තට්ට පැල්ලම් නැතිකර හිසකෙස් ස්වාභාවිකවම වර්ධනය කලහැකි ක්‍රම 9 ක්

දිනකට අපගේ හිසකෙස් යම් ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා. එය ඇත්තෙන්ම හරිම සාමාන්‍ය තත්ත්වයක්. මීට අමතරව අපගේ හිසකෙස් අහිමි වීම සිදු වෙනවා විශේෂයෙන් බර අඩු කර ගැනීම, දරු ප්‍රසූතිය, දෛනික ආතතිය වැනි තත්ත්වයන් වලදී.  ඒ වගේම ඇතැම් සාධක නිසා හිසකෙස් බොහෝ අහිමි වී තට්ටය වූවත් ඇති විය හැකී. නමුත් ඇත්තෙන්ම මෙම තත්ත්වය පාලනය කල හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. මෙම ක්‍රමයන් හරිම ඵලදායී.තට්ටය සමඟ සටන් කිරීමට නිසැකවම ඔබට උපකාරී වන උපදෙස් කිහිපයක් ඔබට අරගෙන එන්න ඕන කියල අද අපිට සිතුනා. ඔබත් තට්ටය පෑදීම නිසා හරිම සිත් තැවුලෙන් සිටි අයෙක් නම් මෙය ඔබට බොහෝ උපකාරී වේවි. කියවලම බලන්නකෝ. 

01. හිසකෙස් වර්ධනය උත්තේජනය කරන ආහාර උත්සාහ කරන්න.

ඔබ වැරදි ආහාර වේලක් ලබා ගන්නවා නම් එය ඔබේ හිසකෙස් නැති වීමට හේතුවක් වන්න පුළුවන්. ඔබට මෙම තත්තවය නැති කර ගැනීමට පුළුවන් ඔබේ ආහාර වේලට ඔබ හොද ආහාර එක් කර ගැනීම තුළින්. හිසකෙස් වර්ධනයට අනුබල දෙන විශිෂ්ට ආහාර කිහිපයක් අපි පහතින් ලැයිස්තුගත කරල තිබෙනවා. 

සැමන් සහ අනෙකුත් මේද මාළු:මෙය ඔමේගා 3 වල හොදම ප්‍රභවය ලෙස හදුන්වන්න පුළුවන්. මෙය ඔබේ හිසකෙස් වල ඝනත්වය වර්ධනය කරනවා. 

මස්:නිරෝගී හිසකෙස් සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන් සහ යකඩවල තවත් විශිෂ්ට ප්‍රභවයක් ලෙස මෙ‍ය හදුන්වන්න පුළුවන්. 

අලිගැට පේර:අපගේ හිසකෙස් වලට බොහෝ ප්‍රයෝජනවත් වන විටමින් ඊ, විටමින් සී සහ වැදගත් මේද අම්ල මෙහි අන්තර්ගත වනවා. 

බිත්තර: හිසකෙස් වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් සහ බයෝටින් බහුලව පවතිනවා. 

නිවිති:ෆෝලේට්, යකඩ සහ විටමින් ඒ වැනි හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍ය කොටස් මෙහි අන්තර්ගත වනවා. 

කිම්චි:හිසකෙස් නැතිවීම ආපසු හැරවීමට උපකාරී වන ප්‍රෝබියොටික් මෙහි අන්තර්ගත වනවා. 

02. ඔබේ හිස්කබලට තෙල් සාත්තුවක් ලබා දෙන්න. 

ඔබේ හිස සෝදා ගැනීම සහ හිසකෙස් ආවරණ ආලේප කිරීම කියල කියන්නේ බෝහෝ වැදගත් දෙයක්. ඔබේ හිස සම්බාහනය කිරීම සදහා ඔබට විවිධ තෙල් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඔබේ ආතතිය ඉවත් කිරීමට වගේම ඔබේ සමේ පැපිල සෛලවල හිසකෙස් වර්ධනයට මෙය ඔබට බොහෝ සහය වේවි. 

