දිනපතා නෑමෙන් තොරව හිසකෙස් පිරිසිදුව තබා ගැනීමේ රහස් 10 ක්

බොස්ටන් වෛද්‍ය මධ්‍යස්ථානයේ කෙස් සායනයේ අධ්‍යක්ෂක ලින් ගෝල්ඩ්බර්ග් පවසන පරිදි ඔබගේ හිසකෙස් නිතරම සේදීමෙන් හොද දෙයක් නොව කොණ්ඩයට හානි විය හැකිය. නිතරම සේදීමෙන් ඔබේ සෙබස් ග්‍රන්ථි ඇති වී මේදය නිපදවීමට හේතු වේ. යුවතිය අපි මේ සදහා උනන්දුවක් දැක්වූ අතර කොණ්ඩය අඩුවෙන් සෝදා අලංකාර පෙනුමකින් පිරිසිදුව තබා ගත හැකි ක්‍රම කිහිපයක් ගැන සොයා බැලුවෙමි.

‌01. ඔබ කන කෑම වට්ටෝරුව

ඔබේ හිසකෙස් වැඩි කාලයක් සේදීමෙන් තොරව පිරිසිදුව තබා ගැනීම සහතික කර ගැනීම සදහා ඔබ ගන්නා අහාර වලින් මේද සහිත කෑම සහ බැදපු කෑම අයින් කරන්න. සීනි, සුදු පාන් සහ ටින් කළ ආහාර භාවිතයේදීත් එය පිළිපදින්න. එම ආහාර වෙනුවට පලතුරු, එළවළු, කිරි, මස් වර්ග සහ ඇට වර්ග ආහාරයට ගන්න. ඒවා නිසා සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩු කිරීමට හැකි වේ.

02. වියළි ශැම්පු භාවිතා කරන්න.

කොණ්ඩය බබලන අයුරින් තබා ගැනීම සදහා ඔබේ කොණ්ඩය බෙදාගෙන අගල් 8-10 අතර දුරක සිට කෙස් කළබේ මුල් වලට වියළි ශැම්පු යොදන්න. ඔබේ ශැම්පු වර්ගය ටැල්කම් කුඩු මෙන් ඇති නම් ඒවා කෙස් මුල්වලට ගල්වන්න. ඉන්පසු මිනිත්තු දහයක් රැදී සිට කොණ්ඩය පීරන්න. වියළි ශැම්පු නිසා කෙස් වටා කවචයක් නිර්මාණය වී ඔබේ හිසකෙස් වලට පිරිසිදු පෙනුමක් ලබා දෙයි.

03. උපාංග නොසලකා හරින්න එපා.

ඔබට ෆ්‍රින්ගල්ස් ආකාරයේ කොණ්ඩයක් තිබෙනවානම් කොණ්ඩ මෝස්තර උපාංග භාවිතා කර සිත් ඇදගන්නා සුළු කොණ්ඩා මෝස්තර අදහස් ලබා දිය හැක. ඔබ කළයුත්තේ එම උපාංග පිරිසිදු කිරීම සහ ඒවා පරිස්සම් කිරීම පමනි. නමුත් මෙම උපකරණ භාවිතා කොට ඔබේ කොන්ඩය සගවාගෙන සිටීමට හැකි අතර එම නිසා කොණ්ඩය අපිරිසිදු වීම ඉතාම අඩු වේ.

04. ජලයේ උශ්ණත්වය පිළිබද සැලකිලිමත් වන්න.

හිසකෙස් සෝදන විට උණුසුම් හෝ සාමන්‍ය ජලය භාවිතා කරන්න. උණු ජලය නිසා සම මගින් ස්‍රාවය කරන මේදය ප්‍රමානය වැඩි කරයි. ඔබේ හිසකෙස් සෝදාගැනීමෙන් පසුව ස්වාභාවිකව වියළීමට ඉඩ ලබා දෙන්න.

05. ඔබේ කොණ්ඩය ගෙත්තම් කරන්න.

පාසැල්වල ගැහැනු ලමයින්ට කොණ්ඩය ගොතාගෙන පැමිනෙන්න කියා නීතියක් ඇත්තේ මෙම නිසයි. කොන්ඩය ගෙත්තම් කිරීමේදී එය ලිහින් ලෙස සිදු කරන්න. මෙම ගෙත්තම් කිරීම නිසා කොණ්ඩය යෑම අඩු වීම, අවුල් වීම අඩු වීම සහ අපිරිසිදු වීම අඩු වීම යන කාරන තුනටම පිළිතුරු සපයයි.

06. නින්දට පෙර ඔබේ හිසකෙස් පීරන්න.

ඔබ නින්දට යාමට පෙර ඔබේ හිසකෙස් අනිවාර්යයෙන්ම පීරන්න. ඔබ ඔබේ කොට්ටය මත ඔලුව තැබූ විට කොට්ටයේ උඩට කර කොණ්ඩය සකස් කර ගන්න. දිග කොණ්ඩයක් ඇතිනම් පෝනිටේල් එකක් හෝ සරල ලෙස ගොතන්න.

07. නිවැරදිව කෙස් බෙදන්න.

එකම පැත්තට කොණ්ඩය බෙදාගෙන සිටින්න එපා එය එක එක විදිහට මාරු කරන්න. මෙය කිරීමෙන් කොණ්ඩය පිලිවෙලට තබා ගැනීමට හැකි වන අතර පිරිසිදු බව වැඩි කර ගත හැකිය.

08. පැතලි කොණ්ඩා මෝස්තර නොදමන්න.

ඔබ සිනිදු සහ පැතලි කොණ්ඩා මෝස්තර වලට කැමති කෙනෙක් නම් ඒවායෙන් ඉවත් වන්න. ඒවා නිසා ඔබේ කොණ්ඩයට අවුල් සහගත පෙනුමක් ලබා දෙන අතර අපිරිසිදු වීම ද වැඩි වෙයි.

09. ඔබේ පනාව සෝදන්න.

සම මතුපිට ඇති මේදය, කන්ඩිශනර් සහ මෝස්තර ද්‍රව්‍ය වල අපද්‍රව්‍ය නිසා ඔබේ කොණ්ඩය එකට ඇලවීමට හැකියාව ඇති අතර එයින් මිදීම සදහා ඔබේ මෝස්තර මෙවලම්, බුරුසු සහ පනා ආදිය සතියකට වරක් උණුසුම් ජලයේ ශැම්පු හෝ සබන් යොදා පිරිසිදු කරගන්න.

‌10. හිසකෙස් සේදිය යුතු නිවරැදි ක්‍රමය.
  • ඔබේ හිසකෙස් සුමට ලෙස තබා ගැනීම සදහා තුවායක් වෙනුවට ටී ශර්ට් එකකින් තෙත මාත්තු කරන්න.
  • හිස්කබල සීරෙන දේවල් නොකර ශැම්පු දමා ඇගිලි තුඩු වලින් සියුම් ලෙස සම්භාහනය කරන්න.
  • හිසකෙස් වල මුල් කවදාවත් කන්ඩිශනර් කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.