දෙපා ගද ගැසීම නැවතිය හැකි පහසු සරල පිළියම් 10 ක්

දෙපා වලින් ඝන්ධයක් වහනය වීම පොදු තත්වයක් වන අතර එය බ්‍රෝමොඩෝසිස් යනුවෙන් හඳුන්වනවා. මේ සඳහා සාමාන්‍යයෙන් බලපාන්නේ දෙපා වලට දහඩිය දැමීමයි, මේ නිසා ගන්ධයක් ඇතිවීමට හේතුවන බැක්ටීරියාවලට අපූරු අභිජනන භූමියක් සකස් වෙනවා. මේ නිසා දෙපාවලින් වහනය වන ගඳ වලක්වාගැනීමට පහත සඳහන් ක්‍රියාකාරී සත්කාර ක්‍රම දැන සිටීම වැදගත්.   

10. ලුණු ජලයේ පෙඟවීම.

දෙපාවලින් ගඳක් ඇතිවීමට ප්‍රධානම හේතුව සම මත සහ පාදයේ ඇඟිලි යට ජීවත් වන බැක්ටීරියා විශේෂයි. මේවා ඉවත් කරගැනීමට ලුණු වතුර වලින් දෙපා පෙඟවීම උත්සහ කර බලන්න. ලුණු මඟින් සමේ තෙතමනය පිටතට අදින අතර බැක්ටීරියා විනාශ කරනවා. වඩා හොඳ ප්‍රතිඵල සඳහා විනාකිරි එකතු කරන්න. 

අමුද්‍රව්‍ය සහ සකස් කරගන්නා ආකාරය:  

විනාකිරි කොටස් 1

ජලය කොටස් 2

ලුණු කෝප්ප 1

රාත්‍රී සත්කාරයේ කොටසක් ලෙස සති දෙකක් සති දෙකක් සිදු කරන්න. පෙඟවීමෙන් අනතුරුවද අපද්‍රව්‍ය සිර වී තිබිය හැකි බැවින් කුඩා පික් එකක් භාවිතා කර නියපොතු යට පිරිසිදු කිරීමට අමතක කරන්න එපා, 

09. මේස් තේරීම.

රෙදි වර්ග කීපයක් මිශ්‍ර කර සකස් කල මේස් මඟින් දහඩිය දැමීම වැඩි කරන අතර ගන්ධයද තවත් වර්ධනය කරවනවා. කපු රෙදිවලට මාරු වීමෙන් දෙපා වලට හුස්ම ගැනීමට ඉඩ ලැබෙන අතර දහඩිය දැමීම සහ ගඳ අඩු වෙනවා. ඒ වගේම, මේස් මඟින් දෙපාවල තෙතමනය අල්ලා ගන්නා නිසා (සෙරෙප්පු පැළඳගෙන නැතිනම්) ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න එපා.

08. සපත්තුවලට පුයර දමන්න.

සපත්තුවලින් වහනය වන දුගඳ වලක්වා ගැනීමට, ලයිසෝල් විෂබීජ නාශක ඉසිනයක් හෝ සපත්තු සඳහා භාවිතා කරන පුයර මිලදී ගන්න. මුදල් ඉතිරි කරගැනීමට, කෝන්ස්ටාච් ස්වල්පයක් සපත්තුවේ ඇතුලතට ඉසින්න. එමඟින් දුගඳ ඇතිවීමට ප්‍රධානවම හේතු වන තෙතමනය උරාගන්නවා. අනෙකුත් මිලෙන් අඩු විසඳුම් වන්නේ ළදරු පුයර සහ ටැල්කම් පුයරයි.

07. දේවදාරු දැව තෙල් 

සුවඳවත් තෙලක් වනවාට අමතරව මෙයට ප්‍රතිදිලීරනාශක සහ ප්‍රති පූතික ගුණ තිබෙනවා. ඔයාට තමන්ගේම සම්බාහන තෙල් මිශ්‍රණය සකස් කරගත හැකියි.

අමුද්‍රව්‍ය සහ සකස් කරගන්නා ආකාරය:  

දේවදාරු දැව තෙල් බින්දු 5ක් 

පොල්තෙල් මේස හැන්දක් 

තෙල් ආලේප කර දෙපා මෘදුව සම්බාහනය කර, නින්දට යන්න. රාත්‍රියේදී මේ සඳහා කපු මේස් භාවිතා කල හැකියි. 

