නිවසට ඇතුල් වෙන්න පෙර පාවහන් අනිවා ගැලවිය යුතු හේතුව

ජපානයේ සහ වෙනත් බොහෝ ආසියානු රටවල, නිවසට ඇතුළු වීමට පෙර සපත්තු ගලවා දැමීම සිරිතක්. ඔයා සපත්තු ගේ ඇතුළට දාගෙන යනකොට සපත්තුවල අඩියේ රැඳුණු කුණු, දූවිලි, බැක්ටීරියා වගේ අහිතකර දේවල් ඔක්කොම බිම ගෑවෙනවා. ඉතින් මේක අපිට වගේම ගෙදර ඉන්න කුඩා දරුවන්ටත් ගොඩක් අහිතකරයි.

ඔන්න අද අපි ඔයාට කියන්නෙ ගේ ඇතුළට සපත්තු දාගෙන යන එකෙන් ඇතිවෙන අහිතකර ප්‍රතිඵල මොනවද කියලයි. ඔයාගෙ පවුලේ අයට විතරක් නෙවෙයි, ගෙදරට එන අමුත්තන්ටත් සෙරෙප්පු ගලවලා ගෙට ඇතුළු වෙන්න පුරුදු කරන්නෙ කොහොමද කියලත් ඔයාට කියලා දෙන්න අපි හිතුවා.

01. ඔයා නිවසට නරක බැක්ටීරියා අරගෙන ඒමට ඉඩ තියනවා.

ඔයාගෙ සපත්තු අලුත්ම සහ පිරිසිදු පෙනුමට තිබුණත්, ඒවා මගින් හානිකර විෂබීජ ගොඩාක් ආකර්ෂණය කර ගන්නවා. ඒවා ඔයා ඇවිදින පෘෂ්ඨ මත ඇලෙනවා. පර්යේෂණවලින් පෙන්නුම් කරලා තියෙන්නෙ සපත්තුවලින් 40%ක් පමණ ක්ලොස්ට්‍රිඩියම් ඩිෆිසිල් කියන බැක්ටීරියාව නිවස තුළට ගෙන ආ හැකි බවයි.

මේ බැක්ටීරියාව ගොඩක් ඖෂධ වලට ප්‍රතිරෝධී වන ආසාදන තත්ව ඇති කරන්න හේතු වෙනවා. ඒ වගේම පාචනය සහ දැවිල්ල ඇති කරනවා.

02. සපත්තු මත ඇති විෂබීජ සමේ කෝපයට හේතු විය හැකියි.

පාර්ක් එකක ඇවිදින එක ඔයාගෙ මානසික ආතතිය නැති කරන්න පුලුවන් හොඳ ක්‍රමයක්. හැබැයි ඔයා ගෙදරට ආපු ගමන් ඔයාගෙ සෙරෙප්පු ගලවන්න අමතක කරන්න එපා. උද්‍යානවල තණකොළ මත භාවිතා කරන පළිබෝධනාශක සහ අනෙකුත් හානිකර රසායනික ද්‍රව්‍ය ඔයාගෙ සපත්තුවේ පතුලේ එකතු වෙලා සමේ රෝග වගේ විවිධ සෞඛ්‍ය සංකූලතා ඇති කරනවා. බඩගාමින්, බිම සෙල්ලම් කරමින් සහ බිම සිට සෙල්ලම් බඩු කටේ දමාගෙන බොහෝ වේලාවක් ගත කරන කුඩා දරුවන් ඉන්නවා නම් එයාලගෙ ආරක්ෂාව වෙනුවෙන් අනිවාරෙන්ම ගෙදර ආපු ගමන් සපත්තු ගලවන්න ඕන.

03. සපත්තු ඔයාගෙ පාදවලට රිදවිය හැකියි.

ඇත්ත වශයෙන්ම තමන්ගෙ කකුල්වලට ගැලපෙන සපත්තු පැළඳ සිටින්නේ පුද්ගලයන්ගෙන් 28-37%ක් විතරයි. ඔයාට කවදහරි පාදයේ වේදනාවක් හෝ පාද ඉදිමීමක් දැනිලා තියනවා නම්, ඔයාගෙ සපත්තු වල ප්‍රමාණය වැරදියි. නොගැලපෙන සපත්තු පැළඳීමෙන් ඇඟිලිවල සමට අහිතකර වෙන්න පුලුවන්. කකුල්වල තුවාල ඇති වෙන්නත් ඉඩ තියනවා.

04. පිරිසිදු කිරීමට අඩු කාලයක් ගත කරනවා.

ගෙදරදි සෙරෙප්පු පැළඳීමෙන් ඔයාගෙ දෙපා සතුටින් තබා ඔයාගෙ බිමත් පිරිසිදුව තබා ගන්නවා. අපිරිසිදු, දූවිලි, සහ තෙල් ඔයාගෙ නිවස තුළට ඇතුළු වෙන්නෙත් නෑ. ඒ වගේම ඔයාට බිම වැකුම් කරන්න සහ පිහදාන්න වැඩි කාලයක් ගත කරන්න වෙන්නෙ නෑ. ඔයාගෙ මිල අධික දැවමය බිම් හීල්ස් වලින් සීරීමට ලක් වීම ගැන කරදර වෙන්න ඕනෙත් නෑ.

බෝනස්: ගෙට ඇතුළු වෙනකොට සපත්තු ගලවන්න කියලා ගෙදර අයට මතක් කරන්නෙ කොහොමද?

ගේ ඇතුළට යනකොට සෙරෙප්පු සපත්තු ගලවලා ඇතුළු වෙන එක ගොඩක් හොඳ දෙයක්. ඇතුළතට යනකොට සෙරෙප්පු ගලවන්න කියලා ඔයාගෙ පවුලේ අයටත් මතක් කරවන්න උපකාරී වෙන අදහස් කිහිපයක් මෙන්න.

  • සපත්තු තියන වෙනම තැනක් හදන්න. දොරටුව අසල සපත්තු රාක්කයක් හෝ කූඩයක් තබා ගන්න.
  • පිළිගැනීමේ පැදුරක් මත “ඔබේ සපත්තු පිටතින් තබන්න” වගේ සරල පණිවිඩයක් ඇතුළත් කරන්න.
  • දොර ලඟ සෙරප්පු තබා ගන්න. එතකොට, ඒවා සොයා ගන්නත් හරිම පහසුයි.
  • ගෙදරට එන අමුත්තන්ටත් සපත්තු ගලවන්න කියලා ඉල්ලා සිටින්න. ඔයාගෙ ගෙදර තුළ ‘සපත්තු නොදමන’ ප්‍රතිපත්තියක් තියන බව අමුත්තන්ට කලින් දැනගැනීමට සලස්වන්න.

Leave a Reply

Your email address will not be published.