ඩබල් චින් නැති කර ගැනීමට උදව් වන ඵලදායී ක්‍රම 10 ක්

පහල හකු ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙය සමෙහි මේදය එකතුවීමෙන් සෑදුණු රැල්ලකි. මේ නිසා මුහුණට ලෙඩ සහිත ඉදිමුණු බවක්,බර ගතියක්, සහ මුහුණේ සමානුපාතිකයේ දෘශ්‍ය විරූපණයක් දක්නට ලැබෙනවා. 

හොඳ ආරංචිය නම් මෙය විසඳිය හැකි වීමයි. සම්බාහනයක්, ශරීරික ව්‍යායාම, නිවසේ සිදු කරන රූපලාවන්‍ය සත්කාර මඟින් මෙය වළක්වාගත හැකියි.

තරුණ සිහින් ගැහැණු ළමයින්ට පවා මේ තත්වය තියෙන්න පුළුවන්. මේ නිසා මෙම ලිපියෙහි සඳහන් වන උපක්‍රම උත්සාහ කර බලන්න.

ඩබල් චින් ඇතිවෙන්න හේතුව මොකක්ද? 

වයස 

වයස අවුරුදු 45කට වැඩි කාන්තාවන් අවදානම් කලාපයේ ඉන්නවා. මේ වයසේදී, සමෙහි ප්‍රත්‍යස්ථතාවය සැලකිය යුතු ආකාරයට අවම වන නිසා මුහුණේ ඕවලාකාර හැඩය වෙනස් වෙන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය ගුරුත්වාකර්ෂණ පාතය ලෙස හඳුන්වනවා.

ශරීරයේ බර ප්‍රබලව වෙනස් වීම 

ශරීරයේ බර ප්‍රබල ලෙස වැඩි වීම වගේම ශ්‍රීඝ‍්‍ර බර අඩුවීමත් සමේ රැලි වැටීමට හේතු වෙනවා. 

සමබර නොවන පෝෂ්‍ය පදාර්ථ

ආරය

ඇඳුමේ කර සහ නිකට අතර කෝණය අවම වන පරිදි දෙමාපියන්ගේ මුහුණේ ආකාරයටම ඔයාගේත් පිහිටා තිබෙනවානම්, මෙම තත්වය ඇතිවෙන්න පුළුවන්. 

දිනපතා කරන නරක පුරුදු 

වඩාත්ම පොදු පුරුද්ද නම් දීර්ඝ කාලයක් අලස වීම සහ හිස පහලට කරගෙන සිටීමයි. (උදාහරණයක් ලෙස, ජංගම දුරකථනය පාවිච්චි කරන විට) 

නින්දේ ආබාධ 

උසින් වැඩි මෘදු කොට්ට මඟින් නින්දේ ගුණාත්මය භාවයට හානි කරන අතරම ඩබල් චින් තත්වයටත් හේතු වෙනවා.

ගැබිණි වීම.

මෙම තත්වයෙන් මිදෙන්නේ කෙසේද?

01. ශාරීරික ව්‍යායාම මඟින් 

මෙම තත්වය වළක්වා ගැනීමට වඩාත්ම ඵලදායි ක්‍රමය වන්නේ මෙයයි. මෙම ව්‍යායාම සැමට පමණක් නොවෙයි, මුහුණේ මාංශ පේශි වලටත් බලපෑම් කරනවා. සතියක් පුහුණු කිරීමෙන් ප්‍රතිඵල බලාගත හැකියි. ප්‍රධානම දෙය වන්නේ අඛණ්ඩව සිදු කිරීමයි.

ඝනකම් පිටකවරයක් ඇති ඝනකම් පොතක් ගන්න. එය හිස මත තබා දිනපතාම එම ඉරියව්වෙන් විනාඩි 10ක් ඇවිදින්න. කාලයත් සමඟ තවත් බර වැඩි පොතක් මේ සඳහා භාවිතා කරන්න.

පහල හනුවේ විශාල බරක් තබාගෙන ඉන්නවා කියා සිතන්න. මුහුණේ මාංශ පේශි වික්‍රියනය කිරීමෙන් එය රඳවා තබාගැනීමට උත්සහ කරන්න. ඔයාගේ හිස පිටුපසට නැවි තිබිය යුතුයි. මෙම ව්‍යායාමය පස් වතාවක් කරන්න. 

නාසයේ කෙළවර දිවෙන් ස්පර්ශ කිරීමට උත්සහ කරන්න, ඉන් පසු, දිවෙන් පහල හනුව ස්පර්ශ කිරීමට උත්සහ කරන්න. මෙම ව්‍යායාමය පස් වතාවක් කරන්න.

කට පළල්ව විවෘත කර, උපරිම විස්තාරයක් ලැබෙන පරිදි කල්පිත 8ක් අඳින්න. දස වතාවක් මෙම ව්‍යායාමය කරන්න.

වැලමිට දෙක මේසය මත තබා, අත්වල මිටට නිකට තබන්න. දෑත්වලින් ප්‍රතිරෝධය දක්වමින් මුහුණ ඉදිරියට නවන්න උත්සහ කරන්න.  

මුහුණේ මාංශ පේශි තද කරමින් පැහැදිලිව පහත දැක්වෙන ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර කීප වරක් ශබ්ද කරන්න.

“sun” වචනයේ “u” ශබ්දය 

“pot” වචනයේ “o” ශබ්දය 

“see” වචනයේ “ee” ශබ්දය 

“bed” වචනයේ “e” ශබ්දය

02. ස්වයං- සම්බාහනය 

මෙමඟින් රුධිර සංසරණය වර්ධනය, මුහුණේ පේශි තානය කර, සමට හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමට සහය වෙනවා.

