දොඩම් ලෙලි කවදාවත් විසි කරන්න හිතෙන් නැති වීමට හේතු 7 ක්

ලෝකයේ දොඩම් නිෂ්පාදනයෙන් 80%කට වඩා භාවිතා කරන්නෙ දොඩම් යුෂ සෑදීමටයි. අපි දොඩම් ගෙඩියක් කනකොට ආහාරයට ගන්නෙ දොඩම් මදය විතරයි. හැබැයි අපි ඉවත දමන දොඩම් ලෙල්ලෙනුත් ගොඩාක් ප්‍රයෝජන ලබාගන්න පුලුවන්. ඒනිසා දොඩම් පොතු ඉවත් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ඉවත දමන දොඩම් ලෙලි ගෙදරදිම ප්‍රයෝජනවත් දේවල් වලට පාවිච්චි කළ හැකි ආකාර 7ක් ගැනයි.

01. දත් සුදු කරනවා

දොඩම් ලෙලිවල තියන සිට්‍රික් අම්ලය දන්තාලේපවලට එකතු වුණාම ස්වභාවිකවම දත් සුදු කරගන්න උදව් වෙනවා.

02. ගෙදර පිරිසිදු කරන්න භාවිතා කරනවා.

ගෙදරදිම දොඩම් ලෙලි පිරිසිදුකාරකයක් සාදා ගැනීම නාස්තිය අවම කරගන්නත්, මුදල් ඉතුරු කරගන්නත් නියම ක්‍රමයක්. ජනෙල්, ලිප, පිඟන්, වගේ දේවල් පිරිසිදු කරන්න මේ පිරිසිදුකාරකය භාවිතා කරන්න පුලුවන්. සාමාන්‍ය විනාකිරි වල ස්වභාවිකව ඇසිටික් අම්ලය අඩංගු වන අතර එමගින් පැල්ලම් ඉවත් කිරීමට උදව් වෙනවා. ඒ වගේම දොඩම් ලෙලිවල තියන ලිමොනීන් ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරනවා.

හදාගන්න හැටි:

  • විනාකිරි ටිකක් බෝතලයකට වත් කරන්න.
  • එයට දොඩම් ලෙලි එකතු කරන්න.
  • සති කිහිපයක් ශීතකරණයේ තබා එය වරින් වර සොලවන්න.
  • දැන් ස්ප්‍රේ බෝතලයකට දමා පිරිසිදු කිරීම් කටයුතුවලට පාවිච්චි කරන්න.
03. ඉටිපන්දම් හදන්න.

ඔයා පැඟිරි සුවඳට කැමතියි නම්, ඔයාගෙ ගෙදර හෝ කාමරයට හොඳ සුවඳක් එකතු කරගන්න මේ ක්‍රමය අත්හදා බලන්න. ඉතිරි වුණු දොඩම් ලෙලි මගින් හුරුබුහුටි කුඩා ඉටිපන්දම් හදාගන්න.

හදාගන්න හැටි:

  • දොඩම් ගෙඩිය අඩකින් කපා එහි මදය ඉවත් කරන්න/කන්න.
  • ඔයා කැමති උයන්න ගන්න තෙල් වර්ගයකින් හිස් දොඩම් කෝප්පය පුරවන්න.
04. දොඩම් ලෙලි අඹරාගන්න.

දොඩම් රසට ආස කරන අයට කෑමවලට එකතු කිරීමට දොඩම් ලෙලි අඹරාගන්න පුලුවන්. හොඳ රසයක් එකතු කිරීමට අමතරව, එහි පෝෂ්‍ය පදාර්ථ ටොන් ගණනක් සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකුත් අඩංගු වෙනවා.

05. කෘමීන් පලවා හැරීමට භාවිත කරන්න.

ඉතිරි දොඩම් ලෙලි භාවිතා කිරීමට තවත් ප්‍රයෝජනවත් ක්‍රමයක් තමයි, කෘමීන් පලවා හැරීම සඳහා යොදන නිෂ්පාදනයක් ලෙස භාවිතා කරන්න.

හදාගන්න හැටි:

  • දොඩම් ලෙලි ටිකක් වියළා ගන්න.
  • ස්ප්‍රේ බෝතලයක් වතුරෙන් පුරවන්න.
  • වියළි දොඩම් ලෙලි එයට එකතු කරන්න.
  • අවශ්‍ය වෙලාවට ඉසින්න!
06. දොඩම් ලෙලි යොදා සීනි ස්ක්‍රබ් එකක් හදන්න.

රූපලාවණ්‍ය ආලේපන ගෙදරදිම හදාගන්න එකෙන් සල්ලි ඉතුරු වෙනවා වගේම, ඒවා ස්වභාවික නිසා සමට කිසිම හානියක් වෙන්නෙත් නෑ. දොඩම් ලෙලි යොදා ස්ක්‍රබ් එකක් ගෙදරදිම හදාගෙන ආලේප කරලා බලන්න. ඒත් සතියකට දෙවරකට වඩා ස්ක්‍රබ් කරන්න එපා.

හදාගන්න හැටි:

  • බඳුනක, සීනි සහ දොඩම් ලෙලි මිශ්‍ර කරන්න.
  • ඔයා කැමතිම තෙල් (ජොජෝබා, පොල්, ආගන් ආදිය) එයට වත් කර කලවම් කරන්න.
  • එම මිශ්‍රණය ඔයාගෙ සමේ ආලේප කර මෘදු ලෙස ස්ක්‍රබ් කරන්න.
07. සපත්තු ඩියෝඩ්‍රන්ට් එකක් ලෙස භාවිත කරන්න.

දවසෙම දාගෙන හිටපු සපත්තු දෙක ඇතුළෙන් එන ගඳ නැති කරන්නත් දොඩම් ලෙලි ප්‍රයෝජනවත් වෙනවා. රෑට සපත්තුව ඇතුළට දොඩම් ලෙලි ටිකක් දාලා තියලා උදේට ඉවත් කරන්න. සපත්තුවේ දුඟඳ නැතිවෙලා ගිහින් නැවුම් පැඟිරි සුවඳක් ඉතිරි වෙලා තියේවි.

Leave a Reply

Your email address will not be published.