දත් යට ඇති කහ මැළියම් නිවසේ සිට ඉවත් කිරීමට වටිනා ක්‍රම 6 ක්

ලස්සන හිනාවක් කියන්නෙ කෙනෙකුට තිබිය යුතු ආකර්ෂණීයම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. නමුත් අවාසනාවකට මෙන් දුම්පානය, කැෆේන් සහ දත් පරිස්සම් නොකිරීම නිසා දත් වලට හානි විය හැකිය. මෙම අපි කරන පුරුදු නිසා දත්වල යටි පැත්තේ කහ පාටට බැදෙන ගම් එකක් වැනි දත් අවලස්සන කරන දෙයින් වෛද්‍යව‍රයෙකු වෙත නොයා ඔබට විසදගත හැකි සරල ක්‍රම කිහිපයක් යුවතිය අපි ඔබට රැගෙන ආවෙමි.

01. බේකින් සෝඩා

බේකිං සෝඩා ස්වාභාවික ස්ක්‍රබ් එකක් විදිහට ඔබට භාවිතා කළ හැකි අතර එය බොහෝ පිළියම් සදහා බොහෝ විට භාවිතා වේ. බේකින් සෝඩා මේස හැන්දක් ලුණු ස්වල්පයක් සමග මිශ්‍ර කර ඔබේ තෙත් දත් බුරුසුව එම මිශ්‍රණයට දමා සාමාන්‍ය පරිදි දත් මැදීම සිදු කරන්න.

02. කෝමාරිකා සහ ග්ලිසරින්

වඩාත් බලයක් ඇති ස්වාභාවික දන්තාලේපය සැදීමට අවශ්‍ය වන දේ:

  • වතුර කෝප්පයක්
  • බේකින් සෝඩා කෝප්ප බාගයක්
  • කෝමාරිකා ජෙල් තේ හැන්දක්
  • ‌එළවළු ග්ලිසරින් තේ හැදි 4 ක්
  • ‌ලෙමන් තෙල් හැන්දක්

මෙම මිශ්‍රණයෙන් දත් මැද මිනිත්තු කිහිපයක් ඇතුළත ඔබේ දත් සුදු පැහැයෙන් සෞඛ්‍ය සම්පන්නව දිදුළන අයුරු දැක ගැනීමට හැකිය.

03. දොඩම් ලෙල්ල

‌දොඩම් ගෙඩියක් කෑමෙන් පසුව එහි ලෙල්ල ඔබේ දත් වල අතුල්වන්න එමගින් ඔබේ දත්වල එනමලය පිරිසිදු කරයි. එය දත් සුදු කර පැල්ලම් ඇති වීම වලක්වා බැක්ටීරියා වලට එරෙහිව සටන් කරයි. මිනිත්තු කිහිපයක් අතුල්වා ජලයෙන් සෝදා හරින්න.

04. තල ඇට

තල ඇට ටිකක් ගෙන විනාඩි කිහිපයක් සැපීමෙන් ඔබේ දත් පිරිසිදු කර ගැනීමට පහසු ක්‍රමයක් සහ දත් වල යට ඇති කහ මැලියම් ඉවත් කරගැනීමටද මෙය උදව් වේ. පසුව ඉතිරි වූ බීජ ඉවත් කර ගැනීමට වියළි බුරුසුවක් භාවිතා කරන්න. මෙය ඔබේ දත්වල ඇති පැල්ලම් ඉවත් කිරීමට ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කළ හැකිය.

05. විටමින් දත් ආවරණ

දත් යට ඇති කහ මැලියම් ඇතිවීම වැළැක්විය හැකි ආවරණයක් ලෙස විටමින් සී අඩංගු පළතුරු සහ එළවලු සැපීමෙන් ඇති වේ. තක්කාලි, ස්ට්‍රෝබෙරි සහ දොඩම් එකට මිශ්‍ර කර එම ද්‍රාවණය දත් මත තබා මිනිත්තු 5-6 කින් සෝදා හරින්න. මෙමගින් ඔබේ මුකයේ ඇති බැක්ටීරියා ඉවත් කර ඔබේ හුස්ම නැවුම් කිරීමට උදව් වේ.

06. විනාකිරි

මෙය රසවත් විසදුමක් නොවන නමුත් එය 100% ක්ම ස්වාභාවික වන අතර කිසිදු හානියක් සිදු නොකර ඔබේ දත් පිරිසිදු කරයි.

  • විනාකිරි තේ හැදි 2 ක්
  • ලුණු තේ හැදි එකක්
  • ජලය අවුන්ස 4 ක්

උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍යනම් මෙම අමුද්‍රව්‍ය මිශ්‍ර කර කට සෝදන්න. දින කිහිපයක් මෙය සිදු කරන්න. ඉහත දී අපි ඔබට ඉදිරිපත් කල දේවල් අතරින් ඔබට ගැළපෙන දෙයක් සොයාගැනීමට හැකි වේ යැයි අප සිතමි. නැවත්ත මෙවැනි වැදගත් ලිපියක් සමගින් හමුවෙන තුරු ඔබට සුබ දවසක්.

Leave a Reply

Your email address will not be published.