සබන් යොදා දෑත් සෝදා ප්‍රවේසමෙන් වියළා ගන්න. ක්‍රීම්, ජෙල් හෝ තෙල් මුහුණේ පහල කොටසේ ආලේප කර සම්බාහනය කරන්න. අධික පීඩනයක් යොදවන්නේ නැතිව දෑත් කන් පෙති සිට නිකට දක්වා පහල හනුව ඔස්සේ ලිස්සා යන්න. ඉන්පසුව, මෙම චාලනය ප්‍රතිවිරුද්ධ දිශාවටත් නැවත නැවත සිදු කරන්න. මෙය සිදු කරන වාරයක් පාසා වේගය සහ පීඩනය වැඩි කරන්න.

ලිස්සායාමේ චලන වෙනුවට සෙමින් තට්ටු කරන්න, අදින්න. සම්බාහනය සෙමින් සහ මෘදු ලෙස අතගෑමෙන් අවසන් කරන්න.  

ආසාත්මිකතා දක්වන්නේ නැතිනම් මේ සඳහා මී පැණි යොදා ගත හැකියි.

03. රූපලාවන්‍ය සත්කාර
© Depositphotos

ඩබල් චින් තත්වය වලක්වාගත හැකි වඩාත්ම ඵලදායි ක්‍රමයක් වන්නේ Myostimulation ක්‍රමයයි. එමඟින් ව්‍යායාම, ආහාර, හෝ සම්බාහන භාවිතා නොකර ප්‍රතිප්ගල ලබා ගත හැකියි. ඉලෙක්ට්‍රොනික ආවේගයන් භාවිතා කර ගැටළු සහගත ප්‍රදේශවල ඇති අතිරික්ත ද්‍රව ඉවත් කරගැනීමට හැකි වෙනවා.

ගුවන් විදුලි තරංග එසවුම් මඟින් එය සතුව පවතින විශේෂ ශබ්දය සහ සංඛ්‍යාතයට ස්තුතිවන්ත වීමට ඩබල් චින් තත්වය වළක්වාගත හැකියි. එමඟින් ලේ ගමනාගමනය වර්ධනය කර, සෛල ජුනර්ජනනය වේගවත් කර, මේද පටකවල පරිමාව අවම කරනවා.

ලේසර් ලිපොලිසිස් යනු මේ සඳහා තවත් ප්‍රතිකර්මයකි. මේ සඳහා උදව් වන්නේ තීව්‍රතාවය අවම ලේසර් විකිරණයි. සැත්කමක් කිරීමෙන් තොරව මේද සෛල බිඳ දමා සිරුරෙන් ඉවත් කරගත හැකියි.

Mini-liposuction නමැති බරපතල ක්‍රමවේදය මඟින් සැත්කමක් කර මේද පටක සහ එල්ලා වැටුණු සම ඉවත් කරගත හැකියි.

04. නිවසේදීම භාවිතා හැකි සත්කාර 

කළු මැටි 

සරල සහ වඩා ඵලදායී මාස්ක් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. මැටි මේස හැඳි 3ක් ඇල්වතුර සමඟ මිශ්‍ර කර ඩබල් චින් ප්‍රදේශයේ සතියකට 1-2 වතාවක් ආලේප කරන්න. වියලි සමක් තිබේ නම්, ඕනෑම වර්ගයක අත්‍යවශ්‍ය තෙල් ස්වල්පයක් එකතු කරන්න.

බැන්ඩේජ් එක පැළඳීම 

බොහොමයක් අන්තර්ජාල භාවිතා කරන පුද්ගලයින් බැන්ඩේජ් සහ ගෙලට පළඳින කොලර් මඟින් ඩබල් චින් තත්වය වලක්වාගත හැකියි. එමඟින් මාංශ පේශි සකස් කර, මාංශ පේශි ආතතිය ඉවත් කර, සම මතුපිට මෘදු කර, මාංශ පේශි කෙඳි වල තත්වය වර්ධනය කරනවා.

අමතර: තත්පර කීපයකින් ඩබල් චින් එක ඉවත් කරගන්න!

1. නිවැරදි ඇඳුම් තෝරාගන්න.

සාමාන්‍ය ඇඳුමේ කර මඟින් ඩබල් චින් වැනි මුහුණේ ගැටළු සහගත ප්‍රදේශ කෙරෙහි ලැබෙන අවධානය අවම වෙනවා.  

2. හිසකෙස් මෝස්‌තර අලුත් කරන්න.

බෙල්ල ප්‍රදේශය විවර කරන පරිමාවෙන් වැඩි කොණ්ඩ මෝස්‌තර භාවිතා කරන්න. නිකට අසල තිබෙන කෙටි හිසකෙස් වලක්වා ගන්න. කර්ල්ස් සහිත හිස කෙස් නිකට අසල තිබීමෙන් ද්විත්ව නිකට වෙනුවට ත්‍රිත්ව නිකටක් ලැබේවි.

3. මේකප් වල නව පැතිකඩ සොයා යන්න.

ස්කල්ප්ටින් කැටයම්කිරීමෙන් වඩාත්ම පැහැදිලිව පෙනෙන ඩබල් චින් තත්ත්ව පවා වසා දැමිය හැකියි. කොපුල් අස්ථි, කොපුල් සහ ඇස් වලට අවධානය යොමු කරන්න. කෙනෙකුගේ අවධානය නිකටෙන් ඉවත් කරගැනීමට තද පාටක ලිප්ස්ටික් හෝ ලිප් ග්ලොස් එකක් භාවිතා කරන්න. ස්කල්ප්ටින් පව්ඩර් ස්වල්පයක් පහල හනුවේ ආලේප කරන්න.

Leave a Reply

Your email address will not be published.