දවසේ වේලාව ඉතුරු කරගන්න පුලුවන් රූපලාවන්‍ය හැක්ස් 10 ක්

උදේට නැගිටලා වැඩට යන්න කලින් මේකප් කරගන්න බඩු හොයද්දි, මොකක් හරි රූපලාවණ්‍ය නිෂ්පාදනයක් ඉවර වෙලා තිබුණොත් ඔයා මොකද කරන්නෙ? එහෙමත් නැත්නම් ඔයාගෙ පවුඩර් එක හෝ අයි ෂැඩෝ පැලට් එක බිම වැටිලා කෑලි කැඩිලා තිබුණොත්?

ඔන්න ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න ඔයාට සිදුවුණොත්, ඔයාගෙ මුදල්, කාලය, හෝ දෙකම ඉතිරි කර ගැනීමට උදව් වෙන වැදගත් රූපලාවන්‍ය හැක්ස් 10ක්.

01. බේබි පවුඩර් + හිසකෙස් බුරුසු = වියළි ෂැම්පු

අවශ්‍ය දේවල්:

  • කෝන් ෆ්ලවර්
  • බේකිං සෝඩා
  • සුදු මැටි
  • ඇරෝරූට් කුඩු

මුලින්ම, ගෙදරදි බේබි පවුඩර් හදාගන්න. එක්කෝ කෝන් ෆ්ලවර් තනියම භාවිතා කරන්න. නැත්නම්, ඇරෝරූට් කුඩු, බේකිං සෝඩා හෝ සුදු මැටි වගේ අමුද්‍රව්‍ය සමඟ එය මිශ්‍ර කරන්න. හිසකෙස් ඉක්මනින් සේදීමට අවශ්‍ය වෙනකිට මේ මිශ්‍රණයෙන් කොණ්ඩෙ පීරන්න.

02. කපු පෑඩ් + මස්කාරා බුරුසුව = ඝන ඇහිබැමි

සාමාන්‍ය කපු පෑඩ් එකක් අරගෙන එය කැබලි 2කට කපන්න. ඇහි පිහාටුවල මස්කාරා තට්ටුවක් ආලේප කරන්න.මස්කාරා බුරුසුවක් අරගෙන, එය ඇතුළත කපු පෑඩ්වලින් ඔතා, ඇහි පිහාටුවලට ඒකාකාරව යොදන්න. කපු සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට සහ සැඟවීමට තවත් මස්කාරා තට්ටුවක් ආලේප කරන්න.

03. මයෝනීස් = හෙයා මාස්ක්

වියළි, ​​තද හිසකෙස් වලට තෙතමනයක් ලබාගැනීමට, සාමාන්‍ය මයෝනීස් ටිකක් අරගෙන එය හිසකෙස් පුරා ආලේප කරන්න. පැය භාගයක් පමණ තබා ෂැම්පු වලින් සෝදා හරින්න. මෙමගින් හිසකෙස්වලට සිල්ක් සහ මොයිස්චරයිසින් පෙනුමක් ලැබෙනවා.

04. තෙත් සම + සුවඳ විලවුන් = දිගු කල් පවතින සුවඳ

ස්නානය කිරීමෙන් පසු සම තෙත්ව තිබියදී ශරීරයට සුවඳ විලවුන් ගැල්වුවාම ඒවායේ සුවඳ දිගු කාලයක් පවත්වගන්න පුලුවන්.

05. තෙත් මුහුණ + සම ආරක්ෂණ නිෂ්පාදන = හොඳින් උරාගැනීම

මුහුණ සෝදපු ගමන්ම, පිහදාන්නෙත් නැතුවම මුහුණට සම ආරක්ෂණ නිෂ්පාදන යොදන්න. සම තෙත් වෙනකොට සිදුරු හොඳින් විවෘත වෙන නිසා නිෂ්පාදන හොඳින් සමට උරාගන්නවා.

06. වසාබි + තොල් = පිරිපුන් පෙනුම

තොල් පුරා වසාබි ආලේප කර විනාඩි 10ක් තබන්න. මෙමගින් තොල්වලට පිරිපුන් පෙනුමක් ලබා දෙනවා.

07. බියර් = හෙයාර් කන්ඩිෂනර්/ෂැම්පු

බියර් සමඟ හිසකෙස් සේදීමෙන් හිසකෙස්වලට දිලිසෙන පෙනුමක් ලැබෙනවා. ඒ වගේම හිසකෙස් සෞඛ්‍ය සම්පන්න වෙනවා.

සටහන: ෂැම්පු හෝ කන්ඩිෂනර් වෙනුවට දිනපතාම බියර් භාවිතා කිරීමෙන් වලකින්න. හිසකෙස් ගැලවී යාමේ ප්‍රශ්නයට මුහුණ දෙන අය මේ උපක්‍රමය අත්හදා බලන්න එපා.

08. ඇල්කොහොල් + හැන්දක් = හොඳ අයිෂැඩෝ එකක්

අයිෂැඩෝ බඳුන තුළට ඇල්කොහොල් ස්වල්පයක් වත් කර පේස්ට් එකක් වනතෙක් හැන්දකින් මිශ්‍ර කරන්න. දැන් එය හොඳින් සෙට් වෙන්න ඉඩ හරින්න. කැඩුණු කෑලි සහිත අයිෂැඩෝ පැලට් එක වෙනුවට අලුත්ම අයිෂැඩෝ එකක් ලැබේවි. බ්‍රොන්සර් සහ ෆේස් පවුඩර් සඳහාත් මේ ක්‍රමය සුදුසුයි.

09. සාමාන්‍ය හෙයාර් කන්ඩිෂනර් + ජලය = හෙයාර් කන්ඩිෂනර්

හෙයාර් කන්ඩිෂනර් සහ ජලය සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කර, එය ස්ප්‍රේ බෝතලයකට පුරවන්න. දැන් ඔයාට හිසකෙස් කලින් සෝදා නොගෙන කන්ඩිෂනර් ආලේප කරන්න පුලුවන්. දැන් හිසකෙස්වලට නැවුම් සහ ස්ට්‍රේට් පෙනුමක් ලැබේවි.

10. ගෙදර හැදූ පවුඩර් + පාවිච්චි කරපු බ්‍රොන්සර් බඳුනක් = අලුත්ම බ්‍රොන්සර්

කුරුඳු තේ හැඳි 1ක්, කොකෝවා කුඩු තේ හැඳි 1ක්, සාදික්කා සහ පිටි ගන්න. ඒ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඒ වර්ණයට ඔයා අකමැති නම්, ඔයා කැමති පාට ලැබෙන විදිහට අමුද්‍රව්‍ය ප්‍රමාණ වෙනස් කරගන්න. දැන් පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න, ඇරෝමැටික බ්‍රොන්සර් එක ආලේප කරලා බලන්න.

Leave a Reply

Your email address will not be published.