප්‍රිය වුණා වගේම මිලෙනුත් අධික ජීන්ස් වෙළඳපොළට ආවා. (ඩොලර් මිලියන 1.3 ක් විතර වටින ජීන්ස් පවා ලෝකයේ තියනවා)

ඉතින් අද වෙනකොට ඕනම ගැහැණු ළමයෙක්ගෙ අල්මාරියේ නැතුවම බැරි ඇඳුමක් බවට ජීන්ස් එක පත් වෙලා තියනවා. ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ පාට වෙනස් වෙන්නෙත් නැතුව, අලුත් පෙනුමට ජීන්ස් තියාගන්න ඔයා මොනවද කරන්න ඕන කියලයි.

අතින් සේදීම

ජීන්ස් ගොඩක් මෘදු නිසා ඒවා පිරිසිදු කිරීමේදී අත් සේදීම තමයි වඩාත් සුදුසු.

  • ජීන්ස් හෝදනකොට බේසමක නැතුව, බාත් ටබ් එකක දමා හෝදන්න. එතකොට පොඟවා ගැනීමේදී සහ සේදීමේදී ජීන්ස් එක කෙළින් කරගන්න ලේසියි.
  • පොඟවා ගැනීමේදී (පැය 1කට වඩා අඩු කාලයක්), විනාකිරි වීදුරු 1ක් සහ ලුණු තේ හැඳි 2ක් එකතු කරන්න. සේදුම් වතුරට වත් කිරීමට පෙර සියලුම අමුද්‍රව්‍ය කුඩා ජල ප්‍රමාණයක මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය දීප්තිමත් වර්ණය මැකී නොයෑමට උපකාරී වෙනවා.
  • 105° F ට වඩා උණුසුම් ජලය භාවිතා කිරීමෙන් වලකින්න.
  • රෙදි සෝදන කුඩු පාවිච්චි කරන්න එපා. එමගින් ජීන්ස්වල තොයන ලෝහ කැබලිවල පාට මැකී යනදා. ඒ වෙනුවට දියර ඩිටර්ජන්ට්, ෂැම්පු හෝ සබන් භාවිතා කරන්න.
  • අපිරිසිදු ස්ථාන වෙත වැඩි අවධානයක් යොමු කරමින් ජීන්ස් පිරිසිදු කිරීමට මෘදු කෙඳි බුරුසුවක් භාවිතා කරන්න. මුලින්ම, ඇතුළත සිට, පසුව පිටත පැත්තෙන් බ්‍රෂ් කරන්න. කලිසම් කකුල් එකිනෙක අතුල්ලමින් සෝදන්න එපා.
  • ඔයා සබන් භාවිතා කරනවා නම්, එය කෙලින්ම රෙදි මත තබන්න එපා. ඒ වෙනුවට, බුරුසුවක සබන් ගාගෙන ජීන්ස් එක බ්‍රෂ් කරන්න.
මැෂින් එකේ සේදීම

ප්‍රවීණයන් කියන්නෙ වොෂින් මැෂින් එකට දාලා ජීන්ස් හෝදන එක හොඳ දෙයක් නෙවෙයි කියලයි. ඒත් ඉතින් අපි සැබෑ ජීවිතයෙදි කාර්යබහුලත්වය නිසා ඕනම ඇඳුමක් හෝදන්නෙ වොෂින් මැෂින් එකේමයි.

  • ජීන්ස් එක කනපිට හරවා ඔබේ සාක්කු හිස් කරන්න.
  • සියුම් චක්‍රය තෝරන්න. ජලයේ උෂ්ණත්වය 105 °F ට වඩා වැඩි නොවිය යුතු අතර කැරකීම් 600කට වඩා වැඩි නොවිය යුතුයි. (නැත්නම් භ්‍රමණ චක්‍රය ක්‍රියාවිරහිත කරන්න). ඉහළ උෂ්ණත්වය ඇඳුමේ වර්ණයට සහ ප්‍රමාණයට බලපානදා. ඔයාගෙ වොෂින් මැෂින් එකේ වෙනම ඩෙනිම් හෝදන කොටසක් තියනවා නම් ඒක භාවිතා කරන්න.
  • දියර රෙදි සෝදන ඩිටර්ජන්ට් භාවිතා කරන්න. දීප්තිමත් වර්ණය මැකී නොයාමට නම් සේදීමට පෙර වතුරට විනාකිරි වීදුරුවකින් බාගයක් එකතු කරන්න.
  • ජීන්ස් හෝදනකොට වෙනත් තදපාට ඇඳුම් (කළු, අළු, හෝ නිල් ඒවා) සමග සේදීමෙන් වළකින්න.
වියළීම

සේදීම වගේම වියළීමත් ගොඩක් වැදගත්.

