නියපොතු වල සද ලකුනින් දැනගත හැකි සෞඛ්යය ගැටලු

ඔබේ නියපොතු වල පාමුලේ දැකිය හැකි නියපොතු වලට වඩා ලා පැහැයකින් ඇති කොටස මේ නියපොතු වල චන්ද්‍රයන් එසේත් නොමැති නම් ලුනුලේ ලෙස හදුන්වනවා. මේවායේ වෙනස්කම් වලින් ඔබට ඔබේ ශරීරයේ තිබෙන රෝග පිළිබදව දැනුවත් වෙන්න පුළුවන්. ඒවායේ වර්ණය, හැඩය හෝ ප්‍රමාණය වෙනස් වීමෙන් තමා මේ පිළිබද අපිට දැනගැනීමට හැකි වෙන්නේ. අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ මේ නියපොතු වල තිබෙන චන්ද්‍රයන් එසේත් නොමැති නම් ලුනුලේ වලින් ඔබට දැනගත හැකි සෞඛ්යය ගැටලු කිහිපයක් පිළිබදව.මෙය ඔබටත් බොහෝ වැදගත් වෙ‍යි කියවලම බලන්නකෝ.

එක් ඇඟිල්ලක් මත ලූනුල වෙනස් වන විට

ඔබේ කුඩා ඇගිල්ලේ ඇති ලුනුල සම්පූර්ණයෙන්ම නොපෙනී තිබිය යුතුයි. එසේත් නොමැති නම් ඒ ඇගිල්ලේ ලුනුලු නොතිබිය යුතුයි. මෙය ඔබේ ශරීරයේ වකුගඩු, කුඩා අන්ත්රය සහ හදවතේ වැඩ සමඟ සම්බන්ධ වනවා. ඔබේ මේ ඇගිල්ලේ ලුනුල වැඩියෙන් තිබීම මගින් ඔබේ ශරීරයේ අධි රුදිර පීඩනය පෙන්නුම් කරනවා.

ඔබේ මුදු ඇගිල්ල ප්‍රජනක හා වසා පද්ධතිවල ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වෙනවා. ආහාර දිරවීමේ ගැටළු ඔබට තිබිය හැකී ඔබේ මෙම ඇගිල්ලේ ලුනුලු කුඩාවට පිහිටා තිබෙනවා නම්.

මොළයේ හා හෘද වාහිනී පද්ධතියේ ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වෙනවා ඔබේ මැද ඇගිල්ල. සනාල ගැටළු සහ අධි රුධිර පීඩනය ඔබට තිබිය හැකී ඔබේ මෙම ඇගිල්ලේ ඔබට ලුනුලාවන් නොමැති නම්.

අන්ත්රය, අග්න්‍යාශය හෝ නිදන්ගත රෝග පිළිබද පවසනවා ඔබේ දර්ශක ඇඟිලි වල ලුනුල මගින්. ඒවා බොහෝ කුඩා නම් හෝ ඒවා අතුරුදහන් නම් ඔබට මෙම ගැටළු පැවතිය හැකී.

පෙනහළු හා ප්ලීහාවෙහි ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරන්නේ මාපටැඟිල්ලේ ඇති ලූනුල මගින්. අනෙකුත් සියලුම නියපොතු වලට වඩා මෙම නියපොත්තේ ලුනුල විශාල වේ. නමුත් මෙ‍ය මුළු නියපොත්තෙන් 25% කට වඩා විශාල නොවිය යුතුය. දුම් පානය කරන්නන් තුළ සැලකිය යුතු ලෙස මෙය කුඩා විය හැකි අතර ධමනි අධි රුධිර පීඩනය ඇති විටත් මෙය මෙසේ වේ.

