නිදාගෙන සිටින විට කටින් කෙල පෙරීම හේතුව සහ එය නවත්වන ක්‍රමය

අපි සියල්ලන්ම දන්නෙම නැතුවත් කරන දෙයක් තමයි මේ නින්දේදී කෙල පෙරනව කියන්නෙ. මෙයින් සිදුවෙන්නේ අපේ මුඛයෙන් අතිරික්ත ලවන පිට වීමයි. නමුත් මෙම සංසිද්ධිය නිතිපතා හා අධික ලෙස සිදුවනවා නම් එය ශරීරයේ වර්දනය වන රෝගයක් හෝ අසාමාන්‍යතාවයක ලක්ෂණයක් විය හැකිය. ඉතින් යුවතිය අද අපි ඔබට අරන් ආවෙ අපි හැමෝටම පොදු මේ පුරුද්ද ගැන ඔබට සම්පූර්ණයෙන්ම දැනගැනීමටයි.

අප නිදගන්නා විට අපේ මුහුණේ මාංශපේශී වගේම ගිලින ප්‍රතීකයද සම්පූර්ණයෙන්ම ලිහිල් වෙයි. අප නිදාගෙන සිටින විට මුඛය තුළට ලවණ උනන අතර, එය සෙමෙන් සෙමෙන් බිංදු වීමට පටන් ගනී. එයට හේතුව නම් මුහුණේ මාංශපේශී විවෘත මුඛයට පාර සාදන නිසාය. එම නිසා අපේ කොට්ටය තෙත් වී අපට එය මත නිදාගැනීමට නොහැකි තත්වයක් උදා කරනු ඇත.

පමනට වඩා කෙල පෙරීම ස්නායු රෝගයක ලක්ෂණයක් හෝ නාසය සිරවීමේ ප්‍රතිඵලයක් විය හැකිය. එසේම ශරීරයේ ආඝාතය වැනි රෝග දැනටමත් ඇති අයටත් මෙය විය හැකිය.

මෙය සිදුවීම අඩු කරන්නේ හෝ නවත්වන්නේ කෙසේද?

01. ඔබේ කෝශිකාරක ඉවත් කිරීම.

නහය හිරවීමට මූලිකම හේතුවක් ලෙස සැලකෙනුයේ පුද්ගලයකුගේ මුඛය හරහා හුස්ම ගැනීම වන අතර එම නිසා එය ඉදිමීමට හේතු විය හැකිය. නාසයේ කෝශිකාරක පිරිසිදු කිරීමෙන් හා අවහිර කිරීමෙන් ඔබේ කොට්ටය තෙත් වෙන මේ කරදරකාරී ක්‍රියාවෙන් බේරිය හැකිය. ඔබේ කෝශිකාරක පිරිසිදු කිරීමට ක්‍රම කිහිපයක් පහතින්:

  • උණුසුම් වතුරෙන් ස්නානය කිරීමෙන්
  • නාසයට දමන තෙල් වර්ග
  • වික්ස් සිද්දාලේප වගේ දේවල් පාවිච්චි කිරී

තවද නහයේ ආසාදනයක් වගේ දෙයක් ඇති වුවහොත් වහාම ප්‍රතිකාර ලබාගැනීමට වග බලාගන්න. කිමද යත් ඔබට සදාකල් නාසය වසා දැමීමට වුවත් සිදු විය හැක.

02. ඔබේ නිදාගැනීමේ ඉරියව්ව වෙනස් කරන්න.

මෙය ඔබට පැහැදිලිව තේරෙනව ඇති නමුත් ඔබ පිටුපස අතට නිදාගත්තොත් ඔබේ ශරීරයේ නිපදවෙන සියලුම ලවන ඔබේ මුඛයේ රැදෙන අතර එය පිටතට නොයයි. එසේම ඔබ අනෙක් අතට හෝ පැත්තට හැරී නිදාගන්නවානම් මුලු ලවන සියල්ලම ඔබේ කොට්ටයට වැටෙනු ඇත. නමුත් මුළු රෑම එකම විදියට නිදාගැනීම අප හැම දෙනාටම කරන්න පුලුවන් දෙයක් නොවේ. ඉතින් ඔබ නිදාගතයුත්තේ කොහොමද කියල ඔයාට හොද විදියට ඔයාටම තෝරගන්න වෙනව.

03. ඔබ ගොරවනවාද කියා බලන්න.

නින්දේදී ගොරවනවා කියන්නෙ එම පුද්ගලයාගේ හිස්ම ගැනීම අවශ්‍ය ප්‍රමානයට සුමටව නොයන ප්‍රධාන ආබාධයකි. එය සෑම විටම නින්දට බාධාවක් වන අතර රාත්‍රීයේ අවදි වීම නිසා පසුවැනිදා උදේ සිටම දවස පුරා නිදිබර ගතියක් දැනීමට ප්‍රධාන හේතුවක් විය හැකිය. ඔබට මෙම ආබාධය ඇති බවට යම් සැකයක් ඇතිනම් එය වැඩිදුරටත් දැන ගැනීමට ඔබේ වෛද්‍යවරයා අමතන්න. ඒ වාගේම දුම්පානය කිරීමෙනුත් මෙම ආබාධය ඇතිවීමේ අවදානම අති බව මතක තබාගන්න.

04. අමතර බර අඩුවීම.

ශරීරයේ බර ඔබගේ නින්දට විශාල කාර්ය භාරයක් ඉටු කරන අතර ඇමරිකාවේ ජන ගහනයෙන් වැඩි ප්‍රමාණයක් නින්දේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පීඩ විදිති.

05. විශේෂ උපකරණ භාවිතා කිරීම.

වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසුව ඔබේ මුඛයට ගැලපෙන පරිදි උපාංගයක් ලබා ගැනීමට හැකි අතර මේවා විවිධ දන්ත උපකරණ විය හැකි අතර මෙයින් හොදින් මුඛය වැසීමට උපකාරී වන ලෙසම එම නිසා ඔබට හොද නින්දක් ලබාගැනීමට උපකාරී විය හැකිය.

06. බෙහෙත් ගැනීම.

ඔබ මොනයම් දෙයකට හෝ බෙහෙත් ලබාගන්නවානම් එම බෙහෙත් නිසා ඔබේ සිරුරේ අතිරික්ත ලවණ නිපදවනවාද කියා සොයාබැලිය යුතුය.

07. ඔබේ හිස ඔසවා තබාගන්න.

ඔබ නිදාගන්නා විට ඔබේ හිස එසවී තිබෙන අයුරින් උස කොට්ටයක් භාවිතා කිරීමෙන් කෙල පෙරීම අඩු කරගත හැකිය. එම නිසා නිදාගැනීම සදහා උස කොට්ටයක් භාවිතා කරන්න.

08. සැත්කම් කිරීම.

සමහර වෙලාවලදී වෛද්‍යවරුන් සැත්කම් මගින් මෙම ප්‍රශ්නයට පිළිතුරු ඉදිරිපත් කරන අතර මෙය මෙම තත්ත්වයේ අන්තිම පියවරයි. මෙය වැදගත් වන්නේ මෙම තත්ත්වයෙන් උග්‍ර විදිහට ඔබ පීඩා විදිනවානම් පමනි. ඉතින් යුවතිය අපි ඔබට ඉතාම වටිනා දෙයක් ලබාදුන්නා කියල හිතනව මෙවැනි තවත් වැදගත් කරුණු සමගින් නැවතත් හමුවෙනතුරු ඔබට සුබ දවසක්.

Leave a Reply

Your email address will not be published.