  • ඩෙනිම් රෙදි දීප්තිමත් ආලෝකය සහ අධික උෂ්ණත්වයට කැමති නෑ. ඒනිසා ඒවා වියලීමේදී වියළන යන්ත්‍ර සහ තද හිරු එළිය භාවිතා කරන්න එපා. සෘජු හිරු එළිය වළක්වා ගනිමින් ජීන්ස් එක ස්වභාවිකව වියළීමට ඉඩ දෙන්න.
  • ජීන්ස් ඉවතට නොගන්න. අතින් මිරිකා වැඩිපුර ජලය ඉවත් කරන්න.
  • ජීන්ස් එක දිගහරින්න.
  • ජීන්ස් එල්ලීමට පෙර, රැළි ඇතිවීම වළක්වා ගැනීමට තුවායක් එල්ලන්න.
ඔයා කැමතිම ජීන්ස් වල පාට රැක ගන්න උදව් වෙන තවත් උපදෙස් කිහිපයක් මෙන්න.
  • සාමාන්‍යයෙන් ජීන්ස් එකක් අඩුවෙන් සෝදන තරමට ඒකෙ පාට ආරක්ෂා වෙලා තියනවා. ඔයාගෙ කලිසමේ පැල්ලමක් වැටුණොත් මුළු ජීන්ස් එකම සෝදන්නෙ නැතුව පැල්ලම වැටුණු තැන විතරක් සෝදන්න. අපි මුලින් කියපු නීති ගැන අමතක කරන්න එපා!
  • ඔයාට ඔයාගෙ ජීන්ස් නැවුම් කිරීමට අවශ්‍ය නම්, ඒවා සිප්-ලොක් බෑගයක් තුළ ශීතකරණයක තබන්න. එහි සුවඳ ඉවත් කිරීමට, වතුර සහ වොඩ්කා සමාන ප්‍රමාණ යොදා සාදාගත් මිශ්‍රණයක් ඉසින්න පුලුවන්.
  • තද පාට ඇඳුම් සඳහා සුදුසු රෙදි සෝදන ඩිටර්ජන්ට් භාවිතා කිරීමට උත්සාහ කරන්න. එය ගොඩක් සියුම් නිසා.
  • ලෙදර් කොටස් තියන ජීන්ස් සෝදනකොට ලෙදර් කොටස් ඉරිතලා නොයෑමට ග්ලිසරින් ටිකක් දමා යන්තමින් අතුල්ලන්න.
  • ජීන්ස්වල පරණ පාටක් පේනවා නම් ඒවා මත වතුර ස්වල්පයක් ඉසින්න. ඒවා දෙකට නමා රෝල් කරන්න. පොඩි වීම වළක්වා ගැනීමට ඒවා මේ විදිහට ගබඩා කරලා තියන්න.
  • සමහර අය ජීන්ස් ඇඳගෙන් ඉන්න ගමන්ම ඒවා සෝදා ගන්නවා. එයාලා උණුසුම් වතුරේ වාඩි වෙලා, පැල්ලම් ඉවත් කිරීමට බ්‍රෂ් එකක් භාවිත කරනවා. ඊලඟට නැගිටලා අත්වලින් කලිසම සෝදා, ඒවා වියළෙන තෙක් ඇවිදිනවා. ඔයා මේ ක්‍රමය භාවිත කරන්න හිතනවා නම්, ඔයාගෙ සෞඛ්‍යය ගැනත් අමතක කරලා උණුසුම් තැනක ඉන්න වෙනවා.

Leave a Reply

Your email address will not be published.