නිවසේදීමට ඔබට සෑදිය හැකි සම වෙනස් කරන ෆේස් මාස්ක් 11 ක්

ෆේෂල් මාස්ක් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳව කියවා බැලූ පසු, ගොඩක් මිනිසුන් ඒවා තමන්ගේ සමට භාවිතා කිරීමට බිය වනවා. නමුත් මේ සඳහා විසඳුමක් තියෙනවා: ඵලදායී සහ ආරක්‍ෂිත මාස්ක් එකක් ඔයාම පිළියෙළ කරගන්න. වැදගත්ම දේ වන්නේ, නිතිපතා සත්කාරය සහ ස්වභාවික සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීමෙන් නිරෝගී වීමට සහ බොහොමයක් මාස්ක් වලට අන්තර්ගත වන සල්ෆේට සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වැනි විෂ සංයෝග වළක්වාගත හැකි වනවා. 

මෙහි සඳහන් මාස්ක් භාවිතා කළහොත් නිසැකවම සම ඔයාට ස්තූතිවන්ත වේවි. 

01. ඉදිමුම අවම කිරීම 

අමුද්‍රව්‍ය:

කෙසෙල් ගෙඩියක් 

යෝගට් මේස හැන්දක් 

සෝඩා තේ හැන්දක් 

ක්‍රමය:

කෙසෙල් ගෙඩිය අඹරා, සෝඩා සහ යෝගට් එකතු කරන්න. මුහුණට යොදා මිනිත්තු 10-15ක් තබා සෝදා හරින්න. මෙහි කෙසෙල් අන්තර්ගත වන නිසා ඉදිමුම සහ කුරුලෑ පැල්ලම් අවම කරගැනීමට උදව් වෙනවා. තුවාල සහ පිළිස්සුම් සඳහාද කෙසෙල් යොදාගත හැකි බව සඳහන් වෙනවා. 

02. විශාල සිදුරු ඉවත් කරගැනීම 

අමුද්‍රව්‍ය:

යෝගට් මේස හැඳි 2ක් 

රූපලාවණ්‍ය මැටි තේ හැන්දක් 

මී පැණි තේ හැඳි 1/2ක් (ආසාදන තත්වයක් නැතිනම්)

ක්‍රමය:

අමුද්‍රව්‍ය සියල්ලම මිශ්‍ර කරන්න. මාස්ක් එක මුහුණේ ආලේප කර විනාඩි 15-20ක් තබන්න. සීතල වතුරෙන් සෝදා ඉවත් කරගන්න. යෝගට් මඟින් විශාල සිදුරු ඉවත් කර වර්ණක පැල්ලම්වල බලපෑම අවම කරනවා.  

03. වියලි සමට 

අමුද්‍රව්‍ය:

ඉදුණු අලිගැට පෙර ගෙඩි 1/2ක් 

කිරි මේස හැන්දක් 

මී පැණි මේස හැන්දක්

ක්‍රමය:

අඹරාගත් අලිගැට පෙර සමඟ කිරි සහ මී පැණි මිශ්‍ර කරන්න. මුහුණේ ආලේප කර මිනිත්තු 10-15ක් තබා උණුසුම් වතුරෙන් සෝදා හරින්න. අලිගැට පෙර වල ශරීරයට හිතකර මේදය අන්තර්ගත වෙනවා. එමඟින් වියළි සම මොයිස්චරයිස් කරන අතර පාරජම්බුල කිරනෙන් සිදුවන හානිය අවම වෙනවා. ඒවායේ කුරුලෑ වර්ධනය අවම කිරීමට උදව් වන ප්‍රති- ඉදිමුම් ගුණ පවතිනවා. 

04. ඇස් වටා අඳුරු කව සහ ඉදිමුම් ඉවත් කිරීම

අමුද්‍රව්‍ය:

කුඩු කරගත් කෝපි තේ හැන්දක් 

කළු ගම්මිරිස් ස්වල්පයක් 

පොල් තෙල් තේ හැඳි 1/4ක් 

ක්‍රමය: 

අමුද්‍රව්‍ය සියල්ලම මිශ්‍ර කර ඇස් යට සමෙහි ආලේප කරන්න. මිනිත්තු 5-10ක් තබා මුහුණ සම්බාහනය කරමින් උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙහි කැෆේන් අන්තර්ගත වන නිසා වාහිනි පටු වනවා වගේම ඉදිමීම සහ ඇස් වටා අවපැහැ වීම අවම කරගැනීමට උදව් වෙනවා.

05. සම එසවීමට 

අමුද්‍රව්‍ය:

ඉදුණු තක්කාලි ගෙඩියක් 

ක්‍රමය: 

තක්කාලි ගෙඩිය කපාගෙන එම කොටස් මුහුණ මත තබන්න මිනිත්තු 10ක් තබා සෝදා හරින්න. උණුසුම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න. 

