දිනපතා ඔබගේ කන් මසාජ් කිරීමෙන් ඔබේ ශරීරයට සිදු වන දේ

ආතතිය, කාංසාව, හිසරදය සහ නිදිමත කියන්නෙ අපි හැමෝටම පොදු කරදරකාරීම හැඟීම්වලින් කිහිපයක්නෙ. ඒත් මේවා අඩු කරගන්න අපි නොදන්න සරලම විසඳුමක් තියනවා. ඒකට තමයි කන් සම්බාහනය කියන්නෙ. එය ඔයාව මනසේ ගැටලු සහ ශාරීරික අපහසුතා වලින් නිදහස් කර, ලිහිල් කරන ස්නායු සංවේදනයක්. හොඳම දේ තමයි මේ ව්‍යායාමය ඔයාට ඕනම තැනක, ඕනම වේලාවක, ඉක්මනින් සහ පහසුවෙන් කරන්න පුලුවන් වීම.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ මෙතෙක් කල් ඔයා පීඩා විඳපු ගැටලු ගොඩකට අපි හොයාගත් සරලම විසඳුමක් වන කන් සම්බාහනය ගැනයි. තනියම මේ දේ කරන්නෙ කොහොමද කියලා දැනගන්න නම් ලිපිය අවසානය වෙනකම් කියවන්න.

01. මාංශ පේශිවල වේදනාව අඩු වෙනවා

කන් සම්බාහනය මගින් නිදන්ගත කොන්දේ වේදනාව අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණයක් මගින් පෙන්වා දී තිබෙනවා.

ඔයාගෙ කන්වල විවිධ ප්‍රදේශ මෘදු ලෙස ඇඳිම හා ඇතිල්ලීම මගින්, (විශේෂයෙන්ම කන් පෙති) ස්නායු කෙළවරවල් උත්තේජනය කරනවා. ඒ වගේම එන්ඩොර්ෆින් මුදා හැරීමට මොළයට උදව් කරනවා. මේ හෝමෝනය අපට සතුටින් සිටීමට සහ වේදනාව අඩු කර ගැනීමට ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි, ඔයාගෙ රුධිර සංසරණය වැඩිදියුණු කරන්නත් උදව් වෙනවා. මේ සරල සම්බාහන ක්‍රියාවනිසා, මිනිසුන්ට ඔවුන්ගේ ශාරීරික වේදනාව හොඳින් කළමනාකරණය කිරීමට හැකි වූ බව පරීක්ෂණයකින් පවා ඔප්පු වෙලා තියනවා.

02. ආතතිය සහ කාංසා මට්ටම අඩු වෙනවා

කන් සම්බාහනය ආතතිකාරී තත්ත්වයකදී කළ හැකි හොඳම දෙයක් බව තවත් පරීක්ෂණයක ප්‍රතිඵලවලින් ඔප්පු වුණා. ඔයාට ආතතියක්, තැතිගැන්මක්, නොසන්සුන්තාවයක්, තෙහෙට්ටුවක් හෝ කෝපයක් දැනෙනවා නම්, හෙමිහිට රවුමට ඔයාගෙ කනේ ද්වාර ලක්ෂ්‍යය සම්බාහනය කරන්න. මේ ලක්ෂ්‍යය පිහිටා තිබෙන්නෙ ඔයාගෙ කනේ ඉහළ කවචයේ, ත්‍රිකෝණාකාර කුහරයක් ලෙස පේන කොටසෙයි.

03. හිසරදය සහ ඉරුවාරදය සැලකිය යුතු ලෙස සමනය කරනවා.

වේදනා නාශක ඔයාගෙ ශරීරයට සහ සෞඛ්‍යයට යම් බරපතල සහ විනාශකාරී බලපෑම් ඇති කළ හැකි බව ඔයා දැනටමත් දන්නවා ඇති. කන් උත්තේජනය සාමාන්‍යයෙන් හානිකර දෙයක් නෙවෙයි. වඩා හොඳ බලපෑමක් සඳහා පෙපර්මින්ට් ටී වගේ තවත් ස්වභාවික ප්‍රතිකර්ම වලට යොමුවෙන්නත් පුලුවන්.

04. ඉක්මනින් බර අඩු කර ගන්න පුලුවන්.

නිතිපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම හැරුණම, දිනපතා කන් පිරිමැදීමත් අපේ බර අඩු කරගන්න උදව් වෙනවා. බර අඩු කරගන්න උදව් වෙන අනෙකුත් චර්යාවන් කරන අතරතුරම, කන් සම්බාහනය නිසා බර අඩු කර ගැනීම ඉක්මන් කළ හැකි බව පර්යේෂකයන් කියනවා. ඔයා ඔයාගෙ ඉලක්කයට වුණාට පස්සේ, ඔයා ලබාගත් බර පවත්වා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට මේක දිගටම කරගෙන යන්නත් අමතක කරන්න එපා.

05. නින්ද නොයාමට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා.

කන් උත්තේජනයට ලිහිල් කිරීමේ බලපෑමක් ඇති නිසා, ඔයාව සන්සුන් කර නින්දට පෙර ලිහිල් කන් සම්බාගනය කරන්න පුලුවන්. මේ ක්‍රියාපටිපාටිය විතරක් ඔයාට නින්ද නොයාම සම්පූර්ණයෙන් තුරන් කිරීමට උදවු කරන්නෙ නැති වුණත්, ඔයාට විවේකීව ඉන්න මේ ක්‍රමය උපකාරී වෙනවා. විවේකය කියන්නෙ හොඳ නින්දක් සඳහා අවශ්‍යම දෙයක්. ඒවගේම ඔයා දැනටමත් භාවිතා කරන වෙනත් ප්‍රතිකාර වලට අමතරව මේ ක්‍රමයත් අත්හදා බලන්න පුලුවන්.

06. ඔයාට ශක්තිමත් බවක් හා ප්‍රබෝධමත් ගතියක් ලබා දෙනවා.

උදේට නැගිටලා කෝපි එක බොනවා වෙනුවට, ඒ වෙනුවට, ඔයාට ඔයාගෙ කන් තව ටිකක් තීව්‍ර ලෙස අතුල්ලන්න උත්සාහ කරන්න පුලුවන්. ඔයාගෙ කන් වල ස්නායු කෙළවරවල් උත්තේජනය කිරීමෙන් සමහර මොළයේ මධ්‍යස්ථාන සක්‍රීය වී තෙහෙට්ටුව පහව යනවා. තෙහෙට්ටුව ඇති වෙලා ශක්ති මට්ටම පහළ යනවා වගේ දැනෙන දවල් කාලයේදිත් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න.

බෝනස්: තනිවම තමන්ගේ කන් සම්බාහනය කරගන්නේ මෙහෙමයි.

මේ චලනයන් උත්සාහ කරන්න:

  • ඔයාගෙ මාපටැඟිල්ලෙන් සහ මාපටැඟිල්ලෙන් කන අල්ලගෙන, කන් මුදුන මෘදු ලෙස අදින්න. කනේ පිටත කෙළවරට යන අතරතුර ඔයාගෙ ඇඟිලි සෙමෙන් අතුල්ලන්න.
  • පහළට චලනයන් සමඟ කන පිටුපස තිබෙන රැල්ලට පහර දෙන්න. ඇඟිලිවලින් කන් පෙත්තට තද කර මෘදු ලෙස කන ඉහළට ගෙනයන්න.
  • කන් පෙත්ත ඔයාගෙ හිසෙන් ඉවතට අදින්න. ඇඟිලි අතර කන් පෙත්ත නැවත තද කරගෙන රවුමට චලනය කරන්න. කන් පෙත්ත හෙමින් සොලවන්න.
  • කන පිටුපස සම ඇදගෙන කනේ දළ සටහන පහළට ගෙන යන්න. ඇඟිලි තුඩ ඔයාගෙ කට දෙසට ළඟා වන තෙක් මෙය කරන්න.
  • කන සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඔයාගෙ කන මත අත්ල තබන්න. කනේ ඉහළ කොටස කරකැවීමට කන මත අත්ල තද කරලා පහළට තල්ලු කරන්න.
  • ආයෙත් ඔයාගෙ අත්ලෙන් කන ආවරණය කර ඔයාගෙ අතින් රවුම් චලනයන් ආරම්භ කරන්න.

Leave a Reply

Your email address will not be published.