දවසට එකම එක කෑම වේලක් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට වන දේ

පැය 24කට වරක් ආහාර ගැනීම ගැන ඔයා මොකද හිතන්නෙ? ඒක කාටවත් කරන්න බැරි දෙයක් කියලා අපි හිතුවට, ඇත්තටම මේ අභියෝගය භාරගන්න අය ඉන්නවා. දිනකට එක ආහාර වේලක් කියන එකෙන් අදහස් වෙන්නෙ බර අඩු කර ගැනීමට උදව් කරන බව විශ්වාස කරන උපවාසයක් වගේ ක්‍රියාවලියක්. හැබැයි ඉතින් හැම කෙනෙක්ම බර අඩු කරගන්න උත්සාහ කරන්නෙ නෑ. සමහරුන්ට ඕන වෙන්නෙ සෞඛ්‍යවත් වීමට හෝ ආහාර සඳහා අඩු මුදලක් වියදම් කිරීමටයි. ඔයා මේ අතරින් මොන හේතුව නිසා හරි ආහාර ගැනීම දවසකට එක වේලකට සීමා කළොත් ඔයාගෙ ශරීරයට මොකද වෙන්නෙ?

මේ හදිසි ආහාර හිඟයට ඔයාගෙ සිරුර මගින් දක්වන ප්‍රතිචාරය මොන වගේ එකක්ද කියලයි අද අපි ඔයාට කියන්නෙ.

01. බර වැඩි වීම

ආහාර හිඟයකදී, ශරීරය එහි “බඩගිනි හැඟීම” ක්‍රියාත්මක කරන නිසා ඔයා ආහාරයට ගන්න සියලුම ආහාර ගබඩා කරගන්නවා. එමගින් මූලික වශයෙන් ඔයාගෙ පරිවෘත්තීය ප්‍රමාද කරනවා. එතකොට කෝටිසෝල් කියන ආතති හෝමෝනය නිෂ්පාදනය වැඩි වෙලා ශරීරයේ මේදය ගබඩා වෙන්න පටන් ගන්නවා.

02. රුධිර සීනි මට්ටම අසමතුලිත වීම

ආහාර ගැනීමෙන් තොරව දිගු කාලයක් සිටීමෙන් රුධිරයේ සීනි මට්ටමේ සමතුලිත බව නැතිවෙනවා. හයිපොග්ලිසිමියා හෙවත් අතිශයින්ම අඩු රුධිර සීනි තත්වය ඇතිවෙන්නෙ වැඩි වෙලාවක් නිරාහාරව සිටීම නිසයි. විශේෂයෙන්ම දෙවන වර්ගයේ දියවැඩියාව තියන අය අතර මේ තත්වය බහුලව දකින්න ලැබෙනවා.

03. පෝෂ්‍ය පදාර්ථ නොලැබීම

දිනකට එක් ආහාර වේලක් විතරක් ගැනීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් ප්‍රමාණය ඇබෙන්නෙ නෑ. මෙහි ප්‍රතිඵලයක් විදිහට, විටමින් ඌණතාවයක් ඇතිවෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට, හිසකෙස් ගැලවී යාමට හේතු වෙන්නෙ පෝෂ්‍ය පදාර්ථ නොමැතිකමයි. නියපොතු මත සුදු ලප (ලියුකොනිචියා) ඇතිවීමට හේතුව සින්ක් සහ කැල්සියම් ඌණතාවයයි.

04. සමාජ ජීවිතය පිරිහීම

ඔයා දවසකට එක වේලක් විතරක් ආහාර ගැනීමට පුරුදු වෙලා ඉන්නවා නම්, ඔයාට ඔෆිස් එකේ පැවැත්වෙන පවුලේ සාද, සහ උපන්දින උත්සව වගේ දේවල් මගහැරෙන්න පුලුවන්. මේ නිසා ඔයාගෙ පවුලේ අය සහ යාලුවන් ඔයාට නිවැරදි ආහාර වේලක් ගැන උපදෙස් දීලා ඔයාගෙ සාමාන්‍ය දැනුම ගැන ප්‍රශ්න කරන්න ඉඩ තියනවා. ඊට අමතරව, කුසගින්න නිසා ඔයා වඩාත් කෝපයට වෙනවා.

05. හිසරදයෙන් පීඩා විඳීමට සිදුවීම

ඉක්මනින් බර අඩුකරගන්න උත්සාහ කරන අය අතර වැඩිපුරම දකින්න තියන ලෙඩක් තමයි හිසරදය කියන්නෙ. ආහාර රටාව වෙනස් කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම වෙනස් වීම, මැග්නීසියම් ඌණතාවය වගේ හේතු නිසා කෑම කන එක අඩු කරපු අයට නිතරම හිසරදය ඇති වෙනවා.

06. නිතරම සීතලක් දැනීම

දිනකට එක් ආහාර වේලක් ගැනීම නිසා ශරීරයේ මේදය ගබඩා කරන දිශාවට රුධිර ප්‍රවාහය හැරෙනවා. එතකොට ශරීරයට වැඩිපුර ශක්තිය එකතු වෙනවා. එමගින් හදිසි අවස්ථාවකදී, ශක්තිය හා වේගවත් බව සැපයෙනවා. දවසට එක වේලක් විතරක් කන අයට අඩු කැලරි ප්‍රමාණයක් ලැබෙන නිසා නිතරම සීතල සහ කුසගින්න දැනෙන්න පටන් ගන්නවා.

07. සෞඛ්‍යයට අහිතකර ලෙස ආහාර ගැනීමට වැඩි ඉඩක් තිබීම

දවසට එක් ආහාර වේලක් විතරක් ගැනීමෙන් විශ්වසනීයත්වය ගැන බොරු හැඟීමක් අපේ ශරීරයට ලැබෙනවා. ඒකෙන් වෙන්නෙ ඔයා වැඩිපුර කාබෝහයිඩ්‍රේට් සහ සීනි අඩංගු සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කරන්න පෙළඹෙන එකයි. මෙහිදී ඔයා අධික ලෙස ආහාර ගැනීමට සහ සෞඛ්‍යයට අහිතකර ආහාර තෝරා ගැනීමට වැඩි ඉඩක් තියනවා. අධික ආහාර වේලකට පසු, ඔයාට අලසබවක් සහ වැඩ කිරීමට කම්මැලිකමක් දැනෙන්න ඉඩ තියනවා.

Leave a Reply

Your email address will not be published.