තට්ටයට ප්‍රතිකාර කිරීමට සහ හිසකෙස් නැවත වැඩීමට උත්තේජනය කිරීමට භාවිතා කළ හැකි තෙල් වර්ගයක් තමා රෝස්මරී තෙල් කියල කියන්නේ. ඔබේ හිස්කබල සම්බාහනය කිරීම සදහා සතියකට දෙතුන් වතාවක් මෙය භාවිතා කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා. 

හිසකෙස් වර්ධනයට අනුබල දෙන නිෂ්පාදනයක් තමා ගෙරානියම් තෙල්. ඔබට මෙම තෙල් වාහක තෙල් සමග මිශ්‍ර කර හිසකෙස් ආවරණයක් සාදාගත හැකී. ඒ වගේම ඔබට මෙය ෂැම්පූ වලට එකතු කිරීමද කල හැකී. 

හිසේ කැක්කුමට එරෙහිව සටන් කිරීම සදහා කෝමාරිකා තෙල් කියල කියන්නේ හොදම ද්‍රවයයක්. 

ඔබ ඔබේ හිස බොහෝ විට සීරීම සිදු කරනවා නම් ඔබේ හිසකබලේ කුඩා තුවාල, කුෂ්ඨ වැනි දෑ ඇති වීමට පුළුවන් වගේම මේ නිසා ඔබේ හිසකෙස් නැති වීමට පවතින සම්භාවිතාවයත් බෝහෝ වැඩියි. මෙවැනි තුවාල සුව කර  ගැනීම සදහා භාවිතා කල හැකි දෙයල් ලෙසත් මේ කෝමාරිකා තෙල් හදුන්වන්න පුළුවන්. 

03. ළූණු යුෂ භාවිතා කරන්න

ඔබ ළූණු සුවදට නම් ඇත්තෙන්ම එතරම් කැමති නැතුව ඇති. නමුත් මේ ළූණු යුෂ කියල කියන්නේ බොහෝම ඵලදායි දෙයක්.මෙහි අන්තර්ගත වන  පෝෂ්‍ය පදාර්ථ නිසා මේවා ඔබේ හිසකෙස් සදහා බොහෝ වැදගත් වෙනවා. ඔබේ හිසකෙස් වර්ධනය කර ගැනීමේදී මෙයට විශාල කාර්‍යයභාරයක් සිදු කල හැකී. ඔබට යුෂ ස්වල්පයක් මිරිකා හෝ ළූනු පේස්ට් එකකට පොඩියට අඹරා ගෙන ඔබේ හිස්කබලේ ආලේප කිරීම සිදු කර ගත හැකී. 

04. හරිත තේ ලබා ගන්න. 

ප්‍රතිඔක්සිකාරක වල හොදම ප්‍රභවයක් තමා හරිත තේ කියල කියන්නේ. විවිධ සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කිරීම සඳහා අතිරේකයක් ලෙස මෙය භාවිතා කරන්නේ මෙන්න මේ නිසා. එපිගල්ලොකැටචින් ගැලට් නම් ද්‍රවයයක් මෙහි අන්තර්ගත වනවා. හිසකෙස් නැවත වර්ධනය කිරීම සඳහා මෙය බොහෝ වැදගත් වෙනවා. හරිත තේ සාරය, විටමින් ඩී, ඔමේගා -3, ඔමේගා -6 සහ වෙනත් මූලද්‍රව්‍ය අඩංගු නව අතිරේකයක් ලබා ගත් බොහෝ දෙනෙකුගේ හිසකෙස් බොහෝ ඉක්මනින් වර්ධනය වුනා. මෙය සොයාගත්තේ හිසකෙස් අඩු පුද්ගලයින් කිහිප දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අධ්‍යනයකින්. 

05. ඔබේ විටමින් ඩී මට්ටම පරීක්ෂා කරන්න.

පහළ මට්ටමේ විටමින් ඩී සහ ස්ථානීය තට්ටය අතර සම්බන්ධයක් පැවතිය හැකිය. එමනිසා, ඔබේ වෛද්යවරයා සමඟ සාකච්ඡා කිරීම මෙහිදී වැදගත් වෙනවා. ඔබ වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන විටමින් ඩී අතිරේක භාවිතා කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම සහ හිරුට නිරාවරණය වීම වැනි දෑ සිදු කලහොත් ඔබ බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් හිසකෙස් නැතිවීමට වළක්වා ගැනීම වගේම ඔබේ හිසකෙස් ඉක්මනින් වර්ධනය කර ගැනීමට මෙය ඔබට උපකාරී වේවි. 

