නවකයින් මතකයේ තබා ගත යුතු බර අඩු කර ගැනීමේ පුරුදු 8 ක්

ආහාර පාලනය සහ එහි වැදගත්කම දැනටමත් අපි බොහෝදුරට දන්නවා. වැදගත්ම දේ තමයි ආහාර පාලනය නිසා දියවැඩියා සහ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරාවා. අපි කෑම ගන්න ප්‍රමාණය පාලනය කරන එක අපේ සෞඛ්‍යයට වගේම ඇඟේ හැඩයටත් ගොඩක් හොඳයි.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ ආතතියෙන් තොරව ඔයාගෙ ශරීරයේ බර පාලනය කර ගන්න ඔයාට උපකාරී වෙන උපක්‍රම 8 ක් ගැනයි.

01. දිනකට වතුර වීදුරු 9ක් පානය කරන්න.

මුලින්ම, ඔයා ආහාර වේලකට මිනිත්තු 30 කට කලින් වතුර වීදුරුවක් පානය කරන්න ඕන. පර්යේෂණයකින් පෙන්නුම් කළේ මේ පුරුද්දට හුරුවුණු අය මාස 3 ක් තුළ 44% කින් බර අඩු කරගත් බවයි.

දෙවනුව, දිනකට පිරිමින් සඳහා පිරිසිදු ජලය කෝප්ප 12-13 ක් සහ කාන්තාවන් සඳහා කෝප්ප 9 ක් නිර්දේශ කර තිබෙනවා. මේ පුරුද්ද මගින් ඔයාව සජලනය කරන අතර බර අඩු කර ගැනීමට උත්සාහ කිරීමේදී අපට සතුරු වෙන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි, එමගින් ඔයාගෙ කුසගින්නත් අඩු කරනවා.

02. අලිගැටපේර වලට බය වෙන්න එපා

කළු බෝංචි, බ්‍රසල්ස්, අලිගැටපේර, බ්‍රොකොලි, ඇපල් සහ කැරට් සියල්ලෙහිම ද්‍රාව්‍ය තන්තු ලෙස හැඳින්වෙන විශේෂ සංඝටකයක් තිබෙනවා. එය ශරීර හැඩය පවත්වා ගැනීමට වගේම, දියවැඩියා සහ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්නත් උදව් වෙනවා.

අධ්‍යයනයකින් හෙළි වුණේ ඔයා ගන්න හැම තන්තු ග්‍රෑම් 10ක් සඳහාම ඔයාගෙ ශරීරයේ මේදය 3.7%කින් අඩුවන බවයි. වෛද්‍යවරු දිනකට අලිගැටපේර ග්‍රෑම් 25-38 ක් ආහාරයට ගැනීම නිර්දේශ කරනවා.

03. අවන්හල්වල ප්‍රදර්ශනය කර ඇති ආහාරවලට මුහුණලා වාඩි වෙන්න එපා.

ඇත්තටම මේක හරි සරල දෙයක්. හැබැයි රෙස්ටුරන්ට් එකකට ගියාම අපේ ගොඩදෙනෙක්ට මේක අමතක වෙනවා. ඔයා දිගු වේලාවක් ලස්සන කේක් එකක් ඉස්සරහ ඉඳගෙන හිටියොත් ඔයාට ඒක කන්න තියන ආශාව වැඩි වෙනවා.

ඒ නිසා කැෆේ එකකට හෝ රෙස්ටුරන්ට් එකකට ගියාම කෑම පේන්නෙ නැති තැනකින් වාඩි වෙන එක හොඳයි.

04. ප්‍රමාණවත් තරම් විටමින් D ලබා ගන්න.

බර අඩු කරගන්න හිරු එළිය උදව් වෙනවා. මේකට හේතු වෙන්නෙ හිරු එළියේ විටමින් D සහ A අඩංගු නිසයි.

ඔයාට ප්‍රමාණවත් හිරු එළියක් නොලැබුණොත්, විටමින් A හා D අතිරේකයක් විදිහට භාවිතා කිරීම ආරම්භ කරන්න පුලුව්න්. එහෙම් නැත්නම්, හැම උදෑසනකම මිනිත්තු 10-15ක් එළිමහනේ වාඩි වෙලා ඉන්න.

05. ආහාර වේල සමඟ විවිධ ආහාර ලබා ගන්න.

ලොකු ආහාර වේලක් අවසානයේදි, අතුරුපසක් ගන්න කියන්නෙත් මෙන්න මේ නිසයි.

අධික ලෙස ආහාර ගැනීමෙන් ගැලවීමට, එක් ආහාර වේලක් සඳහා විවිධ ආහාරවල කුඩා කොටස් තිබීම වඩා හොඳයි. එතකොට ඔයාට විවිධ රසයන් භුක්ති විඳිය හැකියි වගේම, ඕනෑවට වඩා බඩ පිරෙන්නෙත් නෑ. ඒ වගේම හැම විටම කුඩා පිඟානක් භාවිතා කිරීම හොඳයි.

06. කිරි සමග තේ බොන්න එපා.

අපි රාත්‍රී ආහාරය අරගත්තත්, නින්දට යන්න කලින් තාමත් අපට බඩගිනි දැනෙනවා. රාත්‍රියේදී අපේ ආහාර රුචිය අඩු කරගන්න කිරි සමග තේ ටිකක් පානය කරන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා. හැබැයි විද්‍යාවට අනුව මේක එතරම් හොඳ අදහසක් නෙවෙයි.

පර්යේෂකයන් පවසන්නේ තේ වල මේදය අඩු කිරීමට උපකාර වන සංයෝග ඉහළ මට්ටමක පවතින බවයි. එළකිරි වල තියන ප්‍රෝටීන් මගින් තේ වල තියන මේදයට එරෙහිව සටන් කිරීමේ හැකියාව අවලංගු කරනවා. ඒ නිසා, රෑට තේ බොන්නම ඕන නම්, කිරි නොදා තේ එකක් හදාගෙන බොන්න.

07. බයිට් කනකොට හිමින් කන්න

බයිට් වර්ග කනකොට ටිකක් හෙමින් කන්න. මේක අමාරු වැඩක් තමයි.

ඒ නිසා බයිට් එක ඔයාගෙ ගෑරුප්පුව අතරින් තියාගෙන කන්න උත්සාහ කරන්න. එමගින් එය කන්න ගතවෙන කාලය වැඩි වෙනවා.

08. කෑම කන විට ප්‍රධාන ආහාර වේල වෙනත් කෙනෙකු සමඟ බෙදා ගන්න.

ඔයා කුඩා කොටස් අනුභව කිරීමට උත්සාහ කරන විට ඔයාගෙ යාලුවා හෝ සහකරු සමඟ ආහාර බෙදා ගැනීම හොඳ උපක්‍රමයක්. දෙන්නටම එක ආහාර වේලක් ඇණවුම් කරලා අමතර කුඩා පිඟන් 2ක් ඉල්ලගන්න. කෑම කාලා ඉවර වුණාම, හොඳ අතුරුපසක් ගන්න.

Leave a Reply

Your email address will not be published.