තක්කාලි වල අන්තර්ගත වන ලයිකොපීන් හේතුවෙන් මෙමඟින් මුහුණේ සම නැවුම්, පැහැපත්, සැහැල්ලු කර ඉහලට ඔසවනවා.

06. නිරෝගී පෙනුමක් ලබාගැනීමට 

අමුද්‍රව්‍ය:

පිපිඤ්ඤා ලොකු ගෙඩි 1ක් 

ක්‍රමය: 

පිපිඤ්ඤා ගෙඩියේ පොතු ඉවත් කර කොටස්වලට කපන්න. ඝන කැබලි ඉවත් කරන්න. මුහුණ මත මිනිත්තු 15ක් තිබෙන්නට හැර ජලයෙන් සෝදා හරින්න. පිපිඤ්ඤාවල විටමින් K, B5, A, සහ C අන්තර්ගත වන අතර ඒවා සියල්ල එකට ගත්විට ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

07. සම ඉකමනින් යථා තත්වයට පත් වීම 

අමුද්‍රව්‍ය:

කැරට් 

වතුර 

ක්‍රමය: 

කැරට් සුද්ධ කර වතුර ගොඩක් එකතු කරමින් බ්ලෙන්ඩර් එකෙන් අඹරා ගන්න. මුහුණ මතට මාස්ක් එක දමා මිනිත්තු 15-20ක් තබන්න. කැරට්වල අන්තර්ගත වන බීටා-කැරොටින් මුහුණේ පවතින කුඩා තුවාල සුව කිරීමට මෙන්ම සම නිරෝගීව පවත්වාගැනීමට උදව් වෙනවා.

08. මොයස්චරයිස් කිරීමට සහ පොතු ඉවත් කිරීමට  

අමුද්‍රව්‍ය:

ඕට්මීල් කෝප්ප 1/2ක් 

වතුර වීදුරු 1/3ක් 

විටමින් E බින්දු 5ක් 

ක්‍රමය: 

ඕට්මීල් වතුරෙන් තම්බාගෙන නිවෙන්න හරින්න. විටමින් E එකතු කර, මාස්ක් එක මුහුණේ ආලේප කර මිනිත්තු 15-20ක් තියෙන්නට හැර වතුරෙන් සෝදා හරින්න. ඕට්ස් සතුව පවතින සැහැල්ලු ව්‍යුහය හේතුවෙන්, සංවේදී සැමට ඉතා හොඳින් ගැලපෙනවා. සමෙහි මැරුණු සම ඉවත් කර මොයස්චරයිස් කරනවා.   

09. තෙල් දිලිසුම ඉවත් කිරීමට  

අමුද්‍රව්‍ය:

අර්තාපල් ගෙඩි 1/2ක් 

ලෙමන් යුෂ තේ හැන්දක් 

ක්‍රමය: 

පළමුවන ක්‍රමය: අර්තාපල් ගෙඩියක් කපා, සම මත ආලේප කර විනාඩි 10ක් තබන්න.ඉන්පසු මුහුණ සෝදා හරින්න. 

දෙවන ක්‍රමය: නැවුම් අර්තාපල් ගෙඩිය අඹරා ලෙමන් යුෂ තේ හැන්දක් දමා මිශ්‍ර කර සම මත ගල්වන්න. සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙමඟින් සමෙහි තෙල් දිලිසුම ඉවත් කරගත හැකියි.

10. හොඳ විවේකයක් ගෙන ඇති බවක් පෙන්වීමට 

අමුද්‍රව්‍ය:

කෝමාරිකා යුෂ 

රෝස මැටි මේස හැඳි 4ක් 

ක්‍රමය:

අමුද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කරන්න. මාස්ක් එක දමා මිනිත්තු 15-20ක් තබා උණු වතුරෙන් සෝදා හරින්න. මාස්ක් එක වියළුණු බව දැනෙන විට තාප ජලය ටිකක් මුහුණට ඉසින්න. උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සංවේදී සමක් තිබෙන කෙනෙකුට වුවත් මෙම මාස්ක් එක භාවිතා කල හැකියි.

11. බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමට 

අමුද්‍රව්‍ය:

ලෙමන් මේස හැන්දක් 

මී පැණි මේස හැන්දක්  

ක්‍රමය: 

උණුසුම් ජලයෙන් මුහුණ සෝදාගන්න. ලෙමන් සහ මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මී පැණි සතුව තෙතමනය ඇති කිරීමේ හැකියාව පවතින අතර ලෙමන් මඟින් හොඳට පිරිසිදු වෙනවා. 
ඕනෑම මාස්ක් එකක් භාවිතා කිරීමට කලින්, එය පිටතට නොපෙනෙන ශරීර කොටසකට යොදා ආසාත්මිකතා පරීක්ෂණයක් කරගන්න. 

Leave a Reply

Your email address will not be published.