නිදාගෙන සිටින විට එක් වරම වැටෙනවා මෙන් දැනෙන්න හේතුව

මධ්‍යම රාත්‍රියේ නින්ද අතරතුරදි එක පාරටම ඇඳෙන් බිමට වැටෙනවා හෝ කොහෙන් හරි බිමට වැටෙනවා වගේ දැනීමකින් පස්සෙ ඔයාව ඉබේටම ඇහැරෙනවා නේද? මේ වගේ කම්පනයක් අත්වින්දට ඇත්තටම ඒ සිදුවුණේ මොකක්ද කියලා අපි දන්නෙ නෑ. මේ වගේ අවස්ථාවක් ඔයාට හුරුපුරුදු දෙයක් වගේ දැනුණොත් ඒ ගැන ඇත්ත හොයාගන්න තමයි විද්‍යාඥයන් මෝහන ක්‍රමය භාවිතා කරන්නෙ.

ඉතින්, අද අපි ඔයාට කියන්නෙ එකවරම ඇතිවුණු කම්පනයක් වගේ සිදුවීමක් නිසා රාත්‍රියේදී මෝහනයකින් අවදි වීමට බලපාන හේතු මොනවද කියලයි.

මෝහන තත්වය සහ වැටීමේ හැඟීම

අපි නින්දට වැටෙනකොට විඥාණය අපේ ශරීරයෙන් ඉවත්ව යනවා. එතකොට මොළය අප අවදිව සිටින විට වඩා වෙනස් ලෙස ක්‍රියා කරන්න පටන් ගන්නවා. පිබිදීමේ සිට නින්ද දක්වා ක්‍රියාවලිය අතරතුර, මෝහනය ලෙස හැඳින්වෙන දෙයක් සිදුවෙන්න පුලුවන්. මෝහනයක් කියන්නෙ ඇඹරීමකට සමාන  හදිසි චලනයකටයි.

මේ අමුතු චලනයේදී මාංශ පේශි, හදිසියේ හා අනවශ්‍ය ලෙස ඇඹරීම හෝ රටාවකින් හෝ නැතිව සිදු වූ මාංශ පේශි ඇඹරීමක් සිදුවෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට, ඉක්කාව කියන්නෙ මෝගනයේ තවත් ඉතා සුලභ ආකාරයකටයි.

සාමාන්‍යයෙන් මේ මෝහන ක්‍රියාවලිය, වැටෙන සංවේදනයක් සමග සම්බන්ධ වන අතර, හීනයක ආරම්භය (පෙනීම හෝ ඇසීම) හෝ පුද්ගලයා නින්දට වැටෙන විටම ආරම්භ වෙනවා.

එම හැඟීම ඇතිවීමට හේතුව මොකක්ද?

මෝහන හැඟීම සාමාන්‍යයෙන් ඇත්තටම නින්ද ආරම්භ වන්නේ කවදාද සහ අප සිහින දකිමින් සිටිනවාද නැද්ද යන්න පිළිබඳව පැටලිල්ලක් ඇති කරන්න හේතුවෙනවා. විද්‍යාඥයින් මේ සඳහා හේතු විය හැකි කරුණු බවට පෙන්වා දෙන්නේ මේවායි:

  • ශාරීරික ක්‍රියාකාරකම්: නින්දට යාමට කලින් ව්‍යායාම කිරීමෙන් ශරීරය අධි ප්‍රබෝධමත් කළ හැකි අතර එමගින් වේලාසනින් නිදා ගැනීම ඉතා අපහසු වෙනවා.
  • කාංසාව සහ ආතතිය: ගොඩක් කනස්සල්ලෙන් යුතුව නිදා ගැනීමට යාමෙන් මොළය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ක්‍රියාශීලීව සිටිනවා. එමඟින් ශරීරය නිදා සිටියදී පවා අනතුරු ඇඟවීමේ සංඥා යැවීමට හේතු වෙනවා.
  • කැෆේන් සහ අනෙකුත් උත්තේජක: මේවා සහ අනෙකුත් උත්තේජක නිෂ්පාදන ස්වභාවිකවම නිදා ගැනීමට සහ ගැඹුරු රාත්‍රී නින්දක් ලබා ගැනීමට ශරීරයට ඇති හැකියාව කෙරෙහි බලපානවා.
  • නින්ද නොයාම: වෙනත් නින්දේ ආබාධ සහ නරක නින්දේ පුරුදුත් මේකට හේතු වෙන්න පුලුවන්.

