නින්දේදී ඔබට සිදුවන අත්භූත දේවල් 11 ක්

අද අපි ඔබට අරගෙන ආවේ අපේ නින්ද ගැන. රාත්‍රියේදී සාමකාමී නින්දක් ලබාගත් විට ශක්තිය ප්‍රකෘතිමත් වෙනවා. කොහොම වුණත්, නින්ද අතරතුර අමුතු සහ අප්‍රසන්න දේවල් සංවේදනය නොවුණු කෙනෙක් ලෝකයේ නැති තරම්.එවැනි අත්දැකීම් කිහිපයක් මෙහි දැක්වෙනවා, මේවා අදටත් විද්‍යාවට අබිරහසක් ලෙස පවතිනවා. මෙය ඔබට බොහෝ රසවත් ලිපියක් වෙනවා නම් නොඅනුමානයි. කියවලම බලන්නකෝ.

01. නින්දේදී ඇතිවන අංශභාගය 

දැනෙන ආකාරය: රාත්‍රියේදී නින්දෙන් අවදි වන අතර සෙලවීමටවත් නොහැකියි. මිට අමතරව බිය උපදවන ව්‍යාජ දර්ශන සහ කාමරයේ වෙනත් කෙනෙකු සිටිනවා මෙන් දැනෙනවා. අතීතයේදී, මෙම සිද්ධියට හේතුව නපුරු ආත්ම කරදර කිරීමට සම්බන්ධයි. 

සිදු වීමට හේතුව: සාමාන්‍යයෙන්, අප නින්දේ සිටින විට නින්දෙන් ඇවිදීම වැනි දේවල් වැලක්වීමට අංශභාග තත්වයට පත්වෙනවා. නින්දේදී ඇතිවන අංශභාගය තත්වයේදී, අපගේ මාංශ පේශි ක්‍රියා විරහිත වී තිබුණද මොලය අවදි වී ඉන්නවා. 

ආසන්න වශයෙන් ජනග්‍රහණයෙන් 7%ක් පමණ එක් වරක් හෝ මෙය අත්විඳ තිබෙනවා. ඔවුන් පවසන අන්දමට මෙය හරියට පිටුපස අතට නිදාගැනීමට සමානයි.

02. මෝහන මායාවන්

දැනෙන ආකාරය: නින්ද යාමට ඔන්න මෙන්න සිටින නමුත් තවමත් අවදියෙන් සිටින විට, එම පුද්ගලයාට ඇස් පනාපිටම අමුතු ඡායා මැවී පෙනෙනවා. බොහෝ විට මේවා බය හිතෙන මුහුණු සහ අපූරු සතුන්. 

සිදු වීමට හේතුව: මානසික වශයෙන් නිරෝගී පුද්ගලයින්ට ඇතිවන ව්‍යාජ මායා වර්ගවලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. දරුවන්ට නිතරම මෙය සිදු වෙනවා, මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් නිදාගැනීමට අකමැතියි. මෙයට හේතුව ආතතිය හෝ සරලවම හොඳ සිතේ මවා ගැනීමක් විය හැකියි. මධ්‍යසාර ගැනීමෙන් පසු නින්දට ගිය විටත් මේ තත්වය ඇතිවෙනවා.

03.නින්දෙන් කතා කිරීම 

දැනෙන ආකාරය: සමාන්‍යයෙන්, මෙම තත්වය ඇති පුද්ගලයින්ට ඒ පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. මෙම තත්වය කොහෙත්ම මානසික වශයෙන් භයානක නැහැ, නමුත් රහස් පිටවීමේ හැකියාව තිබෙනවා.

සිදු වීමට හේතුව: ආතතිය හේතුවෙන් පිරිමින් සහ ළමයින් මෙම තත්වයට පත්වීමට වැඩි නැඹුරුවක් තිබෙනවා. කෙනෙකුගේ මනස ඇත්තටම එකඟ නොවන දේවල් සමඟ ප්‍රතිවාදී වීමට උත්සහ කරන විට මෙය සිදුවනවා. 

04. සිහිනයක් තුල සිහිනයක් 

දැනෙන ආකාරය: පුද්ගලයෙකු සිහිනයක් දකිනවා, ඉන්පසු අවදි වෙනවා, නමුත් අමුතු දේවල් සිදු වීම අඛණ්ඩවම ඔහුට සිදුවෙනවා. ඒ කියන්නේ ඔහු නින්දෙන් අවදි වුවත් එයත් සිහිනයක්. Inception නම් චිත්‍රපටයේ මෙම තත්වය විදහා පානවා. එම චිත්‍රපටයේ සාර්ථකත්වයට අමතරව, බොහෝ දෙනෙක් මෙය අත්දැක ඇති බව සොයාගෙන තිබෙනවා.

