තමන්ට නොපෙනෙන අන් අයගෙන් පෙනෙන අප්‍රසන්න පෙනුමක ලක්ෂණ 12 ක්

අපි නොදනුවත්වම අපේ පෙනුමේ සමහර කොටස් නොසලකා හරිනවා. ඒක අපේ ලස්සන පෙනුමට ලොකු හානියක් ඇතිකරනවා. විලාසිතා කරනකොට අපි අතින් සිදුවෙන වැරදි නිසා අනිත් අයට අපේ පෙනුම ගැන අප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නත් පුලුවන්.

ඒ නිසා අද අපි හිතුවා ඔයාගෙ පෙනුම අනිත් අයට අවාස්සනට පේන්න හේතුවෙන, ඔයා අතින් සිදුවෙන වැරදි කිහිපයක් ගැන ඔයාට කියලා දෙන්න ඕනි කියලා.

01. බ්‍රා පටි පිටතට පෙනීම

බ්‍රැලේට්ස් කියන්නෙ මේ වෙනකොට විලාසිතාවක් විදිහට ඇඳුම්වලින් පිටතට පෙනිය හැකි පරිදි සකසන ලද බ්‍රා පටි විලාසිතාවක්. හැබැයි ඉතින් සාමාන්‍ය බ්‍රා වලට නම් මේක සම්පූර්ණයෙන්ම වෙනස්. සාමාන්‍යයෙන් සැලකෙන්නෙ බ්‍රා පටිය ඇඳුමෙන් පිටතට පැමිණීම නුසුදුසු දෙයක් විදිහටයි.

විසඳුමක්:

  • පටි රහිත බ්‍රා අඳින්න බය වෙන්න එපා. ගැළපෙන ප්‍රමාණයේ පටි රහිත බ්‍රා තෝරගැනීමෙන් මේ ප්‍රශ්නෙ විසඳගන්න පුලුවන්.
  • කර ඉහළට තිබෙන ඇඳුම් අඳින විටත් පළල් හා තද පටි සහිත බ්‍රා තෝරා ගන්න.
02. ඇඳුම්වල ඩියෝඩ්‍රන්ට් පැල්ලම්

අඳුරු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට මේක ගොඩක් වෙලාවට මගහැරෙන්න පුලුවන් දෙයක් වුණත් ඇඳුම්ව්ල ඩියෝඩ්‍රන්ට් පැල්ලම් පෙනීමත් ප්‍රශ්නයක්.

විසඳුමක්:

  • ඇඳුම්වලින් පිටතට පැල්ලම් ඇති නොවෙන ඩියෝඩ්‍රන්ට් ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා ඒ වර්ගයකට මාරු වෙන්න.
03. වැඩිපුර දිග අත්

ඕනෑවට වඩා දිගු අත් සහිත ඇඳුම් අඳින අයව සාමාන්‍යයෙන් පේන්නෙ පොඩි ළමයි වගේ. අපි මේ කතා කරන්නේ අපේ කැමතිම සුවපහසු ස්වීට් ෂර්ට් ගැන නෙවෙයි.

විසඳුමක්:

  • ඇඳුමේ දිග අත විලාසිතාවක් විදිහට නවන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. එමගින් ඔයාට ලස්සන පෙනුමක් ලබාගන්න පුලුවන්.
  • ඒ වගේම ඔයාගේ අතේ දිගට ප්‍රමාණවත් දිගක් සහිත අත් යොදා ඇඳුම් මසා ගැනීමට මතක තබා ගන්න.
04. නොගැලපෙන ෆවුන්ඩේෂන් එකක් දැමීම

ෆවුන්ඩේෂන් එක අපේ බෙල්ලට නොගැලපීම නිසා මුහුණ සහ බෙල්ල පාට දෙකකින් පේන්න පටන් ගන්නවා. එස්පීඑෆ් අඩංගු සමහර නිෂ්පාදන වල අඩංගු සම අව්වෙන් ආරක්ෂා කරන ද්‍රව්‍ය නිසා ඔයාට ඡායාරූප වලදි සුදුමැලි පෙනුමක් ලබා දෙනවා.

විසඳුමක්:

  • ෆොටෝ ගන්න දවසට වෙනදාට වඩා එස්පීඑෆ් අඩු රසායනික සන්ස්ක්‍රීන් හෝ ෆවුන්ඩේෂන් තෝරා ගන්න. හැබැයි සන්ස්ක්‍රීන් එකක් භාවිතා නොකර ඉන්න එපා.
05. නොගැලපෙන ආභරණ

ආභරණ සහ වෙනත් ආයිත්තම් තියෙන්නෙ අපේ ඇඳුම් සම්පූර්ණ කරලා ඒවා කැපී පෙනීමටයි. බෑග් එක, සපත්තු සහ පටිය මේ හැමදේම එකකට එකක් ගැලපෙන්න ඕන කියලා අපි කියන්නෙ නෑ. හැබැයි විලාසිතා කරනකොට පොදු තේමාවක් තියන එක වඩාත් සුදුසුයි.