මේ හේතූන් වලට අමතරව, මෝහනය ඇතිවන්නේ ඇයි කියකා පැහැදිලි කරන පරිණාමීය ඉදිරිදර්ශනයක් සහිත තවත් රසවත් න්‍යායක් තිබෙනවා. කොලරාඩෝ විශ්ව විද්‍යාලයෙන් කරපු පරීක්ෂණයකින් හෙළිවුණේ, නින්දේදී මාංශපේශි ස්වභාවිකවම ලිහිල් කිරීම අපගේ මුතුන් මිත්තන් නිදා සිටි ගසෙන් වැටීමේ අවදානමක් ලෙස මොළය විසින් වැරදි ප්‍රතිචාරයක් යවන නිසා මේ තත්වය ඇතිවෙන බවයි.

මෝහන ක්‍රියාවලිය මගින් හැම විටම අපව නින්දෙන් අවදි කරන්නෙ නෑ.

මෝහන ක්‍රියාවක තීව්‍රතාවය වෙනස් වෙන්න පුලුවන්. එකක් අත්විඳීමෙන් හැමවිටම අපව බයවෙලා නින්දෙන් ඇහැරවන්නේ නෑ. සමහර විට, ඇඹරීම මෘදු වන අතර ඒකෙන් අපේ නින්දට බාධාවක් ඇතිවෙන්නෙ නෑ. කොහොම වුණත්, අපට නිදන සහකරුවෙක් ඉන්නවා නම්, එයා ඒක දකින්න ඉඩ තියනවා.

සමහර අවස්ථාවලදී, මාංශ පේශි හැකිලීම මගින් අපව අවදි කරන්නේ නෑ. ඒත් තත්පර කිහිපයක් සඳහා අපව කම්පන තත්ත්වයකට පත් කරනවා. සමහර පුද්ගලයන්ට තමන් ඇඳෙන් ඉවතට තල්ලු කර ඇති බවක් දැනෙනවා. අපි ගොඩනැගිල්ලකින් හෝ වෙනත් උස තැනක සිට වැටුණා වගේ හැඟිමක් දැනෙන්නත් පුලුවන්.

වෛද්‍යවරයා හමුවෙන්න යන්න ඕන කවදද?

මෙය ඇත්තටම බරපතල ආබාධයක් හෝ සංකූලතා ඇති කරන එකක් නෙවෙයි. ඒත් කලාතුරකින් එය විශාල ගැටලුවක සලකුණක් වෙන්න පුලුවන්. පර්යේෂණයන්ට අනුව, පුද්ගලයින්ගෙන් 60% ත් 70% ත් අතර සංඛ්‍යාවක් වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා මේ රාත්‍ර්‍රියේ ඇති වූ කැක්කුමෙන් පීඩා විඳිනවා.

සාමාන්‍යයෙන්, රාත්‍රියේ එකවර නින්දෙන් අවදි වීම අත්විඳින අය, වෛද්‍යවරයෙක් හමුවෙන්න යන්න ඕන නෑ. හැබැයි, ඒක ඔයාගෙ නින්දට තදින්ම බලපානවා නම් හෝ ශරීර අවයවවල තද කැක්කුමක් අත්විඳිනවා නම්, ඒ වගේ වෙලාවකදි වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ගන්න එක හොඳයි. විශේෂඥයෙකුට ප්‍රතිකාර ලබා දී ස්නායු හෝ නිද්‍රා ආබාධ ඉවත් කිරීමේ හැකියාව තියනවා.

Leave a Reply

Your email address will not be published.