ජීවිතය යහපත් කරන අප නොදන්නා කොකෝවා වල ඇති ප්‍රතිලාභ 5 ක්

චොකලට් කියන්නෙ වයස් භේදයකින් තොරව අපි හැම කෙනෙක්ම ප්‍රිය කරන කෑමක්. ඒත් කොකෝවා මගින් ශරීරයට සපයන වැදගත් සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන දන්නේ කිහිප දෙනෙක් විතරයි. කොකෝවා කියන්නෙ එහි බීජ කුඩු කර මේදය ඉවත් කිරීමෙන් සාදන ලද කුඩු වර්ගයකටයි. එය මුලින්ම භාවිතා කළේ මායාවරුන් විසින් වන අතර, පසුව එය යුරෝපයට හඳුන්වා දුන් පසු යුරෝපයේදී බෙහෙතක් ලෙසත් භාවිතා කරනු ලැබුවා. අදටත් කොකෝවා ඖෂධයක් විදිහට භාවිතා කෙරෙනවා.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඔයා මෙතෙක් කල් දැනගෙන හිටියෙ නැති, කොකෝවාවල සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

01. ඔසප් වේදනාව සමනය කරනවා.

ඔසප් වේදනාව ස්වභාවිකව සමනය කිරීමට හොඳම විසඳුම තමයි, ඩාර්ක් චොකලට් ටිකක් ආහාරයට ගැනීම. ඩාර්ක් චොකලට් වල මැග්නීසියම් කියන පෝෂකය රැගෙන යන කොකෝවා අඩංගු වෙනවා. නිරෝගීව සිටීමට අපේ ශරීරයට මැග්නීසියම් අත්‍යවශ්‍යයි. ඔයාගෙ උකුල්, කලවා සහ බඩ වගේ ප්‍රදේශ වල වේදනාවක් දැනෙනවා නම්, චොකලට් වල තියන මැග්නීසියම් කියන්නෙ ගර්භාෂයේ මාංශ පේශී සන්සුන් කිරීමට ඉක්මන් විසඳුමක්.

02. තරබාරුකම අඩු කරනවා.

ඔයා මෙච්චර කාලයක් හිතන් හිටියෙ කොකෝවා බර වැඩිවීමට හේතු වෙනවා කියලා නේද? ඒත් ඔයා ඩාර්ක් චොකලට් අධික ප්‍රමාණයක් පරිභෝජනය නොකර, සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් එමගින් ඔයාට බර පාලනය කරගන්න උදව් වෙනවා.

කොකෝවා වල ශාක වලින් ලැබෙන ද්‍රව්‍යයක් වන ෆයිටෝනූට්‍රියන්ට් අඩංගු වන අතර එය ගොඩාක් සෞඛ්‍ය සම්පන්නයි. කොකෝවා වල මේදය සහ සීනි අන්තර්ගතයත් අඩු නිසා ඔයාගෙ ශක්ති මට්ටම් ප්‍රබෝධමත් කිරීමට සහ ඔයාට පූර්ණ බවක් දැනීමටත් උපකාරී වෙනවා. එමගින් නිතරම බඩගිනි දැනෙන්නෙ නැතුව සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගන්න පුලුවන් වෙනවා.

03. ඇදුම සහ අසාත්මිකතා තියන පුද්ගලයින්ට හොඳයි.

ඇදුම රෝගය කියන්නෙ බියජනක හා ජීවිතයට තර්ජනයක් විය හැකි රෝගයක් වුණත් කරදර වෙන්න එපා. ඇදුම ගැන සැකයක් නැති කරගන්න ඔයාට ගෙදරදිම කරන්න පුලුවන් දෙයක් තියනවා. කොකෝවා වල තියෝබ්‍රොමින් සහ තියෝෆිලයින් නමින් හැඳින්වෙන විශේෂ සංයෝග 2ක් අඩංගු වන අතර, ඒවා දෙකම ඇදුම-විරෝධී සංයෝග දෙකක් ලෙස සැලකෙනවා. තියෝබ්‍රොමීන්, පෙණහලුවල ස්වසන මාර්ග ලිහිල් කිරීමට සහ පෙනහළු පිළිකාවලින් ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. තියෝෆිලයින්, ශ්වසන මාර්ග ලිහිල් කිරීමට සහ ප්‍රති-ගිනි අවුලුවන බලපෑමක් ඇති කිරීමට උපකාරී වෙනවා.

04. ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා.

කොකෝවා අපේ ප්‍රතිශක්තිය ප්‍රබෝධමත් කිරීම සඳහා විශිෂ්ටයි. එහි ප්‍රතිඔක්සිකාරක ගුණ තියනවා. ඒ වගේම ෆ්ලේවනෝල් අඩංගු වෙනවා. කොකෝවා ආහාරයට ගන්න අයට හොඳ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයක් තියෙන්නෙ ඒ නිසයි. ඒවා රුධිර පීඩනය අඩු කිරීමට, රුධිර කැටි ගැසීම වැළැක්වීමට සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වෙනවා.

05. දත්වලට සහ සමට ප්‍රයෝජනවත් වෙනවා.

විදුරුමස් කුහර සහ දත් දිරායාමෙන් ආරක්ෂා කිරීමටත් කොකෝවා උදව් වෙනවා. දත් එනමලය (දත් ආවරණය කරන සුදු පාට ද්‍රව්‍යය) ආක්‍රමණය කරන අම්ලයට එරෙහිව සටන් කිරීමට උපකාර වන පොලිෆෙනෝල් කොකෝවාවල අඩංගුයි.

කොකෝවා මගින් දත් නිරෝගීව තබාගන්න උපකාර කරනවා වගේම අපේ සමටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. චොක්ලට් කුරුලෑ ඇති කරන බව ගොඩක් අය විශ්වාස කලත්, ඒක මිත්‍යාවක් බව විද්‍යාඥයන් ඔප්පු කරලා තියනවා. කොකෝවා මගින් සමට හිරු ආරක්ෂාව ලබා දී සමේ තෙතමනය ආරක්ෂා කරදෙනවා.

Leave a Reply

Your email address will not be published.