විසඳුමක්:

  • පාට අඩු වුණු, පරණ ආයිත්තම් ඇඳුම් සමග පැළඳීමෙන් වළකින්න. ඒ වගේම ඇඳුමට නොගැලපෙන ඒවා දාන්නත් එපා.
06. කකුල්වලට නොගැලපෙන සපත්තු

ලස්සන සපත්තුවලට අපේ හිත වගේම ඇස් දෙකත් නිතරම යොමු වෙනවා. හැබැයි සමහර ලස්සන සපත්තු දාගෙන ඉන්නත් හරිම අමාරුයි.

විසඳුමක්:

  • සුවපහසුව තමයි වැදගත්ම දේ. ඒක අමතක කරන්න එපා. විවිධ කාලගුණික තත්ත්වයන් තුළ සපත්තු ක්‍රියා කරන ආකාරය ගැන හිතන්න. සමහර විට ඔයාගෙ කකුල් ඉදිමීමට හෝ තුවාල වීමට හේතුවෙන සපත්තු තෝරගන්න එපා.
07. නැතිවූ පටි ලූප්

මේක සුළු වැරැද්දක් වුණාට ගොඩක් වෙලාවට අනිත් අයගෙ අවධානයට ලක්වෙන කරුණක්.

විසඳුමක්:

  • ගමනක් යනකොට ලෑස්ති වුණාට පස්සේ ඔයාගෙ සම්පූර්ණ පෙනුමම බලාගන්න පුලුවන් ලොකු කැඩපතක් කාමරයේ තියාගන්න. එතකොට මේ වගේ පිඩි පොඩි අතපසුවීම් ආයෙත් සිදුවෙන එකක් නෑ.
08. ඇඳුම් මත හිස්හොරි හෝ හිසකෙස් තිබීම

මෙමගින් ඔයාගෙ සනීපාරක්ෂාව සහ පිරිසිදුකම ගැන මිනිසුන්ට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. වියලි හිස්කබල ගැන ලැජ්ජා විය යුතු නැතත් එයින් ඔයාගෙ ඇඳුම් ආරක්‍ෂිතව තබා ගැනීමට වග බලා ගන්න.

විසඳුමක්:

  • හිස කෙස් පීරීමෙන් පසු ගැලවී ගිය හිස කෙස් සහ ඇඳුම මතට වැටී තිබෙන හිස්හොරි ඉවත් කර ගැනීමට ඔයාගෙ ඇඳුම් පැළඳුම් පරීක්‍ෂා කරන්න. ලින්ට් රෝලර් කියන්නෙ මේකට හොඳ විසඳුමක්.
09. ඇඳුම්වල ෆවුන්ඩේෂන් පැල්ලම්

ඔයා අඳින බ්ලවුස්වල මේකප් හෝ ෆවුන්ඩේෂන් පැල්ලම් ගෑවී තිබීමත් අනික් අයගෙ අවධානයට ලක් වෙනවා. ඒ වගේම එමගින් ඔයාගෙ අපිළිවෙළ බවක් පෙන්නුම් කරනවා.

විසඳුමක්:

  • හොඳ ෆිනිෂින් පවුඩර් සහ සෙටිං ස්ප්‍රේ එකක් මිලදී ගන්න්. මේකප් එක ඇඳුම්වල ගෑවීම වළක්වන නිෂ්පාදන ඕනෑ තරම් වෙළඳපොළේ තිබෙනවා.
  • තවත් විසඳුමක් තමයි රෙදි කැබැල්ලකින් හිස වසා ගැනීම. මෙහිදී බෙල්ලට යටින් ෆවුන්ඩේෂන් ආලේප නොකිරීමට වග බලා ගන්න.
10. අපිරිසිදු පාද

කකුල් දෙක කියන්නෙ කෙනෙක්ගෙ පිරිසිදුකම මනින ප්‍රධාන අංගයක්. ඒ වගේම අනිත් අයගෙ අවධානය යොමු වෙන ප්‍රධාන ශරීර අවයවයක්. ඒ නිසා කකුල් පිරිසිදුව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා.

විසඳුමක්:

  • දින 2 කට වරක් පාද ස්ක්‍රබ් කරන්න. නින්දට යන්න කලින් හොඳ ෆුට් ක්‍රීම් එකක් ආලේප කරන්න.
11. කොණ්ඩ බූල් අතට දැමීම

කොණ්ඩ බූල් අතට දාගෙන ඉන්න එක ලස්ස්න දෙයක් නෙවෙයි. එයින් අප්‍රසන්න පෙනුමක් ලැබෙනවා. ඒ නිසා මේ පුරුද්ද අතහැර දැමීම වඩා හොඳයි.

විසඳුමක්:

  • අවශ්‍ය වෙලාවට පහසුවෙන් හොයාගන්න පුලුවන් විදිහට කොණ්ඩ බූලක් ඔයාගෙ පර්ස් එක ඇතුළෙ තියාගන්න..
12. කන් දෙක අපිරිසිදු වීම

අපි කතා කරන්නේ කණ ඇතුළ ගැන විතරක් නෙවෙයි. මුළු කණ ගැනමයි. සමහර අය තම බාහිර කණ සේදීම මඟ හරිනවා. ඒත් කණ ඇතුළත වගේම පිටතත් හොඳින් පිරිසිදුව තබාගන්න එක වැදගත්.

විසඳුමක්:

  • නාන වෙලාවට අනිවාරෙන්ම කන් දෙක හොඳින් පිරිසිදු කරගැනීමටත් වගබලාගන්න.

Leave a Reply

Your email address will not be published.