ඕනෑවට වඩා විශාල ලුනුල

ලුනුල විශාල ලෙස සැලකෙන්නේ එය ඔබේ නියපොත්තේ ප්‍රමාණයෙන් 3න් එකක් පමණ පවතින විටයි.හෘද වාහිනී පද්ධතියේ ගැටළු, හෘද ස්පන්දන බාධා සහ අඩු රුධිර පීඩනය මේ තුළින් පෙන්නුම් කරයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ශාරීරික ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වී සිටින පුද්ගලයින් තුළ විශාල ලුනුලාවන් බොහෝ විට දැකගත හැකි අතරම මෙම පුදගලයින් ක්‍රිඩාවට සම්බන්ධ නොවන විටත් එය විශාල වේ. මීට හේතුව එම අවස්ථාවේදී ඔවුන්ට ඇති වන පීඩනය හා ආතතියයි.

කුඩා ලූනුල

කුඩා ලූනුල, අඩු රුධිර පීඩනය සහ රුධිර සංසරණ ආබාධ පෙන්නුම් කරනවා. ඒ වගේම මෙය දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක්, දුර්වල පරිවෘත්තීය හෝ යකඩ නොමැතිකම වගේම බී 12 ඌනතාවය පෙන්නුම් කරනවා.

රුධිරයේ සීනි මට්ටම හා දියවැඩියාව වර්ධනය විය හැකි බව පෙන්නුම් කරනවා ඔබේ ලුනුලා රේඛාවකින් වෙන්වලා තිබෙනවා නම්.

‌කිසිසේත්ම නොපෙනෙන ලුනූලා

ඔබේ හෝ ඔබේ ලගම පුද්ගලයෙකුගේ ලුනූලා නොපේනම් ඔබ කලබල වන්න එපා. විශේෂයෙන්ම ඔබේ දරුවාගේ නොමැති නම් කලබල වන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. දරුවන්ගේ නියපොතු වල මේවා දිස් වීමට කල් ගත වේ. නියපොතු ව්‍යුහයේ භෞතික විද්‍යාත්මක විශේෂතා නිසා සමහර අය තුළ මේවා පෙනෙන්නේ නැත.

නමුත් මෙය ඔබට කිසිසේත්ම නොපෙනීම නවීන වෛද්‍ය විද්‍යාව මගින් සංසරණ ආබාධයක එක් රෝග ලක්ෂණයක් ලෙසත් හැදිනගෙන තිබෙනවා. ලුනුලේ නොමැතිවීම තයිරොයිඩ් ග්‍රන්ථි ආබාධ හා විටමින් බී 12 සහ යකඩ හිඟයක් සමඟද සම්බන්ධ වෙන බව අධ්‍යයන වලින් පෙන්නුම් කරල තිබෙනවා.

වර්ණය වෙනස් ලුනූලා

දැඩි තෙහෙට්ටුව, ආහාර දිරවීමේ ආබාධ සහ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීමේ දුෂ්කරතා පෙන්නුම් කරනවා ඔබේ අලු පැහැති ලූනූලා.

සෞඛ්‍ය සම්පන්න සහ ස්වාභාවික ලූනූල සුදු පැහැතිය.

රුධිර සංසරණය දුර්වල වීම සහ අවයව හා පටක වල ඔක්සිජන් නොමැතිකම පෙන්නුම් කරන්නේ දම් පැහැති ලූනූලා ය. මේ නිසා ඔබට බොහෝ කරකැවිල්ල සහ හිසරදය ඇති වීමටද හැකිය.

අඩු ශාරීරික ක්‍රියාකාරකම් සහ පෙනහළු ගැටළු පෙන්නුම් කරන්නේ රෝස (රතු) ලූනුලාවන්‍ වේ.

අසාමාන්‍ය හා අතිශය භයානක ලකුණක් ලෙස කලු ලූනූලාවන් හදුන්වන්න පුළුවන්. මෙය බැර ලෝහ විෂ වීමේ රෝග ලක්ෂණයක්ද වනවා.

Leave a Reply

Your email address will not be published.