06. සීනි ස්ක්‍රබ් 

මෙය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ තොල් සහ ශරීරයටයි. නමුත් ඇත්තටම මෙය දෙපා සඳහාද භාවිතා කල හැකියි. එමඟින් සමේ මැරුණු සෛල ස්තරය සහ ඉතා ගොරෝසු හම ඉවත් කරගත හැකියි. පහත ආකාරයට ඝන මිශ්‍රණයක් සකස් කරගන්න.

අයිසොප්‍රොපයිල් මද්‍යසාර (>91%)

සීනි කොටස් 3

ජලය කොටස් 1 

ස්ක්‍රබ් කර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙම ස්ක්‍රබ් එක සතියකට තෙවරක් භාවිතා කල හැකියි.

05. ආහාර රටාව වෙනස් කරන්න.

ශරීරයේ ගන්ධය පිළිබඳව සලකන විට ප්‍රධානතම සාධකය වන්නේ ආහාර රටාවයි- මෙයට දෙපා ද ඇතුලත් වෙනවා. පොදු ආහාර කීපයක් දෙපාවල අප්‍රසන්න ගඳට හේතු වෙනවා. මේ තත්වයෙන් පීඩා විඳිනවා නම් කෝපි, රතු මස්, ළූණු, සුදු ළූණු, මල්ගෝවා සහ මද්‍යසාර පරිභෝජනයෙන් ඉවත් වීමට උත්සහ කරන්න. ශරීරයේ අප්‍රසන්න ගඳට හේතු වන සමහර ප්‍රබල-ගන්ධයක් සහිත කුළුබඩු වර්ගද තිබෙනවා. 

04. සබන් 

ශරීරයේ අනෙක් කොටස් සඳහා භාවිතා කරන ෂවර් ජෙල් එක වෙනුවට දෙපා සඳහා ප්‍රතිදිලීර නාශක සහ ප්‍රති බැක්ටීරිය සබන් මිලදී ගන්න පුළුවන්.

03. රෝග පරීක්ෂා 

පෙර සඳහන් කල පරිදි, පාවහන් වල බැක්ටීරියා ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව දහඩිය දැමීමයි. අධික ලෙස දහඩිය දැමීම හයිපර්හයිඩ්‍රොසිස් තත්වයේ රෝග ලක්ෂණයක් විය හැකියි. මේ සඳහා කල යුත්තේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම මිස නිවසේදී සත්කාර කිරීම නොවෙයි. 

02. ජිම් ෆ්ලොප්ස්

නිතිපතා ජිම් එකකට යන පුද්ගලයෙකුගේ ඇත්තම ජීවිත ආරක්ෂකයා- ජිම් එකට යන විට ෆ්ලිප් ෆ්ලොප්ස් යුගලක් මිලදී ගන්න. එමඟින් තදබල ව්‍යායාම් කරන විට දෙපාවලට හුස්ම ගැනීමට සහ අපිරිසිදු ජලයෙන් සහ ලොකර් කාමරයේ බිමෙන් ආරක්ෂා වීමට හැකි වෙනවා.

01. මේස් තුලට ළූණු දැමීම.

රාත්‍රියක් පුරාවට මේස් තුලට ළූණු කැබලි කීපයක් දැමීමෙන් ආසාදන මරා දමා ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමේ හැකියාව පවතිනවා. මෙම ප්‍රතිඵල ලැබීමට හේතුවක් ලෙස දෙපා වල පවතින පීඩන ලක්ෂ්‍යද බලපාන බව විශ්වාස කරනවා.
මතක තබාගන්න, දහඩියෙන් අප්‍රසන්න ගඳක් වහනය වනවා නම් හෝ ශරීරයේ කිසියම් ස්ථානයක වේදනාවක් ඇතිවෙනවා නම් එය දරුණු රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. බුද්ධිමත් වෙන්න, නොසලකා හරින්න එපා. මෙය භයානක විය හැකියි.

Leave a Reply

Your email address will not be published.