සිදු වීමට හේතුව: ගුප්ත විද්‍යාව හා සම්බන්ධ පුද්ගලයින්ගේ මතයට අනුව මෙවැනි සිහිනයක් ඔයා දුටුවා නම්, අධ්‍යාත්මික භාවිතාවන්ට නැඹුරුවක් දක්වන බවයි. විද්‍යාවට නිල වශයෙන් මෙයට හේතුව විස්තර කල නොහැකියි. 

05. නින්දෙන් ඇවිදීම 

දැනෙන ආකාරය: මෙම තත්වය නින්දේදී ඇතිවන අංශභාගයට ප්‍රතිවිරුද්ධ තත්වයයි. සිහිය නින්දේ පසුවුණත්, මාංශ පේශි අංශභාගයට තත්වයට පත්වන්නේ නැහැ. මෙවැනි අවස්ථාවක ඔවුන් නින්දෙන්ම ඇවිදීමට, පිරිසිදු කිරීමට, හෝ නිවසින් පිටත් වීමට පවා පුළුවන්. මේ නිසා මේ තත්වය භයානකයි. නමුත් උදෑසන වන විට ඔවුන්ට මේ කිසිවක් මතක නැහැ.

සිදු වීමට හේතුව: නිද්‍රාචරණය ඇතිවන්නේ ජනග්‍රහණයෙන් 4.6-10.3%කට පමණක් වන අතර දරුවන් බොහෝදුරට මීට අයත් වෙනවා. මෙයට හේතු සහ ප්‍රතිකාර තවම සොයාගෙන නැහැ.

06. ඔලුව පිපිරෙන සින්ඩ්‍රෝමය 

දැනෙන ආකාරය: මෙම පුද්ගලයින් විශාල පිපිරුමක් හෝ අත්පුඩි හඬකින් අවදි වෙනවා. සමහර වෙලාවට මෙම ශබ්දය බිහිරි විය හැකි තරමටම දරුණුව දැනෙනවා. මෙයත් සමඟම වර්ධනය වන ගුමුගුමුවක් හෝ ආලෝකයක් ඇති වෙනවා. මෙය භයානක නොවුණත්, මිනිසුන් බිය කරනවා. සමහර අය ඔවුන්ට හෘදයාබාධයක් ඇතිවෙලා කියා සිතනවා.  

සිදු වීමට හේතුව: කිසියම් හේතුවක් නිසා, ශබ්දය සකස් කරනකිරීම හා සම්බන්ධ මොලයේ ප්‍රදේශවල ස්නායු ක්‍රියාකාරිත්වයේ සර්ජනය හේතුවෙන් මෙය සිදු වෙනවා. සමහර වෙලාවට මෙම සින්ඩ්‍රෝමය සමඟ අනිද්‍රාව හෝ ජෙට් ලැග් තත්වය ඇති වෙනවා.

07. නිදි ඇප්නියාව (Sleep apnea)

දැනෙන ආකාරය: මෙහිදී සිදු වන්නේ සිහිනයකදී හදිසියේම හුස්ම නතර වීමයි. මෙහි ප්‍රතිඵලය ලෙස එම පුද්ගලයා නින්දෙන් අවදි වෙනවා. නින්දේ ගුණාත්මක බව පහල යන අතර, ඔක්සිජන් සාගින්නක් මොලයට දැනෙන නිසා අවශ්‍ය ප්‍රමාණයට නින්දක් ලබාගත් නොහැකියි. පහර දීම අතරතුර ධමනි පීඩනය අඩු වැඩි වෙන නිසා හදවත් ආබාධ ඇති වෙන්න පුළුවන්. 

සිදු වීමට හේතුව: නින්ද අතරතුර, ග්‍රසනිකා (උගුරේ කෙළවර කොටස) මාංශ පේශි ලිහිල් වන නිසා සමහර වෙලාවට වාතය ගමන් කරන මාර්ගවලට බාධා ඇතිවෙනවා. ස්ථුලතාවය, දුම් පානය, වයස්ගත වීම මෙහි අවධානම වැඩි කරනවා. කනස්සල්ලෙන් පිරී ඇති ලෝකය සඳහා විනෝදයට හේතු වන කරුණක්: කෙනෙකුට එයින් මිදීමට ඕස්ට්‍රේලියානු පිඹීමෙන් වාදනය කරන සංගීත භාණ්ඩයක් වන didgeridoo එක වාදනය කරන්න.