06. ඔබේ හිසකෙස් තෙත්ව පවතින විට පීරීම සිදු කරන්න එපා. 

ඔබ හිසකෙස් සෝදා පැමිණි වහාම එයට මෝස්තර කිරීමෙන් ඔබේ හිසකෙස් වලට සැලකිය යුතු හානියක් සිදු වීමට පුළුවන්. 

ඔබ නිතරම මෙවැනි හානියක් ඔබේ හිසකෙස් වලට සිදු කිරීමේදී  හිසකෙස් ගැලවී යාම හා තට්ටය ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වෙනුවට, ඔබේ හිසකෙස් වියළීමට ඉඩ දී පසුව මෘදු බුරුසුවක් හෝ පුළුල් දත් පනාවක් භාවිතා කර ඔබේ හිසකෙස් පීරීම සිදු කරන්න. 

07. වට්ටක්කා බීජ තෙල් භාවිතා කරන්න.

තට්ට හිස් ඇති පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අධ්‍යනයකදී එක් කොටසකට වට්ටක්කා තෙල් භාවිතා කිරීමට ඉල්ලා සිටි අතර අනෙක් කොටසට ප්ලේසෙබෝ භාවිතා කිරීමට ඉල්ලා සිටියහ. අත්හදා බැලීම අවසානයේ, ප්‍රතිඵල ලෙස පළමු කණ්ඩායමේ සැලකිය යුතු හිසකෙස් වර්ධනයක් පෙන්නුම් කලේය. මේ නිසා ඔබටත් මේ වට්ටක්කා තෙල් භාවිතා කල හැකිය. ඔබට මේවා ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. 

08. ලයිකෝරයිස් සමඟ ෂැම්පූ උත්සාහ කරන්න.

හිසකෙස් මුල් උත්තේජනය කිරීම, හිසකෙස් වර්ධනයට සහාය වීම සහ හිසකෙස් සිහින් වීම අඩු කිරීම වැනි වාසි චීන ලයිකෝරයිස් මගින් ලබා දෙනවා . එය භාවිතා කිරීමට පහසු ක්‍රමයක් තමා ෂැම්පූ සමග මෙය භාවිතා කිරීම.  ලයිකෝරයිස් අඩංගු ස්වාභාවික ශාකසාර ෂැම්පූ  දිනපතා භාවිතා කිරීමට ඔබට හැකියාවක් තිබෙනවා. 

09. ඉඟුරු විකල්පයක් ලෙස සලකන්න.

ඉඟුරු වල හිසකෙස් වර්ධනය වැඩි දියුණු කළ හැකි ජෛව සක්‍රීය සංයෝග අඩංගු වන අතර, එය ඔබේ හිස්කබලට වඩා ප්‍රති-දිලීර, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී බලපෑම් ඇති කළ හැකි බව සිදුකරන ලද අධ්‍යනයකදී හෙළි වී තිබෙනවා. පෝෂ්‍යදායී හිස්කබල ආවරණයක්  ඔබට එහි යුෂ හෝ තෙල් භාවිතා කළ සකසා ගැනීමට හැකිය. ජොජෝබා, පොල්, හෝ ආගන් වැනි වාහක තෙල් සමඟ එය ඒකාබද්ධ කර ඔබේ කොණ්ඩයට ආලේප කිරීම සිදුකරන්න. ඔබේ හිස විනාඩි 30 ක් කැප් එකකින් ආවරණය කර තබා අවසානයේ සෝදා හරින්න. 

ඔබේ හිසකෙස් වර්ධනය කර ගැනීම සදහා ඔබ භාවිතා කරන තවත් ක්‍රම තිබෙනවා නම් අපත් සමග එය බෙදා ගැනීමට අමතක කරන්න එපා. 

One Comment on “තට්ට පැල්ලම් නැතිකර හිසකෙස් ස්වාභාවිකවම වර්ධනය කලහැකි ක්‍රම 9 ක්”

Leave a Reply

Your email address will not be published.