08. ප්‍රත්‍යාවර්තී සිහින 

දැනෙන ආකාරය: සමහර විට හැමෝටම මෙවැනි අමුතු ප්‍රත්‍යාවර්තී සිහින, එකම කථා වස්තුව සහිතව නිතරම ජනනය වෙනවා. 

සිදු වීමට හේතුව: මනෝවිද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මොලය එවැනි සිහින භාවිතා කර අප එදිනෙදා ජීවිතයේදී අවධානය යොමු නොකරන සමහර දේවල්වලට අවධානය යොමු කරවනවා. මෙම කතා එම අවස්ථා විසඳෙන තෙක් නැවත එනවා. 

09. ඇඳ මතට වැටීම

දැනෙන ආකාරය: සමහර වෙලාවට ඉහලක සිට පහල ඇති ඇඳට විසි කළා මෙන් හැඟීමක් අපට දැනෙනවා. මේ නිසා එකවිටම ගැස්සී අවදි වෙනවා. සමහර වෙලාවට ඊට කලින්, පියාඹන හෝ පය පැටලී වැටෙන අප්‍රසන්න හැඟීමක් ඇතිවන සිහිනයක් දකිනවා. 

සිදු වීමට හේතුව: නිදාගැනීම මිය යාමට සමානයි. හෘද ස්පන්දන සහ ස්වසන වේගය අවම වන අතර, මාංශ පේශි තානය අවම වෙනවා. මෙය ඇත්තම මරණය කියා මොලය බියට පත් වී ජීවත් වනවාද කියා පරික්ෂා කිරීමට මාංශ පේශිවලට සංවේදනයක් යවනවා. 

10. ශරීරයෙන් පිට වන අත්දැකීම 

දැනෙන ආකාරය: මෙම ස්නායු මනෝවිද්‍යාත්මක අවස්ථාව සිදු වන්නේ මිනිසෙකු භාගයට නිදාගෙන සහ භාගයට අවදි වී සිටින විටයි. එහිදී තමන් තම ශරීරයෙන් පිටත් සිටිනවා කියා දැනෙනවා. ගුප්ත ආචාර්යවරුන් සහ ගුප්ත විද්‍යාඥයින්ට අනුව මෙම අවස්ථාව ආත්මයක් පවතින බවට සාක්ෂියකි.  

සිදු වීමට හේතුව: මෙම සිදුවීම අධ්‍යනය කිරීමට ඉතාම අපහසුයි. ශරීරයෙන් පිටතට පැමිණීමේ මායාව පවතින බව විද්‍යාඥයින් දන්නවා වුවත්, එහි ක්‍රියාකාරිත්වය සහ එයට හේතුව දන්නේ නැහැ. ඒ වගේම එයත් සමඟ ක්‍රියා කල යුතු ආකාරය අපැහැදිලියි. සමහර අයට හිතාමතාම මෙම අවස්ථාවට එළඹිය හැකියි. එමඟින් ඔවුන්ගේ ඥානන හැකියාවන්හි සීමා පුළුල් කරගන්න පුළුවන්.

11. නින්ද අතරතුර හදිසි ආලෝකනය

දැනෙන ආකාරය: සමහර ගැටලුවලට දිගටම සිතුවත්, බොහෝ කල් ගත වුණත් පිලියමක් සොයා ගන්න බැහැ. නමුත් නින්දේදී මොලය විසින් සිහිනයකින් ඒ සඳහා ඉඟියක් ලබා දෙනවා. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ එම ඉඟිය මතකයේ තබා ගැනීමයි. 

රුසියානු රසායන විද්‍යාඥයකු වූ දිමිත්‍රි මෙන්ඩලීව් නිතරම මූලද්‍රව්‍ය සියල්ලම දැක්වෙන වගුවක් නිර්මාණය කරන්න යුහුසුළු වුණා. ඉන්පසුව ඔහු සිහිනයක් දුටුවා. මේ හා සමාන දෙයක් රසායන විද්‍යාඥයකු වන ඔගස්ට් කෙකුලේට බෙන්සීන් වලට සූත්‍රයක් පිළිබඳව සිහිනයක් දකින විට සිදු වුණා.

සිදු වීමට හේතුව: සමහර වෙලාවට අපගේ යටි සිත දැනටමත් පිළිතුර දැන සිටියත් මනසට තවමත් පැමිණ නැහැ. නින්ද අතරතුර යටි සිත ගොඩක් ක්‍රියාකාරී වන නිසා අන්තර්දෘෂ්ටිය සපයනවා. ඇත්තටම නින්ද විශිෂ්ටයි, ඒත් සමහර වෙලාවට එය සමඟ වඩා වටිනා වරප්‍රසාද ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published.